IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අයියයි මල්ලියි පැලේ ඉඳන් උගනිති

නාවුල කඩවත ඇලගමුව මහා විදුහලේ ඉගනුම ලබන අයියයි මල්ලියි තනිවම කුඩා පැල්පතක ජිවත් වෙති.  

චාමර අජිත් කුමාර 13 වැනි වසරේ උසස් පෙළ විභාගයට සූදානම් වෙයි.

චමල් අරුණ   සාමාන්‍ය පෙළ විභාගයට මෙවර ලියන්නට උගෙන ගනී. මේ දරුවා ඉපදී දින 15ක් ගත වෙද්දී සිය මව මිය ගියාය. පසුව මිත්තනිය ළග හැදුණු මේ දරුවන් දෙදෙනාගේ පියාද වෙනත් ප්‍රදේශයක ජිවත් වෙයි.  මිත්තනිය අංශ බාග රෝගයකට ගොදුරු වී සිටින්නීය.

  ඉගෙනීමට ආශාව ඇති නිසා මේ දෙදෙනා පාසල අසල  කුඩා නිවසක ජීවත් වෙති.  නිවාඩු දිනවල කුලී වැඩක් කරති.

මෙම ළමයින්ට කතාකරන්න 0778423122, විදුහල් පති - 0770867636, කාංචන 0773416157

DSC03959 DSC03960 DSC03962 DSC03965 DSC03968

(විදුහල්පති)



අදහස් (0)

අයියයි මල්ලියි පැලේ ඉඳන් උගනිති

අමිල Friday, 12 September 2014 09:22 AM

ආඩම්බරකාර තාත්තලට මේවා පෙන්නේ නැද්ද දන්නේ නෑ. මම රුපියල් 35,000/ ක මාසික පඩියක් ගන්න කෙනෙක් ඒ වුණත් පුලුවන් විදියට මේ සහෝදරයෝ දෙන්නට උදවුවක් කරනවා. (අ)

:       0       0

රූපවතී Sunday, 14 September 2014 10:41 PM

අනේ! මේ දරුවන්ට අපි හැමෝම එකතුවෙලා ඉන්න කාමරයක් හදලා දෙන්න උදව් වෙමු. හැකියාවක් ඇත්නම් ලංකාදීපය එසැණ පාඨක ගිණුමක් ආරම්භ කරන්න (නි)

:       0       0

ධම්මිකා Friday, 12 September 2014 09:27 AM

මම කැමති උදව්වක් කරන්න..! (අ)

:       0       0

මංජුල Friday, 12 September 2014 09:49 AM

මේ දරුවන්ට උදවු කරන විදිහක් කියන්න..... (නි)

:       0       0

විජේසිංහ Friday, 12 September 2014 10:18 AM

ඔය දරුවෝ දෙදෙනාට නම් වරදින්නෙ නැහැ කවදාවත්, වරද්දන්නත් බැහැ. හිත ඇත්නම් පත කුඩාද (නි)

:       0       0

ග්‍රාම්‍යා Monday, 15 September 2014 02:02 AM

කියනවට වඩා පෙනෙනවට වඩා තවත් යමක් මෙතන තියනවා වගේ (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Friday, 12 September 2014 10:41 AM

ඔය පාසලේ ගුරු දෙගුරු සමිතිය,ගමේ සුභසාධක සමිතිය.විහාරස්ථ දායක සභාව,ගමේ ප්‍රභූන් ,ප්‍රාදේශීය සභාව ,පළාත් සභාව,කොට්ඨාශය නියෝජනය කරන මන්ත්‍රී,ඇමතිවරු දැන් දොස් කියයි ඇයි අපිව මේ දරුවන් දෙන්නා ගැන මුලදීම දැනුවත් කිරීමක් නොකළේ කියා (නි)

:       0       0

හංසි Friday, 12 September 2014 11:23 AM

අර තප්පුලන් නැති බලධරයාගේ අධ්‍යාපන ක්‍රමයේ ආස්චර්යක්වත්ද? (නදී)

