‘මා අසනීපවී සිටීදැයි විමසමින් පසුගිය දිනවල දුරකථන ඇමතුම් ගණනාවක් ලැබුණා. එක්තරා වෙබ් අඩවියක් මට අංශභාගය හැදිලා කියලා වාර්තා කර තිබුණා. එය වාර්තා කර තිබූ කෙනා කවුරු වුණත් එයාගෙන් අහන්න ඕනේ මට අංශභාගය හැදිලාද නැද්ද කියලා‘ යැයි හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අවතැන්වූවන්ට ආධාර බෙදා දෙමින් වතුපිටිවලදී පැවසුවාය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමට උත්සාහ කරනවානම් තමා රජය සමග නොසිටින බව ද ඇය කීවාය.
‘අපි මේ රජය බලයට ගෙනාවේ ක්‍රම ක්‍රමයෙන් රටේ තිබෙන දූෂණය අතුගා දැමීමට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨා බලයට ගෙනඒමට උත්සාහ කළොත් තවදුරටත් අපි රජය සමග ඉන්නේ නෑ.‘
ගංවතුර හා නායයෑම් තත්ත්වයෙන් ලක් වැසියන් පීඩාවට පත්වූ සමයේ තමා දරුවන් සමග පිටරට සිටි බවත් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් යමක් කිරීමට තමා ශ්‍රී ලංකාවට යළි පැමිණි බවත් ඇය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමියගේ උත්තරය ගැන සෑහිමකට පත් වෙන්න බෑ.(හේ)
ජෝන් හා ජෝන්ගේ ගෝලයින් කරපු ජරා වැඩ වලට පොලිසිවලට ඇහැපියන් ඉන්න කියල එදා කළ උදව් වලට වන්දි ගෙවන්න වෙන්න ඇති ඕක කතා කරන්න ඇත්තේ , කොහොමත් ඔය යක්කු අනුන්ගේ දේවල් වලින් අනුන්ට කරන කට්ටියනේ (බ)
ඔබ වගේ කෙනෙක් ආණ්ඩුවේ හිටියොත් ලොකු විනාශයක් වෙන්නේ ලංකාවට (බ)
බලයේ ඉන්නකොට කරන්න බැරිවුන දේවල් ද දැන් අනුන් ලවා කරවනවා කියන්නේ? (බ)
ඔන්න හිටපු ආරක්ෂක ලේකම් පත්තරවලට ආරක්ෂක රහස් හෙළිකරලා දැන් වේයන්ගොඩ මිනිස්සු ආරක්‍ෂිත ස්ථාන වෙත යනවා වේයන්ගොඩට යුද ගබඩාවක් හදල කියල .මෙවැනි වගකීමක් නැති මිනිසුන්ව බලයට ගෙන්න හදන මිනිසුන්ට ඉස්සරවෙලා සලකල ඉන්න ඕනේ (බ)
ගෝඨාභය කියන්නේ මේ රට කොටින්ගෙන් නිදහස් කර ගැනීමේ මෙහෙවරේ ප්‍රධාන චරිතයක්. ඔහුව දේශපාලනයට ගෙනවුත් විනාශ කරන්න උවමනා නැහැ. (ර)
මුතු, උද්ධමනය කියන්නේ පොදු මිල මට්ටමේ දීර්ඝකාලීන වෙනසක්, ඒක හැම භාණ්ඩයටම එකම අනුපාතයකින් බලපාන්නේ නෑ. ඒ වගේම හැම අවුරුද්දේම 7% වෙලා තිබුනෙත් නෑ. (ර)
කවුද ඔබතුමියට අංශභාගේ හැදිලා කිව්වේ.(හේ)
ඔබ තුමිය අගමැති තුමාසමග ඉන්නවා දකින්න තමයි අපගේ පැතුම. දෙදෙනාටම තියෙන්න එකම ප්‍රතිපත්ති සහ වැඩ පිළිවෙලක්. (ර)
කවුරු මොනවා කිව්වත් ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනට යොමුවීම නම් කාලෝචිත අවශ්‍යතාවයක්. (ර)
අපරාදේ මේ රොටිය කරවෙන්නේ නෑ වගේ.(හේ)
ගුවන් හමුදාවට කල් ඉකුත්වූ මිග් යානා ගෙනැවිත් කොමිස් ගැසූ පරීක්ෂණ ඉවරද එයාව බලයට ගේන්න හදන්නේ ? අනික ඇමෙරිකාවේ පුරවැසියෙක් පාර්ලිමේන්තුවට යන්න පුලුවන්ද ? ව්‍යවස්ථාව කලින් කියවල හිටියොත් හොදයි නේද ? (බ)
රටටනම් අංශභාගය හැදිලා කියල මුළු රටම දන්නවා.(හේ)
ඔබ තුමිය අපිට ශක්තියක්.(හේ)
ඔබතුමිය අපට සම්පතක්.(හේ)
ශ්රී ලංකා නදහස් පක්ෂේ කඩාගෙන ගිහින් පල පුරුද්දක් තියෙන නිසා අද ගියත් ඒ හැටි දෙයක් ගානක් නෑ. (හේ)
නියම කතාවක්! (නි)
මම නම් මේ කතාවට විරුද්ධයි (නි)
චන්ද්‍රිකා කියන්නේ වීර "යකඩ ගැහැණියක්". (නි)
