දින කිහිපයක් තිස්සේ විරෝධතා පැවැත්වූ ආබාධිත හමුදා සාමාජිකයෝ පිරිසක් සහ හිමිවරු පිරිසක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයට ඇතුළු වූහ.
පෙළපාළියෙන් ගිය ඔවුන් වැළැක්වීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.
එහෙත් මේ පිරිස ජනාධිපති ලේකම් කාර්යාලයයේ ආරක්ෂක ගේට්ටුවලින් ඇතුළට තල්ලු කරගෙන ආහ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුවන්, ඔබ හරි. මේ සමහර අය මෝඩකම ප්‍රදර්ශනය කරනවා. මොවුන්ව කව්රුහරි කුලප්පු කරලා වගෙයි (නි)
අතුල රුවන් වගේ මිනිස්සු වෙඩි සද්දයක්වත් ඇහෙන පැත්තකවත් ඉදලා නැතුව මැරිල ඉපදිල වගේ කථා කරන්නේ. අපේ අය්ය කෙනෙක් එයාගෙ දරුවගේ අවුරුද්දේ උපන්දිනේට එන්න නිවාඩු අරන් හදිසි රාජකාරි ගියේ ඒක ඉවර කරල දරුවගේ උපන්දිනේට කොහෙමෙ හරි එන්න ඒත් එයා ආවේ වෙන විදියකට. අදත් ඒ දරුවට තමන්ගේ තාත්තගෙ මතකයක්වත් නෑ. මෙහෙමයි එදා අපි ජීවත් වුනේ. අද ඉන්න උන්ට යුද්ධයේ මුලක් තියා මොකවත් මතක නෑ. හීනෙන් දොඩවනවා. (බ)
රණවිරුවන්ගේ වටිනාකම කියලා නිම කළ නොහැක. රටේ නීතියටද ගරුකළ යුතු වෙනවා. (ම)
හමුදාවට බැඳෙන්නේ යුද්ධ කරන්න වෙන බව දැනගෙන. (බ)
රණවිරු නාමයෙන් සැප විඳින්නෝද බොහොමයි (නි)
හැබැයි කවුරුන් හෝ මොවුන්ව දේශපාලන වාසි ලබාගන්න යොදාගන්නවා නම් ඒක හරිම කැත වැඩක් (නි)
පෙබරවාරි ඉඳන් ගෙවනවා කියලනේ ජනාධිපතිතුමා කිව්වේ. ඕක දේශපාලනීකරණය කරගෙන සමහර කට්ටිය ඒගොල්ලන්ගේ වාසියට (නි)
මෙම සෙබළුන් අාබාධිත වුණේ රට ජාතිය බේරාගන්න ගිහින් නේද? ඔවුන්ගේ ඉල්ලීමට ඇහුන්කන් දෙන්න පාලකයිනි. එසේ නොවුණොත් සාමාන්‍ය ජනතාවත් ඔවුන්ට එකතු වෙන බව යහපාලකයෝ දැනගනිත්වා! (නි)
නීතිය කාටත් පොදුයි (නි)
මේ ආණ්ඩුව ගැනනම් අපිට ඇත්තේ හරිම අප්‍රසන්නතාවයක් (නි)
මේවා සංහිඳියාවට කැප ඇති (බ)
පොලිසිය ගැන අපිට ලැජ්ජයි
රණවිරුවන්ට මෙච්චර වදදෙන්නේ අපි වෙනුවෙන් ඔවුන්ගේ මුලු ජීවිත කාලයම කැපකළ නිසාද? (නි)
මෙයාලට අාවා ගෘප් එක දැක්කත් ඇති. මෙහෙ රණවිරුවන්ට තමයි ලොකුකම් දාන්නේ (නි)
යහපාලනයට ඡන්දය දුන් හමුදා නිලධාරින් ගැන කණගාටුයි (නි)
අනේ මන්දා මොනවද මේ සිද්ධවෙන්නේ කියලා (නි)
