‘අපි ජීවිත වලට ආදරෙයි. ඒත් අපිට මේ ගෙවල් දාලා යන්න තැනක් නෑ. හදා ගත්ත ගෙවල් දොරවල් දාලා කොහේ යන්නද?’ යැයි අම්බලන්කන්දේ ඩබ්ලිව්.ජේ.කේ. විජේසේකර (48) මහතා පැවසීය.
විජේසේකර මහතා පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු සෙබළෙකි. අම්බලන්කන්ද බස්නැවතුම්පොළට නුදුරින් පල්ලමකට වන්නට ඔහුගේ නිවස පිහිටා තිබේ. එම ප්‍රදේශ පරීක්ෂා කිරීමට පසුගිය 28 වැනි දා සහ පසුගිය සතියේ භූ විද්‍යාඥයෝ පිරිසක් පැමිණ සිටියහ.
එලෙස පරීක්ෂා කිරිමෙන් පසු එය අවධානම් කළාපයක් ලෙස සලකා පවුල් 12කට පමණ ඉවත්ව යන ලෙස පසුගිය 28 වැනිදා දැනුම් දී ඇත.
‘අපේ පැත්ත ඇවිත් පරීක්ෂා කරලා බලලා කිව්වා අපි ඉන්නේ අධි අවදානම් පැත්තක කියලා. නායක් මැද්දේ ඉන්නේ කිව්වා. අපට මෙතැන ඉන්න එක අනාරක්ෂිතයි කියලා කිව්වා. එදා මහා නාය යෑමත් එක්ක අපේ ගෙදරත් පැලීමක් ඇති වුණා. අපට වෙන යන්න තැනක් නෑ. කොහේ යන්නද අපි? ගෙවල් දොරවල් දෙනවා නම් ප්‍රශ්නයක් නෑ. අපි මහන්සිවෙලා හදාගත් ගෙවල් දොරවල් දාලා කොහේ යන්නද?’ යැයි විජේසේකර කීවේය.
අවධානම් පැත්තක් ලෙස නම් කළත් අවතැන් කඳවුරකට නොයෑමට ප්‍රධානම හේතුව ලෙස ඔහු කියනුයේ ළමයින්ගේ ඉගැනීම්වැඩවලට බාධා සිදුවන බවයි. ‘මගේ පුතා ලබන අවුරුද්දේ උසස් පෙළ කරනවා. ළමයින්ට පාඩම් කරන්නවත් තැනක් නැහැනේ.’ යැයි ඔහු සඳහන් කළේය.
විජේසේකරගේ මෙන්ම ඔහුගේ නිවසට මදක් පහලින් නිවසක ජීවත් වන ලයනල් ආරියරත්න (40) කීවේද පසුගිය දා නාය යෑමත් සමග තම නිවාසවල ද පැලුම් ලකුණු ඇති වූ බවයි.
‘අපේ ගේ පිටිපස්සෙන් ලොකු වතුරක් ආවා. සාමසර කන්දේ යෑමෙන් පස්සේ ඒ වතුර ආවේ නෑ. ඉන් පස්සේ අපේ බිත්තිත් ඉරි තළලා. අපි කඳවුරට ගියා. ආයෙත් ඇඳුම් හෝදලා දාන්න එහෙම ගෙදරට එනවා. අපිටත් වෙන යන්න තැනක් නෑ. මීදුමක් ආවත් දුව බය වෙනවා.’ යැයි ආරියරත්න සහ ඔහුගේ බිරිය කීහ.
අපට මග පෙන් වූ අය අතර ප්‍රභාත් වෙදගේ මහතා සහ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ප්‍රියසංක මහතා ද වූහ.
එම්.එස්.සී. ලලිත් ගුණතිලක විශ්‍රාමික ඩිපෝ මාර්ග පරීක්ෂකයෙකි. ඔහු රැකියාව කළේ බලංගොඩ නගරයේය.
‘මම පුංචි අම්මයි විතරයි ඉන්නේ. අපි මාස පහකට විතර කලින් ගෙයක් බදු ගත්තා මේ පැත්තෙන්. අවුරුද්දකට බදු ගත්තේ. මේ සිද්ධියත් එක්ක අපේ ගේත් තැනින් තැන පැළිලා. මෙහේ ඉන්න එක භයානයකයි කියා කියා තිබුණා. අපි ගමේ අවතැන් කඳවුරට ගියාම අපි මෙහේ පදිංචිකරුවන් නෙමෙයි කියලා අපිබ බාර ගත්තේ නෑ. පස්සේ දික්පිටිය මුස්ලිම් විද්‍යාලයයේ අවතැන් කඳවුරේ හිටියේ. එහෙ මුස්ලිම් පිරිස් අපිට හොඳට සැලකුවා. අපි නැති අතරේ ගෙදර බඩු හොරකම් කරලා. ළඟ පාත මධ්‍යස්ථානයක අපට ඉන්න දුන්න නම් හොඳයි. අපට වෙන කියන්න කෙනකුත් නෑ. මාධ්‍ය හරි මේ වෙලාවේ හමුවුණ එක හොඳයි මගේ හිතේ තියෙන දුක තුනී කර ගන්න.’ යැයි ගුණතිලක කීවේය.
ප්‍රදේශයේ ස්ථාන කිහිපයක පොළොවේ පැළුම් සලකුණු තිබෙනු දක්නට ලැබිණි.
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ
රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අම්බලකන්දේ අඳෝනාව
ඉරාජ් Monday, 30 May 2016 03:37 PM
අපේ රටේ අහිංසක මිනිස්සුන්ට තරමකටවත් දුක තුනී කරගන්න ඉන්නේ මාධ්‍ය ව්තරයි. (ර)
නිශාර්ඩ් Tuesday, 31 May 2016 08:20 AM
අවතැන් කඳවුරු වල ලැගුම් ගන්ට සිද්ධ වෙලත් සමහර අයගේ කුහක කම් සහ දුෂ්ට ගති ගුණ නැතිවෙලා නැහැ වගෙයි. (ම)