:       0       0

සෙලන්සියස් Friday, 12 September 2014 11:24 AM

මහා බැංකුවේ වාර්ථා අනුව වාර්ෂික ඒක පුද්ගල ආදායම රුපියල් ලක්ෂ හතරකටත් වැඩියි. ඒත් රටේ තත්වේ මේකයි (නදී)

:       0       0

ප්‍රදීපා Friday, 12 September 2014 10:20 PM

අල්ලට සිගාවත් රසනැති කැවිලි කකා, වල්කොළ බිම අතුට නිදි නොලැබ දුක් තකා, කල්ගිය රෙදි වැරලි ඇග දැලි කුණෙන් වකා, ඇල්මෙන් අකුරු උගනිවු ඉදිරි වැඩ තකා. (ස)

:       0       0

චමත් ඉතාලිය Friday, 12 September 2014 11:28 AM

පව් දුකයි එත් මේ වෙලාවේ උදව් කරන ක්‍රමයක් නැති එක ඊට වඩා දුකයි. මගේත් රස්සාව ඉවරයි. මේ වගේ දරුවන්ට උදව් කරන එක ලොකු පිනක්. එහෙම උදව් කරන්න උත්සහ කරන ඔයාලට බුදු සරණයි. (නදී)

:       0       0

සරත් Friday, 12 September 2014 11:31 AM

සම්බන්ධ කර ගත හැකි අංක දාල තියෙද්දිත් මොනවද තවත් ඉල්ලන්නේ. (නදී)

:       0       0

ඉන්දික Friday, 12 September 2014 12:25 PM

කොහොමද මේ රටේ අස්චාර්ය. සමහර පුත්තුන්ගේ සපත්තු දෙක ලක්ෂ ගණන්. ඔන්න මේ රට අරන් තියන සම්මානය (නදී)

:       0       0

චන්දන මිලානෝ Friday, 12 September 2014 12:41 PM

මේ නොම්මරවලට මම දැන් කෝල් ගන්නවා එකක්වත් වැඩ නෑ. මාත් කැමතියි උදව් කරන්න පුතේ. මටත් පුතාලම 3 දෙනෙක් ඉන්නේ (නදී)

:       0       0

නදිනි Friday, 12 September 2014 01:01 PM

අපේ රටේ ලොකු ලොක්කෝ රටේ සංවර්ධනය මනින්නේ පාවිච්චිකරන ටෙලිෆෝන් ප්‍රමාණයෙන් බව අපි අහල තියනවා. මේ දරුවන්ගේ ටෙලිෆෝන් දෙකත් එ්කට එකතු ඇති. දරුවන්ගේ පියා ජිවතුන් අතර ඉඳලත් දරුවන්ට මෙවන් ඉරණමක් අත් වීම පුදුමයට කරුණක්. තමන් මෙලොවට බිහිකළ දරුවන් ගැන පියවරුන්ට ලොකු වගකීමක් ඇති බව වටහා ගත යුතුයි. (නදී)

:       0       0

මහසෙන් Friday, 12 September 2014 01:06 PM

මේක සිරි ලංකාවේ වෙන්න බැහැ. අප්‍රිකාවේ රටක් වගේ. සිම්බාබ්වේ, ගානා, නැත්තන් නයිජීරියා වත් ද. කොහොමත් පත්තරේ මහත්තයට බොහොම ස්තුතියි. (නදී)

:       0       0

නිලංග Friday, 12 September 2014 02:18 PM

අපි වෙන රටකින් වෙලාව වෙනස බලලා ලංකාවට කතා කළත් මේ අයව සම්බන්ධ කරගන්න අමාරුයි. (නි)

