IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


අමරපුරයේ ‘ශාඛ්‍යා’...

ප‍්‍රවීණ නිර්මාණවේදී බර්ට‍්‍රම් නිහාල් අධ්‍යක්‍ෂණය කළ ‘අමරපුරය’ ටෙලි නිර්මාණය මේ දිනවල ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ. මෙහි චාල්ස් බලවර්ධන නම් වූ චරිතයේ දියණිය වන ශාඛ්‍යා ලෙස රංගනයේ යෙදෙන්නේ බර්නඩෙත් නිලන්ති ඩයස් කරුණානායක හෙවත් නර්තනයට, රංගනයට දක්‍ෂ නිලන්ති ඩයස් ලෙස ඔබ හඳුනන ශිල්පිනියයි. අද අපේ කතාබහ ඇය සමගයි. චාල්ස් බලවර්ධනගෙ දුව කවුද මේ? බර්ට‍්‍රම් නිහාල් මහතාගේ ‘අමරපුරය’  නාට්‍යයේ ශාඛ්‍යා. මේ චරිතය ලැබීම ගැන හිතෙන විදිය? එවැනි ඉතාම නිර්මාණශීලී කලාකරුවකුගේ නිර්මාණයකට දායක වෙන්න ලැබීම ඉතාම වාසනාවක්. ඒ නිසා ලොකු පළපුරුද්දක් ලබාගන්න පුළුවන් වුණා. මෙය අවුරුදු තුනකට විතර පෙරදී රූගත කළ නාට්‍යයක්. අද ඔබට එය දැනෙන විදිය? මම හිතන්නෙ එය අදට පුදුම විදියට දැනෙන කතාවක්. අදට වඩාත් ගැලපෙනවා. කොහොමටත් දැන් දැන් හොඳ නාට්‍ය ආයෙත් බිහිවෙන්න පටන්ගෙන. අද සිදුවන සමාජ සිදුවීම් දිහා බලද්දි මෙය පරණ එකක් විදියට පෙනෙන්නෙ නැහැ. බොහෝදෙනා ඔබ ගැන මැනගෙන හිටියෙ හොඳට නටන්න පුළුවන් එනම් නර්තනයට දක්‍ෂ කෙනෙක් විදියටයි. එහෙම නේද? මේ නාට්‍යයේ චරිතය වෙනස්. හැබැයි බොහෝදෙනා මාව දැනගෙන හිටියෙ චිත‍්‍රපට නිසයි. චිත‍්‍රපට වලදි වෙනස් චරිත රඟපාන්න ලැබුණා. ‘ආදර මීනා’ චිත‍්‍රපටයේ රඟපෑ දමිළ චරිතයට මම ගොඩාක් ආසයි. ඕනෑම චරිතයක් රඟපාන්න කැමතිද? එහෙමමත් නැහැ. පිටපත අනුව ලැබෙන චරිතය වෙතින් යමක් කිරීමේ අවකාශය වැඩි නම් මම ඒ චරිතයට කැමති වේවි. වැඩිපුර කැමති රඟපාන්නද? නටන්නද? ඇත්තටම මම කැමති නර්තනයට. මොකද බොහෝදෙනා මට කියන්නෙ අපි ඔයා හඳුනාගත්තේ නර්තනය නිසා කියලයි. මුලින්ම ඒ විදියට ඔබ හඳුනාගත්තෙ ‘පිටිකොටපන් නෝනේ’ ගීතයට නටපු නිසා නේද? දැන් ඒ යාළුවො මොනවද කරන්නෙ? අපි ඔක්කෝම විවාහ වෙලා. අනෙක් අය අද නර්තනයට දායක වෙන්නෙ නැහැ. මුලින්ම එදා හිටියෙ දුආශා අක්කා, ලීනා අක්කා සහ ඉන්දු. ඊට පස්සෙ රොෂානි. ඒ විදියට කාලයෙන් කාලයට වෙනස් වුණා. ඒ යාළුකම අද තියෙනවද? ඉඩක් ලැබුණොත් කතා කරනවා. ඉඳ හිට හමුවන අවස්ථාත් තියෙනවා. කොහොමද ඔබගේ ජීවිතය? හොඳින් සහ සුන්දරත්වයෙන් ගෙවෙනවා. රඟපෑම හැර ඔබ වෙනත් වෘත්තියක් කරනවද? නැහැ. වෙනත් වෘත්තියක් කරන්නෙ නැහැ. රඟපෑමම තමයි. ඊට අමතරව නර්තන ප‍්‍රසංග බාරගෙන කරනවා. ඔබ වඩා කැමති? කලා අංශයේ මේ කටයුතුවලට දායක වෙන්න. ‘නිලන්ති’ කියලා මගේම නර්තන කණ්ඩායමක් තියෙනවා. ඉල්ලීම් අනුව අපි ප‍්‍රසංගවලට ඉදිරිපත් වෙනවා. සමහර වෙලාවට එය කණ්ඩායමක්ම නෙවෙයි. මම තනිව ප‍්‍රසංග කරන අවස්ථාත් තියෙනවා. අද නර්තනයට පැමිණ සිටින පිරිස බොහෝමයි. රංගනයට පැමිණ සිටින පිරිසත් එහෙමයි. ඒ ගැන හිතන්නෙ කොහොමද? ගොඩාක් රියලිටි ෂෝ තියෙනවා. ඒවා නිසා ගමේ දක්‍ෂතා තියෙන අයට ලොකු අතදීමක් වෙනවා. ඒ අවස්ථා ලැබීම හොඳයි. ඒ අලූත් අයට ක්‍ෂේත‍්‍රය ගැන වැටහීමක් හෝ ගරුසරු බවක් තිබෙනවා කියලා හිතනවාද? සමහර අයහපත් දේ අහන්න දකින්න ලැබෙනවා. ඇත්තටම අපි නම් ක්‍ෂේත‍්‍රයට ආ දවසේ ඉඳලම හැමෝටම ගරුසරු ඇතිව තමයි කටයුතු කරන්නෙ. ඒ ගරුත්වය තිබිය යුතුම දෙයක්. ඔබ යම්කිසි දුරක් ආවා නම් ඊට ප‍්‍රධානව මුල් වූ ගුණාංග ලෙස දකින්නෙ? දක්‍ෂතාව අනිවාර්යෙන්ම තිබිය යුතු දෙයක්. ඒ වගේම අපි වඩාත් නිහතමානී වෙන්න  ඕන. අනෙක් අයට ගරුකරන්න  ඕන. නමුත් සමහර විට සමහර අයගෙන් දකින්න නැති දෙයත් ඔය කියන ගරුසරුකමයි. විශේෂයෙන්ම නවකයන්ට මේ ක්‍ෂේත‍්‍රය ගැන අවබෝධයක් වගේම ගරුත්වයක් තිබිය යුතුමයි. නිලන්ති ඔබ කොහොම කෙනෙක්ද? මම මා ගැන වර්ණනා කරගන්න කැමති නැහැ. අනෙක් අය දකින විදිය අනුව තීරණය කිරීම තමයි හොඳ. මම හොඳ පුරවැසියෙක් බව සමාජයෙන් ලැබෙන ප‍්‍රතිචාර මත මට තේරෙනවා. ජීවිතේ අභිමානයෙන් සහ සතුටින් ගෙවන්න එය ප‍්‍රමාණවත්.

