IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘අල්ලස් පැමිණිලි හමස් මල්ලේ‘

නව රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් 27 දෙනෙකු සිය තීරුබදු රහිත වාහන බලපත්‍ර විකුණා අයුතු ලාභ උපයාගෙන ඇති බව සඳහන් කරමින්  තමන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කර ඇති පැමිණිල්ල කඩිනමින් විභාගයට ගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.

 අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ,එහි සාමාජිකයින් , අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 85 දෙනෙකු සහ නීතිපතිවරයා පෙත්සමේ වගඋත්තරකරුවෝ වෙති.

පෙත්සමේ මෙසේද සඳහන් වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන ආනයනය කිරීමේ බලපත්‍ර ලබා දෙනුයේ හුදෙක්ම රටෙහි ආර්ථීක සංවර්ධනය සඳහා උපයෝගී කර ගැනීම සඳහාය. එහෙත් බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීන් මෙම බලපත්‍ර විකුණා අයුතු ලාභ උපයා ගනී. මේ හේතුවෙන් රජයට කෝටි ගණනක මුදල් අහිමි වෙයි. මේ සම්බන්ධයෙන් පෙත්සම්කරු 2014 වසරේදී අල්ලස් හෝ දූෂණ කොමිෂමට පැමිණිලි කළත් කිසිදු ප්‍රතිඵලයක් උදා වූයේ නැත.

2015 වසරේදී නව රජය පත්වීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීන් 27 දෙනෙකු මෙලෙස තීරුබදු රහිත වාහන බලපත්‍ර වෙනත් පුද්ගලයින්ට සහ ආයතනයන්ට විකුණා අයුතු ලෙස ලාබ උපයාගෙන ඇත.මෙමඟින් රජයට රුපියල් බිලියන හතක අලාභයක් සිදු වී ඇත.

මේ සම්බන්ධයෙන් ඉකුත් අගෝස්තු මාසයේදී දෙවන වරටත් පෙත්සම්කරු අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිල කළත් ඒ පිළිබඳව මෙතෙක් කිසිදු විමර්ශනයක් ආරම්භ කර නොමැත.

එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසී නිකුත් කරන ලෙසද, මෙම පැමිණිලි දෙක පිළිබඳ විමර්ශන පැවැත්වීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නියෝග කරන ලෙස ද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.



අදහස් (0)

‘අල්ලස් පැමිණිලි හමස් මල්ලේ‘

සමන්ත Monday, 19 December 2016 11:53 PM

ඇමතිවරු පර්මිට් එක විකුණනවා. රජයේ සමහර නිලධාරින් රජයේ වාහන ඉන්ධන තමන්ගෙ ගෙදර අයගේ ප්‍රයෝජනයට ගන්නවා. අනේ ඇයි මේවා හොයන්නෙ නැත්තේ. අයවැය හිඟය සෑහෙන ප්‍රමාණයකින් අඩු කරගන්න පුළුවන් හරියට මේවා හොයලා දඬුවම් දෙනවා නමි. රට කවදාද හැදෙන්නේ? අපි බදු ගෙවන්නේ ඇමතිලාගෙයි ඉහළ නිලධාරින්ගෙයි සැප හදලා දෙන්නද? (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Tuesday, 20 December 2016 01:02 AM

රට යහමඟට ගන්න කවුරුන් හෝ උත්සහයක් ගන්නවා නම් අප ඒකට අකුල් හෙළිය යුතු නැහැ. අතීතයේදී කතා කළේ නැත්තේ ඇයි කියන එකට වඩා වැදගත් වන්නේ මෙතෙක් කල් මහාපරිමාණයෙන් සිදුවූ දේ ඉදිරියට හෝ සිදුවීම වළකා ගන්න ක්‍රමවේදයක් ඇති කිරීමට කටයුතු කිරීමයි. (නි)

