ශ්‍රී ලංකවේ පාසලකට ලබා දුන් ප්‍රථම ස්වංක්‍රීය අධි ආරක්ෂිත ප්‍රධාන ගේට්ටුව කොළඹ ආනන්ද විද්‍යාලයේදී පසුගියදා ස්ථාපිත කැරිණ.
කොළඹ ආනන්ද විද්‍යාලීය ආදී ආනන්දීය 91 කණ්ඩායමේ අනුග්‍රහකත්වය යටතේ විදුහල් මාතාවට ලබා දුන් ස්වංක්‍රීය අධි ආරක්ෂිත ප්‍රධාන ගේට්ටුව ආදී ආනන්දීය රණවිරු මේජර් ජනරාල් ප්‍රසන්න ද සිල්වා මහතා අතින් සිසු අයිතියට පැවැරිණි.
ආනන්ද විදුහල්පති කිත්සිරි ලියනගමගේ, ආදී ආනන්දීය 91 කණ්ඩයම් සභාපති අනුජ ගුණරත්න යන මහත්වරුද මෙහි වෙති.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල පෙරේරා මහත්මයාගේ අදහස අනුව ඔහු ආදී ආනන්දියෙක් වගේ. එය එසේ නම්, මට විශාල කණගාටුවක් ඇති වුණා (නි)
ආනන්ද විද්‍යාලය මඟින් කරන සමාජ සේවාවන් ගැන නොදැන කතාකිරීම ගැන කණගාටු වෙමි. මෙයද එම සේවාවන්ද ඉතාමත් වටින්නේය. කොයිදේටත් මොනවාහරි කියන අයට කොයි එකත් වැරදියි (නි)
ආනන්දයේ ගේට්ටුවක් සවිකිරීම ගැන මහත් වේදනාවෙන් කතා කරන ඔබතුමන්ලාගෙන් මම මේ දේ අහන්න කැමතියි.ආනන්දය වසරකදී දුෂ්කර පාසල් පුනරුත්තාපනය කිරීම සඳහා වැයකරන මුදල ඔබ දන්නවාද?වසරකදී එවැනි ව්‍යාපෘති කොපමණ සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරන්නේදැයි ඔබ දන්නවාද?දුෂ්කර පාසල් පුනරුත්තාපන ව්‍යාපෘති වෙනුවෙන් පාසලේ ඉගෙනීමේ නිරතවන සිසුන් පවා දිවා රෑ නොබලා වෙහෙස වී වියදම් දුක් මහන්සියෙන් සපයා ගැනීමට දරන ආයාසය ගැන ඔබට අංශුමාත්‍රීය හෝ අදහසක් තිබේද? එවැනි පාසලක ආරක්ෂාවට ගේට්ටුවක් සවිකර ගැනීම වෙනුවෙන් ඔබ දරන විරෝධාකල්ප කෙතරම් දුරට දුෂ්කර පාසල්වල සුභ සිද්ධිය වෙනුවෙන් ඉවහල් වෙයිද? (නි)
කොළඹ පාසල් ගැන සමහරුන්ගේ හීනමානයක් තිබෙනවා. අපි සරසවියේදීත් මේක දැක්කා. ඊර්ෂයා කරන්නේ නැතුව තම තමන්ගේ පාසල් දියුණු කළා නම් ඉවරයි. සමහරුන්ට ලොකු තැනකට ආවට පස්සේ පාසල මතක නැහැ. අසවල් පාසලේ ඉගෙනගත්තා කියන්න ලැජ්ජයි. (නි)
මම නම් ආදී ආනන්දියෙකු නෙමෙයි. නමුත් මේක නම් කිවයුතුමයි. කොළඹ පාසල් වලට ඊර්ෂ්‍යා කිරීමෙන් ගම්බද පාසල් වල දියුණුව ඇතිවෙන්නේ නැහැ. බහුතරයක් ගම්බද පාසල් වල ඉගෙනගත් කට්ටිය (හැමෝම නෙවෙයි) ලොකු තැනකට ආවාට පසු තමන්ගේ මඩිය තර කරගැනීමට සල්ලි පොදි ගහ ගන්නවා (නි)
