IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


අලි සබ්රි රහීම්ට මැති සබා කමිටු තහනම්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

රුපියල් කෝටි අටකට ආසන්න වටිනා  රත්රන් සහ ජංගම දුරකතන තොගයක්  ඩුබායි රාජ්‍යයේ  සිට නීති විරෝධීව රැගෙන ඒමේ  සිද්ධියක් සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 75 ක දඩයක් නියමවු පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා  පාර්ලිමේන්තුවේ ඔහු නියෝජනය කරන සියලුම කමිටුවලින්ද ඉවත් කරන ලෙසටවූ  යෝජනාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කතානායකවරයාට පසුගියදා බාර දෙනු ලැබීය.

එම යෝජනාවද පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත.අලි සබිරි රහීම් මහතා  ආචාරධර්ම සහ වරප්‍රසාද කමිටුවද නියෝජනය කරන මන්ත්‍රීවරයකු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

රහීම් මන්ත්‍රීවරයා කර ඇති  විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන්  පාර්ලිමේන්තුවේ ආචාර ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට  විමර්ශනයක් සඳහා යොමු කර ඇති හෙයින් මන්ත්‍රීවරයා කාරක සභා නියෝජනය කරමින් කටයුතු කිරීමෙන් ගැටලු සහගත තත්වයක් ඇති වන නිසා එම විමර්ශනය අවසන් වනතෙක් ඔහු සියලු කමිටු නියෝජනය නොකළ යුතු යැයි  විපක්ෂනායකවරයා එම යෝජනාවෙන් ප්‍රකාශ කරයි.

රහීම්  මහතාගේ එම විෂමාචාර ක්‍රියාව පිළිබඳව අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවක්ද සමගි ජන බලවේගය පක්ෂය විසින්  කතානායකවරයාට මීට පෙර බාර දෙනු ලැබීය.

 

 



අදහස් (2)

අලි සබ්රි රහීම්ට මැති සබා කමිටු තහනම්

C.K.Lankaputhra Tuesday, 12 September 2023 11:41 AM

මෙයා කමිටු වලින් විතරක් නෙවෙයි මුලු පාර්ලිමේන්තුවෙන්ම ඉවත් කරන්න ඕනැ. ආ එහෙමත් කරන්න හොද නෑනෙ, මිනී මරපු එවුනුත් පාර්ලිමේන්තුවේ ඉන්නවානෙ. අනේ සොරි සොරි.

:       0       0

Pradeep Tuesday, 12 September 2023 12:13 PM

වෙන කෙනෙක් වුනා නම් දෙන දඩුවම හිතා ගන්නවත් බෑ. ඇයි එයාගේ මන්ත්‍රී ධූරය නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරුවත් අහෝසි කරන්න බැරි?.

:       1       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 478 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 676 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 403 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 353 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1119 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 207 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40231 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26024 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 287 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1338 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site