ඉදිරි වසර දහයේ දී නොව ආත්මයකටවත් යළි ශ්‍රී ලංකාවේ යුද්ධයක් ඇති නොවන බව තමන්ට විශ්වාස යැයි යාපනය පළාත බාර යුද හමුදා ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් මහේෂ් සේනානායක පැවසුවේය.
හමුදා ප්‍රධානියා මේ බව කියා සිටියේ 11 වැනිදා යාපනය හමුදා මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ය.
‘යුද්ධයක් නැතත් යුදහමුදාව උතුරේ රැදී සිටීම නිසා සාමාන්‍ය වැසියන්ට ඉන් විශාල යහපතක් මෙන්ම සේවාවක් සිදුවනවා. උතුරේ සිද්ධස්ථානවල සිදුවන සෑම කටයුත්තක දී මෙන්ම ආපදා අවස්ථාවල දී යුද හමුදාව සාමාන්‍ය වැසියන් සමග ඉතා මිතුරුව තමයි කටයුතු කරන්නේ. වසර ගණනාවක් පැවති යුද්ධය නිසා උතුරේ ජනතාව යුද හමුදාව සමග ගනුදෙනු කිරීම යම් කිසි දුරස් වීමක් පෙනෙන්නට ඇතත් යුද හමුදාව සහ සෙසු ආරක්ෂක අංශ කවුරුන්දැයි යන්න තේරුම් ගැනීමටත් ඔවුන්ව හඳුනාගැනීමටත් උත්සාහ කරන මෙන් ඉල්ලා සිටිනවා‘
තමන්ට ඇති සියලුම ප්‍රශ්න ළඟම පිහිටි හමුදා කඳවුර වෙත ඉදිරිපත් කොට සහනයක් ලබාගන්න ඕනෑම දුක්ගැනවිල්ලක් යුද හමුදාව වෙත ඉදිරිපත් කළ හැකි බව ද ඔහු කීවේය.
නමුත් මේ දිනවල දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයින් කියා සිටින්නේ යුද්ධය හමාර වී වසර හතක් ගත වී ඇති බැවින් යුද හමුදාව වහාම උතුරු පළාතෙන් ඉවත් විය යුතු බවයි.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් වවුනියාවේදී මෙන්ම උතුරේ ස්ථාන කීපයකදීම පවසා ඇත්තේ යුදහමුදාව උතුරෙන් ඉවත් කොට ඒ වෙනුවට පොලිස් බල ඇණි යොදා උතුරේ වැසියන්ට ආරක්ෂාව සපයා දිය යුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධය ගැන කියනකොට එකපාරටම කල්පනාවට එන්නේ ද්‍රවිඩ බෙදුම්වාදී ත්රස්තයන් හා සම්බන්ධ යුද්ධයක්. කවුද දන්නේ අයි.එස්.අයි.එස් කාරයෝ හරි ජීහාඩ් හරි අළුයට තිබුන ගිනි පුපුරක් වගේ හිස ඔසවයිද කියලා. අනික් අතට දකුණේ ආණ්ඩු අන්ත දුෂණ වල ගැළෙනු දකින්න අකමැති ජනතාව වර්ගභේදයකින් තොරව දිනක පාලකයින්ට විරුද්ධව නැඟීසිටින්න ඉඩ කඩ නැහැ කියලා කියන්න බැහැ. අනාගත යුද්ධ නැවැත්විය හැක්කේ වචන වලින් නොව පාලකයින් ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටුකිරීමෙන්. හමුදා ප්‍රකාශ දේශපාලනයෙන් තොර වියයුතුයි. (නි)
යුද්ධයක් ඇතිවෙන්නේ නැතැයි කියන්නේ,සතුරාගේ බලය තක්සේරු කරමින්.එහෙත් ත්‍රස්තවාදී ගරිල්ලා සටන් ක්‍රම තක්සේරු කිරීමට අමාරුයි. (බ)