ඔයාලා අදහස් ප්‍රකාශ කරනකොට ටිකක් තේරුම් අරගෙන අදහස් ප්‍රකාශ කරන්න. මේ ආණ්ඩුවේ සල්ලි නෙවේ. මේ අපේ විදුහලේ අපේ ආදී සිසුවන්ගේ මුදල් වලින් විදුහල් මෑණියන්ට ලබා දුන් දෙයක්. අනික ආනන්දේ තරම් දුෂ්කර පළාත් වල විදුහල් වලට උදව් කල විදුහලක් නැති තරම්. මම ඉන් අදහස් කලේ නැහැ අනෙකුත් පාසල් උදව් කලේ නැහැ යන වග. මේ ආදර්ශය මුළු ලංකාවටම දැනේවා. ආදිත්‍ය, අනුරාධ, හේමන්ත , බුද්ධි, ජනක, අරුණ, අනුර ,දොන් ,ඔයාලගේ අදහස් අගය කරමි. (නදී)
මේක පුදුමාකාර මිනිස්සු ඉන්න රටක්. තමන්ගේ පුද්ගලික වියදමින් ආදී ශිෂ්‍යන් පාසලකට පරිත්‍යාගයක් කළත් ඒකත් දකින්නේ හරහට. (නි)
ඔයගොල්ලන්ගේ පාසල් වල ළමයිත් පහේ ශිෂ්‍යත්වය පාස්වෙලා කොළඹ පාසල් වලට එනවා නේද? ඒක නිසා ඊර්ෂ්‍යා කිරීමෙන් වළකින්න (නි)
ගේට්ටුවක් සිසු අයිතියට පැවරුමට මෙපමණ උත්සවයක්? (නි)
කුඩේ ඉහලුවට සමහරු තෙමෙනවනේ! (නි)
එතකොට ගම්බද පාසල් වලින් ඇවිල්ලා ඉහළට ආ කව්රුවත්ම නැද්ද ඒ පාසල් වලට උදව් කරන්න පුළුවන් තත්වයක ඉන්න? මේක ආදී සිසුන් තමන්ගේ පාසලට තිබෙන ආදරය ගෞරවය නිසා කළ වැඩක්. මේකට දේශපාලකයෝ ගාවගත්තේ නැති එකත් ලොකු දෙයක්. (නි)
රුවන්ගේ රුවන් වැකි අගෙයි (නි)
ගමේ දුෂ්කර පාසල් වලින් ඉගෙනගන නගරයේ ලොකු රස්සාවල් කරන කට්ටිය තමන් ඉගෙනගත් පාසලට උදව් කළොත් ඒක ඊට වඩා වටිනවා. කොහෙද ඒ අය හැසිරෙන්නේ කොළඹ ඉපදුනා වගේ. මේකට වියදම් කරල තියෙන්නෙ ආනන්දේ ආදි සිසුන්, රජය නෙමෙයි (නදී)
මේවා නිකන් නාස්තිය. ඊට වැඩිය හොඳයි දුප්පත් පාසැලකට උදව් කරානම්. (නදී)
ඔයා හරි රුවන්. (නි)
අසෝකාගේ කතාව ඉතා උතුම්. (නි)
අසෝකාගෙයි රසිකගෙයි අදහස් නම් තනිකර ඊර්ෂ්‍යාවට දාපු අදහස් කියලා පේනවා. බන්දුල එහෙනම් ආනන්දියෙක් .... ? බොහොම හොඳයි. මින් පස්සේ අදහස් පළකරනකොට පාසලේ නම රැකෙන විදියට අදහස් පළකරන්න (නි)
කැමති නම් දුගී පාසල් වලට උදව් කරන්න. (නදී)
අපි නම් ඇත්තටම සතුටුවෙනවා (නි)
මම දකින දෙයක් තමයි මේ රටේ හැම දෙයක්ම වර්ග කරලා පන්ති හදලයි තියෙන්නේ. (නි)
අන් සැපතට ඊර්ෂ්‍යා නොකරන් මිනිසුනේ (නි)
අරුණ, බුද්ධි ඔයාල හරි. ආනන්ද නාලන්ද පාසල් 2 අති දුෂ්කර පාසල් වලට ගොඩක් උදව් කරලා තියෙනවා. ඉරිසියාවට කෑ ගහන අය එ්කත් පිළිගන්න. (නදී)
සුව කරනට බැරිය ඉරිසියා රෝගේ. අපහාසයක් නොකලත් ඇයි අමනාපේ. පාසැල් තිබෙනවා අපරට සුපිරි පෙලේ. ඒකට ඇයිද වලිගය පාගන් රාලේ (නදී)
අපි තාප්පෙනුත් ගියා ගේට්ටුවෙනුත් ගියා. අපිට කොහොම ගියත් අපි ආනන්දෙට ගියේ ඉගෙන ගන්න. ඉරිසියා කරන කට්ටියට මම බනින්නේ නැහැ. අපිත් අති දුෂ්කර පාසල් වලට ගොඩක් උදව් කරලා තියෙනවා. කොළඹ පාසල් වලට ඊර්ෂ්‍යා කිරීමෙන් ගම්බද පාසල් වල දියුණුව ඇති වෙන්නේ නැහැ.(නදී)