නායකයෙක් යනු ප්‍රශ්නයක් විත් එය ඔඩුදුවනතුරු බලාගෙන නොසිට දූරදර්ශීව කටයුතු කරන කෙනෙකුටය. අනික අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය දී තියෙන්නේ නිකන් නොවේ. යුද්ධයට නැති කඩුව කොස් කොටන්නද? (නි)
පක්ෂය මොකක් වුණත් මේ මිනිසුන් ඉල්ලන දේ දෙන්න. මොකද මේ අතපය කඩාගත්තේ පිස්සු නටලා නොවේ. යුද්ධද කරලා. කළගුණ ඇති නැති හැමෝම වෙනුවෙන් යුද්ධ කරලා. පක්ෂ පාට වලින් මේවා දිහා බලන අයට බෝම්බ බය නොදැනුන එක තමයි අපරාදේ (නි)
මොනදේ වුණත් රණවිරුවන්ට ගරු කරන්න ඕනෑ. මේ විරුවන් නිසා තමා අද හැමෝම දඟලන්නේ. (නි)
නියමයි නියමයි. මෙහෙම තමා රට බේරාගත්තට සළකන්න ඕනෑ. යහපාලනය වැජඹේවා! (නි)
කොහොමත් මේ රටේ මිනිසුන්ට ඕනෑම දෙයක් මතක සතියයි (නි)
යුද්ධය ගැන ඇතුළාන්තය ගැන දැනගන්න ඕනෑම නම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ 'රණමග ඔස්සේ නන්දිකඩාල්' පොත කියවන්න (නි)
අනේ පොලිසිය, මේ කොල්ලන්ගේ අතක් හෝ පයක් නැතිවුණත් ඔබට පුලුවන්ද මොවුන් එක්ක හැප්පෙන්න? මේ යුධ පුහුණුව ලැබූ හමුදාවක්. තත්වය බලා ඒ අනුව වැඩකරන්න. (නි)
ඡන්දය ඕනෑවුණාම ප්‍රභාකරන්ටත් මැතිතුමා මිස්ටර් කී ජාතියකටයි නුඹලා ජීවිතය කැපකළේ සොල්දාදුවනි. මට නම් නුඹලා ගැන හරිම දුකයි. ඒ මමත් නුඹලාගේ අසරණකමට වැටී මා ගැන සිතන නිසා. නුඹලාගෙන් සිදුවුණ සේවයට තුට්ටුවක වටිනාකමක් නොදෙන තුට්ටුවක් නොවටිනා මිනිසුන් අප අතර ඉන්න බව මෙතැනින්ම පෙනෙනවා. (නි)
රූපවතී, අනේ ඔය මොන රටේද කියන්නකෝ. (නි)
දිමුත්, ඔබත් අාවා නමට බයවෙලා වගෙයි. කතාව හරියට එය දැකලා තිබෙනවා වගෙයි. මෝඩ කතා එපා. එල් ටී ටී ගෘප් නැතිකළ අපේ අයට අාවා ගෘප් එකත් ගෘප් එකක්ද. හැබැයි දැන් ඉන්න අයට අාවා ගෘප් එකත් මහාමෙරක් හැටියට පෙනෙන්නේ. ඒ තරමට අපිව නිවටකළා මේ සංහිඳියාවෙන්. (නි)
පාලනය අපේ එජාපයේ බව අදහස් දාන අයට අමතක වෙලාලු. නැහැ නැහැ මතකයි. ඕගොල්ලෝ ආ හැටිත් මතකයි. අපි කරගත් ගොන්කමත් මතකයි. අර ඉන්න අනික් පාක්ෂිකයෝ අකුලාගෙන ගියාම පාලනය අපේ එජාපයේ නොවන බව අදහස් දාන අය දන්නවා. (නි)
විශේෂයෙන් යුද්ධයේදී අබාධිත වෙන අයට විශ්‍රාමික වැටුපක් ගෙවිය යුතුයි. එහෙම නොවුණොත් දැනට සිටින සොල්දාදුවන් යුද්ධයක් එනවිට හමුදාවෙන් පැනයාවි. අනික් අය හමුදාවට බැඳෙන්නේ නැතිවේවි (නි)
