මාලඹේ, පිට්ටුගල, මහමෙව්නාව ‘අමාවතුර’ භාවනා අසපුවේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා සහ මහ රහත් ධාතුන් වහන්සේලා නිදන් කැර ඉදි කළ සිරි ඝටීකාර මහා සෑ රජුන් විවෘත කැරිණි.
ලොව ඉදි කෙරෙන පළමු තුන්තරා බෝධි මණ්ඩපය වන ‘බුදු -පසේබුදු - අරහන්තක මහා විහාරයේ’ ඉහළ මාලයේ මෙම මනරම් සෑ රජාණන් වහන්සේ ඉදි කොට තිබේ. පරිවාර සෑ රජාණන් වහන්සේලා අටනමක් ද සමඟින් නිර්මාණය කළ මේ මහා සෑය සුසුදු පැහැයෙන් දිදුලමින් විරාජමාන වන්නේ අහසේ වැඩ සිටින්නා වූ සුන්දර ආකාශ චෛත්‍යයක මනරම් දසුනක් ගෙන එමිනි.
කාශ්‍යප සම්බුදු සසුනේ අග්‍ර උපාසක ධුරය දරා හිඳ අනාගාමී ඵලයට පත් ව, ඝටීකාර මහා බඹු නමින් බඹ ලොව පහළ වුණු බ්‍රහ්ම රාජයා ගෞතම සම්බුදු සසුනේ ශ්‍රාවකත්වයදරමින් වැඩ හිඳී. සම්බුදු සසුන සුරකින්නට බොහෝ උපකාර කරන මේ බ්‍රහ්ම රාජයා නමින් මහා සෑයක් ඉදි කොට සම්බුදු සසුනට පූජා කෙරුණේ ද ලොව පළමු වරට ය.
සිරි ඝටීකාර මහා සෑ රජාණන් වහන්සේ සම්බුද්ධ ශාසනයට පූජා කිරීමේ පිංකම අමරපුර මහා සංඝ සභාවේ සභාපති, ශ්‍රී කල්යාණිවංශ මහා නිකායේ මහානායක, දොඩම්පහල චන්ද්‍රසිරි මා හිමි මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමීන්ද්‍රයානන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයේ සහභාගීත්වයෙන් පැවැත්විණි. කතානායක චමල් රාජපක්ෂ, කඩුවෙල නගරාධිපති ජී. එච්. බුද්ධදාස ඇතුළු සම්භාවනීය පිරිස් සමඟින් දහස් සමඟ දස දහස් ගණන් උවසු උවැසියෝද සහභාගී වුහ.













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු.....සාධු.....සාධු..... (දී)
මමත් තිලින සමග එකගයි . අද මීට වඩා බොදුනුවන් උදෙසා කෙරෙන්න ඕන වැඩ ගොඩක් තිබෙනවා.සේරුවාවිල විතරද ලංකාවේම දුප්පතුන් ඉන්නේ.මේවත් අද මෝස්‌තර වෙලා. (දී)
තිලිණි, ඔබ ගැන මා නොදන්නා නිසා වරදක් නොසිතමි. දහම් ඇස පහළ වේවා! තෙරුවන් සරණයි!!! (නි)
මේවා වටිනා වැඩ (දී)
මගේ සන්තෝෂය (දී)
මෑත කාලයේ බිහිවූ විශිෂ්ට නිර්මාණයක් (දී)
සාධු...සාධු...සාධු... (දී)
කිරිබත්ගොඩ අපේ නායක හාමුදුරුවන්ගේ මේ උතුම් වැඩපිළිවලට අසිරි වේවා නමෝ බුද්ධාය (දී)
සාදු සාදු බුදු සසුන බැබලේවා. (ස)