කොහොමත් ආනන්දෙන් දුප්පත් ඉස්කෝලවලටත් අවුරුද්දක් ගානේ උදව් කරනවනේ කව්රුත් බොරුවට කලබල වුනාට (නදී)
අසෝකලා, රසිකලා, යොහාන්ලා ඇති වෙන්න අහගත්තා මයෙ හිතේ. ආනන්දීයන් එකමුතු වෙලා සත් භාවයෙන් කරපු වැඩේට ගරහපු ඔබලා දුටුවද එතෙක් නිහඬව සිටි ආනන්දීයන් එකමුතු වුන හැටි. එයයි ආනන්දයේ පැවැත්ම. ඔබට එවන් වාසනාවක් නැති වුනාට අඩුතරමින් ආදර්ශයක්වත් ගන්න. (නදී)
මේ ආදී ශිෂ්‍යයෝ ටික අහ ගත්ත දේවල් වල හැටියට මීට වඩා හොඳයි ක්ලබ් එකකට එකතු වෙලා මේ සල්ලි වලින් ඩ්‍රින්ක් එකක් දාල තව මොන මොනවා හරි ආතල් එකක් අරගෙන ගෙවල් වලට ගියානම් (නදී)
හොඳ වැඩක් කලහම ඊර්ෂ්‍යා කරන්නේ ගුණ මකුවෝ මේවා ආදර්ශයට අරගෙන ඔයාලත් ඔයාලගේ පාසලට වැඩක් කලොත් නේද හොඳ. (අ)
හරියට යුධ කඳවුරක් නැත්නම් හිර කඳවුරක් වගෙයි මට නම් පෙනෙන්නේ (නි)
මේ මහත්වරුන්ගේ හදවතට තට්ටු කරලා ඇහුවොත් කියයි ඇත්ත කතාව. ඔය ඇද කියන කට්ටියත් පුළුවන් නම් ඔය වැඩේ කරනවා. (නි)
ලංකාවේ කොච්චර පාසල් තියනවද දරුවන්ට සෙරෙප්පු දෙකක්වත් නැති? (නි)
වැඩේ මීට වඩා ලස්සනයි නැති බැරි පාසලකට මීට වඩා අවශ්‍ය දෙයක් සිදුකළා නම්. මේ වගේ අනන්දනීය වැඩ වලට වඩා ඒ වැඩ හොඳයි නේද? මොකද දුප්පත් පාසල් වල තත්වය ඛේදනීයයි.. (නි)
මේ පාසලේ ඉගෙනගත් ආදී ශිෂ්‍යයෝ එකතුවෙලා පාසලට දුන් ත්‍යාගයක්. ඒකට ඊර්ෂ්‍යා කරලා ලිව්වාට ගමේ පාසල්වලට වාසියක් සිද්ධ වෙන්නේ නැහැ. බොරු කතා නවත්වලා, මේක ආදර්ශයට අරගෙන තමතමන් එකතුවෙලා ගමේ පාසලට, තමන් ඉගෙනගත් පාසලට උදව් කළොත් ඒක ඊට වඩා වටිනවා. (නි)
මේවා ඔක්කොම කරන්නේ ආදී ආනන්දීය ආදී ශිෂ්‍ය කණ්ඩායම් අනුග්‍රාහකත්වයෙන්. .තමන් ඉාගනගත් පාසලට තම තමන් හම්බකළ සල්ලි වලින් තමයි වියදම් කරන්නේ. එම නිසා මේකට ඊර්ෂ්‍යා කරන්න එපා. (නි)
ඔය කොච්චර ගේට්ටු දැම්මත් අපි නම් යන්නෙම තාප්පයෙන් (නි)
මම දොන් ගේ අදහස අනුමත කරනවා. අපේ මිනිස්සු මොන වැඩේ කලත් දකින්නේ ඇදයක්මයි. තමන් සියලු දෙයින් සපිරි සියලු දේ හරියට කරන බවක් පෙන්නන්න උත්සාහ කරනවා. මේ ප්‍රවනතාව හැම තැනකම හැම ශේත්‍රයකම පවතිනවා. (ස)
කට්ටිය ඉරිසියාවේ පැලෙනවා වගේ. අානන්දියෝ ඕනෑතරම් නැති බැරි පාසල් වලට උදව් කරලා තියෙනවා. ඒවා අමතක කරලා කමන්ට්ස් දාන්න එපා (නදී)
වියදම කොච්චරද කියලා කිව්වේ නැත්තේ ඇයිද දන්නේ නැහැ (නදී)
ආදි සිසුන් තමන් හම්බකරන එකෙන් කියක් හරි එකතු කරලා, විවිධ ව්‍යාපෘති කරලා තමන්ගේ පාසැලට කුමක් හරි දුන්නාම කුහක කමට කමෙන්ට් දාන අය අම්මාට තාත්තාට වතුර එකක්වත් දෙනවාද දන්නෙ නැහැ. (නදී)
