දෙව්රම් වෙහෙරේ දී මිය ගිය ‘සීදේව්‘ අලියා ලියාපදිංචි සතකු හෙයින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විය යුත්තේ අලියාගේ හිමිකරු බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච් ඩී රත්නායක මහතා කියයි.
ඒ අනුව හිටපු මන්ත්‍රී කොළොන්නාවේ සුමංගල දෙව්රම් විහාරාධිපති හිමියන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා ක්‍රියා කරනු ඇතැයි ද වනජීවී ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් අධීක්ෂණ කටයුතු සඳහා එහි යවන බව ද රත්නායක මහතා පවසයි.
අලියකු මළ පසු පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම අනිවාර්ය කාරණයකි.
නීතීඥ ජගත් ගුණවර්ධන මහතා පවසන්නේ 2009 අංක 22 දරණ සංශෝධිත වන සත්ත්ව හා තුරුලතා ආඥා පනතේ 22(අ) වගන්තියට අනුව අලියකු මියගිය විට ඒ බව වනජීවී දෙපාර්තාමේන්තුවට දන්වා අනිවාර්යයෙන් ම පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. හිමිකරුගේ හිතුමතයට මරණ පරීක්ෂණ පැවැත්වීම ගැන තීරණය කළ නොහැකි බව ද ගුණවර්ධන මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාගෙන් ම නඩු අහන එක හොඳයි. (ස)
බුදුන් වැඩසිටි සැවත් නුවර දෙව්රම් වෙහෙරේ නම් මෙහෙම අවාසනාවන්ත දේවල් සිද්ධ උනේ නැහැ. (ස)
ඇත්තටම මේවා අපිට අහන්න ලැබෙන්නේ අපේ පවට. පුජ්‍ය පක්ෂය මරණ පරීක්ෂණ පවත්තන්න සම්බන්ධ වෙන්න ඕන අයද? මම පසුගිය දවසක රුපවාහිනියේ දැක්කා විවාහයකට ස්වාමින් වහන්සේ නමක් සාක්කියට අත්සන් කරනවා. (ස)
විවාහෙකට ස්වාමින් වහන්සේ නමක් අත්සන් කලානම් ඒ බුද්ධාගමේ හිමි නමක් වෙන්න බෑ. පන්සල් වල් අලි ඇතිකරන අයගේ ඇත් ගොව්වෝ අලින්ට වද දෙනවා. බලාගෙන ඉන්න බෑ . හෙණ්ඩුවෙන් ඇනල තුවාල හැදෙනවා. (ස)
කැලේ සත්තු කැලේට වෙලා ඉන්න දෙන්නේ නැතිව සමහර අයට දේසපාලන උන හැදුනම වෙන දේවල්. (ස)
ඕක අන්‍යආගමිකයෙක් අතින් වුනානම් අද රටම මල ගෙයක් වෙලා ඉවරයි. (ස)
හොරාගේ අම්මාටම පේනය බලන්න කිව්වා වගේ. (නදී)
දැන් කරන වැඩ බැලුවම ඕක මොකක්ද ? (නදී)
සතාගේ මළකුණට අගෞරව නොකරන්න (නි)
චින්තක , ගිහාන්, විවාහවෙන එක පාපයක් හෝ වරදක් කියලා බුදුදහමේ තියෙනවාද? සිගාලෝවාද සූත්‍රය කියෙව්වා නම් පෙනේවි විවාහ ජීවිතය ගැන කියලා තියෙන දේ (නි)
වනජීවී එක සහ දේශපාලඥයින් අත මේ සම්බන්ධයෙන් විශාල වගකීමක් තිබෙනවා (නි)
සෙලනිකස් ,විවාහවෙන එක ගැන නෙමෙයි මෙතන ප්‍රශ්නය. ගිහියෙකුගේ විවාහයේදී සංඝයා වහන්සේගේ ඊට සමබන්ධ වීමේ සීමාව මොකද්ද කියන එක. (නි)
හාමුදුරුවෝ ගිහියන්ගේ වැඩ භාර ගෙන නොවෙයිද? (නදී)