:       0       0

ඉන්දික Tuesday, 20 December 2016 03:18 AM

කපිල වැනි ලෙස හිතන අය ඉන්නකල් අපි පැතූ සැබෑ යහපාලනයක් මේ රටට කිසිදාක උදාවන එකක් නැතිවෙයි. ඒ කාලෙ විදිහට සිද්ධ නොවෙන්න තමයි යහපාලනයක් ගැන පාරම්බාපු මේ රජය ජනතාව ගෙනාවේ. එ් නිසා ඒ කාලෙ විදියට සාපේක්ෂව බලලා වැඩක් නැහැ. කවුරුන් කළත් වැරැද්ද වැරැද්දමයි. කපිලට අමතක වුණාට ඔය කියන කාලෙ පර්මිට් දුන්නෙ විකුණගන්න පුළුවන් විදිහට නීතියත් නවලා. රට යහමඟට ගන්න උත්සාහ කරන කොඩිතුවක්කු මහතාට මගේ උත්තමාචාරය! (නි)

:       0       0

නිමල් Tuesday, 20 December 2016 03:43 AM

මහජනතාවට වැඩකරන්න වාහන දුන්නම මොකද කියලා අහපු අය දැන් මොකද නිහඬ? (නි)

:       0       0

කෝනාර Tuesday, 20 December 2016 04:01 AM

අපි බදු ගෙවන්නේ ඇමතිලාගෙයි ඉහළ නිලධාරින්ගෙයි සැප හදලා දෙන්නද? (බ)

:       0       0

ජනහිත Tuesday, 20 December 2016 05:12 AM

සමහර අය ඉන්නවා පර්මිට් එක විකුණලා තමන්ට ඕනෑ මෝටර් රථයක් ඒ මුදලින් අරගෙන ඔක්කොම වියදම් ඇරලා අතටත් ගානක් තියාගන්නවා. එක සතයක්වත් අතින් වියදම් නොකර. (නි)

:       0       0

උදිත් Monday, 19 December 2016 11:38 AM

වැඩ වැඩි ඇති. ඒක වෙන්න ඇති ප්‍රමාද (නි)

:       0       0

කපිල Monday, 19 December 2016 01:20 PM

මේ වෑඩේ පොඩි අප්සෙට් එකක් තියෙන්වා. 77 ඉදන් මේ මගඩිය වෙනවා. මන්ත්‍රීවරුන්ගෙ ඉදලා, දොස්තරලා, හමුදාවෙ අය ඉදන් මේ පර්මිට් එක ලෑබුන සියයට 80 විතර මේක වික්ක. මේයාට ඒකාලෙ මේ විදියට උසාවි ගානෙ නඩු දෑම්මා නම්, මෙලහකටත් පොලව යට. තජුඩින් වගේ තාප්ප අයිනෙ තමයි අවසාන වෙන්නෙ. පහුගිය ආන්ඩුවෙන් මේ පර්මිට් එක වික්ක ගමන් , අලුත් අයිතිකාරය නමට ලියා පදිංචි කරන්නත නීති මාරු කරා. ඒව වෙන්කොට ඔබ්තුමා හිටියෙ හදේද? (අ)

:       0       0

නන්දි Monday, 19 December 2016 02:55 PM

කපිල, එ්වා වෙනස් කරන්න නේද අපි ඡන්දය දුන්නේ? (නි)

:       0       0

වින්සන්ට් Monday, 19 December 2016 10:43 PM

සාධාරණයෙන් සහ දාඩිය මහන්සියෙන් ජීවත්වෙන කවුරුත් කොඩිතුවක්කු මහතාගේ උත්සාහය ගැන සතුටුවෙනු ඇත. පාන් කෑල්ලෙන් වේල පිරිමසා ගන්නා ජනතාවක් රටේ සිටින බවට වරප්‍රසාද ලබන පන්තියට නොදැනීම කණගාටුවට කරුණකි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 430 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 621 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 373 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 320 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1023 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 191 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site