ඉන්දියාවේ තම ශාඛාවක් පිහිටුවා, දකුණු ආසියාව ආක‍්‍රමණය කර ජිහාද් ධජය ඔසවනවා යැයි කලක් නිහඬව සිටි අල් කයිඩා ත‍්‍රස්ත නායක අයිමාන් අල් සවහීරී අනතුරු අඟවයි.
අල් කයිඩා නායකයා මෙම අනතුරු ඇඟවීම කළේ විනාඩි 55 ක් දිග එම වීඩියෝ පණිවුඩයක් අන්තර් ජාලයට මුදා හැරීමෙනි.
වීඩියෝ පණිවුඩයේ සඳහන් අන්දමට අල් කයිඩාව ඉන්දියාවේ සිය ශාඛාවක් පිහිටුවීමට සැරසෙන්නේ අසල්වැසි පාකිස්තානයේ සහ ඇෆ්ගනිස්තානයේ කි‍්‍රයාත්මක තලේබාන් ඉස්ලාමීය ත‍්‍රස්තවාදීන්ගේ සහාය ඇතිවය.
ඔසාමා බින් ලාඩන් නායකත්වය දැරූ අවදියේ දී අල් කයිඩාව ලොව අංක එකේ බිහිසුණුම ත‍්‍රස්ත සංවිධානය විය. එහෙත් ඇමෙරිකාව බින් ලාඩන් සොයා මරා දැමීමෙන් පසු අල් කයිඩාව දුර්වල විය. නව නායක ලෙස පත් කෙරුණු අල් සවහීරී කි‍්‍රයාකාරී නොවන නායකයකු බවට ප‍්‍රචලිත විය.
අල් කයිඩාව සමඟ එක් වී, ඉරාකයේත් සිරියාවේත් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන අයි.එස්.අයි.එස් එසේත් නැතිනම් ‘ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඩි සිරියා’ නමැති ත‍්‍රස්ත සංවිධානය, දැඩි අන්තවාදී මඟකට යොමු වූයේ එම දුර්වල නායකත්වය නිසා යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
දැඩි මතධාරීන් ලෙස අන්තවාදී මඟකට යොමු වී සිටින හෙයින්, අල් කයිඩාව, අයි.එස්.අයි.එස් සංවිධානය සමඟ සියලූම සබඳතා අත්හැර දැම්මේය. අද වනවිට ලොව අංක එකේ ත‍්‍රස්ත සංවිධානය වී ඇත්තේ අයි.එස්.අයි.එස් සංවිධානයයි.
අල් කයිඩා නායකයා ඊයේ එම වීඩියෝ පටය නිකුත් කළේ තමන්ට අභියෝගයක් වී ඇති අයි.එස්.අයි.එස් සංවිධානයට එරෙහිව තම බලය තහවුරු කර ගන්නා බව පෙන්වීමට යැයි ඇමෙරිකානු විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
අල් කයිඩා නායකයාගේ වීඩියෝ පණිවුඩය විශ්ලේෂණය කළ ඉන්දීය බුද්ධි සහ ආරක්ෂක අංශ පවසා ඇත්තේ, මෙය පුදුමයට කරුණක් නොවන බවත් අල් කයිඩා නායකයාගෙන් මෙවැනි ප‍්‍රකාශයක් තමන් බලාපොරොත්තු වුණු බවත්ය. කෙසේ නමුත් රටේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බව ද ඉන්දීය ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා ඇත.
