IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


අම්මාගෙන් තමයි අහන්න ඕන කවදද මගේ මංගල උත්සවය තියෙන්නෙ කියලා

2016-05-27-ent-114

තරුණ නළු නිළි පරපුරේ ජනප‍්‍රිය නිළියක් වන මහේෂි මදුසංඛා පසුගිය දවසක විවාහ ගිවිස ගත්තා. ජීවිතේ වෙනස් පිටුවක් පෙරලපු මහේෂි ඒ පිළිබඳවත් කලා ජීවිතේ තොරතුරු පිළිබඳවත් කතා කරන්න සැඳැල්ල අප සමග සොඳුරු පිළිසඳරක යෙදුණේ මේ විදිහට

 

2016-05-27-ent-115අම්මෝ... මහේෂිව අල්ලගන්න හරිම අමාරුයිනේ. ඇයි මෙච්චරම කාර්ය බහුල වෙලා?

මේ වයසට මහන්සි වෙලා වැඩ කරන්න එපැයි. මේ දවස් වල අලූත් ටෙලි නාට්‍ය තුනක විතර රූගත කිරීම් කරනවා. ඒ නිසා ටිකක් කාර්ය බහුලයි.

 

මේ දවස්වල තිරගත වන ”සිංහයා” චිත‍්‍රපටය එක්ක ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?

”සිංහයා” චිත‍්‍රපටය මගේ දෙවන සිනමා නිර්මාණය. රන්ජන් රාමනායකගේ පෙම්වතිය විදිහට තමයි මම රංගනයෙන් දායක වෙන්නේ. ඒ එක්කම ලැබෙන ප‍්‍රතිචාරත් ගොඩක් හොඳයි. ඇත්තටම මම පුංචි තිරයට වඩා වැඩිපුරම කැමැති සිනමාවට. නමුත් අද කාලෙත් එක්ක අධ්‍යක්ෂවරයා රංගන ශිල්පිණියට තෝරන්නේ සහ ඒක සිද්ධ වෙන්නේ හරිම අමුතු විදිහකට. මම ක්ෂේත‍්‍රයට ආවෙත් සිනමාවෙන්මයි. ඒත් කොතැනක හෝ සිදුවුන අතපසුවීමක් නිසා මාව සිනමාවෙන් ගිලිහුනා.

 

ඔබව සිනමාවෙන් ගිලිහුනේ ඇයි?

ඇත්තටම ඒ දේ සිද්ධවුණේ මම ක්ෂේත‍්‍රයට ආපු අලූත ටෙලි නාට්‍ය හතරක විතර එක දිගට වැඩ කළා. ඒ අතරතුර චිත‍්‍රපටයකට කාලය වෙන් කරගන්න ගොඩක් අසීරු වුණා. ඒ වුණාට මට කනගාටුවක් නැහැ. ටෙලි නාට්‍ය පැත්තෙන් මට හොඳ පේ‍්‍රක්ෂයෝ පිරිසක් ඉන්නවා. ඒත් මගේ රංගන ජීවිතේ මම කැමති පැත්තට යන්න බැරිවීම ගැන පුංචි දුකක් තියෙනවා. ඒ වුණත් සිනමාව වෙනුවෙන් මට ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. දැන් වෙලා තියෙන්නේ මමම අධ්‍යක්ෂණය කරලා මමම රඟපාන එක තමයි.

 

ඒ කියන්නේ චිත‍්‍රපට නිර්මාණ වලට මහේෂිට ආරාධනා ලැබෙන්නෙ නැද්ද?

ඇත්තටම පසුගිය කාලයේ නම් බාර ගත්ත වැඩක් එක්ක කාලය කළමනාකරණය කරගන්න බැරි වුණා. ඒත් මේ වසරේ ඓතිහාසික හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් ඊට දායක වෙනවා. නිර්මාණවලට ආරාධනා නම් ලැබෙනවා. ඒත් මම කලින් කිව්ව වගේ රංගන ශිල්පිණියන් තෝරන්නේ අධ්‍යක්ෂවරයා හරිම අමුතු විදිහකට.

 

අමුතු විදිහකට කිව්වේ?

ඕවා කතා කරන්න ගියොත් ගොසිප් නිර්මාණය වෙන එක විතරයි වෙන්නේ. අපි ඒ පිළිබඳව කතා නොකර ඉමු.

