අම්බලන්ගොඩ සුමනදාස සමුහ ව්‍යාපාරයේ හිමිකරු(53) එච්.ජී ප්‍රේමසිරි මහතා අම්බලන්ගොඩ මානිමුල්ලේ සිය නිවස අසලදී වෙඩිතබා මරා දමා ඇතැයි පොලිසිය පවසයි. පපඩම් ව්‍යාපාරිකයෙකුද වු ඔහු සිය ජිප් රියෙන් ගෙදර යන අතරතුරදී මෝටර් රථයකින් ආ නාඳුනන පිරිසක් වෙඩිතබා අැතැයිද වාර්ථා වේ. වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ඔහුගේ දස හැවිරිදි පුතාත් ඔහු සමග සිටියත් ඔහුට අනතුරක් වී නැතැයි පොලිසිය පවසයි. මියගිය ප්‍රේමසිරි මහතා දරුවන් තිදෙනකුගේ පියෙකි.
මෑතදී අම්බලන්ගොඩදී ව්‍යාපාරිකයෝ කිහිපදෙනෙක් ඝාතනයට ලක්වුහ.
(ඡායාරූප හා වීඩියෝ - දීපාල් ද සිල්වා)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමරසිංහ මහතා කියපු කතාව නම් ඇත්ත ....කව්රුත් කරපු දේවල් තමයි පස්සෙන් එන්නේ ....(රේ)
අවිගත්තෝ අවියෙන්ම නැසෙති. මෙහෙම වෙන්නෙ ඇයි කියන එක, අම්බලන්ගොඩ ජනතාව නම් දන්නවා ඇති. (නි)
දෙවියනේ අපේ ලංකාවට මේ මොකක්ද වෙන්න යන්නේ? (නි)
ටීවී එකේ දවස පුරා චිත්‍රපටි වගේ මිනීමරන හැටි පෙන්නුවා. ඒවායේත් පලවිකාප තමා මේ (නි)
කර්මය වළක්වන්න බැහැ. (නි)
ලෝකයේ අනෙකුත් රටවල මිනීමැරුම් දිහා බලනකොට අපේ රටේ ප්‍රතිශතයක් වශයෙන් ගත්තාම අඩුයි තමයි. ඒත් එක මිනීමැරුමක් හරි සිද්ධ නොවෙන ගානට ආවම තමයි හිතට සතුටක් දැනෙන්නේ. දකුණු ඇමෙරිකානු රටවල සහ සමහර අප්‍රිකානු රටවල මිනීමැරුම් ඉතා අධිකයි. එක්සත් ජනපදයේ මිනීමැරුම් දිනකට 45 පමණ ප්‍රමාණයක් වූවත් ප්‍රතිශතයක් හැටියට ඉහළ අගයක නැහැ. අපේ පුංචි රට ධර්මද්වීපයක්ම වේවා කියා පතනවා. (නි)
කෞෂි, ඔයත් ඇවිල්ලා බලන්නකෝ, ඇත්තටම අපරාධ හරි අඩුයි මම ඉන්න රටේ නම්. අනික අපරාධයක් වුණාම වැරදිකාරයෝ හරි ඉක්මනට අල්ලාගන්නවා. ලංකාවේ පොඩි රණ්ඩුවක් ගියත් දැන් ළමයි එක්ක ඉන්න බයයි, ආයුධ අරන් කොයි වෙලාවේ එයිද කියලා. (නි)
මොකක්හරි ලොකු හේතුවක් ඇති (නි)
හැමෝම බුද්ධ වචනය මත පිහිටා වැඩ කරන්නේ නම් මෙවැනි දේ අසන්නට නොලැබෙනු ඇත. රට තුල බුද්ධාගම පිරිහී ඇති බවයි මෙයින් හැඟෙන්නේ. දැන් ඇත්තේ සිංහලයින් පමණි. සිංහල බෞද්ධයින් නොවේ.(රේ)
ඔය අදහස් දාලා තිබෙන අය ඉන්න රටවල ඕවා වෙන්නේ නැද්ද ... (නි)
මොළේ කළඳක් හෝ තියෙනවා නම් මේවට හේතු හිතාගන්න පුළුවන්. (නි)
කෞෂි, කොයි රටෙත් මනුෂ්‍ය ඝාතන හෝ අපරාධ වෙනවා. එ්ත් ඇහැ කණ පියාගෙන හිටියොත් තමා ඒවා වර්ධනය වෙනවනේ. ජීවිතයකට හානිවෙනවා කියන්නේ ආයේ කවදාකවත් ඒ ජීවිතය ලබාගන්න බැහැ. ලෝකය දැන් බාහිර අතින් හොඳටම දියුණු වෙලා. එ්ත් අධ්‍යාත්මික දියුණුව දැන් හොඳටම පහළ ගිහින්. එ්කයි මේ අපරාධ වලට හේතුව. හුඟ දෙනෙක් දැන් ආගම අදහන්නේ සෝබනයට මිසක් හිතට එකඟව නොවෙයි කියලයි මට හිතෙන්නේ. (නි)
ලක්සිරි ඉතා හොද කියමනක්. (බ)
මෙතන තියෙන්නේ ක්‍රිකට් මාෆියාවක්ද? ගාල්ලේ ක්‍රිකට් ලොක්කෝ ඊට සම්බන්ධද? වහා සොයා බලන්න. (බ)
මේ ආණ්ඩුවෙන් උපරිම නිදහස ලැබුන නිසයි මෙහෙම අපරාධ වැඩි වැඩියෙන් සිද්ධ වෙන්නේ. පසුගිය කාල වකවානුව තුළ බිහිවුණන සුදුවෑන් සංස්කෘතියවත් නැවත කරළියට ගෙනාවොත් මේවා ටික ටික මැඩපවත්වා ගත හැකිවේවි. (නි)
