විශාරද පණ්ඩිත් අමරදේවයන් ශ්‍රී ලාංකීය සංගීතය වෙනුවෙන් සිදු කළ මහගු සේවය අගයමින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා විසින් විශේෂ උපහාර තිළිණයක් ඔහුට පුද කළේය.
ගුවන් හමුදා වර්ණ රාත්‍රියට විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි වු විශාරද පණ්ඩිත් අමරදේවයන් පැමිණ සිටින සියළු දෙනා වෙනුවෙන් මියුරු ගිතයක්ද ගායනා කළේය.
එම අවස්ථාවේ එහි සිටි සැවොම තම අසුන් වළින් නැගිට මෙම කෘතහස්ථ ගාන්ධර්වයානන් හට අත් පොළසන් හඩින් සුභ පැතු අතර එය ඉතාමත් සංවේදී අවස්ථාවක් විය.
ඉන් අනතුරුව විශාරද පණ්ඩිත් අමරදේවයන් හට සියළු දෙනා දිර්ඝ ආයුෂ පතමින් සුභ පැතු අතර මෙම අවස්ථාව සදහා ගුවන් හමුදාධීපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක සහ රොෂාණි ගුණතික මහත්මියද, ගුවන් හමුදා මාණ්ඩළීක ප්‍රධානි එයාර් වයිෂ් මාර්ෂල් ගගන බුලත්සිංහල ඇතුළු ගුවන් හමුදා අධක්ෂක මණ්ඩළයේ නිළධාරින් ද ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගී වුහ.
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න
ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක
ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම
ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.
නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත
හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අමරදේවට ගුවන් හමුදා උපහාර
සකුනි Wednesday, 15 October 2014 08:50 AM
ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ගායුෂ ප්‍රර්ථනා කරමි.(හේ)
රූපවතී Wednesday, 15 October 2014 09:13 AM
ඔබේ මුවින් තෙපලු ඒ රිදී සීනු නාදය සදා රැව්දේ. අප දෙරණ තුල මේ දිවි කතරේ සදා ..!!!ඔබට දීර්ගායු වේවා..පියාණනි ..!!!!.(හේ)
තිලක්-ඩුබායි Tuesday, 14 October 2014 05:18 PM
ආදරණීය යුග පුරුෂයාණනි, ඔබතුමාට දීර්ඝායුෂ පතමි. (නි)
දිනේෂ් Tuesday, 14 October 2014 07:16 AM
ඉපිද මැරේ යලි ඉපිදේ නොතිර සසර සාගරේ.(හේ්)
උඩුමලගල ගමගේ Thursday, 16 October 2014 05:31 AM
උපහාරය වගේම මුදලකුත් දුන්නනම් තමයි හොඳ. මේ ශ්‍රේෂ්ඨ කළා කරුවා මුළු ජීවිතයම කැප කළේ ලාංකීය සුභාවිත ගීත කලාවක් උදෙසා. ඔහු කිසි විටකත් මුදලට ආත්මය පාවා නොදුන් ඇති විශිෂ්ඨ කළා කරුවෙක්. යුග පුරුෂයාණෙනි ඔබට ආයුබෝ වේවා ! (දිල්)
සන්ජය Tuesday, 14 October 2014 07:22 AM
අමරදේවයන්ට දිර්ඝ ආයුෂ පතමි.(හේ)
උපුල් Tuesday, 14 October 2014 07:36 AM
කෘතහස්ථ ගාන්ධර්වයානන්,ඔබට දීර්ගායු වේවා.(හේ)
නයනකාන්ත Tuesday, 14 October 2014 07:43 AM
අමරදේවයන්ට දිර්ඝ ආයුෂ පතමි.(හේ)
චමින්ද Tuesday, 14 October 2014 07:47 AM
අමරදේවයන්ට දිර්ඝ ආයුෂ පතන ගමන් හමුදාපතිතුමනි ඔබටද ස්තුති පුද කරමි.(හේ)
ජයා Tuesday, 14 October 2014 08:43 AM
සුවහසක් සිත් සුව පත් කල ඔබට, තවත් දිගු කාලයක් අප වෙනුවෙන් ගී ගයන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛරය නිදුක් නිරෝගී සුවය සමඟ දිර්ගායු පතමි.(හේ)
සෙනෙවි Tuesday, 14 October 2014 09:29 AM
ඉතා දුර්ලභ අවස්ථාවක්. ඔබට තුනුරුවන් සරණයි.(හේ)
අජිත් Tuesday, 14 October 2014 09:56 AM
ආදරණීය යුග පුරුෂයණනි ,ඔබතුමාට දීර්ඝායුෂ පතමි.(හේ)
සේනානායක Tuesday, 14 October 2014 10:23 AM
පින් කෙත හෙළ ගී අඹරේ දිගුකල් ඉන්නට හේතු වාසනා වේවා! හේතු වාසනා...... (නි)
කුමාර් Tuesday, 14 October 2014 10:39 AM
අමරදේවයන්ගේ වටිනාකම මුළු ලොවටම කියා නිමකළ නොහැක. (නි)
සත්‍යපාල Tuesday, 14 October 2014 10:48 AM
හොද රසාස්වාදයක් තිබෙන පුද්ගලයෙකු ගුවන් හමුදාවේ නායකත්වයට පත්වී තිබීම ගැන සතුටට කාරණයක් !ගුවන් හමුදාපතිතුමනි ඔබට මගේ ගෞරවනීය ආචාරය,හෙළයේ මහා සංගීත වේදියා වන අචාර්ය පණ්ඩිත අමරදෙවයාණෙනි ඔබතුමා ගැන පැසසීමට අපි සුදුස්සෝ නොවෙමු,ඔබතුමන්ට නිදුක් නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරමු. (හේ)
ක්‍රිශාන්ත Tuesday, 14 October 2014 12:13 PM
රසික හදවත් තවතවත් සනසාලන්නට ඔබතුමාට දිගාසිරි වේවා ! (නි)
පද්මිණි Tuesday, 14 October 2014 12:48 PM
අපේ ජීවිතය ඔබේ ගීතයම විය. තුරුණු වියේ අප පෙම් කලේ, සරසවියේ ප නැගුවේ, දෙමාපියන් වී දරුවන් නැලේව්වේ, ගුරු දෙගුරු වියෝවෙහිදී කදුළු විලක පාව ගියෙත්, ත් ඔබේ ගිතයෙන්මය. අපේ පිනට පහල වූ ඝන්ධර්වයනෙනි, , ඔබේ දෙපා සිබිමින් ඔබට නිරෝගී දිවියක් පතන්නෙමි.(හේ)