IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ආදායම් කන්තෝරුවේ වැඩගැන කෝපා කමිටුවෙන් විමර්ශනයක්

(සුජිත් හේවාජුලිගේ )

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව  එක්රැස් කරගත් මුද්දර බදු ආදායමෙන් පළාත් සභාවලට ප්‍රේෂණය  කළ යුතු  රුපියල් කෝටි  230 කට ආසන්න මුදලක් එලෙස ප්‍රේෂණය නොකර  රඳවා තබා ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්  රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා කමිටුව ) විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

එසේම  2020 දෙසැම්බර් 31 වැනිදාට ගෙවිය යුතු  රුපියල් කෝටි දෙසිය විස්සකට ආසන්න මුදලක්  නොගෙවා  ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද විමර්ශනයක් පවත්වන බව එම කමිටුව පවසයි.

මේ සම්බන්ධයෙන් කෝපා කමිටුව  දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කර ඇත. එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මහ භාණ්ඩාගාරයෙන් එම මුදල් ලැබුණු පසු  ඒවා  ප්‍රේෂණය කළ හැකි බවයි.

මේ අතර  මත්පැන් විකිණීම සහ බෝතල් රා විකිණීම  සඳහාවූ බලපත්‍ර පහකට අදාළව 2008 සිට  2018 දක්වාවූ   වසර දහයේදී   රුපියල් කෝටි  ගණනක්  වටිනා මුද්දර ගාස්තු  අය  කර නොගෙන පැහැර හැර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද  කෝපා කමිටුවේ  විශේෂ අවධානය යොමුවී ඇත.

එම බලපත්‍රවලින් රුපියල් දස  දහස   සහ  විසි දහස බැගින්  මෙලෙස මුදල් අය කර ගැනීම පැහැර හැර ඇතැයි කියති.

මෙම හිඟ ගාස්තු අය කර ගැනීමට  පියවර ගෙන  මෙවැනි  තත්වයක්  ඉදිරියේදී ඇති නොවීමට වග බලා ගන්නා ලෙස රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ප්‍රධානීන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට උපදෙස්දී ඇත.



අදහස් (1)

ආදායම් කන්තෝරුවේ වැඩගැන කෝපා කමිටුවෙන් විමර්ශනයක්

චන්දන Sunday, 12 December 2021 07:19 AM

මංගල මුදල් ඇමති කාලෙ කාර් ගනිපු අයට ලිපි ගොනු විවෘත කලා දහස් ගනනින් . ඒවයින් කොතරම් ආදායම් ලැබෙනවද. ඒකෙන් වුනේ රජයේ මුදල් නාස්ති කරමින් එයාලට ලිපි යැවීම පමණි . ඒ ගැනත් හොයන්න . ආදායම් බදු ලිපි ගොනු වලින් 80% ක් වැඩකට නැති ඒවා .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රවීගේ නම යැවීම ගැන මහලේකම්ගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 20 13 0

මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම


ආණ්ඩුව දෙන සහන ගැන නාමල් අවදානයෙන්
2024 නොවැම්බර් මස 20 128 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ


ආසියානු බෞද්ධ සමුළුව සාර්ථකව අවසන්
2024 නොවැම්බර් මස 20 237 0

ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.


හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 847 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට
2024 නොවැම්බර් මස 20 762 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 866 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 422 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 673 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1915 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site