කොටින් නිදහස් කරනවා නම්, රණවිරුවන් හිරේ දමනවා නම්, යුද ගබඩා පිපිරෙනවා නම් ආයෙත් කොහෙද යුද්ධ එන්නේ (නි)
සියළු පළාත්වල හමුදා ඉවත්කර, මෙගා පොලිස් බලඇණි ස්ථාපිතකර ත්‍රිවිධ හමුදාව වෙනත් වැඩවලට යැවුවා නම් හරි (නි)
අසාද්, ලංකාවේ හැම පුරවැසියෙකුටම අයිතිවාසිකම් තියෙනවා නම් තවත් මොනවද කතා කරන්නේ (නි)
කලිනුත් ඔයවගේ පෙරනිමිති කී අයවලුන් සිටියා. ප්‍රවේශමෙන් රන් තැටියේ කිරි දාලා පෙව්වත් නයා නයාමයි (නි)
තර්ජනය කොපමණද යන්න පිළීබඳ රජය හොඳ තක්සේරුවක ඉන්නවා කියලා අපි හිතනවා. ඒ නිසා සමහරුන්ගේ බුරා හැලීම් වහසිබස් දෙඩවීම් ආදිය ගැන නොතකා නිසි ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක්. එක එක සංකල්ප වල නාමයෙන් ආරක්ෂක විධිවිධාන කැප නොකරනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වෙනවා. (නි)
ජේ ආර්ගේ කාලේ එක්තරා හමුදා නිලධාරියෙකුත් යාපනයට ගිහිල්ලා ඔය වගේම කතාවක් කළා නේද? හැබැයි යුද්ධය ඇතිවුණේ ඊටපස්සේ. (නි)
එතකොට විනේශ්වරන්ලා රට බෙදන්නට දඟලන්නේ යුද්ධයකට නොවෙයිද? (නි)
එහෙම ඇත්තටම වෙනවා නම් අපි මොනතරම් වාසනාවන්තද? (නි)
බෙනට්, මෝඩ කතා කියන්න එපා. (නි)
බෙනට් මල්ලි ජපානේ තියෙන ඔකිනාව කඳවුරත් ලංකාවේ කඳවුරුත් හාත්පසින්ම වෙනස්. ඔකිනාව කඳවුර පිහිටෙවුවේ ජපානය යටත් කරගත්තට පස්සේ ජපානයට සහ කලාපයට ආරක්ෂාව සැපයීමට ජපානය දහසකුත් එකක් නීති රීතිවලට යටත් කරමින්. එම ගිවිසුමේ ප්‍රතිපලයක් ලෙස තමයි ජපනාට යුද්දෙන් පස්සේ ඇමෙරිකානු සහ මිත්‍ර පාක්ෂික රටවල වෙළඳපොළට ඇතුළු වෙන්න ලැබුනේ. ඉතින් ඒ යටත් වීමේ ගිවිසුමේ කොන්දේසියක් යටතේ තමයි ඔය කඳවුර පිහිටුවල තිබෙන්නේත්. (බ)
බෙදුම්වාදී අදහස් දරන හැම විටකම යුද්ධයක සේයාව ඉස්මතුවෙනවා.(ම)
ලොකුම යුද්දේ කුස්සියේ යුද්දේ කියල දැන් දැන් අපේ නෑදෑයෝ කියනවා ඇහෙනවා. (බ)
මෙයා දේශපාලඥයන්ට වාසි සැලසීම සදහා සාස්තර කියනවා. හමුදා නිලධාරියකු සතු වගකීම වන්නේ ඕනෙම විටක ඇතිවෙන යුද්ධයක් වෙනුවෙන් සුදානම්ව සිටීම. ආත්මයකටවත් යුද්ධයක් නොඑනවානම් අහවල් මගුලටද ඔය රස්සාව කරන්නේ. ගිහින් කුඹුරක් කොටන්න. හමුදාවේ ඉහලම අය ඔහොම හිතුවොත් ඉබ්බයි හාවයි රේස් දිවුව වගේ වෙයි.ඉබ්බාට කවදාවත් හාවා පරද්දන්න බෑ කියල රේස් එකේදී හාව මගට ගිහින් නිදා ගත්තලු.අන්තුමට ඉබ්බා හිමින් හිමින් ගිහින් දිනුවලු. මේ කතා හමුදාවක ඉහල අයගේ ප්‍රකාශ නොව එන්ජීඕ ප්‍රකාශ. (බ)