පිංකම කුමක් උවත් එහි අනිත්‍ය දකිමින් තමන්ට ඕනෑම පින්කමක් කල හැකියි.. මෙතන කමෙන්ට් කරපු සමහර අය කියන ආකාරයට බුදුරජානන් වහන්සේ කියල නෑ ඉන්න හිගන්නෝ ඔක්කොටම කන්න දීල බඩකට පුරවල වෙහෙර විහාර හදන්න කියල..එහෙම කරන්න පුලුවන්ද? ඔවුන් දුප්පත් වී ඉපදීමත් කෙනෙක් පොහොසත්වී ඉපදීමත් කර්මය ,හේතුපල ධර්මයන් අනුව සිදුවන්නක් බව බුදුදහම දන්නා උගතුන් දන්නා කරුණක්..අප අද ගෙවා දමන්නේ පෙර සංසාරේ කල කුසල් බව තේරුම්ගත යුතුයි..මෙතන කමෙන්ට් සමහර "බුද්ධිමතුන් " එදා උන්න නම් ජේතවනාරාමය අසල උරෝ මරපු පව්කාරයා ඉන් මුදවා නොගැනීම ගැන බුදුහාමුදුරුවන්ටත් මේ ආකාරයෙන්ම දොස් පවරාවි... (දී)
තිලිණ, ප්‍රබුද්ධ ඔයාල දෙන්නම දන්නේ නෑ මෙම අසපු සංචිතයෙන් කොච්චර ලොකු සේවාවක් වෙනවද කියල මොකද අඩබෙර ගහගෙන මෙහි ස්වාමීන් වහන්සේලා වැඩ කරන්නේ නැති නිසා ලංකාව පුරා තියෙන අසපු වලට ගිහින් බලන්න කොයි තරම් සේවාවක් වෙනවද කියල වැඩිම ලේ දන්දෙන පිරිසක් ලංකාවේ එන්නේ මේ වටා එකතුවෙලා සේරුවිල ගෙවල් විශාල ප්‍රමාණයක් හදල දුප්පත් මිනිසුන්ට බෙදල දෙනවා මමත් මස 4න් 4ට ලේ දන් දෙන්න පුරුදු වුනේ මේ මහමෙවුනාවට පිං සිද්ද වෙන්න...(දී)
තිලිණගේ අදහසට මමත් එකගයි. (ස)
තිළිණ, ඔබ අනුන්ට පින් කරන හැටි උගන්වන්න පෙර අවශ්‍ය නම් ඔබ කැමති විදියකට පිනක් කරගන්න බලන්න. පින්කරන අයුරු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකිය. (නි)
බුදුන්ට හිස් මුදුනින් නමස්කාර කරමි....නමුත් ලංකාවේ බුදුන්ව ඔලුවේ තියාගෙන රට වැහෙන්නම මේවා හැදුවට වැඩක් වෙන්නේ නැහැ . කරන තරමක් කරන්නේ ජඩ ,දුෂණ,මිනිස් ඝාතනයන්ය. මේවා කරන තරමක් කරන්නේ මේවා විවෘත කරන අයමයි. (ස)
මෙය නම් මම දැකපු සුන්දරම පින්කමක්. මෙම පිංකම සිදුකල සියල්ලෝම සියලු දුකින් නිදහස් වී සුවපත් වෙත්වා. (ස)
අමා මහා නිවනින් සැනසෙන්න හේතුවේවා (දී)
තෙරුවන් සරණයි (දී)
මේතුන් ලොවේම වටිනා යම් වස්තුවක් වේ නම් ඒ තථාගත අරිහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ පමණි.යම් කෙනෙක් තුල තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරන්න පුළුවන් නම් එක මොනතරම් දෙයක්ද.දහම් දැනුම දෙන්න පුලුවන්නම් මොනතරම් හොඳද.මෙහෙව් උතුම් පින්කම් මෙහෙයවන්න අද මුලින්ම ඉන්නේ ලොකු ස්වාමින්වහන්සේ ප්‍රමුක මහමෙව්නාවේ සංඝරත්නයි.සාදු...සාදු...සාදු... උතුම් පින්කම් බැති සිතින් අනුමොදාමි. (දී)
තිළිණ, අනිත් අය කරන කුසල් වලින් අකුසල් සිත් ඇතිකරගැනීම කරන්නේ මුදිතා සිත නැති අයයි. ඒ අය තමයි, මල් කඩලා පූජා කළවිට, සමනළයින්ට පැණි නැතිවෙනවා වගේ මෝඩ අදහස් ඇතිකරගන්නේ. (නි)
උතුම් පින්කමක්. අපේ සතුට සහ ප්‍රණාමය! (නි)
මෙවැනි උතුම් පිංකම් දිහා කුහකත්වයෙන් නොබලන්න (නි)
විශිෂ්ට ඡායාරූප පෙළක්! (නි)
තිලිනගේ අදහසට මමත් එකඟ වෙනවා (නි)
