IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ආපනශාලාවට පෙට්‍රල් බෝම්බ ගැසු හතක් සැකපිට


 
(ජුඩ් සමන්ත) 

ආණමඩුව නගරයේ පිහිටි ආපන ශාලාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 7 දෙනෙකු ආණමඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

ඊයේ (11) අලුයම 2.00 ට පමණ එල්ල කර ඇති  පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් ආපන ශාලාව ගිනි ගෙන විනාශයට පත් වී තිබුණි.

ගිනි තබා විනාශ කරන ලද ආපන ශාලාවට ආසන්නයෙන් ඇති වෙළඳසලක සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියක දර්ශන උපයෝගී කරගෙන  විමර්ශන සිදු කිරීමෙන් පසු සැකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි විය.

අත්අඩංගුවට ගෙන ඇති  සැකකරුවන් වයස අවුරුදු 19 - 25 වයස් හි පසුවන්නන් වන අතර ඔවුනට එරෙහිව හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමේ පනත  අනුව අධිකරණමය ක්‍රියා මාර්ග ගන්නා බව පොලීසිය පවසයි.

සැකකරුවන් ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



අදහස් (10)

ආපනශාලාවට පෙට්‍රල් බෝම්බ ගැසු හතක් සැකපිට

Kasun Monday, 12 March 2018 05:10 AM

මේකට සමබන්ධවුවන්ගෙන් අලාභය අයකල යුතුය. ගෙවීමට නොහැකි නම් බන්ධනාගාර ගත කර මොවුන් ලවා වන්දි ලෙස ගෙවන මිනිසුන්ගේ සල්ලි නැවත මොවුන් මගින්ම ආර්තිකයට එකතු කල හැකි ක්‍රියාකාරකම් වල නියුක්ත කල යුතුය.

:       32       1092

Muhan Monday, 12 March 2018 05:42 AM

මේ කණගාටුදායක තත්වය නැති කරන්න ෆිලෙඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට නිතිය හා සාමය ඇමතිකම දීම හැර වෙන විකල්පයක් නැහැ .

:       3423       4637

Senaka Monday, 12 March 2018 08:18 AM

මුහුන්, සරත් ෆොන්සේකා හිටිය හමුදාපති කියලා එයාවම පත්කරගන්න ඕනෑ කියලා දෙයක් නැහැ. මීට වඩා දක්ෂ බුද්ධිමත් මිනිස්සු තව අපේ රටේ ඉන්නවා. ජනතා නියොජතයින් වශයෙන් රටේ පාලකයෝ දැනගත යුතුයි ඒ තැනට සුදුස්සා කව්ද කියලා තීරණය කරන්න. ඔයිට වඩා ජනතාව වෙනුවෙන් සාමයට කැපවෙලා වැඩකරපු මැති ඇමතිවරු කලිනුත් හිටියා. දැනුත් ඉන්නවා.

:       47       238

MuhanMonday, 12 March 2018 10:56 AM

ඔබතුමාගේ අදහස්වලට මම ගරු කරනවා. මමත් පිළිගන්නවා රටේ නීතිය බාරව පරිණත මැති, ඇමැතිවරු හිටියා. නමුත් පසුගිය කාලයේ ඇමතිවරු හතරදෙනෙක් පත්වුණා. ඔවුන් සියල්ලම අසාර්ථකයි. ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා කාරයොත් මේක අපේ නෙමේ කියලා ඇඟ බේරාගන්නවා. රටේ නායකයා ගැන කතා කරලා වැඩක් නැහැ. එමනිසා ආරක්ෂාව පිළිබඳව දැනුමක් හා හැකියාවක් ඇති සරත් ෆොන්සේකා මහතාට අවස්ථාවක් දීම සුදුසුයි.

