IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ආදරෙන් කියන ඕනෑම නමකට මං කැමතියි

2016-09-24-ent-97

”පබා” කියන්නෙ අපේ රටේ නූතන ටෙලිනාට්‍ය කලාවෙ එක යුගයක් කිව්වොත් නිවැරදියි. එතෙක් පැවති ඉන්දියානු කතා ආරය වෙනස් කරමින් පබා නැරඹීමට අපේ රටේ පේ‍්‍රක්ෂක ප‍්‍රජාව රොද බැඳුණා.

පබා වඩා විචිත‍්‍රවත් වුණේ රුව වගේම ගුණත් නොසැලෙන ආත්ම විශ්වාසයත් හිමි ඇය නිසයි. පේ‍්‍රක්ෂක හදවත් තුළ ලැගුම්ගත් මේ ශක්තිමත් ආදරවන්තිය ”පබා” එහෙමත් නැතිනම් ආමන්තගේ ආදරවන්තිය ලෙසින් අතිශය ජනාදරයට පත්වූ ඇය තමයි උපේක්ෂා ස්වර්ණමාලි.

ටෙලිනාට්‍ය ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබීමට සමත් වූ මේ අමරණීය පෙම් යුවළෙහි ”පබා” මෙවර සිත්ගත් රංගනයට එක් කරගන්න හිතුවෙත් ඇයට ලැබුණු ජනතා ආකර්ෂණය නිසාවෙන්මයි.

උපේක්ෂා මේ වෙද්දිනම් දේශපාලනයෙන් සමු අරන්. නමුත් මව් පදවියට උරුමකම් කියමින් තම සිඟිති දියණියගේ සුරතල් බලන්න දිනගනිමින් ඉන්නවා කියලයි සඳැල්ල සමග පැවසුවේ.

 

ඇයට ඇගේ ඒ බලාපොරොත්තු සියල්ල ඉටුවේවා යැයි සඳැල්ල අපි සුභාශිංසන එක් කරමින්ම ඇය සමග කතාබහට එක්වුණා.

 

උපේක්ෂා ”පබා” සඳහා සම්බන්ධ වෙන්නෙ කොහොමද?

2016-09-24-ent-96මම ප‍්‍රධාන සහය චරිතයක් විදියට රඟපෑ නාට්‍යයක් ”පූජනීය ආදරයක්” කියන්නේ. ඒ සඳහා ෆ්ලෑෂ් බැක් රොෂාන් ප‍්‍රනාන්දු සහ මුතූ තරංගා සමග තමයි මම දායක වුණේ. ඒ මගෙ දෙවනි නාට්‍යය. ”පබා” රචනය කරපු මහේෂ් රත්සර මද්දුමආරච්චි විසින්මයි එයත් රචනා කළේ. ඔහුව මම හඳුනාගන්නෙ එතනින්. පසුව තමයි ඔහුම මට ”පබා” නාට්‍යයට කතා කළේ. ඔහු ඇත්තටම හොඳ පිටපත් රචකයෙක්. ඒ වගේම හොඳ ගුණයහපත් පුද්ගලයෙක්. ඒ විශ්වාසය නිසාම තමයි ”පබා” නාට්‍යය භාරගත්තෙ.

 

එහිදී ඔබේ චරිතය ඉතා ජනප‍්‍රිය වුණා. ජනතාව එතරම් ඒ චරිතය වැළඳගැනීම පිළිබඳව මොකද හිතෙන්නෙ?

ඒ චරිතය එතරම් ජනප‍්‍රිය වෙන්නත්, පිළිගැනීමක් ඇතිවෙන්නත් වාසනාව සහ නාට්‍යයේ තිබිය යුතු විවිධත්වය, චරිතවල විවිධත්වය මේ හැමදේම බලපාන්න ඇති.

ඇත්තටම මේ සමාජය ගත්තොත් අපිට අපේ හිතට කාවදින චරිත එකකට එකක් වෙනස්නෙ. ඉතින් ඒ චරිත පිළිබඳව පිටපතේ හොඳට අන්තර්ගතවෙලා තිබුණා. ”පබා” නාට්‍යය විකාශය වෙන්න පටන් ගද්දිම සිරස නාලිකාවෙ ”රන් දෙපැය” ගොඩක් ජනප‍්‍රිය කාලයක්. ප‍්‍රවීණා, මහගෙදර වගේ නාට්‍ය ගොඩක් විකාශය වුණා.

ඇත්තටම ඒ අයට අභියෝගයක් කරගෙන මේ නාට්‍යය හැදුවේ නෑ. නමුත් ස්වාධීන රූපවාහිිනියෙ ඒ වෙලාවට ආරම්භ කරපු නාට්‍යය ඔක්කොම හිතුවෙවත් නැති විදියට ජනප‍්‍රිය වුණා. ”බට්ටි” නාට්‍යයෙන් ආරම්භ කරපු ඒ ගමන අති සාර්ථක වුණා. මිනිස්සු ඉතා තදින් ඒවා වැළඳ ගත්තා. ඒ ලැබුණු ප‍්‍රසාදය අපි කවදාවත් බලාපොරොත්තු නොවුණු දෙයක්.

