ජල ගැල්මෙන් හා නාය යාමෙන් හානි වූ පාසල් ඇතුළු රජයේ ගොඩනැගිලි වහා ඉදි කිරීමට යුද හමුදාවට බාර දෙන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති කියයි.
ඒ අනූව ටෙන්ඩර් කැඳවීම් වැනි ක්‍රියා මාර්ග අවශ්‍ය නොවන බව ද ජනපති පවසයි. අවතැන් වූ සියලු දෙනාටම කඩිනමින් සහන සැලසීමට මුදල් සපයන බව ද ජනපති සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාව ලොක්කන්ගේ ගෙවතු බලාගන්නයි, කාණු සුද්ද කරන්නයි යොදවන්නේ නැහැ කියලා කී බව නම් මතකයි. මේක ඒ ගණයට අයත් නැති එකක් නොවන බව කාට වුණත් පෙනෙන්න ඕනෑ. (නි)
මේක ආපදා අවස්තාවක් නිසා තීරණය කල බව පේනවා. ඕනෑම රටක ආපදා අවස්ථාවකදී හමුදාව යොදාගන්නවා ඒ කටයුතු කිරීම සදහා. (ර)
පාර්ලිමේන්තුවත් හමුදාවටම බාර දුන්නොත් වැඩක් කෙරෙයි කියල හිතෙනවා. (ර)
උපාලි, බොරු ලියන්න එපා. (බ)
ඉක්මනින් පාසල් ටික හදා නැවත දරුවන්ගේ අධ්‍යාපනය ගොඩනගමු. (ර)
හමුදාව කැමතිනම් ඒකට කමක් නැහැ. (ර)
හමුදාව මෙවැනි වැඩවලට යෙදවීම ගොඩක් හොදයි ඔය කොන්ත්‍රාත් කරුවන්ට දෙනවට වැඩිය.ප්‍රමිතිය කාලය හා නාස්තිය මුදල් පරිහරණය මේ හැමදෙයක්ම හැම අතින්ම ආරක්ෂා වෙන බව අපි මතක තබා ගත යුතුය.(ම)
හොඳ වැඩක්. ලක් විරුවාණනි ඔබගේ මෙහෙය අසීමිතයි (ම)
මට පිය උරුමයෙන් හිමිවූ අක්කර එකයි පර්චස් විසි හතක නිරවුල් ඉඩම මේ විපතට පත්වූවන්ට ගෙවල් සාදා දීම සඳහා පරිත්‍යාග කිරීමට කැමති බවට ලිපියක් මා කෑගල්ල දිසාපති වෙත යොමු කළා. ඒ සමගම කිසිම දේශපාලකයෙකුගේ ප්‍රතිරූපය පුම්බන්න මේ පරිත්‍යාගය පරිහරණය නොකරන ලෙස මා කාරුණික ඉල්ලීමකුත් කළා. (ම)
ඔන්න ඔහොම තමයි වැඩ කරන්න ඕනේ. (හේ)
අර දීපු පොරොන්දු නම් බොහොම ඉක්මනට අමතතකවෙන පාටයි (නි)
එතකොට ජනාධිපතිවරණ වේදිකාවල සමහරු මහලොකු කතා කිවුවේ ඇයි? (නි)
ඔබතුමා ඔහොම කිව්වට වෙනත් අය කොහොම කියයිද දන්නේ නැහැනේ. (නි)
එක අතකින් කොන්ත්‍රාත්කාරයෝ පොහොසත් කරන්නේ නැතුව මෙහෙම කරන එක හොඳයි. (නි)
ප්‍රසන්න, බලය නැති වෙලාවේ කී කතා මතකද? මහින්ද මහත්තය කළාම විතරයි වැරදි (නි)
අන්තිමට මහින්ද කරපු දේවල්ම තමයි කරන්න වෙන්නේ. (නි)
ආ... දැන් හමුදාවෙන් වැඩ ගත්තට කමක් නැද්ද? (නි)
කිව්වනේ හමුදාවෙන් වැඩ ගන්නේ නෑ කියලා (හේ)