ව්‍යාජ ලියවිලි සහිතව සිටියදී වනජීවී බාරයට ගෙන උඩවලව ඇත්අතුරු සෙවණේ හා පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටින අලි පැටවුන් 15 දෙනා අයිතිකරුවන්ට බාරදීම වළක්වමින් පනවා ඇති නියෝගය ජූනි 22 වැනිදා තෙක් දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද (9) නියෝග කළේය.
නීතිඥ දිලීප පීරිස් මහතා අධිකරණයට කියා සිටියේ එම අලි සම්බන්ධ නඩුවක් පවතිද්දී බෞද්ධයා රූපවාහිනී නාළිකාව ඔස්සේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම නීති විරෝධී බවයි. නීතිඥ ප්‍රසන්න ලාල් අල්විස් කියා සිටියේ සියලු රූපවාහිනී නාළිකා මේ සම්බන්ධයෙන් විශාල ප්‍රසිද්ධියක් ලබාදෙන බවයි.
එක් එක් අලියා සම්බන්ධයෙන් වෙන වෙනම පරීක්ෂණ කරන ලෙස විනිසුරු රහස් පොලිසියට උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර නාලිකා බලනකොට තේරෙනවා ඒවායේ හිමිකරුවන් හා දේශනා කරන හිමිවරුන් පවා පක්ෂග්රාහී බව. අලි පැටවුන්ගේ අවාසනාව. (නි)
ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා තනිව ලොකු සටනක් ගෙනයන බව අපට පේනවා යුක්තිය වෙනුවෙන්. කුණු වූ දේශපාලන හා නීතිමය මඩ ගොහොරුවෙන් අපි කවදා නම් ගොඩඑමුද? (නි)
පුදුම අලි පිස්සුවක්නේ අපේ අයට තියෙන්නේ. මේ සතුන් ආපසු නොදිය යුතුයි. (නි)
පෙරහරේ යන්න කැමති අලි ඉන්නවා නම් ළඟම තියෙන වනජීවී කාර්යාලයට වාර්තා කරන්න කියල විශාල බැනර් ගහන්න වනෝද්‍යාන අසල සහ අලි මංකඩවල. එතකොට කැමැත්තෙන් පෙරහරේ යන්න බලාගෙන ඉන්න අලි ඉන්නවනම් ඉදිරිපත් වෙයි (බ)
ප්‍රසන්න ලාල් අල්විස් නීතිඥ මහතාණනි, එතකොට අනිත් අය වැරදි කිරීම තවත් කෙනෙකුට වැරදි කිරීමට නිදහසට කාරණයක් ද (බ)
ලංකාවට ආව විදේශිකයෙක්, පන්සලක අලි පැටියෙක්ව දාලා තිබුන. අනේ ඌ රෑ දවල් දෙකේම කොන්ක්‍රීට් පොලවේ , කකුල් හතරම දම්වැල් දාලා , කකුල් කැපිලත් එක්ක, පන්සලට එන මිනිස්සු කන්න දානවා.බුදු දහමේ තියෙන අහිංසාවාදය කෝ කියල තමයි දාලා තිබුනේ. බුදු දහමටත් නිගාකිරීමක් එ්කෙන් සිද්ධ වෙන්නේ (බ)
අලි ජාතික සම්පතක් ලෙස නම්කරල කිසිම කෙනෙකුට පුද්ගලිකව අලි තියාගැනීම තහනම් කළ යුතුයි. පෙරහැර සඳහා පින්නවල අලි ඇතුන් පුහුණුකර කුලියට දිය යුතුයි.මින් මේ සතුන්ගේ නඩත්තුව සදහා මුදල් ලබාගන්න පුළුවන්. (බ)
අනේ මෙහෙමත් මිනිස්සු පන්සල නඩත්තු වෙන්නෙත් ගමේ දායකයන්ගෙන් සහ දානපතියන්ගේ ආධාරයෙන් තව අලියෙකුත් හදන්න ගන්නේ මොන පිස්සුවටද (බ)