අපි ගොඩක් වාසනාවන්ත වුණා පබා නාට්‍යයේ රඟපෑ සුළුම චරිතවලට පවා ඉහළ ප‍්‍රතිචාර ලැබීම පිළිබඳව. එහි සුළුචරිත කළ අයට අද ලොකු ප‍්‍රසාදයක් ලැබිලා තියෙනවා. එවැනි සුළු චරිතයක් කළ අයෙක් අද අධ්‍යක්ෂවරයෙක් වෙලා ඉන්නවා. විදේශ සංචාර කවදාවත් ලැබුණෙ නැති අයට ඒවා පවා ලැබුණා. ඇත්තටම එය ලොකු දේව ආශිර්වාදයක්. පබා නාට්‍යයට අවුරුදු 3ක් ජනප‍්‍රියම නාට්‍යය සම්මානය එක දිගටම ලැබුණා. ජනප‍්‍රියම නළුවා සම්මානය ලැබුණා. නිළියනම් ලැබුණෙ නෑ. මට සම්මානයක් ලැබුණෙ නැති වුණාට ලැබුණු ජනප‍්‍රියත්වය අති විශාලයි.

 

මේ චරිතෙ වත්තක හැදුණු ගැහැණු ළමයෙකුගෙ චරිතයක්. උපේක්ෂාට ඒක ගොඩක් නුහුරුයි. ඒ අද්දැකීමට මුහුණ දුන්නෙ කොහොමද?

ඇත්තටම ඒ චරිතෙ පසුබිම මගෙ ජීවිතේට කොහොමත් අදාළ කරගන්න බෑ. මොකද මට සහෝදරයො නෑ. මුඩුක්කුවක ජීවත්වෙලත් නෑ. ඒ වගේම මම ලංකාවෙ හැදුණු කෙනෙකුත් නෙමෙයි. ඉතින් ඇත්තටම එය රූගත කරපු මුල්ම දවසෙ රංගනය ඉදිරිපත් කරන්න ගොඩක් අමාරු වුණා. පසුව මම මගේම දර්ශනය බලද්දි එහි බටහිර ශෛලියක් දැක්කා. නමුත් අවංකවම කියන්න ඕන මෙහි අධ්‍යක්ෂ ශාන්ත සොයිසා ගොඩක් ඉවසීමෙන් නාට්‍යයට අවශ්‍ය දේ මගෙන් ගන්න ගොඩක් උනන්දු වුණා. මුල්ම දවස් දෙක තුනේ ටිකක් අමාරු වුණත් ටිකින් ටික ඒ නුහුරු ගතිය අඩු වුණා.

”පබා” චරිතයට ඒ පසුබිමට හුරු වෙන්න රම්‍යා වනිගසේකර මහත්මිය ගොඩක් උදව් කළා. ඒ උදව් සහ අපේ බැඳුණු සුහදත්වය එක්ක ඇත්තටම ඇය මගේ අම්මා වගේ වුණා.

 

උපේක්ෂා ඒ චරිතයට සාධාරණයක් ඉටු කරපු නිසානෙ ඒ චරිතය එතරම් ජනප‍්‍රිය වුණේ. ඒ පිළිබඳ මොකද හිතෙන්නෙ? චරිතය කරන්න කළින් යම් හැදෑරීමක් කළාද?

ඇත්තටම එහෙම හැදෑරීමක් කරන්න වෙලාවක් ලැබුණෙ නෑ. මේ පිළිබඳව කළින් මාව දැනුවත් කිරීමක් කරලා තිබුණෙත් නෑ. මම හිතන්නෙ මහේෂ් අයියා සහ නිෂ්පාදක රංජිත් මහත්මයාට මේ පිටපත ලියලා තිබුණු විදියත් එක්ක මගෙ පෙනුමයි, විලාසිතා හැමදේම චරිතෙ විදියට හුරු කරගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය තියෙන්න ඇති. ඒ නිසා මාව මේ චරිතයට දායක කරගන්න ඇත්තේ. විශේෂයෙන්ම කියන්න ඕන ඒ නාට්‍යයෙ සිටි චරිතවලට පණපෝපු හැමෝම ඒ චරිතවලට උචිතම පිරිස්. ආනන්ද වික‍්‍රමගේ, රම්‍යා වනිගසේකර, සරත් චන්ද්‍රසිරි, කුමාර තිරිමාදුර, අමිල, පියුමි ඇතුළු හැමදෙනාම. ඒ හැමෝම ඒ චරිතවලට උපරිම සාධාරණයක් ඉටු කළ නිසා වෙන්න ඇති මේ තරම් ජනතා ප‍්‍රසාදයක් ලැබුණෙ. අද කාලෙ අපි ගොඩක්ම දකිනවා අම්මා, තාත්තට ඉන්න උචිත කෙනා නෙමෙයි ඒ සඳහා ඉන්නෙ. දරුවොයි දෙමව්පියොයි අතර පරතරය අවුරුදු 10ක් පමණවත් නැති අය ඒ විදියට රඟපානවා. ඒක හරි විහිළුවක්.