හමුදාවට බැඳෙන්නේ යුද්ධ කරන්න වෙන බව දැනගෙනලු. එ්ක අපි දන්නවා. කෙනෙක් රාජකාරියකට බැඳෙන්නේ එය කරන්න බලාගෙන.ගයා, ඉතින් ඔබ කියන්න හදන්නේ මොකක්ද? (නි)
අනුරාධ හරියටම හරි (නි)
අතිගරු ජනාධිපතිතුමා මොවුන්ට විශ්‍රාම වැටුප හා ආබාධිත දීමනාවක් දීමට වගේම දැනට දෙන දීමනා නොනැවිත්වීමට පොරොන්දු වුණත් එය නොතකා මේ කරන දේ කුමක්ද. (නි)
මට හැඟෙන විදිහට දැනට පාසලේ දෙක වසර විතර ඉගෙන ගන්න පොඩි ළමයි ටිකක් මෙතන අදහස් පලකරලා තියෙනවා.අපි ඒ අය ගැන අනුකම්පා කළ යුතුයි.මොකද ඒ අය ඉපදිලා තියෙන්නේ 2009 මැයි මාසේ 19 පස්සේ නිසා.කරුණු එසේ නොවන්නේ නම් සාමාන්‍ය මොලයක් ඇති ඕනෑම කෙනෙක්ද න්නවා අපි මරණ භය නැතිව ජීවත් වෙන්නේ කවුරු නිසාද කියලා. (බ)
තිලක් මෙරටේ අනික් දේවල් සිද්ද වෙන්නේ රටේ නීතියට ගරු කරලද. රටේ පාලකයෝ කන්න හිතුනම කබරගොයත් තලගොයා කරගන්නවා මේ අයට වෙන රැකියාවක් කරගන්න බැහැ. ඒගැන හිතල අපිවෙනුවෙන් ආබාධිත වුණු මේ අය ට විශේෂ සැලකිල්ලක් කළ යුතුයි. (බ)
මේ ප්‍රශ්නය යොමු කළ යුත්තේ අගමැති තුමාට පාලන බලය ඔහු අතේ ජනපතිට මේ සඳහා ප්‍රතිපාදන හෝ ප්‍රයෝගික හැකියාවක් නැහැ පාලනය අපේ එජාපයේ බව කොමෙන්ට් දාන අයට අමතක වෙලා (බ)
විදේශ රටවල නම් මෙලහට ..හමුදාවට ..දෙන්න තියෙන ඉහලම වරප්‍රසාද දීල ..රටේ රජවරු වගේ සුර සැප විදිනවා ..එ්ත් පවක මහත..මේ කරුමක් කාර දෙස්පාලුවොන්ට තියෙන්නේ පුදුම පහසුකම් දීමනා සහ මැර..බලයක්නේ ..?සියලුම වරප්‍රසාද සාමාන්‍ය පෙළවත් පාස් නැති ..ඇමතිලාටයි ..මන්ත්‍රීලටයි ...? (බ)
දැනට සේවයේ ඉන්න සොල්දාදුවෝ මේවයින් පාඩම් ඉගෙන ගන්නවා ඇති සිතමි. (බ)
චමල් මේ ඉන්න රණවිරුවන් ආබාධිත වෙලා තිබෙන්නේ හොර පොල් කඩන්න ගිහිල්ල නොවෙයි. අපි සියලු දෙනාට පාරේ කකුල් දිග ඇරලා බය නැතුව යන්න දෙන්න ඒගොල්ලන්ගේ කකුල පරිත්‍යාග කළා. ඔවුනට වෙන රැකියාවක් කරන්න බැහැ එමනිසා ඔවුනට අති විශේෂයක් කළ යුතුයි. (බ)
මෙහෙම ගිහිං ඇල්සේෂන් බල්ලො දාල ගහල හමුදාව සැල්වේෂන් ආමි එකක් බවට පත් කරන්නත් ඉඩ තියෙනව (බ)
ලැජ්ජ්යි සිංහල ජාතියටම ,රණවිරුවෝ නිසා අද නිදහසේ නිදාගන්නවා , එය ලබා දෙන්නඔවුන් ජිවිත පුජා කළා ,අත් පා නැති වුනා සදාකාලිකවම අන්ධයෝ බවට පත් වුණා . එහම කැපකිරීමක් කළ විරුවන්ට අද මහපාරේ උද්ගෝසන කරන්න වෙලා .(බ)
