අධිකරණ සේවා කොමිසමේ ලේකම්ට පහර දීම හෙළා දකිමින් අලූත්කඬේ උසාවිය ඉදිරිපිටට මල් වඩම් හා මිනීපෙට්ටි රැගෙන ආ නීතිඥවරු එහිදී මිනීපෙට්ටියකට ගිනි තැබූහ. අධිකරණ සේවකයෝද විරෝධයට එක්වූහ.
ගල්කිස්ස,දඹුල්ල,කැකිරාව,බදුල්ල,හලාවත අධිකරණ ඉදිරිපිටදීද විරෝධතා පැවැත්විණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඔක්කොටම පිස්සුද ? මොනවද දන්නේ නෑ මේ අය ඉගෙනගෙන තියෙන්නේ (ස)
ලෝකෙන් උතුම් රට ලංකාවයි. (නි)
කලු කෝට් අතරේ රතු ෂර්ට්ටුත් තියෙනවා වගෙයි. (නි)
ලංකාවට නීතිය, අධ්‍යාපනය වැඩක් නැහැ. (නි)
ඇත්තටම මැරයන් ගැන කිසිම ආරංචියක් නැහැ නේද? (නි)
ඔයාලා පෙළපාලි යනකොට පොලිස් මහත්වරු නිදිද? (නි)
නීතියේ ආධිපත්‍යය විනාශ වීම රටකට බොහොම භයානකයි. (නි)
අර දෙන්නව දැක්කහම උද්ඝෝෂණයත් නිකන් විහිළුවක් වගේ පෙනෙන්නේ. (නි)
අපොයි! මෙයාලත් මෙච්චරටම උගත් මෝඩයින් පිරිසක් කියලා අපි දැනගත්තේ අදනේ. (නි)
පොලීසියෙන් අල්ලයි කියලාද මේ 8 වෙනි පින්තූරේ '' අත නොතබනු '' කියලා තියෙන්නේ (ස)
මේක තමයි දැන් අලුත් පැෂන් එක. (නි)
ඔක්කොටම පිස්සු (ස)
මෙයාලත් දැන් මහජනතාව අනුකරණය කරනවා (අ)
ඒ වැරදිකරුවන් අල්ලා ගැනීමට අති ගරු ජනාධිපතිතූමා නියෝග නිකූත් කර තිබියදිත්, මේ වගේ උද්ඝෝෂණ වලින් අහිංසක මිනිසූන්ම අපහසූතාවයට පත්වෙනවා මිසක් පළක් තියේද? වැරදි කරපු අයට දඩුවම් කරලා වැරදි කරන අයට දඩුවම් දීමට නීති රීති දැඩි කරන්න? (නි)
මෙහෙමත් විකාර! (නි)
සමහරුන්ට ආරාධනා අවශ්‍යත් නැහැ. (නි)
අවුලක් කොතැනද, වික්‍රමබාහු එතැන... (නි)
ආ මේ අරයත් ඉන්නේ... (නි)
අනේ අර දඹුල්ලේ පෙරකදෝරු මහත්වරු ටිකද ? හරිම දේශීයයි නේ (ස)
නීතිඥවරුනි, අහෝ දුකකි ! ඔහෙලා පිස්සු නැටුවාට, මිනිස්සුන්ට ඔයාලාට සල්ලි දෙන්න බැරුව, නීතිඥවරු එකතුවෙලා නඩු අවුරුදු ගණන් ඇදගෙන යනකොට, ඔය අමාරුව නැහැ නේද? අධිකරණ සේවා කොමිසමේ ලේකම්ට ගහපු කෙනාට දඩුවම දෙනගමන්, නීතිඥවරුන් ගන්න සල්ලි වලට රිසිට් කඩන්න ඕනෑ කියලා, තියෙන වත්කම් වලට බදු ගෙවන්න ඕනෑ කියලා රජය යෝජනාවක් දැම්මොත්? කොල්ලනේ, එයාලා නිකන්ම සයිලන්ට් වේවි. (නි)
තමන්ට හෝ තමාගේ පාර්ශවයකට තර්ජනයක් මතුවුවහොත් පමණයි ඔහුන් සිතනුයේ රටේ කාලීන සමාජ ධර්මතාවය තමාට ද පොදුයි කියා. එතෙක් ඔහුන් තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයේම නිරත වෙයි.(ස)
ආසියාවේ ආශ්චර්යය..!(නු)
අයුක්තියට අසාධාරණයට එරෙහිව සටන් කිරීම මෝඩකමක් නොව නිර්භීතකමකි. (නි)
ඉගෙන ගත්ත අය නේද මේ.. වික්‍රමභාහුත් ඉන්නවා නේද? මෙයාලම ගහගෙන අනුන්නට ගිනි අවුලන්න අදනවා වගේ... අන්න ලිබියාවෙ මිනිසුන් දැං කම්පා වෙනවා කරපු මෝඩ වැඩේට.. (නු)