දොන්ගේ කතාවහරි, අපිත් හැකි පමණින් ලංකාවේ දුප්පත් දරුවන්ට උදව්වක් කරනවා. ප්‍රශ්නය,මම කියන්නේ ගේට්ටුවට දෙන ප්‍රසිද්දියම අර දරුවන්න්ගේ දුප්පත් කම ගැන දෙන්නේ නැහැනේ. මෙතන ෆොටෝස්ම කීයක්ද?ඔය ඉරිසියාව අපිට අදාල නැහැ. අපි ලංකාවෙන් පිට ස්ථිර පදිංචි කරුවෝ. නමුත් ලංකාව අපේ රට. (නදී)
ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහත්තයා වගේ කෙනෙක් ඉන්නවා අන්තිම පින්තූරේ (නදී)
මමත් මේ කන්ඩායමේ. නමුත් මේ කරපු දේට මම එකඟ උනේ නෑ. මේ ගැන සාකච්ඡා කරන විට මගේ විරෝධය පෙන්වා මා ඉවත්වුනා. හේතු පහත සඳහන්. 01). මෙය පාසැලේ ප්‍රමුඛ අවශ්‍යතාවක් නොවීම. 02). නඩත්තුව පහසු නොවීම.03). කවුරුන් විසින් සවිකිරීම කරනු ලැබුවද, විදුලි බිල ගෙවනු ලබන්නේ පාසැලෙන් වීම. 04). මේ වෙනුවෙන් කරනුලැබූ පෟද්ගලික ධන පරිත්‍යාගයන් සුළු ප්‍රමානයක් වීම. (නදී)
මේ අදහස් කියවනකොට මට හිතෙන්නේ අපේ මිනිසුන්ගේ හිතේ තියෙන දේ. අසෝකා, ඔය මේ කළදේට නිසදැස් ලිවුවට මම නම් හිතන්නේ ඔයා ඉගෙනගත් පාසලට අඩුම තරමේ රුපියලකින්වත් උදව්වක් කරලා නැතුව ඇති (නි)
පාසල් තිබේ අප රට තුළ සුපිරි පෙළේ! ඉගෙනුම ලබති දරුවෝ ටියුෂන් මඟිනේ! වහලක් නැතිව තව පාසල් වැසෙන වෙලේ! සුපිරි ගේට්ටුවකින් තව හැඩ මැවුනේ!..... කොළඹට කිරි පැණිත් කැකිරිත් අඩුවක් නැතිය... දුෂ්කර ගම් වලට වතුරත් නැති සැටිය.... ඉපදුන නමුත් සිරිලක අපේ අම්මාය.... දෙවිදියකට කෙලෙස එහෙනම් සැළකීම? (නි)
මේකේ වරදක් මා නම් දකින්නේ නැහැ. (නි)
අධි ආරක්‍ෂිත ගේට්ටු අවශ්‍ය වුණේ දැන් නෙමෙයි, පහුගිය යුද සමයේ. (නි)
පාසලකට මොකටද මෙවන් ගේට්ටුවක්? (නි)
ඇයි ආනන්දෙට අධි ආරක්ෂිත ගේට්‍ටුවක්? (නි)
මේ තත්ත්වය සරසවියේදීත් අපිට අත්විඳින්න වුණා. කොළඹ පාසලකින් කියලා දැනගත්තොත් නවක වදය වැඩියි. පුදුම හීනමානයක් එතනත් තිබුනේ. (නි)
නිකන් මෝඩයෝ වගේ සමහරු කෑගහනවා (නි)
ස්වයංක්‍රීය ගේට්ටුව වැරදීමකින් ගිලටිනයක් (එසේ නොවේවා කියා පතමි) වූ දාට ඕකෙන් බලාපොරොත්තුවූ අධි ආරක්‍ෂිත කම බිද වැටෙනවා නේද? ඕව සවි කළා වගේ නොවෙයි දරුවන්ගේ ආරක්ෂාව ගැනත් සොයා බැලිය යුතුයි.(අ)
අසෝක, රසික, යොහාන්... ඔයගොල්ලෝ මීට පස්සේ තමන්ගේ ගෙදර තීන්ත ගාන්න, ගේට්ටු හිර කරන්න එපා. අපේ රටේ කොයිතරම් මිනිස්සු ඉන්නවද හරියට හිසට වහලක් නැති..... රුසියාවට වඩා ලොකුයිලු ඉරිසියාව..(අ).
