IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


අඹ ,පේර වැල් එයි

(අංජුල මහික වීරරත්න)

 අඹ ගස් හා පේර ගස් වෙනුවට අඹ වැල් හා පේර වැල්වල ඵල හටගන්නා නව කෘෂි තාක්ෂණය අධි ඝනත්ව වගා ක්‍රමය ප්‍රථම වරට  මෙරටට හඳුන්වා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය පියවර ගෙන තිබේ.

මේ වනවිට මෙම නව කෘෂි තාක්ෂණය දඹුල්ල වෑවල ප්‍රදේශයේ පිහිටා ඇති කෘෂිකාර්මික උද්‍යානයේ  ( A Park- Agricultural park) සාර්ථක වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ගොවීන්  විශාල පිරිසක් දැනට මෙම තාක්ෂණය උපයෝගී කර ගනිමින් අඹ හා පේර වගාව ආරම්භ කර තිබේ.

 අඹ හා පේර ගස් වෙනුවට ඒවා වැලක් වශයෙන් පවත්වාගෙන යාම සහ කප්පාදු සිදු කිරීම මෙම  තාක්ෂණයයි. අඩු බිම් කොටසක වැඩිම පැළ ප්‍රමාණයක් රෝපණය කිරීම මෙහි අරමුණයි.

සාම්ප්‍රදායික අඹ හා පේර වගාවේ අක්කරයකට අඹ පැළ 84ක් හා පේර පැළ 120ක් රෝපණය කළ ද මෙම වගා ක්‍රමය තුළ අක්කරයකට අඹ පැළ 560ක් හා පේරපැළ 1120ක් රෝපණය කළ හැකි බව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය පවසයි.



අදහස් (11)

අඹ ,පේර වැල් එයි

Lalla Tuesday, 08 August 2023 11:37 AM

පැල ගන්න තියෙන ස්ථානය දමන්න

:       0       23

පැරකුම්Tuesday, 08 August 2023 12:13 PM

Lalla: මට තේරුන විදියට නම් සාමාන්‍ය පැල කප්පාදුකර හීන් දිග ගහක් හැටියට වවන ක්‍රමයක්. වැඩි ඝනත්වයකින් වගා කර වැල් මෙන් දිගට යන වගාවක් සාදාගත හැකි වෙනවාලු.

:       0       14

nimalTuesday, 08 August 2023 05:40 PM

සාම්ප්‍රදායික අඹ හා පේර වගාවේ අක්කරයකට අඹ පැළ 84ක් හා පේර පැළ 120ක් රෝපණය කලද ඒ සදහා අනවශ්‍ය කාලයක් කිරීමට නැත. ජලය සහ පොහොර කුදකලයේදී සැපයීම කළයුතුව ඇත. සාම්ප්‍රදායික අඹ හා පේර වගාවෙ දී ගසට වෙනත් ආධාරයක් නොමැතිව ගස කෙලින් සිටි.කොපමණ පලදාව තිබුනද එම ගසට සොබ්දහම මගින් සියල්ල( ගෙඩි / පලදාව )රදවා ගැනීමේ සක්තිය ලබාදී ඇත. එම ගස් විශාල වූ පසු එක ගසකින් විශ්ල අස්වැන්නක් ලැබේ. සාම්ප්‍රදායික අඹ හා පේර වගාවේ අක්කරයකට අඹ පැළ 84ක් හා පේර පැළ 120ක් රෝපණය වෙනුවට මෙම වගා ක්‍රමය තුළ අක්කරයකට අඹ පැළ 560ක් හා පේරපැළ 1120ක් රෝපණය කළ හැකි බව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය පවසයි. එය සත්‍ය වන්නට පුළුවන. අඹ පැළ 84ක් හා පේර පැළ 120ක් රෝපණය කර ලබාගන්න පලදාව ලබාගැනීමට අඹ පැළ 560ක් හා පේරපැළ 1120ක් රෝපණය කිරීම සදහා යන්නාවූ ඉඩම් ප්‍රමාණය, වැයවන පොහොර, ජලය, අඹ හා පේර වැල් නඩත්තුව සදහා ගතවන කාලය පිලිබදව සැලකීමේදී මෙවැනි වියප්රුතු පිලිබදව නැවත සැකකා බැලීම වැදගත්. සත්‍ය වශයෙන්ම මෙවැනි වැල් වගාව සදහා වෙනත් වියදම් දැරීමට සිදුවීම, ගෙඩි විශාල ප්‍රමාණයක් නොලැබීම, අඹ හා පේර වැල් වෙනත් වැල් වර්ග දබල, බෝංචි මෙන් නොවේ.