රවී, එසේ දේශනා නොකළේ අනේපිඬු සිටාණන් දුගී මඟී යාචකයින්ට ප්‍රමාණවත් ලෙස දන්දෙන බව බුදුන් දන්නා නිසා නොවේද? අද රටේ දුගී මඟී යාචකයින්ට ප්‍රමාණවත් ලෙස ධනය බෙදෙනවද? අද රටට අවශ්‍ය ජනතාව පංච ශීලයේ පිහිටුවන්නට හැකි සඟුන් පිරිසක්. (නි)
තිලින සමග සියට සීයක් එකඟයි. (දී)
නමෝ බුද්ධාය! අමාවතුර අසපුව මගේ සුන්දර නිවස ළඟ සිට ඉතාමත් පහසුවෙන් දැක බලාගෙන ඉතාමත් සතුටු සිතින් පින් රැස් කර ගැනීමට අප පවුලේ සැමට වාසනාව උදා වී තිබෙනු දැකීම මහා කුසලයකි. ඒ වගේම 2001 සිට මා සහ මාගේ පවුලේ සියළුම දෙනාම මහමෙව්නාව සමහ එකට එකතු වී සිටිනු දැකීමත් මහත් පිනකි. කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලටත්, මේ සදහා සහභාගි වී පින් කටයුතු වලට දායකවූ ගිහි පිරිසටත් මාගේ නමස්කාර ප්‍රණාමය. මේ පින් සියලුම පින් කැමති දෙවියෝ අනුමෝදන් වෙත්වා! මේ පින් මා ඇතුළු මගේ ආදරණිය දෙමව්පියන් ඇතුළු සහෝදර සහෝරියන්ටද අනුමෝදන් වේවා ! සියලු සත්වයෝ මෙපින් අනුමෝදන්වී උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා! බුදු සසුන බැබලේවා සාධු... සාධු ... සාධු... නමෝ බුද්ධාය! (නදී)
අපොන්සු, ඔබ දන්නවද අදටත් මේ සිරි ලංකාවේ රහතුන් වහන්සේලා පහල වෙන බව. බුද්ධ සාශනය තිබෙන තුරාවට රහතුන් බිහිවනවා. ආරණ්‍ය වල හා මහා වනන්තර වල මේ මොහොතෙත් ඒ ස්වාමීන් වහන්සේලා වැඩ සිටිනවා.(අ)
බුදු පිළිම පූජාකිරීම අට මහා කුසලයක්. (නි)
තිලිණ කියපු කතාවට මමත් එකඟයි. (නි)
භාග්‍යවතුන් වහන්සේට කළ උතුම් පුජාව දැක සිත පහදවා ගන්නට නොහැකි අයට දහම් අැස පහල වේවා.............!!!!!!!!(අ)
අපගේ සුගත තථාගත ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ උතුම් සෑ රජාණන් වහන්සේ පූජා වේවා!! සියල්ලෝ සතුටු සිතින් මේ පින අනුමෝදන් වෙත්වා! සාදු සාදු සාදු...!!! (නි)
නමෝ බුද්ධාය! (නි)
ලෝක වාසි සියල්ලන්ටම නිවන් අවබෝධ වේවා (දී)
සසර වසන තුරු අසත්පුරුෂ ඇසුරක් නොවේවා (දී)
හරිම ආඩම්බරයි. අපේ රට ධර්මරාජ්‍යයක් වෙනවා නියතයි. (ස)
සාධු සාධු සිරසින් වදිමි.මෙවැනි පිංකමක් සියැසින් දැක ගැනිමට හැකි උනා නම් මම කොතරම් වාසනාවන්තද. (දී)
තිලිනගේ අදහසට මමත් එකඟ වෙනවා (නි)
මෙවැනි පින්කම් දැකලා සිත පහදා ගන්න පව් රැස් කර ගන්න එපා මම මේ චෛත්‍ය පූජාවට පුළුවන් සැමවිටම ශ්‍රමයෙන් සහබාගි උනා මතක්වෙන සැමවිටම පුදුම සතුටක් හිතෙන්නේ අප සැවොම එය අනුමෝදම් වෙමු එය අප සැමට හිත සුව පිණිස පවතී වරක් හෝ මේ පින් බිමට ගොස් මේ චෛත්‍ය සියසින් දැක වන්දනා කරන්න ඔබට පුදුම සතුටක් දැනේවි එය අපට ලැබෙන දුර්ලබ පුණ්‍ය ලබයකි නමෝ බුද්දාය (දී)