:       0       0

සත්‍යයා Friday, 12 September 2014 02:35 PM

තාරුණ්‍යට හෙටක් කෙසේ වෙතත් අදක්වත් තියෙනවාද කියන ප්‍රශ්නයට උත්තර දෙන්නේ මෙයින් එක ඡායාරූපයක් වුණත් සෑහෙනවා. මහජනතාවට අයිති පාරවල් "මහා" ජනතාව වෙනුවෙන් වසාගෙන මෝටර් රථ ධාවන තරඟ පවත්වන දරුවන් සිටින රටක හෙටක් වෙනුවෙන් අකුරු කරන මේ දිරිය පුතුන් දෙන්නාට ඉදිරියටම යාමට වාසනාව ලැබේවා! (නි)

:       0       0

සඳා Friday, 12 September 2014 02:52 PM

මමත් කැමතියි මේ දරුවන්ට උදව් කරන්ඩ (නදී)

:       0       0

දිනුෂ කරුණාරත්න Friday, 12 September 2014 03:07 PM

මෙන්න නිදහස් අධ්‍යාපනය (නදී)

:       0       0

සදමාලි සදමාලි Friday, 12 September 2014 03:27 PM

මම කැමතියි මේ පුතාලා දෙන්නට උදව් කරන්න. එයාලට කතා කරන්න එයාලගේ දුරකතනය සම්බන්ද කරගන්න බැහැනේ (නදී)

:       0       0

රත්නායක Friday, 12 September 2014 07:25 AM

ලංකාදීපයට බොහෝ ස්තුතියි මේ කරන මාධ්‍ය මෙහෙවරට. (නදී)

:       0       0

මාරි විලියම්ස් Friday, 12 September 2014 07:47 AM

මේ දරුවන් සඳහා උපකාර කිරීමට මම කැමති. මුලින්ම දරුවන්ගේ නිවස සාදාගැනීමටත් ක්‍රමයක් ගැන දැනුවත් කරන්න. (නදී)

:       0       0

මාරි විලියම්ස් Friday, 12 September 2014 07:52 AM

එයාලගේ වයසේම ඉන්න යාලුවෝ ටික එකතු උනානම් එයාලට ඉන්න තැන ටිකක් පිළිවෙලකට හදා ගන්න තිබුන නේද. විදුහල්පති තුමා මේ ගැන මැදිහත්ව කටයුතු කලානම් මම අවශ්‍ය දේ ගන්න මුදලින් ආදර කරන්නට පුළුවන්. මගේ විද්‍යුත් ලිපිනයට ලියන්න. (නදී)

:       0       0

ප්‍රසන්න Friday, 12 September 2014 08:20 AM

මොනවද කියන්නේ කියල හිතාගන්න බෑ. ඔය එක එක වාර්තා අරගෙන පම්පෝරි ගහන අය දන්නවද මේවගේ අයත් ලංකාවේ ජීවත් වෙනවා කියලා. අපි නොදන්නා මේ වගේ අය කොච්චර ඇතිද. ක්‍රමයක් කියන්න මෙයාලට ඉගෙනගන්න උදව් කරන්න. (නදී)

:       0       0

සරත් රණසිංහ Friday, 12 September 2014 08:21 AM

සියලු දෙනාට සලකමු අහිංසක දරුවෝනේ (නදී)

:       0       0

ඉනෝකා Friday, 12 September 2014 08:30 AM

රජයෙන් මේ වගේ දරුවන්ට ගොඩක් ආධාර කරන්න ඕනෑ.බොරුවට ඡන්දෙ කාලේදී විතරක් මහා ලොකුවට වියදම් කරන මහා ලොකු ඇමතිලට මේ වගේ මිනිසුන්ට වියදම් කළාට පාඩුවක් වෙන්නේ නැහැනේ (නි)

:       0       0

මැණික් Friday, 12 September 2014 08:36 AM

මට මොනවා ලියන්නද කියලා හිතාගන්න බැහැ. හරිම කණගාටුවක් දැනෙනවා. අනේ අපි පුළුවන් හැටියට උදවු කරමු (නි)