(ඒ එෆ් පී ප්‍රංශ පුවත් සේවය)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බණ්ඩාර, ඔයා හරි (නි)
ඔක්කොටම පිස්සු වෙන්න ඕන දේ නැති කරන්න බැහැ (නදී)
දැන් ෆොන්සේකා ගේ අගේ දැනෙනවා. (නදී)
මෙච්චර කාලයක් නොදැක්කා වගේ හිටියා නේද? (නදී)
මම නම් දකින්නේ මෙය සිදුවිය යුත්තක් ලෙසයි (නි)
අල්කයිඩාව බිහිකළේ කවුද? (නි)
අනේ එන්න අපිත් මේ බලන් ඉන්නේ ඔයාලව පිළිගන්න. එක්කෙනක් අවුරුදු 30 දඟලලා සෙත්තපොචිචි උනා. ඊලඟ වාරේ ඔයාලට වෙන් කරලා තියෙන්නේ. පාඩමක් ඉගෙන ගත්තොත් ඒ ඉන්දියාවෙන් සහ අපෙන් තමයි (නදී)
මීට වඩා අයියා කෙනෙකුටත් අපි පාඩමක් ඉගැන්නුවා. ඔයත් එන්නකෝ (නි)
ඔක්කොම කටින් තමා පාකිස්තානෙත් (නි)
අල්කයිඩාව මට්ටු කරන්න තවම එකෙක් ඉපදිලා නැහැ. ඇමෙරිකාවටත් රිදෙන්න දුන්න කට්ටිය තමා ඔය (නදී)
ගස මුල් අද්දිනට පෙර උදුරලා දැම්මොත් අපි දිනුම්. බොහෝ දුරට දැනටමත් ලංකාවෙ මොවුන් සිටීමට පුළුවන. ඕනෑම කෙනෙකුට කිසිම කරදරයකින් තොරව ලංකාවට පැමිණිය හැකිය. හමුදාවේ දක්ෂ නිලදාරීන් එකතු කර බුද්දි අංශයක් රටපුරා ව්‍යාප්ත කිරීමට කාලය එලඹ ඇත. (නදී)
අපේ රටේ අයත් යථාර්ථවාදීව මේ ප්‍රශ්නය දෙස බලවනවා නම් හොඳයි (නි)
ශ්‍රී ලංකාව තුළ අල්කයිඩාවට අවස්ථාවක් නොමැත (නි)
මීට වැඩිය ලොකු කෙනෙකුටත් වැඩ වැරදුනා. හරි එන්නකෝ බලන්න (නි)
ත්රස්තවාදීන්ගේ මම දකින ප්‍රධාන වෙනස නම් කොපමණ අන්සතු ජීවිත අහිමි කළත් තමාටත් තම දරුවන්ටත් ආදරය කිරීමයි.මොවුන් බියගුළු මානසික රෝගීන්. (නි)
මේක ඇමෙරිකාව විසින් අමෙරිකාවේ උවමනාවට හදපු සංවිධානයක්. අද ඒ අය ඇමෙරිකාවටම විරුද්ධවෙලා නිසා තමයි මේ අවුල. මුස්ලිම් හා ක්‍රිස්තියානි ආගම් අතර කෙරෙන කුරුස යුද්ධය අද දකුණු ආසියාවේ හින්දු , බෞද්ධ සංස්කෘතිය ආක්‍රමණ කරන බවට කරන තර්ජනයක් තමයි ඔය තියෙන්නේ. විශේෂයෙන් මැදපෙරදිග තම වාසස්ථාන අහිමිවීම නිසා හා අනාරක්ෂිත වීම නිසා වඩාත්ම ලගින් හා වඩාත්ම ආරක්‍ෂිත දකුණු ආසියාවට පසුබසින්න කල තීරණයක් හැටියට තමයි ඔය තීරණය(තර්ජනය) සලකන්න වෙන්නේ. (නදී)
කවදාහරි ලෝකය විනාශ වෙන්නේ මේ වැඩ නිසා තමයි (නි)
ලෝක විනාශය අත ළඟයි වගේ. (නි)
අහිංසක සාමකාමී මුස්ලිම් ජනතාවත් මේ සිදුවීම් නිසා කුපිතවෙනවා (නි)
පක්ෂ බේදයකින් තොරව ආගම් ජාති බේදයකින් තොරව ලාංකික අපි එකට එකතු වුණොත් මේ බලවේග පරදවන්න පුළුවන්. (නි)
අපිත් ඉක්මනින් නිවැරදි තීරණයක් නොගත්තොත් ඉදිරියේදී ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් (නි)
බන්දුල පෙරේරා කියන කතාව හරි. (නි)
රට රටවල නායකයින් තම තමන්ගේ කේන්දරය බලාගත්තොත් හොඳයි වගේ (නි)
