කොළඹ කිරුලපනේ මහල් 35ක අති සුඛෝපභෝගී මන්දිරයක් ඉදිකිරීමට ආණුඩුව සේවක අර්ථසාධක අරමුදලින් සීමා රහිතව මුදල් පාවිච්චි කරතියි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් සහ ජාතික සේවක සංගමයේ සභාපති දොස්තර ජයලත් ජයවර්ධන කොළඹ දී අද (25) ප්‍රකාශ කෙළේය. සේවක අර්ථසාධකයේ මුදල් ආණ්ඩුවේ ඉදිකිරීම් සඳහා පාවිච්චි කිරීම කම්කරු විරෝධී, නීති විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බවත් එම අරමුදලින් කොපමණ මුදල් ගන්නවා ද ආණඩුව වහා රටට කරුණු හෙළි කළ යුතු බවත් හේ කීවේය. රජය පාර්ලිමේන්තුවේ සිය තුනෙන් දෙකේ විකෘති බලය පාවිච්චි කර සේවක අර්ථ සාධක අරමුදල් පනතට සංශෝධන සම්මත කැර ගත්තේ විපක්ෂයේ බලවත් විරෝධය මැද බව ද ඔහු කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂයේ ඉන්න කට්ටිය මීට වඩා සැලකිළිමත් වුණොත් හොදයි