ගොඩනැගිලි සැලැස්මක් අනුමත කිරීමට රුපියල් හතලිස් දහසක අල්ලසක් ගත්තැයි සැකපිට ඇඹිලිපිටිය නගර සභාවේ තාක්ෂණ නිලධාරි තීක්ෂණ තරංග පතිරණ රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
බැංකු ණයක් ගැනීම සඳහා අඩක් නිම කළ ගොඩනැගිල්ලට සැලැස්මක් අනුමත කරවා ගැනීමට ගිය ඇඹිලිපිටිය ඕමල්පේ ඊ ඒ ගුණසිංහගෙන් රුපියල් පනස්දහසක් ඉල්ලා රුපියල් හතලිස් දහසක් ලබා ගනිද්දී සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දේ හැම තැනම වෙනවා. මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ උඩුගම්පොල උප කාර්යාලයේ තාක්ෂණ නිළධාරියාටත් ගොඩනැගිලි සැලැස්මක් අනුමත කරගැනීමට නම් අල්ලසක් දිය යුතුමයි. නැත්නම් සැලැස්මේ නැති වැරදි පෙන්වා වැඩේ පස්සට දානවා. රු. 5000 ක් 6000ක් දුන්නොත් ඒ වැරදි සේරම හරි ගිහින් සැලස්ම අනුමත වෙනවා. ඇඹිලිපිටියේ තාක්ෂණ නිළධාරියාට වෙච්ච දේ මේ සේරටම විය යුතුමයි. මෙවැනි අසාධාරණ නවත්වන්ඩම ඕනෑ. (නදී)
ලොකු ලොක්කෝ ගන්න කෝටි ගණන් වල අල්ලසුත් අල්ලන්න ලැබේවා! (නි)
හර්ෂ, ඔබ කියන තත්වය හැම සභාවකම තියනවා. නමුත් පැමිණිලි කරන්න ඉදිරිපත් වෙන්නේ ඉඳහිට කෙනෙක්. හේතු දෙකක් තියෙනවා. එකක්, බාල විදිහට වැඩේ කරලා අනුමත කරවාගන්න පගාව දෙන එක ලාබයි, නිසි ප්‍රමිතියට වැඩේ කරන්න වියදම් කරනවට වඩා. අනික, පැමිණිලි කරලා උසාවි ගානේ රස්තියාදු වෙන්නයි, පගාකාරයාගෙන් සමහරවිට හිරිහැර විඳින්නයි තියෙන අකමැත්ත. පැමිණිල්ලක් නැතුව අල්ලස් කොමිසමට බලයක් නැහැ නඩු කටයුත්තක් පටන් අන්න. බලමුකො ඒකෙත් හැටි (නි)
ලංකාවෙ හැම මහජන ආයතනයකම තත්වය ඕක තමා (නදී)
මා දන්නා අයෙක් පිටරට සිට පැමිණ ගෙයක් හදන්න ගත්තා. ඔහු කීව කිසිම පගාවක් දෙන්නේ නැහැ , නියම විදියට ගේ හදා ගන්නවා කියලා. සැලැස්ම නගර සභාවට දීලා අනුමත කර ගන්න ගියා. 12 වතාවක් වෙනස් කරන්න සිදුවුනා. බලන්න එන හැම නිලධාරියම වැරදි පෙන්නා දුන්නා. මාස 16ක් ගියා. යාලුවා 3 වතාවක් ලංකාවට ආව ගියා. පියාගෙන් හිමිවුණ ඉඩමේ තාප්ප හදන්ඩත් සැලැස්මක් අනුමත නොකර තාප්ප බඳින්ඩ එපා කිව්වා. විදුලි උපාංග, නාන කාමර , කුස්සියට ආදී තැන්වලට හයි කරන්ඩ ගෙනාපු බඩු පරණ ගෙයි පුස් කනවා. අවුරුදු දෙකකට පස්සේ අපේ වීරයා ලංකාවට ආවා. ගේ හදන්ඩ ගෙනා සල්ලි බැංකුවේ තිබිල පොලිය විතරක් ලක්ෂ 30 පැන්නා. එහෙන් ගෙනා බඩු ටිකත් විකුනලා ඒවත් බැංකුවේ දාලා