අම්පාර මහඔය ටැම්පිටියේ ජේ.එම්.උමේෂා ප්‍රියදර්ශනී (27) මහත්මිය අම්පාර රෝහලේදී අද (17) තුන් නිවුන් දරුවන් බිහි කළාය.
ඇගේ සැමියා ඩී.ඩී.චමින්ද පොලිස් කොස්තාපල්වරයකි.
රෝහලේ ප්‍රසව හා නාරීවේද විශේෂඥ වෛද්‍ය තුසිත පාදෙනිය මහතා පැවසුයේ සීසෙරියන් සැත්කමිකින් උපන් දරුවන් සහ මව සනීපෙන් සිටින බවයි.
මේ දරු තිදෙනාගේ බර කිලෝග්‍රෑම් 1.7, 2.1 සහ 2.2 වේ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට දෙවි රැකවරණයි! (නි)
අනේ වාසනාවන්. (නදී)
මේ පවුලටත් දෙවි පිහිටයි. වාසනාවන්ත බබාලා (නදී)
මවටත් මේ සිගිත්තන් තුන් දෙනාටත් දළදා සමිදු පිහිට ලැබේවා ! (නදී)
සුභ පැතුම්! (නි)
මම හරි ආසයි නිවුන් දරුවන්ට. මට ඉන්නේ පුතාලම දෙන්නෙක් . මෙතන ඉන්න දු පැටියා දැක්කාම හරිම ආදරයක් හිතුනා. තුන් නිවුන් දරුවන්ටත් දෙමව්පියන්ටත් තෙරුවන් සරණයි. (නදී)
සුභ පතනවා මම ඔබට දෙවි පිහිටයි (නදී)
අද තියෙන කිරිපිටි මිලේ හැටියට මේ දරු තුන්දෙනා හදාගන්න රාලහාමිට මොන දුකක් විදින්න වෙයිද මන්දා. (අ)
තෙරුවන් සරණයි.මගෙත් දෙවෙනි දරුවෝ නිවුන් දරුවෝ අපේ අවාසනාවට එක්කෙනෙක් නැතිවුනා.අනෙක් පුතාට දැන් අවුරුදු 11.ඔයාලට නීරෝගී සුවය ප්‍රර්ථනා කරනවා මුළු හදවතින්ම.(අ)
අනේ වාසනාවන් තෙරුවන් සරණයි (නදී)
ලියනගේ මහත්තයගේ කතාව හරියට හරි. මේ වගේ වෙලාවක අපි ඔය පැත්ත ගැනත් හිතන්න ඕනේ. මෙන්න බොදු බල සේනාවට මැදිහත් වෙන්න හොද අවස්ථාවක්. දරු පැටව් ටිකට තුනුරුවන්ගේම සරණයි (නදී)
කරුණාජීව මහත්මා තේරුම්ගත්ත වැරදියි.මගේ අයිය පොලියියෙ වැඩ කරන කාලේ අයියගේ යාලුවො හමුවුණාම මගෙන් අහන්නෙ අයියගෙ පොලිස් පැටවුටික කොහොමද. උඹේ සමරේ පැටවු ටික කොහොමද කියල.. එහෙම අහන්නෙ ආදරරේට මිසක් සමච්චලයට නෙමේ. (ස)
තෙරුවන් සරණයි..(අ)
සතුටුදායක පුවතක්. ඔබ පවුලට බුදු සරණයි. මේවගේ අයට රජයෙන් උදවු කළයුතුයි. මන්ද සිංහල ජාතිය වඳවීගෙන යන නිසා. (නි)
සුභ පැතුම් ! තෙරුවන් සරණයි පවුලටම !. (අ)
සියලු දෙනාට බුදු සරණයි ! බන්දුල ගාල්ල,රුපවති,සමච්චල් කරන්න වෙලාවක් තියෙනවා. මේ එවැනි අවස්ථාවක් නොවෙයි. (නදී)
අනේ හරිම ලස්සනයි පවුලේ සියලු දෙනාට බුදු සරණයි (අ)
බුදු සරණයි දෙවි පිහිටයි (නදී)
මෙයාට අනිවාර්යෙන්ම උසස්වීමක් ලැබෙන්න ඕනේ. ඔය සොච්චම් පඩියෙන් කොහොමද ජීවත් වෙන්නේ. රජයෙන් රුපියල් ලක්ෂයක් විතරනේ ලැබෙන්නේ අනේ පව් නේද (නදී)
ඒ රාලහාමි පැටවුන්ට තෙරුවන්ගේම සරණයි..! ඉක්මනට ලොකුවෙලා තාත්ත වගේම ලොකු රාලහාමි කට්ටියක් වෙන්න ඕනේ ..බුදු සරණයි ..!!! (නදී)
ලස්සන දරුවන් 3න් දෙනෙක් වාසනාවන් මවටත් දරුවන්ටත් බුදු සරණයි (නදී)
අඩු වේගන යන ජාතියේ වර්දනයට ලොකු උපකාරයක්. සුභ පැතුම්. (නදී)
සුබ පැතුම් ලස්සන දරුවන් (අ)
බුදු සරණයි දරුවන් තුන්දෙනාටම සහ මවට පියාට දරුවන් හදා වැඩගන්න ශක්තිය ලැබේවා !!! (අ)
මගේ සුභ පැතුම් ! පෙර පින් ඇති අයට තමයි මෙහෙම දරු සම්පත් ලැබෙන්නේ. (අ)
තෙරුවන් සරණයි මවටත් දරුවන්ටත්! පි සි ට උසස්වීමක් දෙන්න තියෙන්නේ.දරු පැටවූ ටික ලොකු කර ගන්න වියදනුත් වැඩිනේ. අනික දැන් පවුලක දරුවෝ වැඩිම දෙන්නනේ. (අ)
සියලු දෙවි පිහිටයි (අ)
මේ රාලහාමිලා තුන්දෙනාට තෙරුවන් සරණයි. (අ)