සාදු! සාදු!! සාදු!!! මේ උතුම් පින්කම ළඟ සිට දැකබලා, අතගසා, සහභාගි වුණා සේ අනුමෝදන් වෙමි (නි)
සාදු සාදු සාදු! නමෝ බුද්ධාය ! (නි)
බුදු සසුන බැබලේවා (දී)
කෙනෙකුගේ සිත තුළ – නොවැගිරෙයි නම් රාගය... ද්වේෂයෙන් කිසි කලක – පහරකන සිත් නැති විට... පින් පව් හැමදෙයම – දුරු කළ සිතින් සිටිනා.... නිදිවරන ඒ රහතුන් – කිසිදිනක තැති නොගනිති... (නි)
මේ ධර්මයේ එකම එක ඉලක්කයයි තියෙන්නේ. ඒ චතුරාර්ය සත්‍යය අවබෝධය කරගැනීම. මේ යන ගමනේදී අපට මුලින්ම උවමනා වෙන්නෙ ශ‍්‍රද්ධාවයි. අපි මේ ශාසනයට ඇතුළත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීමටයි. අන්න ඒ පැහැදීම තමයි ධර්මයේ හැසිරීමේ ආරම්භය. (නි)
”ඇස් ඇති කෙනා සමාජයේ සිටින චණ්ඩ වනසතුන් දරුණු මෘගයින් ආදී අනතුරු ඇති තැන් මඟහැරලා වීර්යයෙන් යුක්තව කටයුතු කරන්න ඕනෑ. අන්න එ් වගෙයි නුවණැත්තා පව් දුරු කිරීමට මේ ලෝකය තුළ වීර්යයෙන් යුක්තව කටයුතු කරන්න ඕනෑ.” (නි)
අපි ඉතාම ශ‍්‍රද්ධාවෙන් හඬ නඟා බුදුන් වැන්දොත් සමහරවිට තව කෙනෙක් ඒකට දොස් කියාවි. “ඔයාගෙ පාඩුවෙ ඔයා වඳින්න. ඔච්චර හයියෙන් ගාථා කියන්නේ මොකද? ඔයා ශ‍්‍රද්ධාවන්ත කෙනෙක් කියලා ලෝකෙට පෙන්නන්න ඕනෑද?” මෙවැනි දේ කියලා අනුන්ට ගරහන අය හැමතැනම ඉන්නවා. ඒ නිසා අනුන්ගේ නින්දා අපහාස අපට වැඩක් නැහැ. අනුන්ට නින්දා අපහාස කරන, අනුන්ට ගරහන සියලූ දෙනාම ඒ කරන්නේ පිරිසිදු සිතකින් නොව, පිරිහුන සිතකිනුයි. ඒ නිසා ඔවුන් හානිකරගන්නේ තමන්ටමයි. (නි)
තිළිණ සමඟ මමත් එකඟවෙනවා (නි)
සාධු ! සාධු !! සාධු !!! (දී)
සාධු සාධු බුදු සසුන බැබලේවා (දී)
සාධු...සාධු...සාධු... (දී)
සාදු...! සාදු .....!! (දී)
සාදු...! සාදු .....! තෙරුවන් සරණයි (දී)
සාදු..!!! සාදු....!!! බුද්ධ ශාසනය උදෙසා ඔබ සියලුදෙනාම සිදුකරනු ලබන උතුම් ක්‍රියා ඉතාමත් අගේකොට සලකමි.නිවන් දැකීමට මේ පින් හේතු වේවා. (දී)
ලස්සනයි (දී)
ලස්සනයි මේ අපේ පින්බිමයි (දී)
නෙත් සිත් පහන් වේවා (දී)
සාදු සාදු සාදු බොහොම පින් (දී)
සාදු...සාදු.....සාදු (දී)
සාධු....සාධු.... සාධු..... (දී)
බුදු සසුන බැබලේවා සාධු ... සාධු ... සාධු (දී)
සාදු සාදු සාදු.................! (දී)
මිනිසත් කම රැක ගන්න (දී)
වචන වලින් කියන්න බැරි පින් කමක් (දී)
සද්ධා ගගුල සිත තුල උපදන මහමෙවුනාවේ තාරුණ්‍යය සදහම් ගගුලට ගලනා වෙලාවේ සිහල බසින් සදහම් සවනට ඇසෙනා වෙලාවේ විදසුන් වඩා නිවනින් නිවී යමු මේ දම් අමාවේ (දී)
තෙරුවන් සරණයි (දී)
