IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ආනයනය බදු සංශෝධනය කරයි

(අංජුල මහික වීරරත්න)

භාණ්ඩ ආනයනය කිරීමේදී අය කරනු ලබන ආනයන බදු සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මෙරටට භාණ්ඩ ආනයනය කරනු ලබන අවස්ථාවේදී අය කරනු ලබන බදු වර්ග එනම්, රේගු ආනයන බද්ද (තීරු බද්ද), සෙස් බද්ද, විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සහ වරාය සහ ගුවන්තොටු පොළ සංවර්ධන බද්ද සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් ක්‍රියාත්මක කළ යුතු වන සහ කාලීනව ඉදිරිපත් වී ඇති දේශීය කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ගේ ඉල්ලීම් මත, පහත සඳහන් පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.

* විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දට යටත්ව පවතින ඇතැම් ආනයන භාණ්ඩ එම බද්දෙන් නිදහස් කර රේගු ආනයන බද්ද ඇතුළු සාමාන්‍ය ආනයන බදු ව්‍යූහයට ඇතුළත් කිරීම.

* දුඹුරු සීනි ආනයනය සඳහා ආනයන රේගු බද්ද සංශෝධනය කිරීම.

* දේශීය කර්මාන්ත බලගැන්වීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ නිදේශ මත රේගු සංකේතාංක 225 යටතට අයත් පාවහන්, ඇසුරුම්, විදුලි යන්ත්‍රෝපකරණ, ප්ලාස්ටික් සහ රබර් කර්‌මාන්තයට අයත් අමුද්‍රව්‍ය සහ අතරමැදි භාණ්ඩ සම්බන්ධයෙන් ආනයන බදු සංශෝධනය කිරීම.

* ළමා සහ වැඩිහිටි අපද්‍රව්‍ය අවශෝෂක (Diapers) සහ ඒ සඳහා වන අමුද්‍රව්‍ය මත වූ බදු අඩු කිරීම.

* ශ්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය සඳහා අදාළ වන පරිදි බදු සංශෝධනයන් හඳුන්වා දීම.

* දේශීයව පා පැදි උපාංග නිෂ්පාදන කර්මාන්තය, මුද්‍රණ හා මුද්‍රණ කර්‌මාන්තය, තීන්ත දේශීයව රෙදි සෝදන යන්ත්‍ර, ලයිටර් නිෂ්පාදන කර්මාන්ත සහ ළමා නිමි ඇඳුම් ආනයනය සම්බන්ධයෙන් පවතින ආනයන බදු විෂමතාවන් ඉවත් කිරීම. සහ තල් හා තල් නිෂ්පාදන අපනයනය නය ප්‍රර්වධනය, විදුලියෙන් ක්‍රියා කරන සෙල්ලම් භාණ්ඩ හා දේශීය නිෂ්පාදනයට ඖෂධ යොදා ගන්නා තිප්පිලි වෙන්ව හඳුනා ගැනීමට නව ජාතික උප බෙදුම් රේගු සංකේතාංක හඳුන්වා දීම සහ දේශීය ඖෂධ නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය ආනයනයේදී සෙස් බදු නිදහස් කිරීම සඳහා පවත්නා ක්‍රමවේදය සරල කිරීම.

ඉහත සඳහන් පරිදි ආනයන බදු සංශෝධනයන් ක්‍රියාත්මක කිරීම පිණිස පහත සඳහන් පියවර ගැනීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන්  ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත යටතේ ආඥාවක් නිකුත් කර එමඟින් රේගු ආනයන බදු සංශෝධනය කිරීම.

* 1979 අංක 40 දරන අපනයන සංර්වධන පනත යටතේ සෙස් බදු සංශෝධනය කිරීම.

* 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් පැනවීම.

අදාළ සංශෝධනයන්ට බදු සමගාමීව 2011 අංක 18 දරන වරාය ගුවන්තොටුපොළ සංර්වර්ධන බදු පනත සහ 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අවශ්‍ය වන ක්‍රියාමාර්‌ග ගැනීම සඳහා  කැබිනට් අනුමැතිය ලැබී ඇත.



අදහස් (3)

ආනයනය බදු සංශෝධනය කරයි

Rasi Tuesday, 10 September 2024 01:00 PM

ආණ්ඩුව ඔය වැඩ කරන වේගෙන් පහුගිය කාලෙත් වැඩ කලා නම් මේ රට මෙලහකටත් සුරපුරයක්. ඇත්තටම අවශ්‍ය, අවුරුදු පහක විතර පැහැදිලි ප්‍රතිපත්තියක්. නැත්තම් හැමදේම ලාබෙට තියෙන්නේ ඡන්ද කාලෙට විතරයි.

:       4       21

wedage Tuesday, 10 September 2024 03:40 PM

මාලිමාවට ජයවේවා...

:       13       13

විජිත් Tuesday, 10 September 2024 04:44 PM

#මාලිමාවට චන්ද කෝටියක් # ජාතිකජනබලවේගයට ජයවේවා . අනුර කුමාරදිසානායක සහෝදරයා ජනාධිපති !!!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 899 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1836 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2299 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5699 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1707 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6270 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18160 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 278 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site