මැල්කම්, ඔයාගේ කතාව මට තේරෙන්නේ නැහැ. (නි)
අරයා නොහිටිය එක හොදයි. හිටියා නම් පරාල ඇණයි, බෝල්පොයින්ට් පෑනුයි තමයි. (නි)
උගත් කට්ටිය මෙහෙම වැඩ කරනවද? (නි)
ඇයි පඩි ප්‍රශ්නෙට විතරක් යුද්දේ ප්‍රකාශ කරන මහත්වරු මේවගේ ප්‍රශ්නෙකදී කට වහගෙන නො නොදැක්ක වගේ ඉන්නේ . (ස)
කඳුළු ගෑස් ටිකක් මඩ වතුර ටිකක් පළාතකවත් නෑ මොකද අමතක උනාවත්ද ??? (ස)
අනේ ශ්‍රී ලංකාව
මෙයාලත් මෝඩයෝ වෙලා (ස)
මෙතනත් දේශපාලනේ ගෑවිලානේ ඇයි මෙයාලාට ස්වාධීනව මේ විරෝධතාවය කරගෙන යන්න බැරි. එතකොට තමයි මිනිස්සුන්ට තේරෙන්නේ විරෝධතාවයේ අගය , මේකට දේශපාලුවන්ගේ මූණු ඇවිල්ලා කියලා දැක්ක තැන ඉදලා නිවුස් එක් පැත්තකින් තියලා එයාලට බනින එකයි, කරන්නේ මේ වගේ උද්ඝෝෂණ වලට දේශපාලුවන්ට එන්න දෙන්න එපා (ස)
හෙලා දැක්කා කියන්නේ මොකද්ද ? කරපු අයට දඩුවම්ට නොදී (ස)
මට වැදුනමනේ රිදෙනවා කියලා දැනුනේ ..... (ස)
මේ දේශපාලකයෝ නැති තැනක් නෑ ,(ස)
ඔය පැනලා තියෙන්නේ බළලා මල්ලෙන් එලියට . දැන් තේරෙනවා ඇත්ත මොකද්ද කියලා . රතු ඇදන් ඉන්නේ කවුද ඔය ???? (ස)
මේ උගත් නීතිඥ මහත්වරුත් ගිනි තියලා විරෝධය පානකොට සාමාන්‍ය මිනිස්සු මොනවා කළහම මොකද? (නි)
ජනතාවට දැන්නම් තේරිලා වගේ...ඔහොම යන් .ඔහොම යන් ,(ස)
දඹුල්ලනම් නියමයි , අනිත් අයටත් හොඳයිනේ (ස)
අධිකරණයේ අයටත් පිකටින් කරන්න තහනම් කරන්න අධිකරණ නියෝගයක් ගන්න පොලීසියට ක්‍රියාකරන්න තිබුණා. මේකත් ආණ්ඩු විරෝධී වැඩක්නේ. ඔහොම යන්... (ස)
උත්තරීතර මිනිස්කමට නිග්‍රහ නොකරනු. සත්‍යය ආරක්ෂා කරනු! (නි)
පිස්සු (ස)
පළාත් සභා ක්‍රමය නිස මේ රටේ මිනිස්සු සැහෙන අපහසුතාවයට පත් වෙලා තියෙන්නෙ. පළාත් සභා ක්‍රමය අහෝසි කරන්න බැරි නම් අඩුම තරමින් එවයේ බලය අඩු කරන එකත් හොද දෙයක්. එකට අධ්කරණය බධාවක් වෙනව නම් එ බධාව හොදින් හෝ නරකින් ඉවත් කල යුතුයි. ජනතාවගේ දුක නොතේරෙන අධ්කරණ පද්ධතියකින් ඇති වැඩේ කුමක්ද???? (ස)
අනේ අම්මේ අරයගේ හිනාවමයි ........... (ස)
ජය වේවා ! ජය වේවා !! කාටද ?? මොකටද ??? (ස)
දඹුල්ල?? (ස)
ලස්සනම වෑඩේ කියන්නෙ වෑසිකිලියක් කඩාගෙන වෑටුනත් කට්ටියක් ඉන්නව දුවගෙන එනවනෙ හෑම තැනටම. (ස)
ලංකාවේ නම් ජකත කරනවා (දී)
අනේ කවුරුහරි මට කියනවද ඊයේ රෑ කොළඹට ගිගිරුම් සහිතව හෝ රහිතව වැස්සද කියලා? (නි)
සරසවි කොල්ලන් ටිකක් කළා නම් පොලිසියෙන් සම්බුව, උසාවියෙන් හිරගේ... ඔහොම යන්කෝ. (නි)
රටේ වත්මන් තත්වය ගැන කනගාටුයි
රටක බුද්ධිමත් නීතිගරුක මහත්වරුන් සාමාන්‍ය ජනතාවට දෙන නියම ආදර්ශ.... (නි)
දඹුල්ලේ සිද්ධිය අන්තිම කැතයි නේ .......,(ස)
මෙයාලගේ උද්ඝෝෂණ නිකන් සෝඩා බෝතලය වගේ. එක්කෙනාට එක්කෙනෙක් නැහැ. (නි)