තකතීරු බාල පන්තියේ කොමෙන්ට් අදහස් දාන සමහර එවුන් ගැන කනගාටු වෙනවා සේම, උන්ගේ ජාතියේම එකෙක් වෙලා ඉපදුන එකත් හිතට අප්සෙට්, මතු උපන්නොත් මේ තුප්පහි රටේ නම් ආයේ නොඉපදේවා අම්මෝ... (බ)
හමුදාව සම්බන්ධව මෙවැනි සිදුවීමකට අදාළ නීතිය මොකක්ද කියලා පැහැදිලි කරලා තියෙනවා. වැරදි අණක් ලැබුණා කියලා පොලිසියට වැරදි අණ පිළිපදින්න බැහැ, ලංකා නීතියට අනුව නිශ්ශංක මහත්මයා. (නි)
රටට මෙලෝ වැඩක් නැති නූගත්, මැරවර, හොර ඇමතියන්ට සුපිරි වාහන ගෙන්වන්න කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරන රටේ, රට වෙනුවෙන් අාබාධිත වුණ රණවිරුවන්ට ඇයි වැටුප් දෙන්න බැරි? (නි)
බලන්න රට වෙනුවෙන් අත් පා අහිමි කරගත් රණවිරුවන්ට අද අත් වෙලා තියන තත්වය, ඉතාම ශෝචනීයයි. ජාතියක් විදියට අපි ලජ්ජා විය යුතුයි. අද රණවිරුවන්ට මහපාර, කඳුළු ගෑස්, නඩු පිට නඩු. හැබැයි අහිංසක මිනිසුන් මැරු ත්‍රස්තයින්ට නිදහස සහ වන්දි. මේ වෙනස ලැබෙන බන දැන දැනත්, මේ වෙනස ලැබෙන බව බොහොම පැහැදිලි ලකුණු තිබියදීත් වෙනසක් පතා වෙනසක් ගෙනා උදවියට අපේ ඉහලම මෙවුව එක! (බ)
රුවන්ගේ පවුලේ කෙනෙකුත් යුද්ධයට ගිහින් අාබාධිත වුණා නම් ඔහොම අදහස් දමන එකක් නැහැ. (නි)
රට බෝම්බයෙන් බේරාගත් පිරිසකට මේ විදියට සළකන අතරේ රට ගිණි ජාලාවක් කර විශාලාවක් කළ උන්ට වන්දි ගෙවන ආණ්ඩුවක්නේ දැන් තියෙන්නේ (නි)
මෙච්චරයි කියන්න තියෙන්නේ. මේ විදියට පොලිසියේ සහ පාලකයන්ගේ හැසිරීම මහජනයා විදිහට අපිට "අන්තිම අප්‍රසන්නයි" (නි)
නිශ්ශංක, එතකොට පොලිසියේ අය රාජකාරිය කරනවා කියන්නේ ඉහළින් එන අණ ක්‍රියාත්මක කරන එකද? රටේ අධිකරණය මේ සාධාරණ විරෝධතාව පවත්වන්න නීතියෙන් අවසර දුන්නහම "ඉහළින් එක අණ" අනුව අධිකරණයේ නියෝගයට පයින් ගහන එකද පොලිසියේ රාජකාරිය කියන්නේ? (නි)
මෙහෙම පහරනොදී මොවුන්ට වහාම සාධාරණය ඉටුකරන්න (නි)
හැබය් ඔය කියන "ඉහළින් එන" අණ පිළිපදින්න ගිහිල්ලා පොලිසියේ අය අමාරුවේ වැටෙන්න බැරි නැහැ. මොනවා වුණත් රට බේරාගත්, තමාගේ අවයව රටේ පැවැත්ම වෙනුවෙන් දන් දුන් රණවිරුවන්ට මෙහෙම කරන එක පිළිකුල්සහගතයි, අපිට නම් (නි)
