IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


අසරණ දරුවන් වෙනුවෙන් අරමුදල්වලට සල්ලි දෙන්න මම නොමිලේ ප්‍රසංග කරනවා

2016-11-06-ent-83

‘මං පුංචි වෙළෙන්දා... ස්විප් විකුණාලයි ජීවත් වෙන්නෙ....

මාමේ නැන්දේ... අයියේ අක්කේ...

එන්න සූරාලා බලන්න...’

 

මේ ගීය විතරක් නෙවෙයි ගම් නියම් ගම්වල රැව් දුන් රුවන්ගෙ ගීත බොහොමයක් තියෙනවා.

2016-11-06-ent-81වෛද්‍ය වෘත්තියේ වටිනාකම සහ තමන්ගෙන් රටට සිදුවිය යුතු සේවය රුවන් හොඳ හැටි තේරුම්ගත් කෙනෙක් කියලා අපිට හඳුන්වාදෙන්න පුළුවන්. මොකද පසුගිය දවසක හරි අපූරු සත්කාරයකට රුවන් සම්බන්ධ වෙලා තිබුණා. මාධ්‍ය හරහා ප්‍රසිද්ධියක් ලබා නොගෙන නිහඬව කරපු මේ කාර්ය අගයන ගමන් හඳසරින් අපේ කතාබහට සම්බන්ධ කරගන්න පුළුවන් වුණා රුවන් ශ්‍රී ලාල් දල්පදාදු.

 

මේ දවස්වල මොකද කරන්නේ?

සුපුරුදු විදියට රජයේ වෛද්‍යවරයෙක් විදියට වෘත්තිය කටයුතු කරනවා. ඒ අතර සිකුරාදා, සෙනසුරාදා දිනවල එළිමහන් ප්‍රසංගවලට සහභාගී වෙනවා.

 

ඔබේම කියලා දැන් සංගීත කණ්ඩායමක් තියෙනවා නේද?

කිරිඇල්ල Friends කියන බෑන්ඩ් එක. එකේ මම සන්නාම කළමනාකරු විදියට තමා ඉන්නේ. පසුගිය දවසක අපි සංගීත කණ්ඩායම මගින් නොනවතින ගී පෙළක් සහ අලුත් ගීත කිහිපයක් පවා කළා. ඒවා ඉදිරියේදී අහන්න ලැබෙයි. ඒ වගේම අපිට එළිමහන් ප්‍රසංගවලට ආරධනා ලැබෙනවා. ඒවත් කරන ගමන් තව ඉදිරියට නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා.

 

ඔබේ ඒකපුද්ගල ගී ප්‍රසංගයක් පැවැත්තුවා නේද වීදී දරුවන් වෙනුවෙන්?

2016-11-06-ent-82ඔව්. ඇත්තටම මම ඒකට සම්බන්ධ වුණේ ඉතාම කැමැත්තෙන්. මොකද අම්මලා තාත්තලා නැති ඒ වගේම මවුපියන් හිටියත් හරි අධ්‍යාපනයක් රැකවරණයක් නැති වීදී දරුවන් පිරිසක් වෙනුවෙන් අරමුදල් රැස්කිරීමේ පරමාර්ථයෙන් කරපු වැඩක්. ඒක කළේ මීගමුව අධ්‍යාපන කලාපය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහවීදිය ශාන්ත මරියා දේවස්ථානය පොලීසියේ හා පරිවාස දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව පවත්වාගෙන යන ප්‍රජා ඉගෙනුම් මධ්‍යස්ථානය මඟින්. මෙහි වීදී දරුවන් 60ක් පමණ ඉගෙනුම ලබනවා. මේක සත් කාර්යයක් විදියට මම දැක්කේ. ඉතින් මම සත පහක්වත් අය නොකර මගේ ඒකපුද්ගල ගී ප්‍රසංගයක් පැවැත්තුවා. ඒ තුළින් ලද මුදල් ඒ අරමුදලට බැර කළා.

 

ඔබ නිතර රූපවාහිනිය හරහා දකින්න එහෙම නෑ. ඒ ඇයි?

ඒකට හේතුව මම රූපවාහිනී සංගීත වැඩසටහන් සඳහා සහභාගී වෙන්න කැමති කෙනෙක් නෙවෙයි. ඒ නිසා තමා මාව නිතර දකින්න නොලැබෙන්නේ. මම වසර 8ක් විතර ස්වර්ණවාහිනී එකේ channel D කියන වැඩසටහන කළා. නමුත් තියෙන අවිවේකී බව එක්ක ඒකට සහභාගී වෙන්න කාලය පවා ටික ටික අඩු වුණා. කොහොමත් මගේ අදහස අපි නිතර රූපවාහිනිය හරහා දකින්න ඕනේ නෑ කියලා.

 

ඇයි ඒ?

මම රූපවාහිනිය හරහා එන්නේ ගායකයෙක් විදියටනේ. ඉතින් මම හිතන්නේ එළිමහන් ප්‍රසංගවලදී විතරක් මාව ඒ විදියට දැක්කම ඇති කියලා. නමුත් මගේ තනි Interview එකකට වගේ කතා කළොත් මම යනවා. මම කියන්නේ නිතර රූපවාහිනිය හරහා ප්‍රේක්ෂකයින් අතරට යන්න ඕනේ නෑ කියන තැන මම ඉන්නවා. එහෙම නැතුව ආරාධනා නැතුව නෙවෙයි.

 

ඔබ පොඩි කාලේ ඉඳන්ම ජනප්‍රිය වුණු කෙනෙක්. කොහොමද ඒ කාලේ ඒ ජනප්‍රියත්වය දැනුණේ?

මෙහෙමයි. මට නම් පොඩි කාලේ ඇත්තටම තේරුණේ නැහැ මොකක්ද මේ ජනප්‍රියත්වය කියලා. මම වේදිකාවට ගිහින් සින්දු කියද්දී මට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ නිසා මම තවත් උනන්දුවෙන් මට කළ හැකි උපරිමයෙන් ඒ ගීත ගායනා කළා. එච්චරයි.

 

දැන් මොකද හිතෙන්නේ ජනප්‍රිය කෙනෙක් වීම ගැන?

ඇත්තටම ඒක හොඳයි. සමාජය තුළදී බොහෝ දෙනා දැන හඳුනනවා. පෞද්ගලිකව ගත්තම ඒක හොඳ ආභරණයක්. ඒ හරහා සමාජයට දෙයක් කරන්න පුළුවන්කම පවා තියෙනවා. නමුත් සමහර උදවිය මේ ජනප්‍රියත්වය සහ ප්‍රසිද්ධිය කියන දේවල් හොඳට වගේම නරකටත් භාවිත කරනවා. මම හිතන්නේ ඒ දේ හොඳ දේට විතරක් භාවිත කරනවනම් හොඳයි.

 

පවුලේ විස්තර?

මගේ අම්මා ශ්‍රිකාන්ති දල්පදාදු. තාත්තා පැට්‍රික් දල්පදා. දු මගේ ගීත ඔක්කොම ලියන්නේ අම්මයි තාත්තයි. සියලු ගීත සංගීතවත් කළේ මගේ මාමා නිරංජන් හෙට්ටිආරච්චි. ඒ ගැනත් මතක් කරන්නම ඕනේ. මම දැන් විවාහවෙලා ඉන්නේ. මගේ බිරිය නිලක්ෂි. එයත් රජයේ වෛද්‍යවරියක්. මට පුතෙක් සහ දුවක් ඉන්නවා.

 

අනාගත බලාපොරොත්තු?

ලොකුවට බලාපොරොත්තු කියලා දෙයක් නැහැ. හොඳින් ජීවත් වීම තමා බලාපොරොත්තුව. ඒ වගේම මට උවමනාවක් තියෙනවා අර මම කලින් කළා වගේ අසරණ දරුවන් වෙනුවෙන් තව දේවල් කරන්න. සැබැවින්ම සමාජ සත්කාරකත්වයක් මූලික වෙච්ච දෙයකට මම මගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය නොමිලේ කරනවා. හැබැයි ගොඩනැඟිලි හදන්න තාප්ප හදන්න වගේ දේවල් වලට නෙවෙයි. අපේ අනාගත පරපුර වෙනුවෙන් කරන දෙයක් නම් තමා මම කැමති. විශේෂයෙන් දරුවන් වෙනුවෙන් කරන දෙයකට මම සහභාගී වෙන්න කැමැත්තෙන් ඉන්නවා.

 

නීෂා රන්සිත්

 

2016-11-06-ent-84



අදහස් (0)

අසරණ දරුවන් වෙනුවෙන් අරමුදල්වලට සල්ලි දෙන්න මම නොමිලේ ප්‍රසංග කරනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 145 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 423 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 256 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 250 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 171 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 584 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39813 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 91 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site