 

මේ තරමට ජනප‍්‍රිය වෙයි කියලා හිතුවද?

නෑ. අපි කවුරුත් හිතුවෙ නෑ. මම හිතන්නෙ ජනප‍්‍රිය වෙයි කියලා බලාපොරොත්තුවෙන් හදන ඒවට වඩා බලාපොරොත්තු නොවන නිර්මාණ තමයි හිතන්නෙවත් නැති විදියට ජනප‍්‍රිය වෙන්නෙ. ඒකත් කලාවෙ හැටියක්. සමහර ටෙලිනාට්‍යවල ප‍්‍රධාන චරිතවලට රඟපාන අළුත් මුහුණු ඉක්මනට ජනප‍්‍රිය වෙනවා. මටත් අළුත් මූණක් වෙන්න ලැබීම ලොකු වාසියක්. මොකද දැන් හැමෝම මාව දකින්නෙ නිළියක් විදියට. එදා නිළියක් විදියට මාව කව්රුත්ම ඇඳිනුවෙ නෑ. දැන් පබා විදියට මාව බොහෝ පිරිසක් හඳුන්වනවා.

 

රසිකයො තවමත් ”පබා” නමින් ආමන්ත‍්‍රණය කරනවට අකමැත්තක් නැද්ද?

අනේ නෑ..... ආදරයෙන් කතා කරන ඕනම නමකට මම කැමතියි. කේන්තියෙන් කියන ලස්සනම නමට කැමති නෑ. පබා කියලා සමච්චලේට කියනවටත් කැමති නෑ. ආදරෙන් කියනව නම් කිසිම ප‍්‍රශ්නයක් නෑ.

 

”පබා” චරිතය නිසා ජීවිතේට ලැබුණු වටිනාකම් ගැන කතා කළොත්?

ජනප‍්‍රියත්වයම තමයි. වෙන දෙයක් නම් මම දකින්නෙ නෑ. ”පබා” නාට්‍යයේ අපි හැමෝටම ලොකු පිළිගැනීමක් ලැබුණා. ඒ පිළිගැනීම ඉතා ඉහළයි. ඒ ගැන ගොඩක් සතුටුයි.

 

”පබා” නාට්‍යය ආරම්භය සමග රාත‍්‍රී 8.05 කියන වෙලාව ලොකු ආන්දෝලනයක් ඇති වුණා. ඒ වෙනුවෙන් දෙස් විදෙස් ප‍්‍රතිචාර ලැබුණා. ඒ සතුට දරාගත්තෙ කොහොමද?

අපිට මුල් කාලෙදි එය එතරම් දැනුණෙ නෑ. නමුත් ඒ තිබුණු ජනප‍්‍රියත්වය මොකද්ද කියලා බලන්න අපි ඉන්ටර්නෙට් හරහා එය බලන්න ගත්තා.

ඒ බලද්දි අපිත් නිරායාසයෙන්ම ඒ නාට්‍යය රසවිඳින්න ගත්තා. අද ආපස්සට හැරිලා වුවත් එය නරඹද්දි පුදුමාකාර ලස්සනක් එහි තියෙනවා. ඉතින් ඒ පිළිබඳව හිතට දැනෙන්නේනම් ලොකු සතුටක්. ඒ සතුට දරාගන්න බැරි තරමටම සතුටු හිතුණ වෙලාවලූත් තිබුණා. විශේෂයෙන්ම දේශපාලනයට ගියාම ඒ තිබුණු ජන ප‍්‍රසාදය පක්ෂ පාට භේදයකින්, තොරව ආගම් භේදයකින් තොරව තිබුණා. ධනවත්ම කොට්ඨාසයේ සිට දුප්පතා දක්වාම මේ කතාව වැළඳගත්තා. දෙස් විදෙස් ප‍්‍රතිචාර නොඅඩුව ලැබුණා. මේ වෙද්දි නාට්‍යයත් තුන් වතාවක් පමණ විකාශය වෙලා තියෙනවා. ඒ සියළුම වතාවල්වල අපිට ඉහළ ප‍්‍රතිචාර ලැබුණා. ඉතින් දෙවියන්ට මගෙ මුළු හදවතින්ම මියෙනතුරාම ස්තූතිවන්ත වෙන්න ඕන මට මේ චරිතය සඳහා දායක වෙන්න ලැබීම පිළිබඳව මගෙ ආත්ම තෘප්තියට සැනසිල්ලට මෙය බොහොම ප‍්‍රමාණවත්.

 

ධනු විජේරත්න

 

2016-09-24-ent-98



අදහස් (0)

ආදරෙන් කියන ඕනෑම නමකට මං කැමතියි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1340 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1511 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 95 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 930 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 406 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1342 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39492 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site