සමස්ත රණවිරුවන්ට අපහාස කරගන්නේ ඔවුන් විසින්මයි. නීතිය කාටත් පොදු වියයුතුයි. රණවිරුවන් නිසා ඔවුන්ට පමණක් නීතිය වෙනස් වියයුතුද? ඇයි දැන් විතරක් ඉල්ලීම් ඉල්ලන්නේ, මේ තරම් කාලයක් නිහඬව ඉඳලා (නි)
මේ අය මීට පෙර ආණ්ඩුව කාලයේ එළියට ආවේ නැත්තේ ඇයි කියන එකයි මෙතන තියන ගැටලුව. ඒ කොහොම වුණත් ජනාධිපතිතුමා පොරොන්දු වෙලා තිබෙනවා නේද ලබන වසරේදි එ්ක ගෙවන්න. (නි)
චමල්, රටේ සාමාන්‍ය නීතිය දකුණට විතරද? උතුරට පහුගිය දවස් වල බලපෑවේ නැහැ නේද? මේ අහිංසක රණවිරුවෝ නිසා තමයි අද තමනුත් පාරේ බැහැලා යන්නේ කියලා හිතා ගන්න. කෙනෙකුට පැයක් යන්න කලින් කෝටි ගණනක හිඟ වැටුප් එක්ක තනතුරකුත් දෙන්න පුළුවන් ආණ්ඩුවට ඇයි ලබන අවුරුද්දේ පෙබරවාරි වෙනතුරු ඉන්න කියන්නේ සුළු විශ්‍රාම වැටුපක් දෙන්න, රට වෙනුවෙන් අතපය ඇස් අහිමි කරගත් විරුවන්ට. දැන් මේ රටේ නීතියක් නැහැ. තියෙන්නේ පාවාදීමේ දේශපාලන නීතියක් විතරයි. (නි)
දැන් මෙතන මේ ඔක්කොම වැරැද්ද කරලා තියෙන්නේ සකුන්තලාද? මේ අසරණ ජාතික වීරයින්ට මෙහෙම සළකන්නේත් සිංහලයෝ, බෞද්ධයෝ කියාගන්න අයම තමයි. දේශපාලුවෝ නඩත්තු කරන්න මිලියන් ගණන් වියදම් කරන රටේ දිවිහිමියෙන් රට බේරාගත් රණවිරුවන්ට අඩුම තරමේ සරිලන වැටුපක් දෙන්නත් බැරිනම් ඇති වැඩේ කුමක්ද? (නි)
යහපාලනයට ජය වේවා! (නි)
යුද්ධයේදී ආබාධිතවූවන්ට ජීවත්වීමට යම්කිසි වැඩපිළිවලක් ක්‍රියාත්මක වියයුතුය. ප්‍රශ්නය නම් යුද්ධය ඉවරවී 2015 වෙනකම් අවුරුදු හයක් කිසම පෙළපාලියක් නොගිය එකයි. සමහරවිට යහපාලනය යටතේ යමක් ලබාගැනීමට හැකි බවට තිබෙන විශ්වාසය වෙන්න ඇති (නි)
මේ කඳුළු ගෑස් මොනවද මේ කොල්ලන්ට? ජොනී බට්ටෝ උඩින් මිසයිල් යටින් යුද්ධ කරපු මේ කොල්ලන්ට අවහිර නොකර යන්න දෙන්න. මොවුන් යන්නේ යුද්ධ කරන්න නෙමෙයි, ජීවත්වෙන්න සල්ලි ඉල්ලගන්න. (නි)
සකුන්තලා, මේකට පොලිසියට දොස් කියලා වැඩක් නැහැ. ඉහළින් එන අණ කිරීම් වලට පොලිසිය ක්‍රියා කරන්නේ. පුද්ගලිකව පොලිසියේ අයත් සමහරවිට මේ පහරදීමට විරුද්ධ ඇති. (නි)
සකුන්තලා, මෙතන තියෙන්නේ රටේ සාමාන්‍ය නීතිය. ඔය විදියට ජනාධිපති කර්යාලෙට යන්න පුලුවන්නම් රටක් පාලනය කරන්නේ කොහොමද. (නි)
ඇත්ත සකුන්තලා. මේවට තමයි කියන්නේ ගඟෙන් වතුර බීලා මුහුදට ආවඩනවා කියලා (නි)
සමස්ත රණවිරුවන්ටම අපහාසයක් නේද මේ සිද්ධවෙන දේවල්. (නි)