ඔය එනවා කියන්නෙ නිල වශයෙන්නෙ. මේ වෙනකොට මෙයාලා දකුණු ආසියාවෙ විතරක් නෙමෙයි, හැමතැනම වගේ ක්‍රියාත්මකයි. මුලු ලෝකයටම විනයක් වූ අන්තවාදී ත්‍රස්තවාදයටත් හොඳ පිළිතුරක් දෙමු. (නි)
හැම මුස්ලිම් කෙනෙක්ම ත්‍රස්තවාදියෙක් නොවෙයි. (නදී)
ජයා මහත්තය දැකපු පොන්සේකා හිටියේ ඉස්සර. දැන් ඉන්නේ වෙනම චරිතයක්. දර්ඝා ටවුන් එකේදී සාමකාමී බොදු බලේ පෙරහරට අන්තවාදීන් පහර දුන්න එක ගැන මෙයා කියපු කතාව ඇහුවනම් හතර විලි ලැජ්ජාවේ පන යනවා. ඒ එයාලගේ බල ප්‍රදේශ ලු මොකටද ඒ මැදින් පෙළපාලි ගියේ කියල අහනවා. ගියානම් ඉතින් කොහොමත් කන්න වෙනවලු. තරු පටි නෙමෙයි තියෙන අනෙක් ඒවත් ගැලවිලාද කියල හිතුන මට නම් ඒ කතාවට. (නදී)
අල්කයිඩාවට කඩේ යන්න එපා (නදී)
බන්දුල පෙරේරා හරි. ස්තුතියි!(දිල්)
මෙයාලා ලංකාවේ නම් කොඩි ගහන්න එන්න හිතන්නෙ නැහැ අපේ කොල්ලන් ප්‍රභාකරන් ගෙනා හැටි මතක තිබේ නම්.අපේ කොල්ලන්ගෙන් තමයි මේ අය මට්ටු වෙන්නේ (නි)
දැන් මේක වසංගතයක් වගේ වෙලා (නි)
පකිස්ථානයේ අස්ථාවරත්වය නිසා උතුරු ඉන්දියාවට ප්‍රහාර එල්ල වෙන්න ඉඩකඩ වැඩ්යි. බටහිර පැත්තේ අරාබි මුහුද. මේ නිසා ඉන්දියාවටත් තියෙන්නේ පරණ දේවල් අමතක කරලා ලංකාවත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න. අඩුම තරමින් දකුණු පැත්තෙන් හරි යම් අස්වැසිල්ලක් තියෙනවනේ. (නදී)
එහෙනම් අපේ ලංකාවෙත් කට්ටිය සුදානම් වෙලා ඇති. මේ එන පොට හොද නැහැ... (ස)
නානා ඔය දජය ඉන්දියාවේ එසව්වට කමක් නැහැ හැබැයි ලංකාවට නොපෙනෙන උසකට. එහෙම නැති උනොත් ඔයාට වෙන්නේ ප්‍රබකරන්ට උන එකේ අනිත් එක (නදී)
අන්තවාදය මුලු ලෝකයටම පිළිලයක් වෙන හැඩයි. (ස)
මේ මිනිසුන්ගේ එක එක වැඩ නිසා කැපෙන්නේ අපේ ආගම විතරයි. ඉස්ලාම් ආගමේ උතුම් භාවය කන පිට දාපු ගෞරවයත් මෙයාලට තමා අයිති වෙන්නේ. (ස)
අපේ බුද්ධිඅංශ අවදියෙන් සිටිය යුතුයි. බොහෝ දේවල් අප රටට එන්නේ අසල් වැසියාගෙන්. (ස)
ලංකාවේ ඉන්න මේගොල්ලන්ට සහය දෙන අයත් දත් මැද මැද ඉන්නේ! (ස)
මේගොල්ලෝ ලංකාවට එනව,ඉන්නවා කියපු අයට අන්තවාදී ලේබලය අපේ සර්වාගමික මෝඩයෝ ගැහුවා.දැන් මේකට මොකද දන්නේ නැහැ ඒගොල්ලෝ කියන්නේ? (ස)
එන්න කියමු. දරුණු කොටින්වත් නැති කරපු අපිට ඔය අල් කයිඩා හරි පල් කයිඩා හරි එකෙක්වත් ලොකු නැහැ (නදී)
ලෝකයටම හිසරදයක් වූ ත්‍රස්ථවාදය අතුගා දැමිය යුතුයි. අදම එය කළයුතුයි. සියළුම රාජ්‍ය නාකයන් එකට නැගී සිටිය යුතුයි. ලොව හලාල් මාපියාව කුඩු සිගරට් හොර ක්‍රෙඩිට් කාට් සහ මොවුන්ට ආධාර දෙන රටවල්ද අවසන් කළ යුතුයි.(නදී)
ලුම්බිණි කතාව නම් මසුරන් දහසක් වටිනවා. ඔයා හරි ඕක දැන් මුලු ලෝකෙටම ඔඩු දුවල තියෙන්නේ. අන්තවාදී කොටස් හැම ජාතියකම ඉන්නවා. අපිත් අනුමත කරන්නැහැ. නිස්කාරනේ මිනිස්සු මරන්ඩ හෝ වධ දීම හෝ මනුස්සයෝ වශයෙන් කොහොමද එ්කට සහයෝගය දෙන්නේ (නදී)
