විශාරද පණ්ඩිත් අමරදේවයන් ශ්‍රී ලාංකීය සංගීතය වෙනුවෙන් සිදු කළ මහගු සේවය අගයමින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා විසින් විශේෂ උපහාර තිළිණයක් ඔහුට පුද කළේය.
ගුවන් හමුදා වර්ණ රාත්‍රියට විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි වු විශාරද පණ්ඩිත් අමරදේවයන් පැමිණ සිටින සියළු දෙනා වෙනුවෙන් මියුරු ගිතයක්ද ගායනා කළේය.
එම අවස්ථාවේ එහි සිටි සැවොම තම අසුන් වළින් නැගිට මෙම කෘතහස්ථ ගාන්ධර්වයානන් හට අත් පොළසන් හඩින් සුභ පැතු අතර එය ඉතාමත් සංවේදී අවස්ථාවක් විය.
ඉන් අනතුරුව විශාරද පණ්ඩිත් අමරදේවයන් හට සියළු දෙනා දිර්ඝ ආයුෂ පතමින් සුභ පැතු අතර මෙම අවස්ථාව සදහා ගුවන් හමුදාධීපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක සහ රොෂාණි ගුණතික මහත්මියද, ගුවන් හමුදා මාණ්ඩළීක ප්‍රධානි එයාර් වයිෂ් මාර්ෂල් ගගන බුලත්සිංහල ඇතුළු ගුවන් හමුදා අධක්ෂක මණ්ඩළයේ නිළධාරින් ද ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගී වුහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින් කෙත හෙළ ගී අඹරේ දිගුකල් ඉන්නට හේතු වාසනා වේවා! හේතු වාසනා...... (නි)
උපහාරය වගේම මුදලකුත් දුන්නනම් තමයි හොඳ. මේ ශ්‍රේෂ්ඨ කළා කරුවා මුළු ජීවිතයම කැප කළේ ලාංකීය සුභාවිත ගීත කලාවක් උදෙසා. ඔහු කිසි විටකත් මුදලට ආත්මය පාවා නොදුන් ඇති විශිෂ්ඨ කළා කරුවෙක්. යුග පුරුෂයාණෙනි ඔබට ආයුබෝ වේවා ! (දිල්)
ඔබේ මුවින් තෙපලු ඒ රිදී සීනු නාදය සදා රැව්දේ. අප දෙරණ තුල මේ දිවි කතරේ සදා ..!!!ඔබට දීර්ගායු වේවා..පියාණනි ..!!!!.(හේ)
ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ගායුෂ ප්‍රර්ථනා කරමි.(හේ)
ආදරණීය යුග පුරුෂයාණනි, ඔබතුමාට දීර්ඝායුෂ පතමි. (නි)
අපේ ජීවිතය ඔබේ ගීතයම විය. තුරුණු වියේ අප පෙම් කලේ, සරසවියේ ප නැගුවේ, දෙමාපියන් වී දරුවන් නැලේව්වේ, ගුරු දෙගුරු වියෝවෙහිදී කදුළු විලක පාව ගියෙත්, ත් ඔබේ ගිතයෙන්මය. අපේ පිනට පහල වූ ඝන්ධර්වයනෙනි, , ඔබේ දෙපා සිබිමින් ඔබට නිරෝගී දිවියක් පතන්නෙමි.(හේ)
රසික හදවත් තවතවත් සනසාලන්නට ඔබතුමාට දිගාසිරි වේවා ! (නි)
හොද රසාස්වාදයක් තිබෙන පුද්ගලයෙකු ගුවන් හමුදාවේ නායකත්වයට පත්වී තිබීම ගැන සතුටට කාරණයක් !ගුවන් හමුදාපතිතුමනි ඔබට මගේ ගෞරවනීය ආචාරය,හෙළයේ මහා සංගීත වේදියා වන අචාර්ය පණ්ඩිත අමරදෙවයාණෙනි ඔබතුමා ගැන පැසසීමට අපි සුදුස්සෝ නොවෙමු,ඔබතුමන්ට නිදුක් නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරමු. (හේ)
අමරදේවයන්ගේ වටිනාකම මුළු ලොවටම කියා නිමකළ නොහැක. (නි)
ඉපිද මැරේ යලි ඉපිදේ නොතිර සසර සාගරේ.(හේ්)
ආදරණීය යුග පුරුෂයණනි ,ඔබතුමාට දීර්ඝායුෂ පතමි.(හේ)
ඉතා දුර්ලභ අවස්ථාවක්. ඔබට තුනුරුවන් සරණයි.(හේ)
සුවහසක් සිත් සුව පත් කල ඔබට, තවත් දිගු කාලයක් අප වෙනුවෙන් ගී ගයන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛරය නිදුක් නිරෝගී සුවය සමඟ දිර්ගායු පතමි.(හේ)
අමරදේවයන්ට දිර්ඝ ආයුෂ පතන ගමන් හමුදාපතිතුමනි ඔබටද ස්තුති පුද කරමි.(හේ)
අමරදේවයන්ට දිර්ඝ ආයුෂ පතමි.(හේ)
කෘතහස්ථ ගාන්ධර්වයානන්,ඔබට දීර්ගායු වේවා.(හේ)
අමරදේවයන්ට දිර්ඝ ආයුෂ පතමි.(හේ)