මදුරුවන් බෝවන ස්ථාන ඇත්දැයි සොයා ශ්‍රී ලංකාවේ සියළුම ආගමික ස්ථාන අද දිනයේ පරීක්ෂාවට ලක්කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. පසුගිය 10 දා සිට 16 දා දක්වා ප්‍රකාශයට පත්කැර ඇති ජාතික මදුරු මර්ධන සතිය වෙනුවෙන් මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. මදුරු මර්ධන සතිය වෙනුවෙන් මෙතෙක් කරන ලද ස්ථාන පරීක්ෂා කිරීම් 80,000 දී මදුරුවන් බෝවන ස්ථාන 9,221 ක් සොයාගත හැකි වූ බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි! (නි)
මදුරුවන් නෙමෙයි වෙන වෙන ලෙඩත් ඔය වගේ තැන්වලින් හොයාගත හැකියි හොදට සෝදිසියක් දැම්මනම්.(අ)
සමහර තැන්වල මදුරු සේනාවල් ඉන්නවා පරික්ෂා කලොත් හමුවෙයි .... (අ)
මදුරුවන් බෝවන ස්ථාන 9,221 න් කීයක් පන්සල්ද, කීයක් කෝවිල්ද, පල්ලිද කියල නොකියන්නේ ආගම් භේද ඇති වෙයි කියන බයටද? (නදී)
ඕනෑම රබර් වත්තකට හිගින් පොල්කටු ටික බලන්න, මදුරු ගොවි පොළවල් දැක ගත හැකියි. (නදී)
මම අහලා තියෙන විදියට මදුරුවන්ට වඩා ඌරෝ ලෙඩ බෝකරනවා. (ස)