කරුණාකරලා රාජපක්ෂවරු ලංකාවේ දේශපාලනයෙන් සහමුලින්ම අතුගාලම දාන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය ඔබතුමියට ලැබේවා! සියලු දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! (නි)
මෙතන සමහර අදහස් දැක්කහම හිතෙනවා සත්‍ය ජනතාවට ලියන්න/කියන්න ගිහින් කීර්තිමත් මාද්‍යවේදීන් සමහරු දංගෙඩියට බෙල්ල තිබ්බේ අපරාදේ කියලා. මෙහෙව් මිනිසුන් සිටින රටකට සත්‍ය කියලා වැඩක් නැහැ. (නි)
අදාල නැහැනේ (බ)
මේවට හිනාවෙන්නේ කොහෙන්ද මන්දා? (නි)
අපට නම් පෙනෙන්නේ, අර දුෂණ විරෝධීන් කියනවා වගේ " ඩීල් එකක්" යනවා වගේ. නැත්නම්, සුදු වෑන් සිද්ධිය ඇතුළුව ගෝඨාට විරුද්ධව කොච්චර නම් සිද්ධි වගේම සාක්ෂි තියෙනවද..? ඇයි නඩු දාන්නේ නැත්තේ..? ඇයි හිරකරන්නේ නැත්තේ....? බලාගෙන යද්දී, යහපාලන ආණ්ඩුව ගේන්න වලිකාපු ගොඩක් අයට ආණ්ඩුව කරන උදවිය පෙන්නන්නේ "කොකා " තමයි. (නි)
ඇත්ත තමයි. පහුගිය කාලේ නොයෙක් කටකතා පැතිරුනා තමයි (නි)
මෙයා දැන් රජයේ හිටියා කියලා ඇති වැඩේ මොකක්ද? ඉන්න කාලේ ජනතාවට මොනවද කළේ? ගෝඨා කරපු වැඩ වලින් කොටසක්වත් මෙයාට කරන්න පුළුවන් වුණාද? මෙයා නම් නැති එකමයි හොඳ. (නි)
මන්ත්‍රී පර්මිට් අහෝසි කරන සටනේ, ඇමති මණ්ඩලය 20 ට අඩු කරන සටනේ , බඩු මිල අඩු කරන සටනේ මේ සියල්ලගේම පෙරමුණ ඔබතුමිය ගන්න. අපි ඔබතුමිය සමගයි. (බ)
අනේ අපි හිතුවා ඔය රොටිය කරවෙන්න යනවා කියලා. අනේ දෙවියනේ ඉක්මනටම කර වෙලාම පල. (බ)
හීනෙන් වත් හිතපු නැති විදියට සමහර අයගේ බලය නැති වුනාම ඉවසා ගන්න බැරි වෙනකොට ඒ උදවියට ගැති කම් ගොට්ට අල්ලන උදවිය මාර්ගයෙන් මෙවැනි ව්‍යාපාර ගෙනියනවා අන්තර් ජාල හරහා, නොරැවටෙන්න කාගෙවත් අත කොලුවක් වෙන්න එපා,රට ගිනිතියන ව්‍යාපාර වලට සහබාගී වෙලා පාප කාර්ම කරගන්න එපා (බ)
පව් ජනතාවට පාඩුවෙයි (බ)
සෝභිත හිමියන් සමග ඇමැති මණ්ඩලය 20 ට අඩු කරන්න අපට පොරොන්දු වූ ඔබ තවමත් මේ ගැන නිහඩ අැයි ? (බ)
කීර්තිමත් අගමැති දෙපලකගේ දියණිය වූ ඔබට බැරි වුනානේ මව්බිමට නායකත්වය දෙන්න ලාංකික දරුවෙක් හදන්න. අපට ඒ ගැන කනගාටුවක් තියෙනවා. (බ)
මෙහෙට කරදර වෙනකොට රට යන එක හරිද? (නි)
චන්ද්‍රිකා මැතිනිය පාන් ගෙඩිය දුන්නේ රුපියල් 3.50 ට. මහින්ද බඩු මිල අහස උසට නැග්ගුවා. ඒක අඩු කරලා දෙනවා කියල බලය ගත්ත යහපාලනයෙන්නම් තාම එහෙම සලකුණක්වත් නැහැ. උද්දමනය 7% ගානේ තිබ්බත් අවරුදු 20 ට වැඩි වෙන්න ඕන උපරිම 140% යි. ඒ කියන්නේ පාන් ගෙඩිය රුපියල් 8.40 කට වඩා වැඩි වෙන්න බැහැ. පොඩ්ඩක් හිතල බලන්න පාන් ගෙඩිය අද කීයද කියල. (බ)
ඔබ තුමිය දේශපාලනයෙන් ඉවත් වෙලා ඉන්න ඔබේ නාමය ආරක්ෂාකර ගන්න බණ්ඩාරණායක නාමය (ම)
සිරිත් පරිදි ඒකටත් ඇවිත් තියෙන්නේ ප්‍රමාද වෙලා . (ම)
ශ්රී ලංකා නිදහස් පක්ෂය ගෝඨා බලයට ගෙනඒමට උත්සාහ කළොත් තවදුරටත් අපි රජය සමඟ ඉන්නේ නෑ.(ම)
අපේ සමහර දේශපාලකයින් වැඩ කරන්නේ නම් හරියටම අංශභාග ලෙඩ්ඩුන්ටත් අන්ත විදිහට.(ම)
අපිට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වටිනවා හේතුව කවුරුත් දන්නවා. (ම)
ජනතාවගේ සිතුම් පැතුම් වලට වගකියන්න ඕනෑ (ම)
මැඩම් ඔය අරයගෙ වැඩ ගණන් ගන්න එපා ..(බ)
ගෝඨාභය මැතිතුමන්ට කිට්ටු වෙන්න පුලුවන්ද මේ කෙනාට. එතුමා කළ සේවයෙන් එකක් කළාද මෙයා (බ)