අරණායක එළඟිපිටියේ සාමසර කන්ද (සාමසර කන්ද) , අම්බල කන්ද ඇතුළු නායගිය ප්‍රදේශවල වැසියන් රැඳී සිටින අවතැන් කඳවුරුවලට අවශ්‍ය ජලය ලබා දීම සඳහා ගම මැදින් ගලා බසින ඔයේ වතුර පිරිසිදු කිරීමේ වැඩසටහනක් ‘ජර්මනියේ බ්‍රිජෝන් ස්ටෙයිගර් පදනම සිදු කරගෙන යයි.
විදේශ අමාත්‍යංශයේ, අාපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ හා ජල සම්පාදන මණ්ඩලයේ සහයෝගයෙන් ඔවුන්ගේ ඉල්ලීම පරිදි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව එහි ලංකාවේ ප්‍රධානී සමන් නාවින්න මහතා කීවේය.
වතුර පිරිසිදු කරන යන්ත්‍ර සමඟ කිලෝ 5000ක බඩු රැගෙන පසුගිය 29 වැනි දා එම ජර්මන් කණ්ඩායම ලංකාවට පැමිණියහ. ජර්මනියේ අට දෙනෙක් සහ ලංකාවේ තිදෙනෙක් එම කාර්යයට දායක වෙති.
දිනකට වතුර ලීටර ලක්ෂයක් පමණ පිරිසිදු කරන බව සමන් නාවින්න මහතා කියයි.
බට යොදා මෝටර් ආධාරයෙන් ගඟෙන් ගන්නා ජලය ටැංකි දෙකකට යෑමට සලස්වා ඒවායේ මඩ තැන්පත් වන තුරු සාමාන්‍ය වේලාවක් තබා ඉන් පසු යන්ත්‍ර ආධාරයෙන් පිරිසිදු කර නැවතත් ටැංකි වලට පුරවයි.
මෙම ක්‍රියාවලිය සිදු කරනුයේ උස්සාපිටිය සංස්කෘතික මධ්‍යස්ථානයේ අවතැන් කඳවුරේදී ය.

![IMG_0353[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/IMG_03531.png)
![IMG_0495[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/IMG_04951.png)
![IMG_0594[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/IMG_05941.png)
![IMG_0619[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/IMG_06191.png)
![IMG_0651[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/IMG_06511.png)
![IMG_0653[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/IMG_06531.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ වැඩක් (නි)
ජර්මන් රජය විසින් ලංකාවේ කොළඹ නගරයේ පානිය ජල නළ පද්ධතියක් ලබාදීමට ව්‍යාපෘතියක් අාරම්භ කරලා මොකද දැනට තියන පද්ධතිය වසර ගානක් පැරණි නිසා මිනිසුන්ට පිරිසිදු ජලය ලබා දීමට, නමුත් ටෙන්ඩර් කැදවීමේදී මෙය එක්තරා සමාගමකට ලබානොදීම නිසා නඩුවක් පැවරුවා, පරක්කු වුන නිසා ජර්මන් රජය යන්න ගියා, අපි වගේ එයාල කාලය නාස්ති නොකර යන්න ගියා අපිට ඉතාම වටිනා නොමිලේ ලැබෙන්න ගිය දෙයක් නැතිවුණා (බ)
ජර්මන් මිනිසුන් කළ යුතු දේ කල යුතු අයට ඉටු කරන රටක්.පසුගිය කාලේ අපිත් සමග හිත හොඳ මදි, මොකද අපේ රටේ එදා සුනාමියත් හොරකම් කළා. (ම)
ශ්රී ලංකාවේ පාලකයෝ බුද්ධිමත්ව ක්‍රියාකරන්නේ නම් ශ්‍රී ලංකාවේ ආපදා විපත් වලදී පමණක් නොවෙයි සංවර්ධන කටයුතු වලදීත් මුල්‍ය වශයෙන් මෙන්ම තාක්ෂණිකවද ජර්මනියෙන් බොහෝ ආධාර ලබාගන්න පුළුවන්. පසුගිය කාලයේ සිදුවූ දුෂණ හා අක්‍රමිකතා නිසා රටවල් දෙක බොහෝ දුරට ඈත්වුණා. ජර්මන් ආයතනයක් මේ අවස්ථාවේ අසරණ ගැමියන්ට උදව් කිරීමට පැමිණීම අප කවුරුත් අගය කළයුතුයි. (නි)
ඉතාම උතුම් ක්‍රියාවක් (නි)
ජර්මනියට අපේ ස්තුතිය! (නි)
අගය කළ යුතු දෙයක්.මහඟු පින්කමක්.(හේ)
පින් සිදුවේවා හොඳ වැඩක් (හේ)
මෙහෙම බඩු බාහිරාදිය වලින් කෙළින්ම උදව් කරපු එක ලොකු දෙයක්. ඕවා කරන්නට එම රටවලින් සල්ලි දුන්නා නම්, ඉන්න අපේ කට්ටියට බෙදා ගන්නත් මදි. මතකනේ පසුගිය සුනාමිය? (නි)
ජර්මනියට මගේ ස්තූතිය (ම)
වතුර බෝතල් බෙදනවට වඩා මේක ඵලදායී වැඩක් (නි)
බොහෝම හොඳ කාලීන ව්‍යාපෘතියක් (නි)
ලංකාවේ අය ඔක්කොම පිටරටින් එවනතුරු උඩ බලාගෙන ඉන්නවා. (නි)
ඔන්න හොඳ වැඩක්. මුළු රටටම හඳුන්වා දෙන්න (නි)
බොහොම හොඳ වැඩක් (නි)
පින් ලැබෙන වැඩක් . (ම)
ඉතා හොද වැඩක්. (ර)
මේවා ඉතාම හොද වැඩ...(ම)