:       1       3

පැරකුම් Tuesday, 08 August 2023 01:05 PM

එක අඹ ගහකින් ලැබෙන පලදාව ගන්න අඹ වැල් කීයක් ඕනද ? ඒ සදහා යන බිම් ප්‍රමාණය කොපමනද ? කෘෂිකර්මයෙන් පිලිතුරක් දෙන්න.

:       0       11

Akila Tuesday, 08 August 2023 01:12 PM

අඹ වලට නම් මේක වටිනවා

:       0       3

Ruwan Tuesday, 08 August 2023 01:55 PM

ඇත්ත..ඒත් මේ ප්‍රවෘත්තිය වාර්ථා කරල තියෙන්නෙ මේ පැල නිකන් මෑ වැල් හැදෙනවා වගේ හැගවෙන විදියට..

:       0       9

කිරිපුතා Tuesday, 08 August 2023 02:34 PM

ජාන විකෘතියක් නොවෙයි නම් කමක් නෑ. ජාන විකෘතියක් නම් අනාගත පරපුරම ලෙඩ කරන දෙයක් විය හැකියි.

:       2       16

ජනිත්Tuesday, 08 August 2023 03:16 PM

එකඟයි

:       4       2

කල්පනී Tuesday, 08 August 2023 05:07 PM

අතීතයේ කියමනක් තියෙනවා කාලෙකදී තුත්තිරි ගහත් ගහක් වෙනවා කියලා .ඉතින් ඵලදාව සදහා කුරුගස් හා වැල් හැදුවම ගන්න පුළුවන් වෙන්නෙ ඵලදාව පමණයි. අපි ගේක උලුවස්ස ජනේලය කොස් ලී වලින් හැදුවා .ඒත් දැන් කොස්ගස් සොයන්න බැහැ .අලුතින් සිටුවන්නෙ ගෙඩි සදහා පමණයි. ඉදුරුවේ ආචාරියා එකක් කඩතොලු වසන්නට ගොස් දෙකක් කඩතොලු හදාගත්තා කියලා කියනවා නේද. කොහොම වුනත් මෙහෙම වවන පළතුරු පෝෂණය අතින් කොහොමද දන්නෙ නැහැ නේද

:       1       2

jayakody Tuesday, 08 August 2023 11:08 PM

අපේ රටේ නැති දෙවල් ඇති කරන්න ගිහින් රටට කරලා තියන දේ හොඳටම ඇති හිඟ‍ෙ කන රටක් වෙලා රටේ නිදහසේ වැවේන ගස් ටිකත් වනසන්න හදන්නේ... ලෝකයේම ඉන්න කෘමී සතුන් ලංකාවට බෝකර සතුන් මැරෙන්න රසායනික බෙහෙත් විකුණාගන්න තමයි හදන්නේ...?

:       1       4

Shashika Sunday, 27 August 2023 02:34 PM

ස්වභාවික, සම්පතක් නම් වටිනවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් ඉල්ලා අස් වෙයි
2024 ඔක්තෝබර් මස 15 29 0

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වීම කැබිනට් මණ්ඩලය විසින් පිළිගෙන තිබෙි.


ත්‍රිරෝද රියදුරු පුංචි ලෝකාන්තයට දැමීමේ සිද්ධියට තවත් අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 15 51 0

හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකුට මඩොල්සිම දී පහරදී ඝාතනය කර සිරුර මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයකට විසිකර දැමීමේ සිද්ධිය ස


වැස්සෙන් පවුල් 39,522ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 15 59 0

දිවයින පුරා පවතින අධික වැසි තත්වය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් පවුල් 39,522 කට අයත් පුද්ගලයින් 1,54,782 කු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණකරණ මධ්‍යස්ථාන


හරිත කන්දේ කඳවුරු බඳින්න ගිය සරසවි සිසුන්ට බඹරු අනී
2024 ඔක්තෝබර් මස 15 170 0

බෝපත්තලාව හරිත කන්දේ කදවුරු බැදිමට ගිය රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට අද (15) දින එල්ල වු බඹර ප්‍රහාරයකින් සිසුන් හයදෙනෙකු තුවාල ලබා බගවන්තලාව


රනිල් බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක් කරයි
2024 ඔක්තෝබර් මස 15 839 0

හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (17) විශේෂ ප්‍රකාශයක් කරනු ලබයි.


දේශීය වෛද්‍ය සැපයුම් මිලදී ගන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 15 283 0

දේශීය නිෂ්පාදකයින්ගෙන් වෛද්‍ය සැපයීම් මිලදී ගැනීමේ ගිවිසුම් වලට එළඹීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 451 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 462 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1445 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site