පළමු ශ්‍රේණියට සිසුවකු ඇතුළු කර ගන්නැයි මහනුවර හැරමිටියාල ශ්‍රී දීරානන්ද විද්‍යාලයයේ විදුහල්පතිට බලපෑම් කළැයි මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතා ඇතුළු සිව් දෙනකුට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව අල්ලස් කොමිසම අද ඉල්ලා අස්කරගත්තේය.
මෝසමක් මගින් නඩුව කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසම විසින් නඩුව ඉල්ලා අස් කර ගත් නිසා මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක, අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ එම් තිලකරත්න, අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ විජේසිරි හේරත් සහ ජනාධිපති සබන්ධීකරන නිලධාරී හේමා මාදිවෙල යන සැකකරුවෝ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් මුදා හරිනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලස් කොමසාරිස් ට බලපෑම් කර ඇත /නැත . නිවැරදි පිළිතුරට ඉරක් ගසනු.(නදී)
සරත් හේවගේ මහතාණෙනි, මෙවැනි සරල දේ ඉගෙන ගැනීමට පාසල් යා යුතුද? (නි)
දැන් උසාවි තියෙන්නේ හෙල්මට් නැතිව යන, ත්‍රී ව්හීල් වලට, ඩිමෝ බට්ට වගේ අන්තිම අඩියේ ඉන්න අපි යන වාහන වලට නඩු දන්නා විතරයි. පෞද්ගලික බසුත් ඒ ගොඩේම තමයි.(නදී)
මම හැමදාම කියනවනේ බල්ලාගේ නීතිය කියලා. ඔය නීතිය තියෙන්නේ මහා අයට හොර වැඩ කරලා රිංගලා යන්න.(නදී)
මානව හිමිකමි කොමිසම දැන් සුදු අලියෙකු බවට පත් වී ඇත.(නදී)
ලකී, සමන් කුමාර, හොඳයි ඔය දෙක වහල දැම්ම කියමුකෝ. එතකොට ඉතාම අහිංසක අපේ කට්ටිය ගෞරවනීය විදිහට නිදහස් කරන්නත් අනික් කට්ටිය අල්ලල පොළොවේ ගහන්නත් නීත්‍යානුකුල ආයතනයක් නැතුව යනවනේ. එක නීත්‍යානුකුල නොවන විදිහට කෙරෙනවා තමයි. එක වෙනම කතාවක්. එත් රටට පෙන්නන්න මොකක් හරි තියෙන්න එපාය. නැද්ද හොඳයි? (නදී)
ඕකවත් කරගන්න බැරිනම් මගේ මහා ඇමති කමෙන් වැඩක් තිබෙනවද?(නදී)
අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් වගෙයි. (නි)
ලංකාවේ තියෙන සියලුම උසාවි ව්හලා නීතිපති විහරක් හිටියම මදිද? මේ වගේ ශිරාණි බණ්ඩාරනයකව නිදහස් කරන්න බැරි ඇයි? (නදී)
ෂෙරීෆ් බ්‍රෑන්ඩ් මඩ සෝදන වොෂින් මැසිම.(නදී)
ෂෙරිෆ් ඔයා මකියවලි ගේ කුමාරයා පොත කියවන්න.(නදී)
අල්ලස් කොමිසම පිහිටෙව්වේ කිසිවෙකුට යටත් නැති ඉතාම ස්වාධීන ආයතනයක් හැටියට පනතකින්. පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරු ඒකඡන්දයෙන් අනුමත කල එකම පනතත් මේක වෙන්න ඇති ඉතිහාසෙටම. ප්‍රශ්නේ තියෙන්නේ ඒ තරම් ස්වාධීන ආයතනයක් අවුරුදු කීපයක් යනතුරු මේ නඩුව පවත්වාගෙන ගිහින් එක පාරටම ඉල්ලා අස් කරගත්තේ ඇයි කියන එකයි. (නි)
අල්ලස් කොමිසමත් අල්ලස් අරගෙනද වැඩේ කළේ. නැත්නම් බලයට බයේද?(නදී)
මහනුවර හැරමිටියාල ශ්‍රී දීරානන්ද විද්‍යාලයේ විදුහල්පති තුමනි ඔබතුමා දැන් පරිස්සමින්. (නදී)
ඔබ අවංකාව හා නිහතමානිව කළ උපකාර කෘතවේදිව සිහිපත් කරමු. එයින් සැනසුම ලැබු දරුවන් හා මාපියන් අපමනය. සුභ පැතුම් (නි)
තව ටික දවසකින් අල්ලස් කොමිසමට පැමිණිලි කළ කෙනාට නඩු දායිද දන්නෙ නැහැ (නි)
නඩු දාන්නෙත් අයින් කරගන්නෙත් මේ අයමයි.(නදී)
ඔව් ඉතින් එහෙම වෙන්න ඕනා නේ දැන් ක්‍රමය අනුව. (නදී)
ඉල්ලා අස් කරගන්න නම් නඩු දැම්මේ ඇයි? මොනවද මේ වැඩ වල තේරුම? (නි)
සරත්, මයේ හිතේ අල්ලස් ගන්න අය ඒ සල්ලි තැන්පත් කරන තැනක් වෙන්ඩ ඇති.(නදී)
තවත් ආශ්චර්යයක්. මේක තමයි ශ්‍රී ලංකාව. (නි)
ඔය නීති තියෙන්නෙ අපි වගේ සොක්කන්ට මිස රට කරවන ලොක්කන්ට නොවේ ආයිබොවං. අල්ලස් කොමිසමේ අයට ඒක තේරිල තියෙන්නෙ දැන් වගේ.(නදී)
නීතිය උස් මිටිකම් අනුවයි.(නදී)
මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතා හොඳ මහත්මා ගති ඇති පුද්ගලයෙකි. ඔහු නිතරම දුප්පත් ජනතාව අතරට පැමිණි අයෙකි (නි)
එතකොට අල්ලස් කොමිසම කියන එකේ තේරුම මොකක්ද ? මේ රටේ හුගක් අය වගේ මමත් ඉස්කෝලේ ගිහින් නැහැ. ඒක නිසා දැනගන්න මේ අහන්නේ (නි)
අල්ලස් කොමිසමත් අහෝසි කරල දැම්මොත් නරකද? (නි)
ලංකාවනෙ ඉතින්.. රට ගැන අවසානයේ ඉතිරි වෙන්නෙ කලකිර්‍රමක් විතරයි. මේකෙන් පිටව යන්න කාලය හරි වගේ.(නි)
ඉතිහාසය වෙනස් වෙමින් පවතී (නි)
ලංකාවේ උසාවි සියල්ලම වසා දැමුවොත් කොහොමද? මම මේ නිකන් යෝජනාවක් විතරයි කළේ (නි)
"නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ", අල්ලස් කොමිසමත් මහා ඇමතිතුමාත් එකම පැත්තේ.(නදී)
අල්ලස් කාරයෝ මිනිමරුවන්ගේ නඩු ඉල්ලා අස්කරගන්නා ආකාරයෙන් පෙනී යන්නේ මේකද සැබෑ අස්චාර්ය කියලා.(නදී)
දෙයියෝ සාක්කි
අයියෝ සල්ලි