:       412       53

MuhanMonday, 12 March 2018 11:33 AM

ඔබතුමාගේ අදහස් වලට මම ගරු කරනවා. මමත් පිළිගන්නවා රටේ නීතිය බාරව පරිණත මැති ඇමතිවරු හිටියා. නමුත් පසුගිය කාලයේ ඇමතිවරු හතරදෙනෙක් පත්වුණා ඔවුන් සියල්ලම අසාර්ථකයි. ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා කාරයෝත් මේක අපේ නෙමේ කියලා ඇඟ බේරාගන්නවා. රටේ නායකයා ගැන කතා කරලා වැඩක් නැහැ. එමනිසා ආරක්ෂාව පිළිබඳව දැනුමක් හා හැකියාවක් ඇති සරත් ෆොන්සේකා මහතාට අවස්ථාවක් දීම සුදුසුයි.

:       57       214

BamunuarachchiMonday, 12 March 2018 08:44 AM

වඳුරාට දැලිපිහිය දුන්න වගේ කියන්නේ ඇයි කියා සිතා හෝ සොයා බලන්න.. සුදු කොඩි කාරයින්ට වෙඩි තිබ්බ අපේ හමුදාව යුද්ධ අපරාධ කළා කියනවා නම් දැලිපිහිය අතට ගත්තාම කුමකින් කපයිද දන්නේ නැත. ඔබට එය නොතේරුණාට දේශපාලකයින්ට සහ අපිට හොඳට තේරෙනවා. මෙයා දේශපාලනයට සුදුසු පුද්ගලයෙක් නොවෙයි. හමුදාවට නම් හොඳට සුදුසුයි.

:       248       827

Senaka Monday, 12 March 2018 01:47 PM

මුහන්, අපේ රටේ කෝටි 2යි ගාණක් වෙන ජනගහනයට, සාමය හා ආරක්ෂාව පිළිබඳව ඇමතිකමක් දෙන්න සුදුසු පුද්ගලයෙක් නැහැ. ෆොන්සේකා දේශපාලනය පැත්තෙන් නම් තාම ළදරු අවධියක ඉන්නේ. මෙතුමා ජනතා නියෝජතයෙක් වශයෙන් ජනතාව ඉදිරිපිට කතාකරන විලාසය බලන්න. වැඩ කරන එක කෙසේ වෙතත් මුලින්ම ජනතාවට ගරුකරලා කතා කරන්න කියලා දෙන්න අවශ්‍යයි. හමුදාපති වසයෙන් යුද්ධය තිබෙන කාලයේ රාජකාරිය අකුරටම ඉටු කළාට දේසපාලනය පැත්තෙන් එතරම් බලාපොරොත්තුවෙන්න එපා. එතුමා දේශපාලනය පැත්තෙන් කරන්නේ, වෛරී දේශපාලනය...

:       0       153

සතයපාල Monday, 12 March 2018 08:44 AM

මේ රටේ මිනිසුන්ට යහාපාලනය හරියන්නෙත් නැහැ. මේ රටේ පාලකයෝ යහපාලනය මොකක්ද කියලා දන්නෙත් නැහැ වගේ. ඕනෑම අපරාධයක් කරන කම් බලා ඉඳලා පස්සේ ඒක ගැන හොයන්න කොමිෂන් සභා පත් කළවිටදී සියල්ල හරි කියලා හිතාගෙන ඉන්නේ. මෙහෙම පාලකයෝ රටකට මොකටද? රටේ ප්‍රශ්න කලින් හඳුනාගෙන ඒවට නිවැරදි පිළියම් කරන්න තරම් දක්ෂ හා බුද්ධිමත් අය පාලකයන් විය යුතුය.

:       0       90

BANDULA Monday, 12 March 2018 08:46 AM

ෆොන්සේකාට ඇත්ත රාජපක්ෂලාගෙන් පළිගැනීම විතරයි.

:       161       578

wasantha Monday, 12 March 2018 11:27 AM

අල්ලගත්තත් හෙට ඇප තියලා නිදහස් වෙනවා.. අනිවාර්යයෙන් මුස්ලිම් කෙනෙක් නම්..

:       26       104

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 397 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 299 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 108 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 311 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 570 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 241 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 505 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site