පරණ ගේ අලුත් වැඩියා කරගෙන වීරයා වසරකට දෙවතාවක් ලංකාවට ඇවිත් අර ආදායමින් ලංකාව පුරා අනාත නිවාස වලට ආධාර කර කර පින් පුරනවා. නගර සභාවේ ගොඩනැගිලි අංශයේ උතුමන්ටත් පින් දුන්නා. මමත් පින් අනුමෝදන් උනා. මේක කියවපු ඔයගොල්ලොත් ඒ පින් අනුමෝදන් උනාට කමක් නැහැ කියල යාලුවා මට දැනුම් දුන්නා. මේ වගේ විවෘර්ත සංවාද වලට අපි වගේ ජහමනයන්ට අවස්තාව දෙන ලංකාදීපයටත් පින්. (නදී)
බත්තරමුල්ල ප්‍රාදේශීය සභාවේ තාක්ෂණ නිළධාරියත් ඔය වගේ. (නදී)
හැම තැනම ඔහොම තමයි ඊයේ පෙරේද විදුහල් පති කෙනෙක් අද මෙයා හෙට තව කව්රු හරි නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ හාල්මැස්සෝ අහුවෙනවා තෝරු යහතින් ඉන්නවා මොනවා කරන්නද අඩුතරමින් මේක ඉන්දියාව වගේ වත් වෙන්නේ නැහැ නෙව (නදී)
නමක් ගමක් කියන්න විධියක් නැහැ. කෙටියෙන් කිවිවොත් හැම තැනම පාහේ ඔහොමයි. දුප්පත් මිනිහෙක් ගියත් 4000- 5000 ක් හරි කඩා ගන්නවා. දවස් ගනන් රස්තියාදු කරවනවා. ඒ මිනිස්සු පඩි කපාගෙන නිවාඩු දාලා නේද මේ වැඩ කරගන්න එන්නෙ කියලා හිතන්නේ නැහැ. (නදී)
මගේ සහෝදරයා අාණ්ඩුවෙ තැනක සුළු රැකියාවක් කරන්නේ. අමිමා තාත්තගෙන් හම්බ වුනු ඉඩමේ ප්ලෑන පාස් කර ගන්න මාස ගානක් බඩ ගෑවා එක්තරා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකට. කිසි හිතක් පපුවක් නැහැ එතන නිලධාරින්ට. අනේ මේ මනුස්සයා පොඩ් පඩියක් නේද ගන්නේ කියලා. පගාව ගන්න මාස ගානක් රස්තියාදු කෙරෙව්වා බොරුවට. හෙන ගහනවා කරන දේවල් වලට. (නදී)
අතමිට තියන කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක හොඳයි, කීයක්හරි දීලා වැඩේ කරගන්න පුළුවන්නේ කියලා. මධ්‍යම පන්තියෙ කෙනෙකුට 5000-6000 ක් කියන්නේ මාසෙ පඩියෙන් හතරෙන් එකක් වගේ. මම දන්නා ගොඩක් අය ඉන්නවා නොකා නොබී ඒ වගේ දේවලට හිතින් හෙණ ඉල්ල ඉල්ලා සල්ලි ගෙවපු අය. (නි)
මේ වගේ තැන්වල ඉන්නේ පගාමරුවො. හිතන්න, එතනට වැඩක් කරගන්න එන මනුස්සයාට වෙන රස්සාවක් නැහැ, මේක විතරයි තියන එකම වැඩේ කියලා. අද බැහැ, හෙට එන්න. නැත්නම් ලබන බදාදාත් එන්න. ඇවිත් බලන්න අර අර නෝනාගෙ අත්සන දාලද කියලා. දැන් මහත්වරු මීටින් එකක. ඉවර වෙන්නෙ කීයටද ඇහුවම, ඒක කියන්න බැහැ ඉඳලා බලන්න... මෙහෙම තමයි කියන්නේ. 4 ට විතර කියනවා අද වෙලා නැහැ, ආයෙත් ඉතිං ලබන බදාද ඇවිත් බලන්න. ඕක තමයි මන්තරය. එතනට යන මිනිහාට සසර කළකිරෙනවා. (නි)