IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


අපිරිසිදුයි කියා මඩුවක දැමූ දැරිය මියයයි

නේපාලයේ 15 හැවිරිදි දැරියක හින්දු ආගමට අනුව අපිරිසිදු යැයි සලකා මඩුවක දමා සිටියදී මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

ඇය මාස් ශුද්ධිය හේතුවෙන් අපිරිසිදු වූ තැනැත්තියක ලෙස සලකා එසේ මඩුවක දමා සිට ඇති අතර ඇය අධික සීතල හේතුවෙන් ගිනි මැලයක් දල්වා ඇති අතර එහි වායුව ආඝ්‍රාණය වී හුස්ම හිරවී මිය ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

‘අපි ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව එනතුරු බලා සිටිනවා ඇගේ මරණයට හේතුව දැන ගැනීමට. අපි විශ්වාස කරනවා ඇගේ හුස්ම හිරවී මරණයට සිදුවී ඇති බව.‘ යැයි බටහිර නේපාලයේ සැන්ෆෙබාගර් පොලිස් පරීක්ෂකවරයකු කියා ඇත.

අචාම් දිස්ත්‍රික්කයේ ගජ්රා ගම්මානයේ මඩ හා ගල් සහිත මඩුවක තිබී රෝෂණී තිරුවා නමැති දැරිය ගේ සිරුර ඇගේ පියා විසින් සොයාගෙන ඇති අතර එම ප්‍රදේශය නේපාල අගනුවර වන කත්මන්ඩු නුවරට කිලෝ මිටර් 440ක් පමණ දුරින් පිහිටා ඇත.



අදහස් (0)

අපිරිසිදුයි කියා මඩුවක දැමූ දැරිය මියයයි

චමිත් Sunday, 25 December 2016 09:52 AM

මලික් ඔයාට පිස්සුද? මේක කොහොමද වාසනාවන්ත ආරංචියක් වෙන්නේ? ඔය ඉන්දියාව නේපාලය පකිස්ථානය කියන්නේ පිස්සෝ ඉන්න රටවල්. අනේ අපේ ලංකාවත් ඒ විදියම තමයි. සමහර මිනිස්සුන් ජීවත් වෙන්නේ හීන ලෝකවල. පව් ඒ ළමය. (බ)

:       0       0

සරසි Friday, 23 December 2016 09:29 AM

දැන් එතකොට මේ දැරියව මඩුවක දැමු උදවිය බිහි කරන්න ඇත්තේ මාස් ශුද්ධිය ජිවිතේට තිබුනේ නැති බවලතුන් වෙන්න ඇති. (බ)

:       0       0

ඉඳුනිල් Monday, 26 December 2016 07:20 AM

අනේ දෙවියනේ! (නි)

:       0       0

නදීකා Wednesday, 28 December 2016 08:50 AM

අනේ පවු! (නි)

:       0       0

සම්පත් පතිරණ Monday, 26 December 2016 11:35 AM

මිනිසුන්ගේ හදවත් අපිරිසිදු වුනාම මොනවද කරන්න ඕනි.? (බ)

:       0       0

අතුල Monday, 26 December 2016 01:29 PM

මුන්ට අම්මලා නැති තිරිසන්නු ජාතියක් ,මුන් කොහොමද දන්නේ නැහැ ඉපදිලා තියෙන්නේ ,මුන් ගැහැණු අයට ගරු කරන්න දන්නේ නැති ජාතියක් (බ)

:       0       0

මලික් Saturday, 24 December 2016 12:12 PM

වාසනාවන්ත ආරංචියක් (නි)

:       0       0

නිලුපුල් Wednesday, 28 December 2016 11:45 AM

නමෝ බුද්ධාය..!!! භාග්‍යවත්වූ අරහත් සම්මා සම්බුදු රජුන් විසින් වදාල ලෙසින් , තමා විසින් වපුරන ලද ඵලයට අනුකුලව අදාල අස්වැන්න ලැබේ .....හේතුපල දහම නොහොත් පටිච්ච්ච සම්මුප්පාද ක්‍රියාවලිය සියලුම සංස්කාරයන්ට අදාලවේ....ඇය විසින් අතීත භවයකදී කලාවූ අකුසලයක් විපාක ලෙස ඇයට ලැබී ඇත (බ)

:       0       0

කමල් Friday, 23 December 2016 04:50 PM

මහපොළවට පස්වෙන කිසිදෙයක් අපිරිසිදු නොවේ. ජීවිතය ආදරය දන්නේ නැති තිරිසන්නු තමා මේ වැඩ කරන්නේ. (නි)

:       0       0

සරත් Saturday, 31 December 2016 02:27 PM

මිනිසුනේ, ගෞතම බුදුන්ගේ දහමට අනුව ජීවත්වෙන්න බලන්න (නි)

:       0       0

මලික් Monday, 26 December 2016 06:18 PM

මගේ අදහස වැරදියට තේරුම් ගන්න එපා. මම එහෙම හිතන්න තරම් අමනුස්සයෙක් නෙමෙයි. මම එහෙම කිවුවේ, මෙවන් අධම කුරිරු ලෝකයක ජීවත්වෙමින් මුළු ජීවිත කාලය පුරාම දුක්විඳින අපිට වඩා ඇය එක අතකින් වාසනාවන්තයි කියන අදහසකින් (නි)

:       0       0

අනුර Thursday, 22 December 2016 11:42 AM

කාන්තාවන් අපිරිසිදුයි කියන බමුණු මතය මේ රටේත් තවමත් රජ කරනවා. ඉතාම පූජනීය වස්තු දෙකක් ලංකාවට ගෙන එනු ලැබූයේ උත්තමාවියන් දෙදෙනෙකු වුනාට අද ඒ ආසන්නයට යන්නවත් කාන්තාවන්ට දෙන්නේ නැහැ අපිරිසුදුයි කියලා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 101 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 542 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 742 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 436 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 375 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1222 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40231 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26026 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 288 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 414 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1339 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site