සටහන/ඡායාරූප සඳුන් ගමගේ



අදහස් (0)

අමරපුරයේ ‘ශාඛ්‍යා’...

නිත්‍යා Wednesday, 09 January 2013 10:37 AM

ඔබේ දිවි ගමනට අපේ සුබ පැතුම් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ළමා නිවාසයක දැරියන් දෙන්නෙක් පැනගිහින්
2024 සැප්තැම්බර් මස 20 317 0

මොනරාගල ළමා නිවාසයක දැරියන් දෙදෙනෙකු ළමා නිවාසයෙන් පැනගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.


ඡන්දෙට සියල්ල සූදානම්
2024 සැප්තැම්බර් මස 20 436 0

2024 ජනාධිපතිවරණය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.


මිදිගම ඝාතනයට දෙකක් සැකපිට
2024 සැප්තැම්බර් මස 20 620 0

මිදිගම ගොවියාපාන පාලම අසල දි පුද්ගලයකුට වෙඩි තබා මාළු ව්‍යාපාරිකයකු ඝාතනය කළ බව කියන වෙඩික්කරුවන් දෙදෙනා මිදිගම අහංගම ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අ


වාර්තාවක් දෙන්න අල්ලස් ගත් සැරයන් මාට්ටු
2024 සැප්තැම්බර් මස 20 334 0

පොලිස් වාර්තාවක් ලබාදීම සඳහා රුපියල් 5000ක අල්ලසක් ගත් බව කියන පොතුහැර පොලිසියේ සැරයන් වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විස


බැසිල් රටින් පිටව යයි
2024 සැප්තැම්බර් මස 20 4544 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ , හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළ


දෙහිවල වෙඩි තැබීමකින් සෞඛ්‍ය කම්කරුවා මරුට
2024 සැප්තැම්බර් මස 20 1384 0

දෙහිවල ගල්කිස්ස නගර සභා සෞඛ්‍ය කම්කරුවකුට දෙහිවල කඩවත පාරේ දී වෙඩි තබා ඝාතනය කර ඇතැයි දෙහිවල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 83 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 83 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 137 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site