මේ ඉඩම පුජා කල කෙනාට නිවන් දකින්න මේ පිනම හේතු (දී)වේවා
සාධු.....සාධු.....සාධු.....(දී)
සාදු සාදු සාදු ....මේ උතුම් ක්‍රියාවට සහබාගි වීමත් මේ පිරිස ලද භාගයක්..............(දී)
කොහොම හරි බෞද්ධ කම රැකගෙන කාටවත් කරදරයක් නොවෙන පරිදි මගේ රට දියුණු වෙනවනම් එක අපට මහත් ආඩම්බරයක් , බුදු සසුන බැබලේවා !, සැම සිත් දහමින් නැහැ වේවා ! , කිසිවෙකුත් කිසිවෙකුට වෛර නොකෙරේවා ! හරිම ලස්සනයි පන්සල (දී)
ලංකාවේ අන්තිම රහතුන් වහන්සේ ඇතිවුනේ කවදද? එදා ඉදන් අද දක්වා පොසොසත් ව්ශ්මයාකාර පන්සල් ගොඩ නැගුවත් රහතුන් වහන්සේ කෙනෙක් බිහි නොවුනේ ඇයි? (දී)
සැමටම සසර කෙටිවී පතන බෝධියකින් නිවන් දැකීමට හැකි වේවා (දී)
සාධු...සාධු (දී)
අපේ හාමුදුරුවනේ, ඉතා හොඳ වැඩක් දස මහා කුසල් වලින් එකක් තමයි. නමුත් .... මේ රටේ අන්ත දිළුදු භාවයට පත් වී සිටින, හරිහමන් ගෙයක් දොරක් නැති, එදිනෙදා වේල සරි කර ගන්න බැරිව දගලන අහිංසක බෞද්ධ පවුල් කොච්චර නම් ඉන්නවද? හද්ද පිටිසර ගම්වල පන්සල් වල කොච්චර නම් අඩු පාඩු තියනවද? මට මතකයි ඔබ වහන්සේ දිනක් ධර්මදෙසනාවකදී වදාල බුදු හාමුදුරුවෝ බඩ ගින්නේ හිටපු මගියාගේ බඩ කට පුරවල තමයි දහම් දෙසනා කලේ කියල. මේ දර්ශන දකින කොට මට නිතැතින්ම ඒ අහිංසක පවුල් සිහි වෙනවා. නැතිබැරි පන්සල් මතක් වෙනවා. අප යායුත්තේ රහතුන් වැඩි මග ඔස්සේ නේද?? කෙලෙස් 1510 න් හැකිතාක් නිදහස් වීම නේද? වඩා උතුම් වන්නේ. "යො ධම්මං පස්සති - සො මං පස්සති" යම් පුද්ගලයෙක් ධර්මය දකීද හෙතෙම මා දකින්නේය. වාහන ඝෝෂාවෙන් තොර සසර ගාමින් බෝ කොළ සැලෙන බෝධීන් වහන්සේ අයට අඩ හෝරාවක්/ හෝරාවක් වාඩිවී විවේක සුවයෙන් සිටීමෙන් සිතට ගතට ලැබෙන අසීමිත සැහැල්ලුව කෙතරම්ද? (දී)
දැවෙන සිතට සහනයක් එක්කළ ඡායාරූප පෙළක්! (නි)
තිළිණි, කහවණු පනස්හතර කෝටියක් ධනය වැයකරලා අනේපිඬු සිටාණන් ජේතවනාරාමය කරවද්දී බුදුහාමුදුරුවෝ දේශනා කළේ නැහැ " සිටුතුමනි වියදම වැඩියි, පිරිමහගෙන ආරාමය පොඩියට කරලා ඉතිරි ධනය දුගී මඟී යාචකාදීන්ට බෙදාදෙන්න" කියලා. ඒ, බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වෙනුවෙන් කරවන ආරාම පූජාවේ විපාක උන්වහන්සේ හොඳින්ම දෑනසිටි නිසා. මෙවැනි උතුම් පිංකම් දිහා කුහකත්වයෙන් නොබලා සිත පහදවාගත්තත් එයිනුත් පිනක් රැස්කරගන්න පුළුවන්. (නි)
තිළිණ, ඒ අය නැති බැරි අයට කරන උදවු බලන්න ඕනෑ නම් පොඩ්ඩක් අන්තර්ජාලයට ගිහින් බලන්න. සේරුවිල අන්ත අසරණ මිනිසුන්ට ගෙවල් හදලා දෙනවා. වතුර නැති අයට වතුර දෙනවා. ළමයින්ට ශිෂ්‍යත්ව දෙනවා, ලංකාවේ වැඩිම ප්‍රමාණයක් ලේ දන් දෙන්නෙත් මේ අයගේ වැඩසටහන් වලින්. අපේ මිනිස්සු තමන් නොදන්නා බව නොදන්නා නිසා අපරාදේ පව් කරගන්නවා. (නි)
