IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


අයවැයෙන් ටොම් පච එපා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රජය පසුගිය 2023 වසර අයවැයේ  යෝජනා 77න් 69 ක් මෙතෙක් ක්‍රියාත්මක කර නැතැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (14)  පැවසීය

එම යෝජනා ක්‍රියාත්මක නොකර ලබන වසරේ අයවැය යෝජනා  ක්‍රියාත්මක කිරීම ගැන  විශ්වාසනීයත්වයක් ඇති කර ගන්නේ කෙසේදැයි  ඔහු ප්‍රශ්න කළේය.

අයවැයෙන් ටොම් පච යෝජනා ඉදිරිපත් නොකළ යුතු බවද ප්‍රේමදාස මහතා කීවේය.

විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් යොමු කරමිනි.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේද සඳහන් කළේය.

රජය පසුගිය අයවැය යෝජනා ක්‍රියාත්මක කර නැහැ. රජය නව වසර සඳහා ඉදිරිපත් කළ අයවැයේ  සාර්ථකත්වය අපේක්ෂා කළ හැක්කේ පසුගිය රජය අය-වැය සම්බන්ධයෙන් ඉටුකළ  ප්‍රමාණය අනුවයි. අයවැයක් ඉදිරිපත් කර පාර්ලිමේන්තු අනුමැතිය ගැනීමෙන් පසු රජයේ වගකීම අවසන් වන්නේ නැහැ. අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට රජය සහ නිලධාරීන් වගබලා ගත යුතුයි.

2023 වර්ෂය සඳහා  රජය ඉදිරිපත් කළ අයවැය මගින් කොපමණ අයවැය යෝජනා ඉදිරිපත් කර තිබේද.අයවැය ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළේද. 2023 අයවැය යෝජනා පිළිබඳව කිසිදු තොරතුරක් නැතැයි  වෙරිටේස් රිසර්ච් ආයතනය සමීක්ෂණයකින් කියනවා. විනිවිදභාවයක්  නෑ කියනවා. පසුගිය වසරේ වැඩිම මුදල් වෙන්කර ව්‍යාප්ති 25න් 14ක කිසිදු තොරතුරු නැති බව කියනවා. අයවැයක විශ්වාසනීය භාවය පිළිබඳව එය ඉදිරිපත් කරන රජයේ වගකීමක්.  විවාද කරපු යෝජනා 77න්  69 ක සම්පූර්ණතාවයක් නැහැ. 2024 අයවැය යෝජනා පිළිබඳව විශ්වාසයක් තබන්නට නම් අඩු තරමින් 2023 යෝජනා වල සම්පූර්ණත්වයක් තිබිය යුතුයි. රටට බොරු කියන්න එපා. රට මං මුලා කරන්න එපා. 2024 යෝජනා හදන්න කලින් 2023 යෝජනාවල ප්‍රගතිය බලන්නේ නැද්ද. කිසිම පසුවිපරමක් නැහැ. 2023 යෝජනා ක්‍රියාත්මක කිරීමේදී අන්ත දුර්වල ප්‍රතිපත්තියක් අනුගමනය කරලා තියෙනවා.  අයවැයට ටොන් පච  යෝජනා ඉදිරිපත් කරන්න එපා.



අදහස් (3)

අයවැයෙන් ටොම් පච එපා

abaran Tuesday, 14 November 2023 11:04 AM

මේ ගොබිලට කවුරු හරි කියලදෙන්න අපේ රට දැනට තිබෙන තැන අනුව ඔය කියන ආකාරයේ ගැලරිය පිනවන දේවල් කරන්න බැරි බව . රටෙන් බහුතරයක් බලාගෙන ඉන්නේ නිකන් කන්න. පැය 2 ක් වැඩකරලා පැය 8ක් වැටුප ගන්න. රුපියල් 100ට පෙට්‍රල් ගන්න . මේ ගොබිලත් හදන්නේ අන්න ඒ නිකන්ම කන්න බලාගෙන ඉන්න අයව සතුටු කරන්න. මෙයාගේ වල බයිලා වලට රැවටෙන්න තවත් මෝඩ මිනිස්සු ඉන්න එක දුකයි. මේ දවස්වල ඔය පාර්ලිමේන්තුවේ විපක්ෂේ ඉන්න බොහෝ අය ආර්ථික ඔස්තාර්ලා වගෙයි කතාකරන්නේ.

:       7       5

අරවින්ද මොනරවිල Tuesday, 14 November 2023 11:47 AM

"ටොම් පච " තවම හුරතල් වෙනවා විපක්ෂ නායකතුමා !

:       4       3

fairoos Tuesday, 14 November 2023 12:18 PM

ඒකට කමක් නැහැ බයියන්ට ඉන්න හිටින්න රටක් තියනවානේ පුතානෝ

:       3       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොව ධනවත්ම ගායිකාව ’’ටේලර් ස්විෆ්ට්’’
2024 ඔක්තෝබර් මස 09 1 0

ලොව ධනවත්ම ගායිකාව වීමට ඇමෙරිකාවේ ජනප්‍රිය ගායිකාවක් වන 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට් හැකියාව ලැබී ඇතැයි ෆෝබ්ස් සඟරාව පැවැසුවේය.


ලාංකිකයන්ට වැඩියෙන් රැකියා දෙන්න කොරියාවෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 09 112 0

ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්


පාප් වහන්සේගෙන් ජනපතිට සුබ පැතුම්
2024 ඔක්තෝබර් මස 09 183 0

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අ බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමියෝ අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.


ආරුක්කු පාලම උඩ ඉන්දු - ලංකා සලරුවක්
2024 ඔක්තෝබර් මස 09 140 0

ඇල්ල දෙමෝදර අතර පිහිටි ආරුක්කු නවය පාලම මත ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා පටයක රෑගත කිරීම ඊයේ(09)වැනි දින සිට ආරම්භ විය.


නුවරඑළිය තැපැල් කාර්යාලය විකිණීම අත්හිටුවයි
2024 ඔක්තෝබර් මස 09 715 1

ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පෞද්ගලික අංශයට පැවරීමේ සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍ය විජිත හ


හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ
2024 ඔක්තෝබර් මස 09 540 0

හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39592 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25768 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 364 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1203 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site