IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණ නියෝගය මගහරී

(අමල් වික්‍රමරත්න)

බැඳුම්කර වංචා විමර්ශන සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කරනු ලැබ සිටින අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දීමට දිවයිනට පැමිණ නැතැයි වාර්තා වේ.

ඉකුත් පෙබරවාරි (2) දෙවැනි දා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝගයක් ලබාදෙමින් පැවසුවේ  දැනට සිංගප්පුරුවේ සිටින හිටපු මහ බැංකු අධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙබරවාරි 15 දිනට ප්‍රථම ප්‍රකාශයක් ලබා දිය යුතු බවයි.

ඒ සදහා ජාත්‍යන්තර පොලීසිය මගින් නොතීසි යැවීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කරන ලදී.ඊට අමතරව අර්ජුන් මහේන්ද්‍රන් මහතා දිවයිනට පැමිණියහොත් වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වන ලෙසට ආගමන හා විගමන පාලකවරයා වෙත දැන්වීමට නියෝග කෙරිණි. 



අදහස් (22)

අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණ නියෝගය මගහරී

සතයපාල Thursday, 15 February 2018 06:31 AM

තවම විවහා මගුල් උත්සවය ඉවර නැතිව ඇති, ඒක ඉවර උනාම පොරොන්දු උන විදියට අගමැතිතුමා එයාව ගෙන්වලා දෙයි.

:       0       401

Missaka Thursday, 15 February 2018 06:47 AM

අහිංසකයෙකුට කරන හිරිහැරයක්. ඇත්ත හොරු නිදැල්ලේ

:       0       0

Ranjith Sil;va Thursday, 15 February 2018 07:23 AM

අගමැතිතුමා විස්වාසවන්තව ප්‍රකාශ කළා මෙයා ගැන. දැන් එය මොනවාද කියන්න තියන්නේ. ඉල්ලා අස් වෙනවද අස් කරනකම් ඉන්නවද. .

:       0       0

hira Thursday, 15 February 2018 07:27 AM

අගමැතිතුමා සම්පුර්ණ වගකීම බාරගන්නවා කියල පාර්ලිමේන්තුව ඇතුලේ බෙරිහන්දෙනවා මම අහගෙන. මෙහෙම කියන්නේ ජනාධිපති කොමිසම දාන්න කලින්ද කොහෙද මට මතක තියෙන විදියට. දැන් හොදම වෙලාව ඒ වගකීම් ගන්න හැටි මහජනතාවට පෙන්වන්න.

:       0       0

jayantha Thursday, 15 February 2018 07:42 AM

සත්‍යපාල, ඔබ කියන දේ හරි. මට හිතෙන්නේ මිනිහ මනමාල ජෝඩුවත් එක්ක හනිමුන් ගිහින් වෙන්න ඇති. පස්සේ ඒවි. බලාගෙන ඉන්න.

:       1       209

Priyantha Thursday, 15 February 2018 07:43 AM

එයාලා එනකල් අරයව ඇතුළට ගන්න කියන්නකෝ පුලුවන්නම්......එකට හවුලේ වැඩේ දීපු කට්ටියනේ අප්පා...............

:       0       210

abiya Thursday, 15 February 2018 07:55 AM

බුදු සර් එන්න නං එපා අවොත් අපි සේරම කපෝති!!!

:       1       140

sarath perth Thursday, 15 February 2018 08:08 AM

අවුරුදු තුනක දීගය තව පැය කිහිපයකින් අවසන්වුවොත් බානම කොටුකරගන්න පුලුවන්වෙයි

:       0       189

ජයන්ත මිලානෝ Thursday, 15 February 2018 08:17 AM

ඕක ඉතින් අහන්න දෙයක්ද? පර දේශක්කාරයින්ට රට පාලනය කරන්න දුන්නාම අපේ රටේ නීතියට ගරු කරයිද?

:       0       0

ruchira Thursday, 15 February 2018 08:29 AM

ඇප වුණු කෙනාව ඇතුළට දැම්මොත් නේද යහපාලනය අර්ථාන්විත වෙන්නේ? සදාකාලිකව බලය තියාගන්න පුළුවන් කියලා හිතන් හිටපු අයට හොඳ පාඩමක්... පක්ෂයක් වගේ නෙමෙයි, රටක නායකත්වය බලෙන් තියාගන්න බෑ කියලා ලොකු ලොකුවට හිතන් ඉන්න ඈයින්ට දැන්වත් තේරුම් ගියොත් ලොකු දෙයක්. ගමේ පොලිසියේ මනුස්සයාගේ වරදට පොලිසියට කටඋත්තර දෙන්න ආවේ නෑ කියලා බිරිඳ කුදලන් ගිහින් රිමාන්ඩ් කරලා බන්ධනාගාරත් කළ පොලිසියක් තියෙන රටේ අපිට කියන්න තියෙන්නේ "අහෝ දෙවියනි ඔබ මැව් රටේ දුප්පතුන්ට හා පෝසතුන්ට ඇති නීතිය අනර්ඝයි!" කියලා තමයි.