:       0       0

රුසිරු Friday, 12 September 2014 08:36 AM

මේ ළමයි දෙන්නට බැංකු ගිණුමක් හදවන්න. හදලා ඒක මේ වෙබ් අඩවියේම දාන්න (නි)

:       0       0

හංසනී සඳුනිකා Friday, 12 September 2014 08:52 AM

ඉගෙන ගන්න දුක් වින්ද අය තමා එ්කේ දුක දන්නේ. එයාලට මහා ලොකුවට නොඋනට පුළුවන් විදියට පොත් පත් වලින් හරි මමත් උදව් කරන්නම් (නදී)

:       0       0

චන්දි Friday, 12 September 2014 08:57 AM

මේ දරුවෝ දෙන්න දැක්කම පුදුම වේදනාවක් දැනුනේ, මට මතක් උනේ මේ කවිය අල්ලට සිගාවත් රස නැති කැවිලි කකා. , වල් කොළ බිම අතුර නිදි නොලැබ දුක් තකා. කල් ගිය රෙදි වැරලි ඇද දැලි කුණෙන් වකා., ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා. මම මේ මස ගෙදරට සල්ලි දැම්මම පුතාලට කියා ඔය දෙන්නට සල්ලි ටිකක් දෙන්නම් පුතේ. ත්‍රිවිද රත්නයේ පිහිටෙන් ඉගෙන ගන්න පුතේ කවදාවත් වරදින්නේ නැහැ ඔයාලට. (නදී)

:       0       0

පිටිගල Friday, 12 September 2014 08:59 AM

හැබෑටම මේකද ඔය ආසියාවේ ආශ්චර්යය කියන්නේ. අධි වේග මාර්ගයේ එක කිලෝමීටරයක් හදන්න මිලියන කීයක්ද ගියාලු. මේ ළමයි දෙන්න ඌව පළාතේ හිටියනම් කාටත් පෙනේවි. පත්තරෙන් කියන කල් මේවා කාටවත් නොපෙනෙන එක නොව පුදුමේ. ඇලගමුව ප්‍රාදේශීය සභාවකට අයිති නැති ප්‍රදේශයක් වෙන්න ඇති. (නදී)

:       0       0

චන්දි Friday, 12 September 2014 09:03 AM

මාරි විලියම්ස් ඔයාගේ අදහස ගොඩක් වටිනා අදහසක්. පාසලේ යාළුවො නිවාඩු දිනක එකතු උනානම් පොඩියට මැටි ගහල හරි ගෙයක් හදා ගන්න තිබුනා නමුත් මේ ඉඩම කාගේද කියා විස්තරයක් නැහැ නේද..?මේ ගැන විදුහල්පති තුමාගේ අවදානය යොමු වේවා (නදී)

:       0       0

හමීඩ් Saturday, 13 September 2014 09:24 AM

යාලුවනේ, ඔබ දෙදෙනා හොඳට ඉගෙනගන්න (නි)

:       0       0

සමින්ද Friday, 12 September 2014 09:01 AM

මම කැමතියි මේ ළමයි දෙන්නට උදව් කරන්න. කියන්න ක්‍රමයක් (නදී)

:       0       0

රූපවතී Friday, 12 September 2014 09:10 AM

මම ටිකකට ගොළු උනා වගේ දැනුනා මේක දුටුවම. පුදුමයක් නොවේ කියල මම දන්නවා. එ්ත් දෙවියනේ මේ තත්වෙට පත්වුනේ ඇයි? මම ටිකක් හිත හදා ගත්තා අද මුදලක් යවල අර ස්වාමීන් වහන්සේට මෑණියන්ට නිවසක් සාදා ගැනීමට, මම සිතුවා ටික දිනකට සැනසෙන්න ඒ ඇති කියලා. අනේ දෙවියනේ, මට ටිකක් අඩන්න ඕනේ මගේ හිත පාලය වෙනකම්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 6 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 56 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 109 0

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 87 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 276 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 324 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site