IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


අපරාධ විසදන්න අලුත් කාර්යාංශයක්

(ගයාන් සූරිය ආරච්චි)

රටතුළ ක්‍රියාත්මක වන සහ පසුගිය දිනවල සිදුවූ අපරාධ විසදාගැනීම සදහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය නමින් නව කාර්යාංශයක් පිහිටු වන බව පොලිස් මූලස්ථානය පවසයි.

නීති විරෝධී වත්කම් විමර්ශන අංශය, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය, පරිගණක අපරාධ විමර්ශන අංශය, තැනැත්තන් වෙළෙදාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන අංශය, අපරාධ බුද්ධි හා බුද්ධි විශ්ලේෂණ අංශයත් වශයෙන් අංශ 6 ක් එම කාර්යාංශය යටතේ ක්‍රියාත්මක වේ.

මෙම විමර්ශන අංශවලින් මේවනවිටත් සිදුකෙරෙන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා සිදුකෙරෙන අතර යම් විමර්ශනයක තිබෙන බරපතළකම සලකා බලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හෝ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් එහි විමර්ශන සිදුකෙරෙන්නේ ද යන්න පිළිබදව වැඩබලන පොලිස්පතිවරයා තීරණය කරනු ලැබේ.

කෙසේ වෙතත් පොලිසියේ පාලන ව්‍යුහය විමධ්‍යගත කිරීමේ අරමුණ වනුයේ මෙතෙක් ක්‍රියාත්මක වූ විමර්ශන කටයුතු ඉතා කඩිනමින් හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කර අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවීම බවද පොලිස් මූලස්ථානය පවසයි.



අදහස් (0)

අපරාධ විසදන්න අලුත් කාර්යාංශයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

’’මම ලක්ෂ පනහක් රජයට ඉතිරි කරනවා’’
2025 අප්‍රේල් මස 26 37 0

තමා පමණක් ඇමතිවරයා විදියට මාසයකට ලක්ෂ පනහක් රජයට ඉතිරි කර දෙන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.


පාප් වහන්සේගේ අවසන් කටයුතු අද
2025 අප්‍රේල් මස 26 123 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයේ දී අද පස්වරු 1.30ට පමණ සිදුකිරීමට නියමිතය.


හීනටියන වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 26 361 0

කටුනායක හීනටියන ප්‍රදේශයේ පදිංචි තරුණයකුට අද අලුයම 05.35 තම නිවෙසට පැමිණි වෙඩික්කරුවන් දෙදෙනකු ටී. 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බව කටු


දළදා වැන්ද අයට එන්න හෙටත් දුම්රියක්
2025 අප්‍රේල් මස 26 102 0

සිරි දළදා වන්දනාවට සහභාගි වී ජනතාවට ආපසු එන්නට පමණක් මහනුවර සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියක් හෙට (27) දිනයේත් ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තම


කෝප් එකෙන් දූෂිතයන්ට නඩු
2025 අප්‍රේල් මස 26 479 0

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත.


පළාත් කීපයකට අදත් වැසි
2025 අප්‍රේල් මස 26 151 0

අන්තර් නිවර්තන අභිසාර කලාපය හෙවත් උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං එකතුවීම හේතුවෙන් දිවයිනේ කාලගුණයට බලපැම් ඇති කරමින් පවතින බව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 838 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 387 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 540 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site