එන පොට හොඳ නැහැ, අපි සුදානම් වෙලා ඉමු අපේ පුංචි ලංකාව රැක ගන්න. (නදී)
මේ ලොක්ක අන්තිම කාලේ පිනක් දහමක් කරගෙන ඉන්නේ නැතුව මොනවා කරන්න හදනවද මන්දා. අපේ සීයටත් වඩා නාකි පොරක්නේ (නදී)
අන්තවාදීන්ට (ත්‍රස්තවාදයට) පිළිතුරු දිය යුත්තේ අවියෙන් මිස සාමයෙන් නොවෙයි. මේ මගේ මතයයි. (නදී)
බංකොලොත් වෙන රට වල උපක්‍රමයක් වෙන්න බැරිද? (නදී)
ආගමේ නමින් අපරාධ කරන එක අද ලෝකයේ සියලුම දෙනා එක්වී නැවැත්විය යුතු දෙයක්. (නදී)
මම නම් කියන්නේ අපේ නැගෙනහිර පළාතෙත් ආරක්ෂක හමුදාව වැඩියෙන් යොදවන්න කියලා. දෙයක් උනාට පස්සේ කියවලා වැඩක් නැහැ වෙන්න ඉස්සෙල්ලා වල්ක්වා ගන්නවා මිසක්.(නදී)
අපේ රටත් සීරුවෙන් තැබිය යුතුයි. අරාබිකරයෙන්, පකිස්ථානයෙන් එන අයව විශේෂයෙන් සෝදිසි කරන්න ඕනේ. (නදී)
මට නම් අර ජයලලිතා නෝනව සත පහකට විස්වාස නැහැ. (නදී)
කොහේ හිටියත් කමක් නැහැ ලංකාවට නම් එන්න එපා අපිට තියෙන ප්‍රස්න හොදටම ඇති. (නදී)
ශත වර්ෂයක් පමණ ලංකාවේ විදිහට ජීවත් වුනු තම දහම ඇදැහූ මිනිසුන් කොට්ඨාශයක් දහමේ අන්තවාදී ලක්ෂණ මුසු කරගනිමින්, අධිකරණය හරහා සාධාරණීකරණය කර ගනිමින් යන ගමන ගැන අවධානයෙන් පසු විය යුතුයි (නදී)
කොහෙන් නොකෑවත් ලංකාවෙදී කට්ටිය කනවා. ඥානසාර හාමුදුරුවනේ කොඩිය අතට ගම්මු. (නදී)
සුන්නි අන්තවාදීන් ෂියා අයව මරල කෑ ගහනවා. ෂියා අය සුන්නි අයව මරල ඒ වගේම කෑ ගහනවා. දැන් අල්කයදා හා අයි.එස්.අයි.එස් මරාගන්න හදනවා. කාටද පිස්සු? (නදී)
අපිට නම් බය වෙන්න දෙයක් නැහැ. අපේ සේනාව ඉන්නවනේ. (නදී)
සමන් අහල තියෙන්නේ වැදගත්ම ප්‍රශ්නයක්. සර්වාගමික පුට්ටු කාරයින්ට මෙන්න හොද අවස්තාවක්. ඉන්දියාවට ගිහින් අල්කයිඩාව සමග සහජීවනය පතුරන්න. (නදී)
ලෝකෙම යුද පිට්ටනියක් වෙයි මෙහෙම ගියොත්.අසරණ මිනිසුන් කොච්චරනම් දවසකට මියයනවද යුද්ධය නිසා. හැම යුද්ධයකටම මුල්වෙලා ඉන්නේ මේ අන්ත්වාදින්නේ. (ස)
මෙයාල එනවා නෙමෙයි දැනටමත් ඇවිත් ඉන්නේ. කට්ටිය බෙලි කපන කොට ඔය සර්ව ආගමික ලේබලය පිටේ ගහගෙන බේරෙන්න ලැබෙන්නේ නැහැ. මෙයාල සර්ව ආගමික නැහැ. මෙයාලට තියෙන්නේ එක ආගමයි. ඒකට ගියොත් නම් යන්තම් බෙල්ල බේර ගන්න පුළුවන් වේවි. හැබැයි ඉතින් වටරැක හාමදුරුවෝ කරගත්ත එක කරගන්න නම් වෙනවා අමාරුවෙන් හරි. (නදී)
නිසාර්, ඔයගොල්ලෝ ඊශ්‍රායලයට විරුද්දව පාරට බැහැල මහා විප්ලවයක් වගේ එකක් කළා. (නදී)
මේ වැඩේටත් දේශපාලන බල පෙරේතයන් සිටින ලංකාවම තෝරා ගනීද දන්නේ නැහැ. එහෙම කලත් එ්කටත් ආවඩන්න කට්ටිය මෙහෙ ඉන්නවනේ. සහජීවනයේ නාමයෙන් අපිට කටවහගන ඉන්න පුළුවන්නේ. (නදී)