අනුරාධපුර මානික්කුලමේ කතක හා ඇගේ දියණිය කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි.
එම කතගේ සැමියා බරපතල කැපුම් තුවාල සහිතව රෝහල් ගත කර සිටියි.
ඝාතකයා කවුරුන්දැයි සොයාගෙන නැත.
අනුරාධපුර පොලීසිය පරීක්ෂණ පවත්වයි.
අනුරාධපුර මානික්කුලමේ කතක හා ඇගේ දියණිය කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි.
එම කතගේ සැමියා බරපතල කැපුම් තුවාල සහිතව රෝහල් ගත කර සිටියි.
ඝාතකයා කවුරුන්දැයි සොයාගෙන නැත.
අනුරාධපුර පොලීසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන කිසිම දෙයක් නැහැ. මේ තියෙන්නේ ''දස රාජ ධර්මය'' නැති එකයි. මේ දෙය මිනිසුන්ට තේරෙන්නේ නැති වීම ගැන පුදුම දුකක් මට තියෙන්නේ. (නි)
ප්‍රියලාල්, ඔයාගේ අදහස ඇත්තෙන්ම අප්‍රියයි. මේ දූෂිත වෙලා තියෙන අපේ රටේ එක වැරැද්දක් හෝ හදාගන්නවා නම් එයට උදව් කරන්න පුරුදු වෙන්න. දූෂණයේ, සත්ව ඝාතනයේ, මිනීමැරුමේ බර කිරන්න යන්න එපා. නිවැරදි කරගන්න උත්සාහ ගන්නවා නම් පොඩි වැරද්දත් වැරැද්දක් තමයි. (නි)
කෝ අපේ ජාතිවාදියෝ. මේකම මුස්ලිම් කෙනෙක් නම් මේ පිටුව පිරෙන්නේ ඒ අයගෙන් . හරක් මරණ එකට වඩා රටේ දුෂණය භීෂණය අපරාධ වලට විරුද්ධව හඬ නැගිය යුතුයි. (දී)
මනුස්සයෝ මරා දාන්නේ "කපා,කොටා" හරියට ගස් කපන ගානට. නීතියක් නැති රටක්ද? ප්‍රසිද්දියේ එල්ලුම් ගහේ එක්කෙනෙක් එල්ලුවනම් මොකද ? (ස)
මොකද්ද මේ වෙලා තියෙන්නේ සමාජයට (දී)
අපිට බැරිද ගව ගටනය වගේම මේ වගේ ධුෂණය නවත්තන්න (දී)
ධර්මද්වීපයට වුන කලක්.. මහා පොළොව නුහුලන අපරාද මේවා. (ස)
ඌරෝ කැකුණ තලනකොට ,හබන් කුකුලන්ට රජ මගුල්. ඔහොම යන්.. (ස)
කහවත්තෙත් අම්මයි, දුවයි. මෙහෙත් අම්මයි දුවයි?? (නි)
මෙවන් විපත් නැවත නොවේවා (දී)
මනුෂ්‍ය ගාතන වලට විරුද්ධව කාට හරි ගිනි තියා ගන්න බැරිද? (ස)
එල්ලුම් ගහ ගෙනාවනම් ඔක්කම හරි. එල්ල්ලන්න එකෙක් නැත්නම් මම එන්නම්. (ස)
මොනවාද මේ වැඩ නීතියක් නැද්ද රටේ (දී)
මිනිස් ඝාතනයට වඩා ගව ඝාතනය ප්‍රශ්නයක් බව කියන අයත් ඉන්න රටක්නේ මේක..තව මොනවද කතා? (ස)
ප්‍රියලාල් නමට ප්‍රිය වුනාට මෙලෝ රහක් නැහැ හිතන පතන විදිය නම් (නි)
මේ යන විදියට හරක් විතරක් නෙවේ මිනිස්සු මිනුසුන්වත් මරාගන කන දිනය වැඩි ඇතක නොවේ. අද දවසකට හරක් දහස් ගණනක් මරනවා වගේම මිනිස්සුත් කීයක් මරනවද කියල ගණනය කරලා වාර්තා කලොත් හොඳයි. රටම වෙලාගත් මේ වෛරය ක්‍රෝධය ඉවත් කොට මිනිසුන්ගේ හදසන්තානයට අමතන්න පුළුවන් හාමුදුරු කෙනෙකුත් හිටියොත් හොඳයි. රටට රටේ ජනතාවට සෙත් පතන්න හාමුදුරුවෝ නැතුවාට දේශපාලකයන්ට සෙත් පතන්න නම් ඕන තරම්. (ස)
