වම් පාදනයට වැදුණු වෙඩි පහරක් නිසා ලොකු ගෙඩියක් හැදී ඇවිදීමට නොහැකිව වේදනාවෙන් පෙළෙන අලියකු අම්පාර දමන පන්නල්ගම සිටින බව ගම්වාසීහු කියති.
ගැමියෝ අලියාට පොල් අතු හා කොස් අතු ගෙනවිත් දෙති.
පශු වෛද්‍ය වීජීඑම් පුෂ්පකුමාර මහතා පැවසුවේ අලියාගේ තුවාලය බැරෑරුම් බවයි. ප්‍රතිකාර ඇරැඹූ බව ද ඔහු පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතාට කොච්චර වේදනා ඇද්ද.(දිල්)
මේ සතා තරහෙන් ඉන්නේ.. නිර්වින්දනය කරලා තුවාලේ පිරිසිදු කරලා බේත් දාන්න ඉක්මනින්.. දුක් විඳින්න අරින එක පවු. මේ වගේ බේරුනේ දළ නැති නිසා. (දිල්)
මුගේ වලිගෙත් කපාගෙන නේද?පව් වැඩ (දිල්)
අලියාට ඇවිදින්න බැහැ. වේදනයි. වලිගෙ හපාගෙන ඉවසන්න බැහැ. පරාජය අත ලඟයි. ඌ මේ කිවේ ඌව ගැනයි. (අ)
මොනවා වුනත් ගම වැසියෝ අනුකම්පා කරන එක සතුටට කරුණක්. වන ජීවී එකට කියන්න ඉක්මනට බෙහෙතක් කරන්න කියා. (අ)
කොහොම හරි මේ සතාව බේරගන්න වැඩ පිලිවලක් යොදන්න. මේවා හෙනග හන අපරාද. අහිංසක සතෙකුටවත් ඉන්න දෙන්නේ නැහැ ප්‍රදාන දේ හරි නීති නැතිකම. (නදී)
මේවා දකින්න අපි පව් කරලා. මෙයාව ඉක්මනින් සුවපත් කරන්න ඔබලාට පින්. (නදී)
අලියට වෙඩි තබපු පව්කාර යක්කුනේ. ජාති ජාති හෙන ගහනවා මෙහෙම අලි මරනවට. ඕනේ නම් දන්නා කියන අයගෙන් අහල බලන්න ලංකාවේ හිටපු වැඩිම අලි මරපු සුද්දා මැරුණෙත් හෙන ගහලා. මෑත ඉතිහාසයේ එය සටහන් වෙලා තියෙනවා. (නදී)
කෝටි ගණන් වියදම් කරලා මීටර් 360කට කාපට් දමනවා මහා පාරේ? ඇයි අපේ රටේ වනජීවී එකට පසු වෛද්‍ය ඉස්පිරිතාලයක් නැත්තේ. වන සතුන්ගේ අවශ්‍යතා වලදී හොද පුහුණු සර්ජරි වෛද්‍යවරු ,නිර්වින්දන වෛද්‍යවරු ,හොස්පිටල් , ඒ සතුන්ටත් අවශ්‍යයි. ඇයි රටේ පාලකයෝ. දුප්පත් ජනතාව හා අසරණ වන සතුන්ගේ ජීවිත ගැන නොසලකා ,සියල්ලම සම්පුර්ණ වියයුත්තේ දේශපාලකයට පමණයි. යන මැයෙන් තීරණ යෝජනා සම්මත කරගන්නේ ..? මේවා හෙන ගහන පව් වැඩ ...?ඒ සතාට ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර ලැබී සුවය ලැබේවා (නදී)
මේ දවස්වල අලි ඇත්තු ගැන ඇහෙන්නෙම නරක ආරංචි (නදී)