අඹන්පොළ ගැටවදී අද දහවල් සිදු වූ අනතුරකින් එක් අයකු මියගොස් හය දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
කැබ් රියක්, යතුරු පැදියක් හා කුඩා ලොරියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. මියගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන්ගත් ටෙලිකොම් සේවකයකු බව පොලිසිය සඳහන් කරයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම කණගාටුදායක ආරංචියක් (නි)
කැබ් එකේ වගේ වැරැද්ද. බයික් එක බට්ටගෙ පස්සෙන් යන්න ඇත්තෙ. (නදී)
දැන් ඉතින් අපේ ලොක්කා මෝටර් සයිකල් 100000ත් දුන්නානේ තව ඉස්සරහට බලා ගන්න පුලුවන් ....(අ)
මිය ගියේ මගේ ඥාතියෙක්. කැබ් එකේ රියදුරුට නින්ද යාම නිසසි අනතුර සිදු උනේ. මෝටර් බසිකල් පදින අය පරිස්සම් වුණත් වැඩක් නැහැ අනිත් රියදුරන් අපරික්ෂාකාරිව පදවනවානම්. (අ)
මෝටර් බයිසිකල් පදින අයත් දැනගන්න ඕනේ දෙයක් තමයි ඒක රෝද 2 වාහනයක් කියන එක. බයිසිකල් වල යන අය තමයි ගොඩක්ම පරිස්සමෙන් යන්න ඕනේ (නදී)
බන්දුලගේ කතාව හරියටම හරි. වෙනස තියෙන්නේ ඔය ඉන්දියක් කසිකබල් ලාබෙට අපේ රටට ගෙන්න ගන්න එක. ඉස්සර ඔයිට වැඩිය බර පටවා ගත් වාහන සවුත්තු පාරවල්වල ගියාද ? එහෙත් මේ වගේ අනතුරු වෙන්නේ නැහැ. ඉස්සර බර වාහන රියදුරන්ගේ හික්මීමක් තිබුනා. (නදී)
ලංකාවේ රියදුරු අසුනේ හිඳ ගන්නා බෝහෝ දෙනෙක් වාහන පදවන්නේ ම්ලේච්ච විදියට. බස්, ලොරි, බට්ටට, තුන් රෝදයට,යතුරු පැදියට, හා අති සුපිරි වාහන වලටත් ඇත්ත එයයි. දේශපාලන හයිය හා උණ තියෙන අයත් ඉතාම පහත් විදියට තමයි වාහන පදවන්නේ. (නදී)
සමහර විට කැබ් රියදුරාගේ වේගය වැඩි ඇති. ඕවර්ටේක් කරන්න ගිහිල්ල වෙච්ච දෙයක් වගේ. (නදී)
නිකන් හොයන්නේ බලන්නේ නැතුව ඉන්දියන් වාහන වලට බනින්න එපා, ලංකාවේ ප්‍රවාහන අවශ්‍යතාවයෙන් වැඩිකොටසක් ඉෂ්ට වෙන්නේ ඉන්දියන් වාහන වලට පින්සිද්ද වෙන්න (නදී)
මේ බට්ටෝත් දැන් හරියට අර රත්නපුරේ බට්ටි වගේ. ත්‍රි වීල් වලට හා මේ බට්ටන්ට වෙනම වේග සීමාවන් හදුන්වා දෙන්න ඕනා (නදී)
යතුරුපැදි වල යනවා කියන්නේ මරුවා සමඟ වාසේ වාගේ දෙයක්. කවුරු වැරදිද කවුරු හරිද කියන්න අමාරුයි. බහුතරය මාර්ග නීති පිළිපදින්නේ නැහැ. ප්‍රධාන හේතුව එයයි (නි)
මමත් මානගේ සමඟ එකඟයි (නි)
මෙතන කැබ් රියදුරාගේ වගෙයි නේද වැරැද්ද? (නි)
මෙතන බට්ටාට දොස් කිව්වට පින්තූර වල හැටියට කැබ් එකේ වැරැද්ද තමයි පෙනෙන්නේ. යතුරුපැදිය බේරන්න ගිහින් වෙච්ච දෙයක්ද දන්නේ නැහැ. (නි)
දිනෙන් දිනම අසන්නට සිදුවෙන මෙවන් පුවත් ගණන දැන් එන්න එන්නම වැඩිවෙනවා (නි)
ත්‍රීරෝද නැති ලංකාවක් ගැන ඇස්දෙක පියාගෙන හිතන්න. ඔබට සිතෙයි ඔබ ඉන්නේ දිව්‍ය ලෝකේ කියලා. (නි)
ඇත්තටම මේ බට්ටෝ කිසිම මාර්ග නීතියකට ගරුකරන්නේ නැහැ. අද වෙනකොට රටේ මාර්ග නීති ආචාරධර්ම අගාධයටම ගිහිල්ලා. රටේ නීතිය හරියට ක්‍රියාත්මක වුණා නම් ඔහොම වෙන්නේ නැහැ. බයිසිකල් වලට සීට් බෙල්ට් පවා හඳුන්වා දුන්නනේ අපේ රටේ (නි)