 

කතාවෙන් කතාව අමතක වුණානේ කොහොමද අලූත් ජීවිතේ?

අයියෝ... ඒ ගැන නම් කතා කරලා වැඩක් නැහැ. මේ දවස්වල හැමදාම ෂූටින් ෂූටින්. ගෙදර ඇත්තෙම නෑ. ඒ වුණාට පසන් මාව හොඳට තේරුම් ගත්ත කෙනෙක්.

 

පසන් ගැනත් කියමු?

ඔහු තමයි මගේ පෙම්වතා. ඇත්තටම අපේ ආදර කතාවට දැන් වසර දෙකකට විතර කිට්ටුයි. ඔහුගේ පියා පාවහන් ව්‍යාපාරිකයෙක්. ඔවුන්ට ඔැ‘‘ කියලා පාවහන් ව්‍යාපාරයක් තියෙනවා. දැනට පසන් තාත්තාගේ ව්‍යාපාර වලට උදව් කරගෙන ඉන්නවා.

 

පෙම්වතා ගැන අවුරුදු දෙකක්ම හංඟගෙන හිටියේ ඇයි?

ඇත්තටම හැංඟුවා නොවෙයි. අපිට ජීවිතේ අද වෙන්නෙ මොනවාද? හෙට වෙන්නේ මොනවාද කියලා කියන්න බැහැ. හැමදේම ලෝකෙටම හෙළි කරලා අපිට වෙන්වෙන්න වුණොත් ඒ සියල්ලටම වැරදිකාරිය වෙන්නේ මම. මොකද මම රංගන ශිල්පිණියක්. ගොසිප් නිර්මාණය වෙනවා වැඩියි. විශේෂයෙන් අද රංගන ශිල්පිණියක වැරදි කරන්න ඕනේ නැහැ කට කතා හදන්න. ලංකාවේ රංගන ශිල්පිණියෝ ලොකුවට විවාහ මංගල උත්සව අරගෙන මොකක් හරි ප‍්‍රශ්නයක් වෙලා පිරිමියාගේ වැරදි තිබුණත් ඉස්මතු කරලා මාධ්‍ය ප‍්‍රචාරය කරන්නේ රංගන ශිල්පිණියගේ වැරැුද්ද? මට හිතුනා මම එහෙම වියයුතු නැහැ කියලා. ලෝකෙටම පේන්න වෙඩින් අරන් අනිත් පැත්තට දික්කසාද වෙනවට වඩා ඔහුව ආශ‍්‍රය කරලා තේරුම් අරගෙන හොඳ අවබෝධයක් ඇතිව විවාහ විය යුතුයි කියලා මට හිතුනා.

 

ඒ කියන්නේ පසුගියදා පැවැත්වුණේ මහේෂිගේ විවාහ උත්සවයද?

අම්මෝ නැහැ. වරදවා වටහා ගන්න එපා. ඇත්තටම දෙයක් කියන්න ඕන ගොඩක් මාධ්‍ය වල දාලා තියෙන්නේ මම යුගදිවියට එළඹුණා කියලා. ඇත්තටම වුණේ දෙපැත්තේ ආශිර්වාද මැද්දේ අපි විවාහ ගිවිස ගත්තා පමණයි. මම තාම ඉන්නේ මගේ අම්මයි, තාත්තයි එක්ක. එයා ජීවත් වෙන්නේ එයාගේ අම්මයි, තාත්තයි එක්ක.

 

රංගන ජීවිතේට පේ‍්‍රමවන්තයාගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

ලොකු සහයෝගයක් ලැබෙනවා. මාව මේ වැඩවලට ගොඩක් උනන්දු කරවනවා. ලංකාවේ කලාකරුවන්ට හැදෙන කටකතා වලට මම හරි බයයි. මොකද ලංකාවේ නිළියන් කරන දේවල් එක්ක කලාව කියන දේ අගාදයට වැටිලා. එක්කෙනෙක් වරදක් කළොත් හැම කෙනෙක් දිහාම බලන්නේ වපර ඇහෙන්. වහන්න ඕන තැන් පෙන්නගෙන නටන එක නෙමෙයි කලාව කියන්නේ. කලාව ගැන මට තියෙන්නෙ ලොකු කලකිරීමක්. මෙච්චර ඉක්මනට විවාහ වෙන්න ඇත්තටම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. කටකතා වලට මං හරි බයයි. විශ්වාසය රැුකගන්න ඕන නිසා විවාහ ගිවිස ගත්තේ අම්මා තාත්තා ඇරුනට පස්සේ අපේ ජීවිතේට තවත් කෙනෙක් ලඟ ඉන්න ඕන.