මෙහෙම සහතික දෙන්න කාටවත් බෑ මෙව මාධ්‍ය සංදර්ශන කතා ඉස්සර එල් ටී ටී එක පුංචි සංවිධානයක්ව තිබුන කාලෙත් ඹහොම කතා කිව්වා. මාස දෙකෙන් අවුරුද්දෙන් අතුගා දමනවා කියලයි නායකයො පාරම් බෑවෙ අන්තිමට මොකද වුනේ...(බ)
අසාද් මහතාගේ ප්‍රකාශය බොහෝ දෙනා නිදහස් මනසකින් තේරුම් ගෙන නැත. සෑම පුරවැසියෙකුටම අයිතිවාසිකම් සහ නිදහස තිබුනේනම් 1971 ත් දකුණේ ජනතාව ආයුධ ගන්නේද යන්න ඇතිවන ප්රශ්නයකි. නිම්මි, හේරත්, ගයාන් දෙමළ කතා කරන ශ්‍රීලාංකිකයන් "සුළු" මිනිසුන් වන්නේ අයිතිය ලැබෙන නිසාද කියා ප්‍රශ්නයක් ඇතිවෙනවා නේද? පීඩනයක අවසානයට ජාතිය බල පාන්නේ නැති බව අප තේරුම් ගත යුතුය. (ර)
නාමල් - නිව්යෝර්ක් නමින් පෙනීසිටින බෙදුම්වාදියා නැවත එලි බැහැලා.(බ)
නිම්මිට අමතකවෙලා නැත්තම් දන්නෙ නැතිකම වෙන්න ඇති. මේ රටේ ඉපදුන ඔක්කොටම තියෙන්නේ මේ රට විතරයි. මුස්ලිම් හෝ වේවා, දෙමළ හෝ වේවා, බෞද්ධ හෝ වේවා තම තමන්ගේ රට වලට යනවා නම් ආදිවාසීන්ට මේ රට දීලා ඔක්කොටම යන්න වෙනවා. නිම්මිටත් එක්කම තමයි යන්න වෙන්නේ. (නි)
අසාද්, ඔයා දන්නවා කියලා හිතාගෙන සිටියට ඕක නෙමෙයි ඇත්ත. ආදිවාසී කියන්නේ අමුතු සත්ව කොටසක් නෙමෙයි. ඔවුන් අතීතයේ අපෙන් දුරස්වී දීර්ඝ කාලයක් හුදකලාවී සිටි අපේම මිනිසුන් පිරිසක්. (නි)
ආදිවාසීන් කියන්නේ අමුතු සත්ව කොටසක් නොවෙයි කියල මමත් දන්නවා හේමන්ත. රටේ හරි අයිතිය තියෙන්නේ එතන. (නි)
අසාද්, මොන අයිතිවාසිකම දුන්නත් අයිඑස් වගේ අයට ඒවා වැඩක් නෑ, එයාල එයාලගේ මතවාදය ගොඩනගන්න ඕනෑම තිරිසන් වැඩක් කිරීමට කටයුතු කරනවා. (බ)
රටේ සෑම පුරවැසියෙකුටම ඔහුන්ගේ අයිතිවාසිකම් නිදහස ලබා දුන්නොත් කාටවත් ආයුද අරන් අයිතිවාසිකම් ඉල්ලන්න ඕනේ නැහැ.(හේ)
අපිට එහෙම හිතන්න අමාරුයි.(හේ)
සියලු දෙය නැසෙන සුළුයි, වෙනස් වන සුළුයි , (හේ)
අසාද්, වෙන කිසිම රටක නැති විදියට ලංකාවේ සුළු ජාතිකයන්ට අයිතිවාසිකම් තියෙනවා. එහෙම තියෙද්දී ත්‍රස්තවාද වලට ඉඩ දීලා මහ ජාතියකට නිශ්ශබ්දව ඉන්න බැහැ (නි)
දේශපාලකයෝ වගේම ආගමික නායකයෝත් දුරදිග හිතලා කටයුතු කළොත් යුද්ධයක් ඇතිවෙන එක වළක්වාගන්න පුළුවන්. (නි)
අසාද්, මහනුවර කියන්නේ, ලාංකීය බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ. බෞද්ධයා කොතරම් අහිංසකද? (නි)
ලංකාව කියන්නේ නිදහස් නිවහල් රටක් (නි)
කොහොම කතා කිවුවත් සිංහලයන් විශේෂ අවධානයෙන් සිටියයුතු කාලයක් මේක (නි)
විග්නේෂ්වරන්ගේ බයිලා ලංකාවට සුදුසු නෑ, ඒවා හොඳ රට කන්න බලාගෙන ඉන්න බෙදුම්වාදීන්ට පමණයි. (බ)
ආයෙනම් යුද්ධ කිසි දිනක එපා.(හේ)
