භාෂා පහක් කථාකරන එක් දරු මවක (38) ගෙවල් කිහිපයක් කුලියට ගෙන ඒවායේ වටිනා භාණ්ඩ ද, පනස් දෙනකුගෙන් පමණ රුපියල් 50,000 බැගින් ද වංචා කළැයි සැකපිට ගාල්ලේදී අද අත් අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි. නම් තුනකින් පෙනී සිටි බවට කියන මෙම සුරූපිණිය දෙහිවල ගෙයක් රුපියල් 65,000 කට කුලියට ගෙන දවසකට පසු දරුවාද එහි දමා ගිය බවත් ගෙදර කෞතුක භාණ්ඩ රැසක් එහි නැති බවත් කියති. අධිකරණය ඇගේ දරුවා ළමා නිවාසයකට යොමු කළේය.
මව ස්පාඤ්ඤයේද පියා ප්‍රංශයේද සිටින බව කියන මෙම කත අතුරුගිරිය මිලේනියම් සිටි, දෙහිවල හා පන්නිපිටියේ කුලී ගෙවල්වල සිටි බවද පොලිසිය පවසයි. එතෙර රැකියා ලබාදෙන බව කියමින් ඇය 50 දෙනකුගෙන් මුදල් ලබාගෙන ඇති බවටද පොලිසියට පැමිණිලි ලැබී ඇත. ත්‍රි රෝද රථ රියදුරුගේ ඔත්තුවකින් ඇය අත් අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුවිනිටත් අලියට වගේ පුදුමම මතකයක්නි තියෙන්නේ ...!දැන් ඔය රුපලාවන්‍ය පාඩම මම කියවලා කොපමණ කාලයක්නම් ගිහිල්ලද ..? (ස)
අපි දන්නා භාෂා විශාරධ නම් ඉන්නේ පාඨක සභාවේම තමයි. අනෙක් කාන්තාවන් කවුරුත් කිසිම අධ්‍යාපන සහතිකයක් ගැන මෙතන කියවලා නැති නිසා ඒ අය නම් වෙන්න බැහැ. (නි)
සිත බන්දන නෙත රන්දන රුවින් ඇත ... භාෂා දත් මා වැනි අන් ලඳක් නැත .... කට වැරදී මා කළ ගොන්කමක් ඇත ... වෙන කුණු ගොඩක් මගේ ඔලුවට වැටී ඇත..... (නි)
බලනකොට දුව හරිම සාර්ථකයිනේ! (නි)
බලනකොට ඒකත් නරකම නැහැ. අම්මා ස්පාඤ්ඤයේ තාත්තා ප්‍රංශයේ, දුව හොරකමේ.... (නි)
භාෂා පහ කතාකරලා වෙන්න ඇති ඔය හොරකම් කරන්න ඇත්තේ. (නි)
ගොනා පිටුපස කරත්ත රෝදය ඇදෙන්නා සේ අප කරන හොඳ නරක වල ප්‍රතිපලත් අප පසු පස එනවාමයි.රූපවති මහත්මියට අපහාස කරන්න එපා.ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනෑම නැහැ.රූපවති කියන්නේ ගොඩක් ගුණවත් කෙනෙක්.අදහස් වලින් තේරෙනවනේ. (ස)
රූපවතී පහුගිය දවසක ලංකාවට ඇවිල්ල වගේ අදහස්වන දෙයක් දැම්ම නේද ?රූපවති කියන්නෙත් බොරු නමක්නේ. (ස)
රුපවති අක්ක නිතර අනුරපුර පැත්තේ අතීත උරුමය ගැන කතාකරනවා නේද ? (ස)
මෙයා වෙන කවුරුවත් නෙවෙයි. රූපවතීගෙ නෑනා වෙච්චි. (ස)
බුදු අම්මෝ ...මම ඇඳෙන් බිමට පැන්නේ මේ සද්දෙට ..! සේරමලා මගේ නම කියල කෑගහනවා...! ඔන්න මමනම් නෙවෙයි .!මගේ දෙමාපියෝ ජීවතුන් අතරත් නැහැ...!!!තමන් දන්නා ඒ භාෂා පහ ගැන තවෙකුට කියල දෙන පන්තියක් දමා ගන්න තිබුනනේ නැද්ද ..? ලංකාවේ රැල්ලට දැන් හැමෝම අහුවෙලා ..? රට දුවන පැත්තට දැන් මිනිස්සු දුවනවා ...?කුඩු අම්මන්ඩියක් වෙන්න ඇති..! (ස)
රූපවතී, ඔබ මට විස්වාසයි. (ස)
වාසය කරලා තියෙන්නෙත් බොහොම සුපිරි තැන්වල නේද? එහෙනම් අපේ සභාවේ බවලතියකට සම්බන්ධයක් තියෙනවද දන්නෙත් නැහැ (නි)
මේකට සම්බන්ධ තව කී දෙනේක්නම් ඇත්ද?(හේ)
මෙහෙමත් ලොවක්.(හේ)
සක්විති රණසිංහගේ උපදෙසකයෝද දන්නේ නැහැ මෙය පිපුපස ඉන්නේ. (ස)
