බෙල්ලන්විල පෙරහැරේ ගමන් කළ හේමන්ත නම් ඇතා කුලප්පුවීමෙන් වාහන 3 කට පමණ අලාබ හානි සිදු වී 20 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
ඇත් ගොව්වෝ ඇතා මෙල්ලකර බැඳ දමා ඇත.
(ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)
(ඡායාරූප එච් ඩී ධර්මපාල)
බෙල්ලන්විල පෙරහැරේ ගමන් කළ හේමන්ත නම් ඇතා කුලප්පුවීමෙන් වාහන 3 කට පමණ අලාබ හානි සිදු වී 20 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
ඇත් ගොව්වෝ ඇතා මෙල්ලකර බැඳ දමා ඇත.
(ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)
(ඡායාරූප එච් ඩී ධර්මපාල)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි. පෙරහැරට අලි අවශ්‍ය නැත. එය සත්ත්ව හිංසාවක්. අපි බෞද්ධ වුනු පලියට හැමදේම අනුමත කළ නොහැක. (ස)
ඇතා බෞද්ධ සංස්කෘතිය හා බද්ධ වුනේ කවද ඉදලද කියල දන්නා කෙනෙක් ඉන්නවනම් පැහැදිළි කරලා දෙන්න. (අ)
නිමල්සිරි බෙල්ලන්විල පෙරහරට ආලෝකය සපයන්නේ කොප්පරා පන්දම් වලින් නොවේ.මිනිසුන් කර උඩ තබාගෙන යන විශාල ලාම්පු විශේෂයකින්.ඒ නිසා ගිනිඅගුරු පෑගෙන්න විදිහක් නැහැ.(අ)
අනේ අහිංසක සතාට දෙන වදයක්! (නි)
පෙරහරේ ගෙනයන අලි සංඛ්‍යාව පුළුවන් තරම් අඩු කරගත යුතුයි. ගොඩාක් දුර ඉඳලා සතුන් අරගෙන එනවා දවස් ගණන්. (නි)
අපේ රටේ බහුතරයක් බෞද්ධයන් බෞද්ධ දර්ශනයයි සංස්කෘතියයි පටලවාගෙන. (අ)
පියතිලක, ගුණසිරි, ප්‍රසන්න. නන්දසිරි, රජකාලෙ ඉදන් ආපු දේවල් ඔයාලට වෙනස් කරන්න බෑ. ඒක තේරුම් ගන්න. බෙෘද්ධ සංස්කෘතිය, කාටවත් වෙනස් කරන්න බෑ. බෙෘද්ධ නෙමෙයි නම් කට පියන් ඉන්න (අ)
දැන් ඕනෑතරම් වාහන තියෙන්නේ සරසල ගෙනියන්න. අනික දැන් අලි සාස්තරේ හරියට දන්නා මිනිස්සු නෑ(අ)
පෙරහරට අලි ගෙන එක මෝඩ වැඩක්. මේ සත්තුන්ට නිදහසේ සතුටින් ඉන්නදෙමු . (අ)
පරණ වුණත් චින්තක කියන දේ හරි. සෑම පෙරහැරකම සංවිධායකයන් ඇතින්නක් වැඩිපුර තියා ගන්න ඕනේ. (අ)
මද කිපෙනා කාළේ නම් ඇත් ගොව්වාට තේරෙනවා ඇතිනේ . ඇයි දැන දැනම පෙරහරේ ගෙනිහින් තියෙන්නේ ? බලන්නකෝ වුණ විනාසේ. ජීවිත හානියක් නැති වුණේ තෙරුවන් ගුණ බලයෙන්ම වෙන්න ඕන. (අ)
අනේ අහිංසක සතාට දෙන වදයක්. මමත් හොඳ බෞද්ධයෙක් . හැබැයි පොතේ බෞද්ධයෙක් නෙමෙයි. වැරදිදේ වැරදි හැටියටත් හරි දේ හරි හැටියටත් දකින කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළෙත් එයයි.(අ)
මේ අලියා කුලප්පු වෙලා තියෙන්නේ මද කිපිලා නෙමෙයි. ඌට ගිනි අගුරු පෑගිලා හරි. කොහේ හරි ඈත පළාතක ඉඳන් පයින්ම ගෙනල්ලා මහන්සියට හරි වෙන්න ඇති. මද කිපිචිච අලි ගැන පරණ චින්තකට වඩා ඇත්ගොව්වො දන්නවා ඇති කියලා හිතනවා. එහෙම සත්තුන්ව ගේන්න තරම්ම මෝඩ නැහැ ඒ මිනිස්සු. (අ)
