ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම අසාර්ථකවීමට හේතුව ක‍්‍රීඩකයන්, තේරීම් කමිටුව සහ පුහුණුකරුවන් අතර පැවැති සන්නිවේදනය පරතරය බවත් ඉදිරියේදී මෙම පාර්ශව තුන අතර හොඳ සම්බන්ධතාවක් පවත්වා ගැනීමට එකඟ වූ බවත් ක‍්‍රීඩා අමාත්‍යංශය පවසයි.ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ඇතැයි කියන අභ්‍යන්තර ගැටලූ හඳුනා ගෙන ඒ සඳහා පිළියම් යෙදීම සඳහා ක‍්‍රීඩා අමාත්‍යවරයා, ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන්, තේරිම් කමිටු නිලධාරීන් සහ ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර ඊයේ (29) පෙරවරුවේ ක‍්‍රීඩා අමාත්‍යංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ශ්‍රී ලංකා පිල මේ වන විට මාස හතක පමණ කාලයක් තුළ තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් එංගලන්ත, ඕස්ටේ‍්‍රලියානු සහ පාකිස්තානු යන සංචාර තුනේදීම දැඩි පසු බෑමකට ලක්විය. නායක තිලකරත්න ඩිල්ෂාන්, තේරීම් කමිටුව සහ ප‍්‍රධාන පුහුණුකරු අතර හොඳ සන්නිවේදන මට්ටමක් පවත්වා ගෙන යෑම කණ්ඩායමේ සාර්ථකත්වයට වඩාත් වැදගත් බව මෙම සාකච්ඡාවේදී අවධාරණය කළ බව වාර්තා වේ. ක‍්‍රීඩකයන් තේරීමේදී ක‍්‍රීඩකයන්ගේ විශ්වාසය පළුඳු නොවන ලෙස තේරීම් කමිටුව කටයුතු කිරීම වැදගත් බවත්, නවක ක‍්‍රීඩකයන් කණ්ඩායමට ඇතුළත් කිරීමේදී සහ ඉවත් කිරීමේදී ඔවුන්ගේ මානසිකත්වය බිඳ නොවැටෙන ආකාරයට කළ යුතු බවත් මෙහිදී ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයෝ පෙන්වා දුන් බව වාර්තා වේ. තිලකරත්න ඩිල්ෂාන්ට උපරිම සහයෝගය ලබා දෙමින් ඉදිරියේදී පැවැත්වෙන දකුණු අප‍්‍රිකානු සංචාරය සාර්ථක කර ගැනීමට සියලූ දෙනාම රට වෙනුවෙන් උපරිම කැප වීමෙන් ක‍්‍රීඩා කරන බව ද ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් පැවසූ බව ක‍්‍රීඩා අමාත්‍යංශය පවසයි. ක‍්‍රීඩකයන් සහ තේරීම් කමිටුව අතර දැනට ඇති දුරස්ථ බව ඉදිරියේදී වඩාත් සමීප සම්බන්ධතාවක් බවට පත්කර ගතයුතු බවත් තේරීම් කමිටුව, ක‍්‍රීඩකයන්ගේ මානසික මට්ටම බිඳ නොවැටෙන ලෙස කටයතු කළ යුතු බවත් මෙහිදී ක‍්‍රීඩා අමාත්‍යවරයා පැවසූ බව වාර්තා වේ. මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, නායක තිලකරත්න ඩිල්ෂාන්, ලසිත් මාලිංග සහ උප නායක ඇන්ජලෝ මැතිව්ස් යන ක‍්‍රීඩකයෝ ද, තේරීම් කමිටු සභාපති දුලිප් මෙන්ඩිස් මහතා ඇතුළු තේරීම් කමිටු සාමාජිකයන්, ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිසි බලධාරී උදය සෙනෙවිරත්න සහ ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී අජිත් ජයසේකර යන මහත්වරු සහභාගි වූහ.
නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.
රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා
ස්වෛරීණය ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප‍්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇ
වසරේ ඉදිරි කාලයේ වියදම් දැරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීමට නියමිත රුපියල් මිලියන 219,373 ක පරිපූරක ඇස්තමේන්තුව මගින් වියදම් දැරීමට අපේක්ෂිත ක්ෂේත
ඩීසල් (0.05% M.S.) නැව් තොග 4ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අසාර්ථක වීමට හේතුව සන්නිවේදන පරතරයයි:
ලාල් නන්දසිරි Saturday, 03 December 2011 02:18 AM
හොඳක්ම වේවා !!