ලොව විශාලතම ඩිජිටල් මුදල් හුවමාරු සමාගම වන බිනෑන්ස් සමාගමෙන් සොරකම් කළ ඇමෙරිකන් ඩොලර් බිලියන 6.3 ක අතිවිශාල ඩිජිටල් මුදල නැවත ලබාගැනීම සඳහා ඇමෙරිකන් රහස් ඔත්තු සේවය පැය 24 පුරා සක්රීයව ක්රියාත්මක වන බව ඇමෙරිකන් මාධ්ය පවසයි.
සයිබර් ප්රහාරයට වගකිවයුතු අපරාධකරුවන් හඳුනාගෙන ඔවුන් නීතිය හමුවට පැමිණවීම සඳහා කොලොම්බියා දිස්ත්රික්කයේ එක්සත් ජනපද නීතිපති කාර්යාලය සහ අනෙකුත් නීතිය බලගැන්වීමේ ආයතන සමග සමීපව කටයුතු කරන බව ද ඇමෙරිකන් රහස් ඔත්තු සේවය වැඩිදුරටත් පවසා ඇත.
විමර්ශන තවමත් මුලික අදියරේ පවතින අතර, ඉදිරියේදී සිදුවන ප්රගතිය පිළිබඳව අදාළ තොරතුරු ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඇමෙරිකා රහස් ඔත්තු සේවය වැඩිදුරටත් සඳහන් කර ඇත.
සයිබර් ආරක්ෂණ විශ්ලේෂකයන් සඳහන් කරන්නේ බිනෑන්ස් සමාගමට එල්ල වුණු ප්රහාරය පසුපස උතුරු කොරියාවට සම්බන්ධ පරිගණක හැකරුන් කණ්ඩායමක් සිටින බවට සැක කෙරේ. උතුරු කොරියාවේ න්යෂ්ටික සහ මිසයිල වැඩසටහන් සඳහා අරමුදල් රැස්කිරීමේ අරමුණින් මෙම හැකර් ප්රහාඑය එල්ල වන්නට ඇතැයි අනුමාන කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd