ජනපතිවරණ සමයේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අපහාසයක් වන පරිදි බාලවයස්කාර දරුවකු යොදා ගනිමින් රූපවාහිනී දැන්වීමක් ප්‍රචාරය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වූ නඩුවේ උදෘත ගොනුව නීතිපතිවරයා අධ්‍යයනය කරන බව රජයේ නීතිඥ වරුණි හෙට්ටිගේ මහත්මිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි එස්.අමරසේකර මෙනවිය හමුවේ සඳහන් කළාය.
බාලවයස්කාර දරුවකු යොදා ගනිමින් රූපවාහිනී දැන්වීමක් නිර්මාණය කර එය ජනපතිවරණ සයේ ප්‍රචාරය කළ ස්වාධීන රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂක සුදර්මන් රදළියගොඩ ඇතුළු සැකකරුවන් 12 අද අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේ මෙම කරුණු අනාවරණය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදක් කර ඇත්නම් දඩුවම් දිය යුතුමය.නමුත් මෙතරම් ප්‍රමාද වී ඔය දේවල් සෙවීම සුදුසු නැත.මිට වඩා රටේ ප්‍රශ්න රාශියක් ඇත විසදීමට. (බ)
මෙයා වරෙන්තු කාරයෙක් කියලා තමයි ඒ දවස්වල කට්ටිය කිව්වේ, ඉතින් උසාවියට ඉදිරිපත් වුණාම ඒ වෙලාවෙම අත් අඩංගුවට ගත්තේ නැත්තේ මොකද? (බ)
වලව් නමක් දමාගෙන කරලා තියෙන්නේ ඉලව් වැඩ.යකඩ නඩුව ඉවරද?
සුදර්මන් රදලියගොඩ , හඩ්සන් සමරසිංහ ලා හැසිරුනේ කතා කලේ එකල රජයට විරුද්ද ඕනෙම කෙනෙකුට මඩ ගසමින් අපහාස කරමින් ,බොරු චෝදනා නගමින් , මොවුන් සියලුදෙනා යහපාලනයෙන් සුරතල් වන කොටසක් වෙලා (රේ)
මේ ඔක්කොම කැදවුම් ගිය ආණ්ඩුව කාලේ අයට විතරද???හැබැයි මේ ආණ්ඩුවට හේත්තු වෙලා ඉන්න අයට කෙටි කාලින සැනසුමක් තියේවි.චන්දයක් ආපුවම කට්ටිය නිකන් \"කුම්බල මාළු කාපු බලල වගේ \"\"\"ඉදිවී ???(රේ)
අර ලෙස්ටර් මැතිතුමාගේ පින්තූරෙකට වෙන මුහුණක් දාලා ටීවී එකේ කෑගහපු අයටත් ඔය නීතියම දාලා උසාවි ගෙනෙන්න බැරිද? මිනිස්සු යහපාලනය පතුරු ගගහා ඕනෑ වැඩක් කරලා නියමෙට බේරෙනවා. අනේ අපේ රටට ගිය කලක්! (නි)
බාලවයස්කාර දරුවෙක් ඒ වගේ දේකට යොදගත් එකවත් වැරදියි කියන්න තරම් හිත හයියක් නැති මිනිස්සු ටිකකුත් මෙතන අදහස් දාලා වගෙයි (නි)
සිල්වා, කවුරුහරි චෝදනවාක් කළොත් පොලිසිය හොයයි, චෝදනාවක් නැතුව නඩු වැටෙන්නේ නැහැ. වංචාකාරයොයි, බොරුකාරයොයි ආරක්ෂා කරන්න කවුද කතා කරන්නේ? මොකටද කතාකරන්නේ? (නි)
මෙයා ඉගෙන ගත්තේ කොළඹ කීර්තිමත් බොදු විදුහලක . අපේ ඉස්කොලෙටත් නිගාවක් (බ)
යහපාලන ආණ්ඩුවේ ඕන තරම් හොරු වංචා කාරයෝ ඉන්නවා ..එයාලට දඬුවම් දෙන්නේ නැත්තේ ? (බ)