IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ආණ්ඩුවෙන් ඉවත් වු 16 මහින්ද සමඟ සාකච්ඡාවකට

(ඩයනා උදයංගනී)

 ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 දෙනා ඉරිදා  (20)  හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී සාකච්ඡාවක් පවත්වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
            
ඉන් අනතුරුව දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර වැනි පාර්ලිමේන්තුවේ විපක්‍ෂය නියෝජනය කරන පක්‍ෂ නායකයින් හමුවී සාකච්ඡා කිරීමට ද තම කණ්ඩායම බලාපොරොත්තු වන බව ද ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා  සඳහන් කළේය.
 
            තම කණ්ඩායම පළමුවෙන් මහ නා හිමිවරුන් සහ කාදිනල්තුමා හමුවී සාකච්ඡා කර කටයුතු ආරම්භ කළ බව කී අබේවර්ධන මහතා  ඊයේ  (17) දිනයේදී මෙරට ජ්‍යෙෂ්ඨ වාමාංශික පක්‍ෂ නායකයෙක් වන ඩිව් ගුණසේකර මහතා හමුවූ බව ද කීවේය. 
 
            විපක්‍ෂයේ සිටින සියලූ ප‍්‍රගතිශීලී නායකයින් හමුවී සාකච්ඡා  කර ඉදිරි වැඩපිළිවෙල තීරණය කරන බව ද හෙතෙම  සඳහන් කළේය.  
 
            එමෙන්ම ‘හෘද සාක්‍ෂියේ නිදහස’ යන තේමාව යටතේ මෙම මස 26 වැනිදා සිට සම්මන්ත‍්‍රණ මාලාවක් ආරම්භ කිරීමට තම කණ්ඩායම තීරණය කර ඇති බව ද අබේවර්ධන මහතා කියා සිටියේය.
 
            මෙහි පළමුවැන්න මාතරදී පැවැත්වෙන අතර ඉදිරියේදී තම කණ්ඩායමේ 16 දෙනා නියෝජනය කරන දිස්ත‍්‍රික්කයන්හි මෙම සම්මන්ත‍්‍රණ පවත්වන බව කී මන්ත‍්‍රීවරයා රටේ පවතින ආර්ථික තත්ත්වය, එයට හේතුව ආදිය පිළිබඳ  විද්වතුන්ද සම්බන්ධ කරගනිමින් ජනතාවට කරුණු පැහැදිලි කිරීම මෙම සම්මන්ත‍්‍රණවල අරමුණ බව ද පැවසීය.
            හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පුංචි බොරැල්ලේ පිහිටි නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී අද (18)  පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


ඡායාරූප -  ශාන්ත රත්නායක



අදහස් (15)

ආණ්ඩුවෙන් ඉවත් වු 16 මහින්ද සමඟ සාකච්ඡාවකට

සතයපාල Friday, 18 May 2018 10:33 AM

හෘද සාක්ෂියේ නිදහස කියලා පෝස්ටර් ගහ ගත්තට මේ මිනිස්සුන්ට නැත්තෙම හෘද සාක්ෂියම තමයී. තමන්ගේ වාසියට හතර අතට පනින ගෙම්බන්වගේ මිනිස්සු හෘද සාක්ෂියක් කොහෙන්ද ?

:       2       128

manoj Friday, 18 May 2018 11:27 AM

මේ ගෙඹි ආණ්ඩු ක්‍රමය නවත්වන්න දැන්වත් මිනිස්සු පෙළ ගැහෙන්න ඕන, වෙනසක් බලාපොරොත්තුවෙන් අපි ජන්දේ දීල පත් කරගන්නේ එකම මිනිස්සු ටික. පක්ෂෙයි, පාටයි විතරක් මාරු වෙලා.

:       0       13

Buddika Friday, 18 May 2018 12:34 PM

මේ මිනිස්සුන්ට හෘද සාක්ෂියක් නැත්ද? මහින්දගෙන් කියලා ආවඩලා මහින්ද පරද වුණාම මෛත්‍රිට හේත්තු වුණා. එදා ඉඳලා කළෙත් මෙහෙන් කාලා මහින්දට ආවඩන එකයි. පටන් ගත් දා ඉඳලාම ආණ්ඩුවේ කකුලෙන් ඇද්දේ මේ මිනිස්සු. මේ වගේ අය දේශපාලනයේ ඉන්න තාක්කල් රට විනාසයි.

:       0       7

godfrey Friday, 18 May 2018 12:46 PM

අඹ, දඹ, නාරං, කෙසෙල්, දෙල් වලින් පිරුණු රිසිසේ කෑමට මහා වනයක් ඇත. මෙහි ජීවත්වෙන රිලවුන්ට, දැනෙන්නේ, පෙනෙන්නේ කොයි පැත්තට පැන්නත් ගිලින්න තියන කුට්ටියයි. උන්ට පැනීම ගැන කියා දීමෙන්වත්, එපා කීමෙන්වත් වැඩක් නැත. ඒ කොයි පැත්තට පැන්නත් ලොකු ලොකුම කුට්ටි ගිලන නිසා..

:       0       100

Nimal Friday, 18 May 2018 12:48 PM

ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයින්ට කළ හැකි දෙයක් තිබෙනවා. එනම් මෙවැනි ආත්මාර්ථකාමීන් පාර්ලිමේන්තුවට ගෙනඒම නතරකිරීම... ඔබේ ඡන්දය භාවිතා කළ යුත්තේ මෙවැනි නිර්ලජ්ජිත මිනිසුන්ට නොවේ.