සාධු ! සාධු !! සාධු !!! මේ උතුම් භාග්‍යවතුන් වහන්සේගේ සර්වඝඥ ධාතුන් වහන්සේලා සහ ශ්‍රාවක ආර්ය මහා සංග රත්නයේ ධාතුන් වහන්සේලා වැඩ සිටින මනරම් චෛත්‍ය රාජයාණන් වහන්සේ, සෑම දෙනාටම ශ්‍රද්ධා ඉන්ද්‍රි ශ්‍රද්ධා බල දියුණු කර ගැනීමට හේතු වේවා!!! පතන්න වූ බෝධියකින් කෙටිම කාලයකින් සුඛ ප්‍රතිපදාවෙන් අමා මහා නිර්වානබෝධය පිණිසම හේතු වේවා ! උපස්තම්භක වේවා !! මමද මේ උතුම් පුණ්‍ය ධර්මය ඉතා ඕනෑකමින් අනුමෝදන් වෙමි. සාධු ! සාධු !! සාධු !!! (දී)
මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමීන්ද්‍රයානන් වහන්සේ කරන දේවල් ගැන නම් මගේ විසාල ගෞරවයක් ,භක්තියක් තියෙනවා. (දී)
මනසට සුවය දෙන, මේ උතුම් දර්සනය ලොව ප්‍රචලිත වේවා ,ලොව බැබලේවා (දී)
මෙ සත්කර්යට සහභගි උන දෙව්, මිනිස් සැමට නිර්වානය බොහොම ලගයි සාදු!!!!!!!සාදු!!!!!! (දී)
මොන තරම් අලුත් පන්සල් ආරම්භ කලත්,රටේ සිද්ද වෙන දේවල් දැක්කම මටනම් දැන් ලංකාව ගැන අන්තෙටම කල කිරිලයි තියෙන්නේ. (දී)
උදේට දවස පටන් ගන්නෙත් පිරිත් කියල,බන කියල,සෙත් කවි කියල,නැවත දවස නිම කරන්නෙත් පිරිත් කියල,බන කියල.ඒ වුනාට පලි ගැනීමේ නම් නිමාවක් නැහැ.පුදුම රටක්.(දී)
සිත සන්සුන් වෙනවා (දී)
මේ අතිරමණීය පිළිම වහන්සේලා මෙන්ම සෑ රජාණන් දැකීමෙන් සිත පහන්වේ. එයින් සැදැහැසිත් ඇතිවීමෙන් පස්පවින් වැළකෙන්නට සියල්ලෝම උත්සාහ කරත්වා!බුදු සසුන බැබලේවා! (දී)
සාදු සාදු සාදු (දී)
මෙත් මල් පිබිදේවා සිත් තුල මෙත් මල් පිබිදේවා (දී)
සාධු... සාධු.... සාධු....,බුද්ධ සාසනය ලොව සදා පවතින සත්‍යයි.සදාකල් පවතීවා. (දී)
සාදු...සාදු... බුදු සසුන බැබලේවා !!! (දී)
සාදු සාදු! මේ පිනෙන් මෙයට දායක වූ සැමට සද්ධර්මාවබෝධය ලැබේවා! (දී)
සාදු ..සාදු..මේ සෑයටත් වඩා මගේ සිත ඇදී යන්නේ ප්‍රතිමා නිර්මානයන්ටයි.එයනම් විශිෂ්ඨයි. අමුතුම සුවිශේෂත්වයකින් යුතුයි.ඉතාලියානු ආභාෂය යැයි සිතේ.දන්නා කෙනෙක් පැහැදිලිකර දෙන්න. (දී)
ලොව දසතම පැතිරෙනා සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ රශ්මි කදම්බය හේතුවෙන්... ලොවේ නන් දෙසින්බුදු දහම වැළඳ ගන්නට පාරමී පුරනා විදේශිකයන් ඇතුළු ලෝ වැසියන්හට මෙම පණිවිඩය අමා වතුරක්ම වේවා (දී)
අනේ මගේ ආගම දිගු කල් වැජබේවා සාදු සාදු .....(දී)
සාධු සාධු සාධු (දී)
බුදු සසුන සදා බැබලේවා!!! (දී)
සාධු! සාධු! සාධු! (දී)