(රෝෂන් තුෂාර)
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා කඩදාසි මිලදී ගෙන රුපියල් ලක්ෂ එකසිය විස්සක් වංචා කර ඇතැයි චෝදනා කරමින් නිප්චූන් පේපර් පුද්ගලික සමාගම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇත.
පුවත්පත් මුද්‍රණය කිරීම සඳහා කඩදාසි ගෙන්වා බෙදා හරින නිප්චූන් පේපර් පුද්ගලික සමාගම පවරා ඇති මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස අර්ජුන ඇලෝසියස් හා කඩතොට ගෙදර චමින්ද සහන් යන පුද්ගලයින් නම් කර ඇත.
මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා ඉදිරියේ කැඳවීය.
බන්ධනාගාර අධිකාරිය මගින් අර්ජුන අලෝසියස් මහතාව අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර දෙවැනි විත්තිකරු අධිකරණයේ පෙනී නොසිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ධර්මතිලක ගමගේ මහතාගේ උපදෙස් පරිදි නීතිඥ පාතිමා සුහරියා මහත්මිය අධිකරණයේ කරුණු ඉදිරිපත් කළාය.
විත්තිකරුවන්ගේ බැංකු ගිණුමේ මුදල් නොමැති බව දැන දැනම 2019 වසරේ අවස්ථා හතරකදී චෙක්පත් හතරක් නිකුත් කරමින් රුපියල් මිලියන 12 ක් වංචා කිරීම හා සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ මෙම නඩුව පවරා ඇති බව නීතිඥවරිය කරුණු ඉදිරිපත් කළාය.
විත්තිකාර ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් නඩුව සම්බන්ධයෙන් අධ්‍යනය කරුණු ඉදිරිපත් කිරීම හා උපදෙස් ලබා ගැනීම සඳහා සාධාරණ කාලයක් ලබා දී විත්තිකරුට ඇප නියම කරන ලෙසට ඉල්ලා සිටියේය.
දෙපර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප අටක් විත්තිකරුට නියම කළේය.අධිකරණයේ පෙනී නොසිටි දෙවැනි විත්තිකරුට මාර්තු මස 19 දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි ද නිකුත් කළේය.
2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
චීනයේ නිල සංචාරයකට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට ආරාධනයක් ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
2015 වසරේ ශ්‍රී ලංකා මහා බැංකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් දූෂණය නම් වරද සිදු කර ඇතැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට පෙබරව
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහ
E8 වීසා ක්‍රමවේදය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අම්පාර මහඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ අරලගංවිල බෝගස් හන්දිය ප්‍රදේශයේ අද(26 )උදෑසන පාලමක් කැඩී සම්පූර්ණයෙන්ම ගිලා බැසීම හේතුවෙන් එහි ගමනාගමන කටයුතු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්