:       0       10

rocky Friday, 18 May 2018 01:18 PM

වාසි පැත්තට පනින දෙපිට කාට්ටු රිලවුන්ට ඡන්දය දීමෙන් වැළකී සිටීම ඇඟට ගුණයි!

:       0       88

sirimal Friday, 18 May 2018 01:28 PM

මේ කට්ටිය මහින්ද දිනවන්න සියලුම දේ කරලා පරාජය වුනාට පස්සේ මෛත්‍රි ලඟට ගියේ මහින්දගේම උපදෙස් අනුව වෙන්න බැරි නැද්ද? ආණ්ඩුවේ ඇමතිකම් දරමින් හිටිය කාලයේ කලේම ආණ්ඩුවේ කකුලෙන් අදින එකයි. සියලුම තොරතුරු අවශ්‍ය තැන්වලට සපයන එකයි... කියලයි හන්දියේ මිනිස්සු කියන්නේ.

:       7       3

SLFriday, 18 May 2018 02:52 PM

සිරිමල්, ඔය කියන විදිහට මෛත්‍රිපාල පොදු අපේක්ෂකයා වුනෙත් මහින්දගේ කීමට වෙන්න ඇති !!!

:       0       0

sirimalFriday, 18 May 2018 03:46 PM

ඒකගැන නම් මට හරියට කියන්න බැහැ. නමුත් මහින්ද මැතිවරණය පරාජය වුණු වෙලාවේ ජයග්‍රාහී අපේක්ෂකයාට කතා නොකර රනිල් වික්‍රමසිංහ අරලිය ගහ මන්දිරයට ගෙන්වාගෙන එතන හිටිය අගවිනිසුරු, පොලිස්පති, හමුදාපති ආදීන් එක්ක කුටු කුටු ගෑවේ මොනවද කියලා නම් එතන හිටපු කට්ටිය විතරයි දන්නවා ඇත්තේ. ලංකාවේ දේශපාලනයේ වෙන දේවල් ගැන පේන කියන්න පුළුවන් ජගතෙක් තුන් ලෝකෙම නැතුව ඇති...

:       0       1

Appuhami Friday, 18 May 2018 01:45 PM

කොහොමද මහින්දගේ මොලේ? ගුලිය ඇඹරුවා නියමෙට... දැන් නිකන්ම පස්සෙන් එනවා.

:       0       0

mahendra fernando Friday, 18 May 2018 01:57 PM

සීට් එක පරාදයි නේද?

:       0       0

Sunil Friday, 18 May 2018 02:02 PM

ඉතින් ඕක අලුත් දෙයක්යැ? මෙහෙ හිටියත් එහෙත් එක්ක කොච්චර කතා කරන්න ඇතිද මෙයාලා?

:       0       8

ධනුෂ්ක Friday, 18 May 2018 02:46 PM

බහුතරයක් ජනතාව ඡන්දය ලබා දෙන්න පළමුවෙන් තෝරා ගන්නේ පක්ෂයයි. ඉන්පසුව තමයි තමන් කැමති අපේක්ෂකයා ඉන් තෝරා ගන්නේ. ඡන්දේ අරගෙන දිනලා එ් අපේක්ෂකයා අනිත් පැත්තට යනවා. අවසානයේ ඡන්ද දායකයා අතරමං. මොන පක්ෂෙ වුනත් මේ අයට ඡන්දය ලබාදිය යුතුද? මේ යන විදිය අංශක 360න්ම වෙනස් විය යුතුයි.

:       0       0

Hafeel Friday, 18 May 2018 04:35 PM

දැන් මහින්ද හොඳද?

:       0       1

Bamunuarachchi Saturday, 19 May 2018 12:22 AM

ඔබල ඕනෑම සාකච්චාවක් කොරන්න නමුත් අවසාන ප්‍රතිපලය වියයුත්තේ මේරජයට ජනතා විරෝදී අනපනත් වලදී 2/3 චන්දය නොලැබීමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සූදු ක්‍රීඩාවට නියාමන අධිකාරියක්
2025 අප්‍රේල් මස 22 34 0

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බදු මුදල්වලට වෙනදේ සෙවීමට ජනතාවට අයිතියක් තියෙනවා
2025 අප්‍රේල් මස 22 60 0

ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු මෙන්ම එම මුදල්වලට වෙන්නේ කුමක්දැයි සොයා බැලීමට ජනතාවට අයිතියක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරස


ලක්ෂ 80ක ‘කුෂ්‘ සමඟ අයෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 22 134 0

රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.


මෝටර් රිය අඩි 300ක් පහළට
2025 අප්‍රේල් මස 22 411 0

නල්ලතන්නියේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වු කෙසෙල්ගමු ඔයට පෙරැලීමෙන් එම මෝටර් රථයේ


ආයුධ පෙන්වා වාහන කොල්ල කෑ දෙන්නෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 22 413 1

තියුණු ආයුධ පෙන්වා බියගන්වා වාහන කොල්ල කෑ කල්ලියක සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.


කූඩුවේ සිටි සැකකරු මුදවා ගන්න ගිය පීසී අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 22 1263 2

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 534 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 297 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 446 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site