ශ්‍රී ලංකාවේ දෙවැනි විශේෂිත පිළිස්සුම් ළමා ප්‍රතිකාර ඒකකය අනුරාධපුර රෝහලේ ආරම්භ විය.
රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධාන විශේෂඥ ශල්‍ය වෛද්‍ය කාවින්ද රාජපක්ෂ මහතා රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ ඩබ්ලිව් අතපත්තු මහතාගේ සහයෝගය සහ මග පෙන්වීම්මෙන් ශ්‍රී මහා බෝධි විහාරයේ හිමිවරුන්ගේ සහ ව්‍යාපාරික ප්‍රජාවගේ මූල්‍ය දායකත්වයෙන් මෙම ඒකකය ස්ථාපිත කැර ඇත.
පිළිස්සුම් රෝගීන් හය දෙනකුට එකවර ප්‍රතිකාර කිරීමේ පහසුකම් එහි ඇත.
ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අංශයේ ප්‍රධානී ප්ලාස්ටික් විශේෂඥ ශල්‍ය වෛද්‍ය කාවින්ද රාජපක්ෂ මහතා කියනුයේ පිළිස්සුම් තුවාල ලබන රජරට දරුවකු දැන් කොළඹ යැවිය යුතු නැති බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද චින්තය. (අ)
වෛද්‍ය කාවින්ද රාජපක්ෂ මහතාට බොහොම පින්! මේ වගේ දෙයක් රෝහලකට තිබිය යුතුම දෙයක්. ළමා පිළිස්සුම් කියන්නේ ළමයකුගේ මුළු ජීවිතේම අඳුරු වෙන්න පුළුවන් දෙයක්. ඉතා ඉක්මන් ප්‍රථිකාර අවශ්‍යයි.සුනිල්, හරියට කියවලා බලන්න කවුද මේ සත්කාරයට දායක වෙලා තියෙන්නේ කියලා. (නි)
හොඳ වැඩක්. සන්තෝෂයි (නි)