මේකෙ සුපුරුදු පරිදි ඉරිසියාවෙන් කෑගහන අයට මතක් කරන්නට ඇත්තේ, ආනන්දය තරම් වාර්ෂිකව දුෂ්කර පාසල් සඳහා ආධාර ලබාදුන් වෙනත් පාසලක් නැති බවයි. කරුණාකර දැනගෙන කතකරන්න.(අ)
ආනන්දය කියන්නේ අපේ රටට ණය නැති පාසලක් එකෙන් බිහි වෙච්ච ආදී අනන්දියෝ තමා මේක පාසලට දුන්නේ. ලංකාවේ ඕන තරම් පාසල් වලට ආනන්දේ උදව් කරනවා ඒවා අපි පාසල් යන කාලෙත් කලා. අදත් කරනවා ලංකාවේ තියෙන පුරුද්ද මේක තමා විවේචනය කල යුතුදේ විවේචනය කරන්නේ නැහැ. ලංකාවේ අය අයිස් බකට් චැලෙන්ජ් දානවා ඇමරිකා වල ඉන්න අපිට හිනා යනවා මේවා දැක්කම. (අ)
අසෝකා,රසික සහ යොහාන් වැරදියට වටහාගෙන. මේකට වියදම් කරල තියෙන්නෙ ආනන්දේ ආදි සිසුන්.ඒ තමන්ට මග පෙන්වූ ආනන්ද මාතාවට උපහාරයක් විදිහට. තම තමන් ඉගෙනගත් පාසැල් වලට තම තමන් හැකිපමන උදවු කලොත් ඔබලා ඉගෙනගත් පාසැල් මෙන්ම අනෙක් පාසැල් උනත් දියුනු වේවි. අනෙක හර්ශ කියනවා වගේ තාප්පෙනුත් දවසක්වත් ගියේ නැත්නම්, හරියට ආනන්දෙට ගිහින් නැහැ කියලයි මටනම් හිතෙන්නේ.(අ)
ආදී සිසුන් පාසලේ දියුණුවට අතහිත දීම අගය කරනවා.අනුරාධ කිව්වා වගේ මොන ගේට්ටුව තිබුනත් අපිට නම් ඒ කාලේ ප්‍රශ්නයක් තිබුනේ නැහැ.ආනන්ද මාවතට යන්න පාරවල් අපිට ඕනෑ තරම් තිබුනා. (නි)
ආනන්දයේ ඉගෙනුම ලැබූ අපට ගොඩක් දේවල් ලැබුනේ රජයේ වියදමින් නොවේ. ආදී සිසුවන් ලබා දුන් සහයෝගය නිසා ආනන්දයේ සිසුවන් ලෙස අප ඉදිරියට ආවා. දැන් අපිත් එම දෙයම ආදී සිසුවන් ලෙස ආනන්ද මාතාවට කරනවා. අසෝකා, රසික සහ යොහාන්, ඔබගේ ඊර්ෂ්‍යා අදහස් අතහැර සුබවාදීව හිතන්න. චිරන් ජයතු ආනන්ද....! (නි)