අයිඑස්අයිඑස් තමයි බය (බ)
අසාද් රටේ සෑම පුරවැසියෙක්ටම ලංකාවේ සිව් කොනට ගිහින් එන්න පුළුවන් වාතාවරණයක් අද තියනවා එ්ත් සමහර ප්‍රදේශ වලට වන්දනාගමනක් වත් යන්න බැරි තත්වයක් උදාවෙලා අවුරුදු සියගණනක් තිබුන පුද පූජාබිම් අද ජනපදවෙලා නටබුන් කුස්සිවල ලිප්ගල් වලට තියල, ගල්කණු වැසිකිලිවළවල් වලට තියල,වන්නන්තර අනවසරයෙන් එලි කරකර එක එක නම්වලින් ගම්මාන බිහිවෙනවා ජාතියේ මුදුන් මල්කඩට ඉහලින් අනවසර ගොඩනැගිලි ඉදිවෙනවා මිනිහෙක්ට පමණක් නොවේ සතෙකුටවත් හිංසාවක් වුනොත් අනේ අපොයි කියපු අහිංසක මිනිස්සු තවත් පාගන්න බලනවානම් එවන් අයිතිවාසිකම් ගැන මිනිස්සු නිහඩව ඉඳීවි කියල හිතනවද. (බ)
මෙතන යුද්දයක් නැහැයි කියනකොට තව කට්ටියක් ඔව් කියනවා .අනේ අනිච්චන් !!! (බ)
ආණ්ඩුවක් නැට්ට කකුල් දෙක අස්සේ ගහ ගෙන යටත් වෙනවනම් කොහෙද යුද්ද ඇති වෙන්නේ. (බ)
ජපානයේ ඔකිනාව දුපතේ ඇමරිකන් හමුදා කඳවුරක් තියෙනවා . එහි සෙබළුන් විටින් විට ජපන් තරුණියන්ව දුෂණය කරනවා . මේ නිසා එහි වැසියන් නිතරම මේ කඳවුර ඉවත් කරන්න කියල උද්ඝෝෂණ කරනවා . නමුත් කිසිම ජපන් ආණ්ඩුවක් ඒක ඉවත් කරන්න කිසිම උත්සහයක් ගන්නේ නැහැ . ඒකට කියන්නේ ජාතික ප්‍රතිපත්තිය කියල . එහෙවු එකේ අවුරුදු 30 ක් යුද්දයක් තිබුන පළාතක යුද්දේ ඉවර වුනා කියල හමුදාව අයින් කරන්න කියල බල කරන්නේ යුද්දෙදි ත්රස්තවාදීන්ගේ පැත්තේ හිටපු මිනිස්සු මිසක් ඒ පළාතේ ආරක්ෂාවක් ඕන කරන මිනිස්සු නෙමෙයි (බ)
අසාද් ලෝකේ ගැන මොනවද දන්නේ. හැම රටකම මහා ජාතිය සහ සුළු ජන කොටස් ඉන්නවා. ඔය කියන සමාන අයිතින්ම නැහැ . ලංකාවේ ඕනෑවටත් වඩා වැඩි (බ)
බෙනට් නොදන්නා දේවල් කතා කරන්න එපා, උතුරේ සිවිල් වැසියන්ගේ ඉඩම් වල ගොඩනගපු හමුදා කදවුරු තිබෙනවා, ඒ ඉඩම් නැවත ජනතාවට ලබාදිය යුතුයි.. අනික ඔකිනාවා වල ඇමරිකානු කදවුරේ තරුණියන් දුෂණය කිරීම් සිද්ධි වුනේ එකක් දෙකක්, නමුත් උතුරේ සුදුවෑන් පැහැරගැනීම් කීයක් වුනාද (බ)
සුළු ජාතීන්ට මේ රටේ නිදහස වැඩි. එ්කයි වෙනම රටක් ඉල්ලන්නෙත්. මුස්ලිම් රටකට අඩු ගානේ වෙන ආගමකට අයිති පින්තුරයක් වත් ගෙනියන්න පුලුවන්ද? සිංහලයට තියෙන්නේ මේ රට විතරයි. අපිත් එක්ක සහයෝගයෙන් ඉන්න බැරි ජාතින් තම තමුන්ගේ රටවල් වලට ගියාට අපිට කිසි දුකක් නැහැ. (බ)
කවුරු කීවත් හමුදා කඳවුරු ඉවත් කරන්න එපා. ජවහල් ලාල් නේරු කියල තියෙන්නේ නුපන් දමිලයත් පොටෝ එකේ ඉන්න දමිලයත් හැර එයාලගේ කවුරුත් විස්වාස කරන්න එපා කියලයි. (බ)