 

ඒ ආදර කතාව දැනගන්න ඔයාගෙ පේ‍්‍රක්ෂයෝ කැමති ඇති.?

ආදර කතාව පස්සෙ කියන්නම්. ඔක්කොම දැන් කිව්වොත් විවාහ උත්සවේ ගත්තාට පස්සෙ කියන්න දෙයක් නැති වෙනවා.

 

වෙනත් ක්ෂේත‍්‍රයක කෙනෙක් ජීවන සහකරුවා විදියට තෝරගන්න හිතුවේ ඇයි?

මේ ලෝකෙ අංගසම්පූර්ණ මිනිස්සු නැහැ. මගෙත් අඩුපාඩු ඇති. ඔහුගේත් අඩුපාඩු ඇති. මම ඔහුව තෝරගන්න විශේෂ හේතුවක් තිබුණා. මම ආස නැහැ මට වඩා ලස්සන කෙනෙක් දැක්කම හිත වෙනස් වෙන කෙනකුට. එයා එයාගෙ තත්ත්වෙ තියාගෙන ඉන්න කෙනෙක්. ඇත්තටම මම ගොඩක් වාසනාවන්තයි පසන් වගේ පෙම්වතෙක් ලබන්න. මගේ ක්ෂේත‍්‍රයේම කෙනෙක් තෝරා නොගත්ත හේතුව තමයි රඟපානවා කියන එක සනීපෙට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේකේ දුක රංගන ශිල්පියන්ට හොඳට දැනෙනවා. උදේ ෂූටින් ගියාම සමහර දවසට ආයෙම ගෙදර එන්නෙ පහුවෙනිදා පාන්දරට. දෙදෙනාම එහෙම වුණොත්, නිදහසක් නෑ. ස්වාමියා, බිරිඳ අතර ගැටලූ ඇති වෙනවා. පුංචි පුංචි ගැටලූ මහා ලොකුවට අරගෙන විශාල ප‍්‍රශ්න ඇති වෙනවා. ඒකයි මම වෙනත් ක්ෂේත‍්‍රයක කෙනෙක් තෝරගත්තේ.

 

විවාහයෙන් පස්සෙ මහේෂි රංගනයෙන් ඉවත්වේවිද?

අපෝ නැහැ. මට පුළුවන් කල් කලාව වෙනුවෙන් වැඩ කරනවා. මගේ දක්ෂතාව තවම පේ‍්‍රක්ෂකයා වෙත දීලා නැහැ. මගෙන් තවම කවුරුත් හරියට වැඩක් අරගෙන නැහැ. රංගන ශිල්පියාගෙ ඇඟ ඇතුලේ තියෙන දක්ෂතාවය හඳුනාගන්න පුළුවන් අධ්‍යක්ෂවරු අද නැහැ. හිටියත් එක්කෙනයි, දෙන්නයි. මේ ක්ෂේත‍්‍රයට මං තවම පොඩියි. මේ ක්ෂේත‍්‍රය වෙනුවෙන් කරන්න මට තව ගොඩක් දේවල් තියෙනවා.

 

දැන් මඟුල් බෙර ගහලා මනමාලයගේ ගෙදර යන්නේ කවදාද?

ඒක දැන්ම කියන්න බැහැ. අම්මාගෙන් තමයි අහන්න ඕන කවදද මගේ මංගල උත්සවය තියෙන්නෙ කියලා. මොකද මාව මනමාලයාගේ ගෙදරට යවන්නේ කවදද කියලා තීරණය කරන්නේ අපේ අම්මා.

 

නදීශා අතුකෝරළ 

 

sandalla

 

2016-05-27-ent-117



අදහස් (0)

අම්මාගෙන් තමයි අහන්න ඕන කවදද මගේ මංගල උත්සවය තියෙන්නෙ කියලා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 977 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1698 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 602 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1667 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 877 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3656 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1892 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site