ටානියගේ ගෙදරටනම් ඔන්න මම පනිනවාමයි ..භාෂා 5න්ම කතාකරනවා ටානියත් එක්ක ...? දොරකඩ තියන පොල් ගහේ ඔලුව බිමටම තියල හිට්ටවල පොල්ගහේ ගැටගහලදානවා ..? (අ)
පේනවා නේද රූපවතිගේ තරම. මට පේන්නේ ඒ නමින් ලියන රූපසිරි කෙනෙක්. (නදී)
මට මැවිලා පේනවා ටානියගේ පස්සෙන් රූපවති එලවාගෙන යන හැටි ! (ස)
අනේ ලක්මාල් ..ඔයාට පුලුවන්නම් ඔය ටානියාගේ ගෙවල් පළාත ගැන පොඩි හෝඩුවාවක් කියන්නකෝ,සියඹලා කොටුවකුයි, බෙහෙත් තුන්ඩුවකුත් මෙහෙන් ලියාගෙනම එන්න පුළුවන්....? (ස)
නවීන් ..ඒ අදහස මගෙමයි ..මම රුපවතීමයි ..!කොහෙවත් ඉන්න රුපසිරියෙක් නෙමෙයි ..අනේ..! (ස)
ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියනවනේ.ඒකයි මේ.(හේ)
භාෂාව දන්නා අය එහෙම තමයි (නි)
මෙයාගේ ඡායාරූපයකුත් දැම්මා නම් හොඳයි, අනිත් අයටත් ප්‍රවේශම් වෙන්න. (නි)
භාෂා පහක් කතා කරන්න පුළුවන් නම් හොඳ රැකියාවක් හොයා ගන්න පුළුවන් (නදී)
රුපවති අක්කගේ දෙමව්පියෝ ගොවි. මෙයාගේ ඔක්කොම පිට රට. (නදී)
දීර්ඝ කාලීනව පිටරට ඉන්න දෙමවුපියන්ගේ හුඟක් දරුවෝ මෙහෙම තමයි (නි)
මොන බස ඉගෙනගත්තත් කරුමයට බෙහෙත් නැත (නි)
මාව විශ්වාස නැද්ද කාටවත්? (නි)
මටත් අපේ රූපවති අක්කව මතක් උනා. එ්ත් මෙයා නම්, හොරකම් කරලත් තියන පම්පෝරිය බලන්නකෝ. හොරේ අහු උන ගමන් අපේ පොලිස් මහත්තුරුන් එක්ක ග්‍රීක් භාෂාවෙන් කතා කරන්න ඇති නේද? ඒ වැඩෙත් ඉතින් නරකම නැහැ. (නදී)
රුපවති නැන්දාගේ ඥාතියකු වන්නට පුළුවන්. ෂඩ් භාෂා පරමේශ්වර රූපවති මොකද කියන්නේ මේකට ? (නදී)
මේ තරම් හැකියාවක් තිබෙන කෙනෙක් මොනවද මේ කරන වැඩ? මොකද්ද මේ ජීවිතය? (නි)
අනේ අපේ රූපවතියට එහෙම කරදර කරනවා එහෙම නෙමේ ඕන් එ්කී අහිංසකයි (නදී)
මේ වගේ දේට ඇබ්බැහි උනාම වෙන මොනවත් කරන්න බැහැ (නදී)
සුරුපියක් නම් ඉතින් මුදල් හොයන්න පහසු ක්‍රම තියෙද්දී ඇයි මේ දුක් විඳින්නේ. අනේ පව්. (නදී)
ඈ.....රූපවති අක්කටත් භාෂා පහක් පුළුවන් කිව්වා නේද ? (නදී)
අනේ මේ කාන්තාව හමුවෙන්න විදියක් නැද්ද? මම හොය හොයා ඉන්නේ මේ වගේ කෙනෙක්. (නි)
අම්මෝ! මටත් අපේ රූපවති අක්කාමයි මතක්වෙන්නේ. ඉන්නෙත් යුරෝපයේනේ. (නි)
කවුද දන්නේ කාන්තාවගේ මව්පියන් දැන් පිටරට හිටියට ඉස්සර හිටියේ අනුරාධපුර පොළොන්නරු පැත්තේද කියලා. මේක නම් වහාම සොයාබලන්න ඕනෑ. (නි)
අපේ රූපවති අක්කාත් හරිම සුරූපී තමයි. මතකද එකපාරක් එයාගේ රූපලාවන්‍ය කටයුතු ගැන දීර්ඝ විස්තරයක් මේ පුවත් තීරයේ ලිව්වා. (නි)
දෙයියෝ සාක්කි ! පස් භාෂා පරමේශ්වර කෙනෙක්? මේ මොනවද සිද්ධ වෙන්නේ? (නි)
නම් තුනකින්? අනේ ඇත්තට මෙහෙමත් ගැහැණු? (නි)
දැන් ඉතින් දුවට ඉස්සරහට හොඳ සැපවත් ජීවිතයක් ගතකරන්න ලැබෙන්නෙ නැතෑ.... (නි)
"සුරූපී" කියලත් ලියැවිලා තියනවා නේද? අපේ රූපවතීත් බොහොම උනන්දුයි නේද රූපලාවන්‍ය වැඩ කටයුතු වලට. (නි)
බලනකොට අපේ රූපවතී ඉන්නේ ලංකාවේනේ! (නි)
කාන්තාව කතා කරන්නේ "තෝ ", තා " යන හෙළ බසින්ද දන්නෙ නැහැ (නි)