චමල්,, අලින්ව යදමින් බැඳලා ගෙනියන්නේ දෙගොල්ලන්ගේම ආරක්ෂාවට නොවේ. මිනිසුන්ගේ ආරක්ෂාවටයි. කැලේ නිදහසේ සිටිය යුතු සත්තු යදමින් බැඳ ආරක්ෂා කරන්න අවශ්‍ය නැහැ. යදමින් අලින්ට හානියක් නැහැ කියන්නේ කොහොමද? ඒකවත් තේරුම් ගන්නේ නැතුව පෙරහැර සංස්කෘතියක් ගැන කියලා වැඩක් නැහැ. (ස)
පෙරහැර සංස්කෘතිය හොඳයි. අලි අයින් කරන්න. ඒ වෙනුවට විකල්ප වාහනයක් ගන්න. එතකොට සත්ව හිංසාවකුත් නැහැ. මර බයේ ගැහි ගැහි පෙරහැර බලන්න වෙන්නෙත් නැහැ. ළමයෙක් එහෙම පෙරහැර බලන්න ගිහින් අලි පාගලා මැරුනොත් එදාට තේරෙයි රඟේ. (ස)
කැලේ ඉන්න ඕනෑ අහිංසක සතුන්ට දෙන වදහිංසා අනුමත කරන්න බැහැ. සතුන්ට මෙහෙම සළකන එක වැරදියි. (නි)
අලි කුලප්පු වෙන්නේ මද කිපෙන කාලෙට. එවිට ඌට තේරෙන්නෙත් නෑ කරන්නේ මොනචාද කියල. එකම බෙහෙත ගැහැණු සතෙක් දීම. (ස)
චින්තකගේ මොලේ 50% වැඩ නෑ. මගේ මොලේ 75% විතර වැඩ නැහැ.එක පාර්ශිකව අදහස් දැක්වීම ගැන මට සමාවෙන්න. (ස)
ලංකාවේ පෙරහැර සංස්කෘතිය නැති කරන්න පිරිසක් බලාගෙන ඉන්නවා. අලියෙක් කුලප්පු වීම ඉතාමත් විරලව සිදුවෙන දෙයක්. අලියව යදමින් බැඳලා අරන් යන්නේ දෙගොල්ලන්ගේම ආරක්ෂාවට. එකෙන් අලියට හානියක් නැහැ. අලියෙක් කුලප්පු උන වෙලාවට අපේ මිනිස්සු තව තවත් කුලප්පු කරනවා . අනේ මහලොකු අවිහින්සාවාදියෝ. (ස)
සතුන් (අහිංසක) යොදා කරන මේ බෞද්ද වැඩ බෞද්දයෙක් වශයෙන් කිසිසේත් අනුමත කල නොහැක. (අ)
චින්තකගේ මොලේ වැඩ නෑ වගේ (අ)
චින්තක,මට හිතෙන්නේ ඔබයි වැරදි. අලියා කියන්නේ ලෝකයේ රටවල් සීමිතයක ජීවත් වෙන වදවී යන වටිනා සතෙක්. සංස්කෘතිය නිසා පරිසරය විනාස වීම නොව රැකීමයි සිදුවිය යුත්තේ.අලි හීලා කිරීම නිසා උන්ගේ ස්වභාවික ජීවන රටාව,හැසිරීම,බෝවීම ආදී සියල්ල වෙනස් වෙනවා. (අ))
මට සමාවෙන්න (අ)
ලුම්බිණි,අලි කුලප්පු වෙනවා එක කාලයකට.ඒ හේතුවට, පෙරහැර සංවිධායිකයින්ට නම් විසදුමක් නැහැ.ඇත් ගොව්වට නම් කරන්න තියන දේ, අලියව ගස් බදින එකයි. (අ)
පියතිලකට සහ ගුනසිරිට චින්තක කරන චෝදනාව වඩා ගැලපෙන්නේ චින්තකටමයි.කකුල් යදමින් බැඳලා ගෙනියන එක සත්ව හිංසාවක් නොවේද.කාටවත් හිරි හැර නොකොට අපිට රකින්න සංස්කෘතික අංගයන් කොච්චර තියෙනවද.දෙවරක් හිතන්න චින්තක. (අ)
පියතිලකගෙයි, ගුණසිරිගෙයි මොළය වැඩ කරන්නේ බාගයයිද කොහේද? පෙනෙන්නේ එක ඇහැයි. රටේ මෙච්චර සත්තු මරද්දී රටේ ප්‍රධානම සංස්කෘතික අංගයක් වෙන පෙරහරේ යන අලියා ගැන දොඩවනවා. (නි)
දැන් මේ අලාභහානි සිදුවූ වාහන වලට වන්දි ගෙවන්නේ කවුද? වාහන රක්ෂණය කර ඇති රක්ෂණ ආයතන කියයිද දන්නෙ නැහැ අලියාගෙන් වන්දි ඉල්ලා ගන්න කියලා...... (නි)
දැන්වත් සතුන්ට නිදහසේ ඉන්න දෙන්න. (නි)
ඇතෙක් කුලප්පු වෙන්නේ නිකම්ම නොවෙයි. මේකට මොකක්හරි හේතුවක් ඇති. පෙරහැර කරන අය මීට වඩා සැළකිළිමත් විය යුතුයි. (නි)