කොළඹ ආනන්ද විද්‍යාලයයේ 9 වැනි ශ්‍රේණීයේ ඉගෙනුම ලබන ගීතක උත්සර මාහින්කන්ද ශිෂ්‍යයා බරපතල ලියුකේමියා රෝගී තත්ත්වයෙන් පීඩා විඳිමින් සිටී.
අනඳ සිසුවා සුව පත් කර ගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ මේරිලන්ත ප්‍රාන්තයේ ජාත්‍යන්තර රෝහලක ඇට මිඳුලු බද්ධයක් කළ යුතු බවට විශේෂඥ වෛද්‍ය දමයන්ති පීරිස් මහත්මිය නිර්දේශ කර තිබේ .ඒ සඳහා වැය වෙතියි අපේක්ෂිත මුදල රුපියල් ලක්ෂ දෙසීයකි.
ගීතක උත්සර මාහින්කන්ද පුතණුවන් සුවපත් කැර ගැනීම සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයීය ආදී ආනන්දීය ශත සංවත්සර කණ්ඩායම කොමර්ෂල් බැංකුවේ මරදාන ශඛාවේ අංක 8320029723 දරණ ගිණුම ආරම්භ කර ඇත.(ස්විෆ්ට් කෝඩ් : CCEYLKLXXXX)
පෞද්ගලික ආයතනයක මානව සම්පත් කළමණාකරුවකු වන දරුවාගේ පියා වන්දිත මාහින්කන්දට එම මුදල සොයා ගැනීම ඉතාම දුෂ්කර කාර්යයක් බව ආදී ආනන්දිය ශත සංවත්සර කණ්ඩායම කියයි. පියාගේ දුරකතන අංකය 077-7897800.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සිව් දෙසින් සියලුම .පුණ්‍යවන්ත,සිතැත්තන් ගේ මෙත් සිත් මේ දරුවාව සුපත් කර ගැනීමට අවශ්‍ය ඒ මුදල එක්රැස් කර ගැනීමට දායක වීමට කරුණාවෙන් මුදලක් පරිත්‍යාග කරන්නට හදවතින් පෙලගසේවා ..!! මාද යම් කිසි මුදලකින් දායක වෙමි ! මෙම භාවයේ අපිට කරගැනීමටනම්, ඇත්තේ සසරින් එතර වීමට මෙවැනි පිනක්ම පමණි. කෙනෙකුට දෙන ජීවිත දානයේ සතුට තරම් තවත් පිනක් නැත...! මෙය කියවන හැමගේ සිත් මා මෙන්ම මෙම දරුවාට උදව් කිරීමේ චේතනාව පහල වේවා! (ස)
ආනන්දේ ආදි ශිෂ්‍යයන්ට පුලුවන්නේ ආධාර කරන්න. ලඟදි ලස්සන ගේට්ටුවක් හදල දුන්නේ පාසලට. (ස)
මාගේ පුද්ගලික සත්‍ය අත්දැකීමක් ඔස්සේ හපුතලේ කලුපහන ස්වාමීන් වහන්සේ නමක් විසින් මා වෙත ලබා දුන් ඔෟෂධයක් ලබා දීමෙන් මරණාසන්නව මහරගම පිළිකා රෝහලේ සිටි ලියුෙක්මියා රෝගියකු සුවපත් වූවේය. එම ඔෟෂධය ලබා ගත් තවත් ලියුකේමියා රෝගීන් සිවු දෙනකුද මුලුමනින්ම සුවපත් වූයේ පුදුම සහගත අන්දමටය. එම ස්වාමීන් වහන්සේ කලකට පෙර අපවත් විය. එම ඔෟෂධය දැන් සෙත්සුව නම් අායතනයක් වාණිජමය ලෙස නිපදවයි. නමුත් ස්වාමීන් වහන්සේ ලබා දුන් ප්‍රාණජීව ඔෟෂධය තරම් තත්ත්වය ඉතා හොඳ නොවූවත් එයත් යම් තරමකට යහපත්ය. කරුණාකර මෙම දරුවාගේ ජීවිතය බේරා ගැනීමට එම ඔෟෂධය දින හතක් උදය වරුවේ මේස හැඳි දෙකක් බැගින් ලබා දී තරමක් උණුවතුර වැඩිපුර බොන්න දෙන්න. මෙය අත්දුටු ප්‍රත්‍යක්ෂ ඔෟෂධයකි. විශ්වාසෙයන් යුතුව ලබා දෙන්න. මස් මාංශ අනුභවයෙන් වැලකිය යුතුය. සාර්ථක බාවය මෙහි සදහන් කර ලියුකේමියා රෝගීන් වෙත මෙම ඔෟෂධයේ වටිනාකම ඔප්පු කර පෙන්වන්න. (ස)
පුතා ඔයාට ඉක්මන් සුවය පතනවා (නදී)
කරුණාකර මෙම ඔෟෂධය ලබාගත හැකි තැනක ලිපිනයක් පලකරන්න (අ)
අන්තර්ජාලය හරහා ගෙවන ක්‍රමයක් තිබුණා නම් ඉතාමත් හොඳයි (නි)
පුලුවන් විදියට මම උදවු කරනවා (නි)
යූ ටියුබ් රස ඔසු දිව ඔසු බලන්න .(අ)
දැන් නවලෝක රෝහලේ මේ වැඩේ ලක්ෂ 30 කින් කරනවා කියල දවස් ගණනකට ඉස්සරවෙලා පත්තරේ තිබුනේ. ඉතින් ඇයි ලක්ෂ 200 ක් දීල ඇමරිකා යන්නේ? (අ)
මගේ අක්කාගේ පුතා ඔය විදියටම සැත්කමකට ලක්කළා. වසර 2 කට කලින් කළේ. මැරෙන්න ගිය කොල්ලා දැන් හොඳින් ඉන්නවා. මාස තුනෙන් තුනට නැවත ඉන්දියා යන්න ඕනෑ.ඔය පුතාටත් ඉන්දියාවට ගියා නම් තිබෙන මුදලෙන් සුවවෙන්න පුළුවන්. (නි)