:       0       0

Raveendra Thursday, 15 February 2018 08:30 AM

නිකන්ද මුන්දෑට "සුත්තර පුංච" කියන්නේ...? " යාළුවාව ගෙනාවේ නිකමට නොවේනේ. රටට හෙන හතම වැදුණත් කමක් නැහැ, මම "බලය නමැති" පුටුවේ සැමදාම ඉඳලා නේ...

:       0       0

Ruwan Thursday, 15 February 2018 08:39 AM

අශ්වයා යන්න ඉස්තාලේ ඇරලා දීලා දැන් කියනවා අශ්වයා පැනල ගිහින්ලු. අපහු එන්න කිව්වට එන්නේ නැතිලු. නිකන් සුරඟන කතාවක වගේ දැන් ඔය සල්ලිත් නැතුව ඇති.

:       0       0

Ruwan Thursday, 15 February 2018 08:40 AM

අශ්වයා ගිහින්ලු කවුද ඉස්තාලය ඇරලා දුන්නේ එතකොට.

:       0       0

bandula Thursday, 15 February 2018 08:44 AM

රනිල් ලොක්කා කිව්වනේ, මහේන්ද්‍රන් ගැන මම වග කියනවා කියලා.. කෝ දැන් වග කියන්නේ කව්ද? මිනිසුනේ ඉක්මණින්ම මෙයා ඇතුළටම දාන්න.

:       0       0

ruchira Thursday, 15 February 2018 08:51 AM

අධිකරණ වල ඇති ණය පැහැර හැරීම්, ණයකරු අතුරුදන් වීම හා අධිකරණය මග හැරීම යටතේ ඇපකරුවන්ට එරෙහිව ඇති සියලු නඩුවලින් අගමැතිතුමාගේ හැසිරීම ආදර්ශයට ගෙන සියලු ඇපකරුවන් නිදොස් කර නිදහස් කරන මෙන් ඉල්ලා සිටිමු. ඇපයට අත්සන් කලේ ණයකරු ගැන පූර්ණ විශ්වාසයෙන් හා යහපත් චේතනාවෙන් බවත්, ඔවුන් කිසිවිටෙක විශ්වාසය කඩකරයි කියා නොසිතූ බවත්, ඇප වූ පසු ඔවුන් ගැන විශ්වාසය තබා ණය ආපසු ගෙවීම නිසියාකාරව කරන්නේදැයි සොයා නොබැලු බවත් අධිකරණයට පවසා කිසිදු දඬුවමකින් තොර සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට සියලු දුප්පත් හා මධ්‍යම පාන්තිකයින්ටත් වාසනාව ලැබේවා !

:       0       0

Deepal Nirosh Thursday, 15 February 2018 08:57 AM

අර්ජුන මහේන්ද්‍රන් ගෙන්න ගන්නද? කරන්න තියෙන්නේ එක දෙයයි. අපි අගමැතිතුමාට කියමු එයා මහ බැංකු අධිපති ධුරයට නැවත පත් කරන්න කියලා. ක්ෂණයෙන් ඒවි...!!

:       0       0

කුමාර Thursday, 15 February 2018 09:13 AM

අනේ.. බය වෙන්න දෙයක් නෑ. හොර බොරු නැති, අපේ ගම්වල හැදුනු වැදගත් මිනිස්සු. ඔය ඉතින් රට රාජ්ජේ බලාගෙන එයි. ඒ වැදගත් මහත්තයා එනකන්... මේ අපේ ඈයින්ට ඉවසන්න බෑනේ. පව් අර අවංක මනුස්සයා... අනික ඉතින් අගමැතිතුමා කිව්වනේ.. ඒ සියලු වගකීම් ගන්නවා කියලා..

:       0       0

kumara Thursday, 15 February 2018 09:17 AM

මුළු රජයම විනාශයටම ඇදලා දැම්මා. මේ අයට රජකාලේ දඬුවම් තමයි දිය යුත්තේ...

:       0       0

Hafeel Thursday, 15 February 2018 09:50 AM

අගමැති රනිල් උත්තරීතර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළානේද... මහේන්ද්‍රන් නැවත ලංකාවට පැමිණීම වගකීම එයා බාරගන්නවයි කියලා.

:       60       156

mf.... Thursday, 15 February 2018 10:14 AM

සිංගප්පූර්වල ඇති... මුළු ලංකාවේම සල්ලි ටික බෑණාට දුන්නු මනුස්සයා මාරු වුණා. මේකට වගකියන්න ඕනේ අගමැති තුමා... අඩුම තරමේ ජාතියෙන් සමාව අරගෙන අගමැතිකමෙන් ඉල්ලා අස්වෙන්න තිබුණේ... ඒකවත් කළේ නැති අගමැති.. බයනැති අගමැති...

:       0       117

පිටිගල මිලානෝ Thursday, 15 February 2018 12:02 PM

සාමාන්‍ය ක්‍රමය නම් මෙවන් විදේශිකයෝ නඩුව ඉවරවන තෙක් රිමාන්ඩ් භාරයේ (රජය භාරයේ) තබා ගන්නවා. මේකත් අශ්වයා ගියාම ඉස්තාලේ වහනවා වගේ වැඩක්.

:       0       85

Mahi Thursday, 15 February 2018 12:04 PM

මතක නැති වෙන්න ඇති...

:       0       58

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 52 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 240 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 95 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 269 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 501 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 229 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 499 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site