ලංකාව වගේ වගේ රටක මෙවන් දේවල් අනුමත කරන්න බැහැ (දී)
වරදවා වටහා නොගන්න !! තවත් හිමි නමක් ගිනි තියාගත්තා නම් මොකද එල්ලුම් ගහ ලංකාවට නියම වේවා කියා ? මේ අපරාද අඩු කිරීමට ! ලංකාවේ දැන් තිබෙන තත්වය උඩ එක මිනීමරුවෙක්ව වත් එල්ලුම් ගහේ එල්ලිය යුතුම වෙනවා (නි)
අපේ රටට මොකද මේ වෙලා තියෙන්නේ (දී)
ගව ගාතනය වහා නැවැත්විය යුතුය.මේ මිනීමැරුම් ලොකු ප්‍රශ්න නෙමෙය්. (ස)
කට්ටියව අල්ලන්නේ නැහැ කියල කව්රුහරි ගිනි තියා ගනීද දන්නේ නැහැ නේ .මොකද මනුස්ස ජිවිතනේ ............. (ස)
රත්නායක මහත්තයෝ, ඔය ටික අපි කීදෙනෙක් දවසකට කීපාරක් කියනවද? බීරි අලින්ට වීනා ගයනවා වගෙයි. හැබැයි සමහර බීරි අලි වයන වීණාවේ තත් කඩන්නත් පෙළඹෙනවා. (ස)
කහවත්තේ කොටකෙතන ආදර්ශයට අරන්ද දන්නේ නැහැ. මොකද මිනි මැරුවත් චූදිතයා එළියේ නිසා (නි)
රත්නායක මහත්තයගේ අදහස හරියටම හරි (නි)
අපි මේවට කතා කරන්නේ නැත්තේ පත්තරවල සාමාන්‍ය දෙයක් මාසයක් සමික්ෂණයක් කරලා බලන්න එක පත්තරයක් අරන් එක දිනයක් චෙක් කරන්න. (ස)
හරකෙක් නිසා හාමුදුරුවෝ මැරුණේ ඇයි. ජාතිය මොකක් ද ? (ස)
ගව ඝාතනය වැළැක්වීමට ප්‍රථම මෙවැනි මනුෂ්‍ය ඝාතන වැළැක්විය යුතුය. (නි)
රටේ සිදුවන මිනීමැරුම් දුෂණ සදහා වගකියයුත්තන්ට දැඩි දඩුවම් දෙන්න,තරාතිරම නොබලා. ! එවිට රටේ අති බහුතරයක් වැරදි කරන්න බයවෙයි.අද ලංකාවේ මිනිසුන්ගේ මනුසකම බලන්න ඕනෑ නම් කාර්යබහුල මන්සංදියක රථවාහන පදවන හැටි බලන්න. නිතිය වල් වැදිලා.පොඩි රථවාහන අනතුරක් වුණොත් අම්ම අප්පා ට කියලා වරද කරපු මිනිහම අනිත් එක්කෙනාට සංග්‍රහ කරනවා.ඔක්කොම චන්ඩි.මෙහෙම වෙන්නේ නමට පමණක් ආගම අදහන ස්වයං හික්මීමක් නැති පුද්ගලයෝ සමාජයේ බහුල වෙනකොට.පවුල් පිටින් විනාශ කරන ඝාතකයෝ බුරුතු පිටින් ලක් සමාජයේ මතු වෙන්නේ බිය නොවීම,නීතියෙන් ගැලවීමට හැකියි සිතීම,ආවේග කළමනාකරණය පිළිබද ආගමික ඉගැන්වීම් නොපිලිපැදීම,සමාජයට අවැඩක් නොවන පරිදි තම ආර්ථික,පුද්ගල සබදතා ආදිය පවත්වාගැනීමට නොහැකි වීම වැනි දේ බහුලව බලපානවා. (නි)
මෙන්න බුදුන් වැඩිය රටේ සිදුවන දේවල්. නරකද අපේ හිමිවරුන්ට මේ සිදුවන දේට එරෙහිව සටනක් කළොත්? අපි ඔබලා සමග සිටිමි (නි)