අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ දස දිනක් බලෙන් රැදී සිටි ශිෂ්‍ය භික්ෂුහු පාලනාධිකාරීය සමඟ ඇති වු එකඟතාව මත අද නේවාසිකාගාරයෙන් ඉවත් වුහ.
අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතා මැදිහත්කරු වශයන් ක්‍රියා කළේය.
ලබන 3 වැනිදා සරසවිය විවෘත කිරීමටත් අප්‍රේල් 3 වැනිදා වන විට ශිෂ්‍ය භික්ෂුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් දීමටත් විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් භික්ෂුන් දස නමකට එරෙහි පරීක්ෂණ කඩිනම් කිරීමටත් තුඹුල්ලේ සීලක්ඛන්ධ මහෝපාද්‍යාය නා හිමියෝ එකඟ වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යමෙක් විනය විරෝධී ලෙස හැසිරේ නම් දඬුවම් දියයුතු නොවන්නේද? (නදී)
මේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා වඩින්නේ ශ්‍රධානුසාරී සහ ධම්මානු සාරී පැවැත්ම අරමුණු කර ගෙනද? නොඑසේ නම් ගමන් කරන්නේ වෙන අරමුණක් සිතේ පෙරදැරි කරගෙනද? (අ)
කෑම බීම ඉවර වෙනකොට සමථයකට එනවා. එක සාමාන්‍ය දෙයක්.(අ)
මේ ශිෂ්‍ය භික්ෂුන් අතරට රිංග ගෙන ඔවුන්ව මෙහෙයවන දේශපාලන බළල් අත බුදුන් වහන්සේට වඩා බලවත්.(අ)
මේ අය මාධ්‍යයට හංගන දේවල් තියෙනවා. ඇයි මේ දහ දෙනෙක්කුට විරුද්ධව විනය පියවර ගත්තේ කියල අහල බලන්නකො. (අ)
පෙර පැවති භික්ෂු අධ්‍යාපන ක්‍රමයකට යොමු කළ යුතුය. (දිල්)
අනිවාර්යයෙන්ම දඩුවම් දිය යුතුයි.(අ)
දෙයක් ගැන හරියට දැනගෙන කවුරු කවුරුත් අදහස් දක්වනවා නම් ගොඩාක් හොදයි නේද?(නදී)