(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලබන වසර (2022) සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත( අයවැය ලේඛනය) පිළිබඳ තෙවැනි වර කියවීමේ අවසාන ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී අද(10) පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතය.
අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම මෙසේ පැවැත්වෙන්නේ දින 28ක දීර්ඝ විවාදවලින් පසුවය.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අයවැය ලේඛනය(අයවැය කථාව ) පාර්ලිමේන්තුවට පසුගිය නොවැම්බර් මස 12 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය.
ඉන්පසු අයවැය දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය මස දහතුන් වැනිදා සිට ආරම්භ කෙරුණු අතර එම විවාදය දින හතක් පැවැත්විණ.
ඉන්පසු අයවැය කාරකසභා අවස්ථාවේ විවාද නොවැම්බර් මස 22 වැනිදා සිට ආරම්භ කෙරිණ.
අයවැය අවසාන ඡන්ද විමසීම පැවැත්වෙන හෙයින් සියලුම මන්ත්‍රීවරුන් අද දිනයේ කොළඹ රැඳී සිටින ලෙස ආණ්ඩුවේ සහ විපක්ෂයේ නායකයන් සිය මන්ත්‍රී වරුන්ට දැනුම්දී ඇතැයි දැනගන්නට ඇත.
අයවැය අවසන් ඡන්ද විමසීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ ආරක්ෂක විධිවිධාන අද දැඩි කෙරෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය.
මේ අතර පාර්ලිමේන්තු සභාගර්භයේ කතා කිරීමේ නිදහස අහිමි කර ඇතැයි චෝදනා කරමින් විපක්ෂ නායකවරයා ඇතුළු සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු අයවැය විවාද දින තුනක් පසුගියදා වර්ජනය කළහ
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අයවැය අවසාන ඡන්දය අද
sharm warn Friday, 10 December 2021 08:50 AM
පහුගිය විවාද වලදී මේ බහුබූත අයවැය යෝජනාවල අඩුපාඩු පෙන්නුවනේ.. දැන් ඒවා මුකුත් නිවැරැදි කරලා නැද්ද? මේ පාදඩ ආණ්ඩුව එක්ක ඉන්න ශ්‍රීලනිප කණ්ඩායම ඉන්නේ නිරුවතින්ද?
Nilantha Friday, 10 December 2021 01:45 PM
ඉහළින්ම දිනයි...