කලින් කියපු සහන්ටයි මේ ලියන්නේ. ලංකාවේ දේශපාලන පාතාලය හැදුනේ අවුරුදු දහයකට කලින් නොවෙයි. ඔයා ඉපදුනේ අවුරුදු දහයකට කලින් වෙන්න ඇති. නමුත් අපි 80 ගණන් සහ 90 ගණන් වලදීත් මේ වගේ දේවල් ඇහුවා. දේශපාලනය කොහොම වෙතත් නිවැරදි සාමාන්‍ය දැනීමක් තිබීම වැදගත් දෙයක්. (නි)
යහපාලනයක් කියලා එකක් ආ දවසේ ඉඳලා නැතිකරලා තිබුණ පාතාලය එළියට විත් රිසි සේ සෙල්ලම් දානවා. (නි)
ෆොන්සේකාගේ ගම කියලා නැහැ. රටේ මේවගේ අපරාධ කොතැන හරි වෙනවා නම් ඒවා මැඩපැවැත්විය යුතුයි. දැන් දැන් රටේ මෙවැනි අපරාධ බොහෝ අහන්න ලැබෙනවා. මේවට විසඳුමක් අවශ්‍යයි. අපේ ඡන්දෙ දීලා නියෝජිතයෝ පත්කරන්නේ අරයට මෙයාට බැණ බැණ ඉන්න නම් ඒ ඡන්දෙන් වැඩක් නැහැ. මම නම් කියන්නේ දැන් අාඩපාලි කිවුවා ඇති. කියන්නේ එකට එකතුවෙලා ඉන්නවා කියලනේ. දැන් ඉතින් තවත් එකතුවෙලා රට නැංවීම සඳහා මේ අපරාධ වලට තිත තබමුද? (නි)
ෆොන්සේකා මහත්තයගෙ ගම නේද .? කවදා මේවා ඉවර වෙයිද .?(රේ)
යහ පාලනය සරණං ගච්චාමි (රේ)
රටේ නායකයෝ මේවා සතේකටවත් ගණන් නොගනී (රේ)
දෙවියනි, අම්බලන්ගොඩ ව්‍යාපාරිකයින්ට අත්වෙන්නේ මේ වගේ ඉරණමක්ද? (නි)
නිශේන්ද්‍ර, යහපාලනය මේ මිනීමැරුමට සම්බන්ධ වෙන්නේ කොහොමද? (නි)
පහුගිය වසර 2 තුළ අම්බලන්ගොඩ, චිකාගෝවක් වගේ වෙලා. (නි)
මෙතන අදහස් දමා තිබෙන සමහර අය ජීවිතේටම අහපු පළමුවෙනි මරණයද මේ? පුදුමයි ලියා තිබෙන විදිය. මහින්දගේ දකුණු අත වගේ (නි)
අවුරුදු දහයක් තිස්සේ රටේ බිහිකළ පාතාලය අද පාලනය කළනොහැකි තත්වයට පත්ව ඇත (නි)
ජාත්‍යන්තර මට්ටමට ප්‍රසිද්ධ ඇති විශිෂ්ට ගිහි-පැවිදි පඬිවරුන් හා විද්වතුන් බිහි කළ මේ උතුම් පුරවරයට මොකද මේ වෙන්න යන්නේ..?(රේ)
සහන්, අවුරුදු 10 නෙමෙයි, අපට නිදහස ලැබුන දවසේ ඉඳලා ජරාජීර්ණ දේශපාලකයෝ තමා මේ පාතාලය බිහිකළේ (නි)
බුදුන් දෙසූ දහමට අනුව කළකම් පළදෙනවා. අපි වපුරපු දෙය තමයි අපට ලැබෙන්නේ (නි)
පෙරේරා සහ සහන්ට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඒ කාලේ මේ විදියට මිනිස්සු මැරුවේ නැහැ. පාතාලයේ අය නම් මර්දනය කළා. දැන් මොනවද වෙන්නේ? හැමදාම කාටහරි වෙඩි තියලා. දැන් හැමදේම පසුගිය රජයට බැර කරලා අත හෝදගන්න එක තමා වෙන්නේ (නි)
මේවා කරලා මරණින් මතු මේ මිනිස්සු මොන ලෝකයක යන්නද? (නි)
අපේ රටේ පූර්ව ඉතිහාසයේ සිට අද දක්වා තිබෙන්නේ එකිනෙකා මරාගැනීමේ සංකල්පයයි. දේශපාලනයේදී පමණක් නොව සාමාන්‍ය ජීවිතයේදී පවා මෙවැනි දේ සිදුවුණේ මිනිස් ගුණදම් වල ඇති පිරිහීම නිසා. යුරෝපයේ ගොඩක් රටවල් මිනිස් ගුණදහම් අතින් අපිට වඩා ඉහළ මට්ටමකය ඇත්තේ. ගුණ දහම් වලින් පිරුණු මිනිසුන් අතරේ නොමිනිස්කම් වලින් පිරුණු සමහර මිනිස්සු නිසා තමයි මෙබඳු අකටයුතුකම් අපේ රටට එදා සිටම සිද්ධවන්නේ. මිහිඳු හිමියන් බුදු දහමින් රට සැරසුවත් ජාන වලින් එන ඉහත කී විකෘතිතාවය තවම පහවෙලා නැහැ. (නි)
දැන් ලංකාවේ සතියකට මිනීමැරුම් ගණනක් වෙනවා. එක්කෝ වෙඩිතියල මරලා, නැත්නම් ගිනිතියලා මරලා. (නි)
දැන් මිනිසුන්ට මේවා අහලා අහලා සාමාන්‍ය දේවල් වෙලා (නි)