රණවිරුවන්ට ප්‍රහාර එල්ල කිරීම එකහෙළාම හෙළාදකිනවා. ඔවුන්ට ඇති ප්‍රශ්න අනිවාර්යෙන්ම නිරාකරණය කළයුතුය. නමුත් මට මෙහි යම් දේශපාලන උවමනාවක් නැත්නම් දේශපාලන අතපෙවීමක් පේනවා. යුද්ධය අවසන්වෙලා තරමක කාලයක් ගතවී මෙම ගැටලුව මතුවිම මට නම් ප්‍රශ්නකාරියි. එවකට අමාත්‍ය මණ්ඩලයේ සිටි, ඒ කාලේ කිසිම දෙයක නොකර සිටි අය දැන් මෙතනට විත් දේශපාලන වාසි ගන්න හදන එක තමයි ගැටලුව (නි)
සාධාරනව දින කීපයක් රණවිරුවන්ගේ ප්‍රශ්නය විසඳාගන්න ක්‍රම සෙව්වේ නැද්ද? උතුරේ ප්‍රශ්න විසඳන්න අගමැති ජනාධිපති පෙළගැහෙද්දි අපේ රණවිරුවෝ නොකා නොබී මහ පාරවල් වල දුක් විඳිනවා. ඇයි මේවා ලෝකය පුරාම ප්‍රසිද්ධ නොවන නිසාද විසඳුමක් නොදෙන්නේ? (නි)
උතුරේ පෙළපාලි යද්දී නැති කඳුළු ගෑස් ආබාධිත සෙබළුන්ට? ලැජ්ජයි මේ කරන වැඩ වලට. (නි)
සෑම් මහත්තයෝ, යුද්ධය ඉවරවුණේ 2009 මැයි 19. 2019 ඉඳලා 2015 නොවැම්බර් වෙනතුරු කාලය අවුරුදු 06 මාස 06ක්. මේතරම් කාලයක් ගතවනවාද රජයේ සේවකයෙකුට විශ්‍රාම වැටුපක් හදන්න. (නි)
මේ මිනිස්සු මෙච්චර අසරණ කරන්න හොඳද? මොනවද මේ වැඩ? (නි)
අපේ රටේ සමහර මහත්තුරු හිතාගෙන ඉන්නේ රට අයිති ජනාධිපතිට කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රට අයිති රටේ ජනතාවට. තමුන් තමුන්ට අදාල රාජකාරිය කිරීම සම්බන්ධයෙන් ජනතාවට වගකීමට සියල්ලෝ බැඳිලා ඉන්නවා. විශේෂයෙන් ජනතා ඡන්දෙන් පත්වෙන ජනාධිපති ඇතුළු ජනතා නියෝජිතයෝ. ඒක ගැන ජනතාවට අවබෝධයක් නොමැතිවීම කණගාටුයි. මෙතැනදී මම අදහස් කරන්නේ ජනතාවට නීතිය අතට ගන්න කියන ඒක නෙමෙයි. දේශපාලකයෝ කියන්නේ රටේ අයිතිකාරයෝ නෙමෙයි කියන ඒක මිනිසුන්ට පැහැදිලි කරලා දෙන්න. (නි)
මෙතැන ගොඩක් අය මේ සිදුවීමේ ඇත්ත වටහාගෙන නෙමෙයි ඉන්නේ. වර්තමාන රජයෙන් සේවයේ ඉන්න අබාධිත සෙබළුන්ට සිය කැමැත්තෙන් විශ්‍රාම යන්න අවසර දුන්නා. එ්ත් පොරොන්දු වූ විශ්‍රාම වැටුපත් දුන්නේ නැහැ. එයාලගේ පඩියත් නැහැ. පොරොන්දු ඉටු කළා නම් මෙහෙම වෙන්නේ නැහැ. අනික මේ අපේ රට බේරාගත් වීරයෝ බව රජයට අමතකවෙලා. (නි)
පසුගිය රජයේදී රුපියල් කෝටි ප්‍රකෝටි මුදලින් ගසාකාපුවා, ලෝකයේ බැංකු පුරවපුවා පොළියත් සමඟම රාජසන්තක කරලා අසරණ රණවිරුවන්ට සහන සළසන්න. ඒ මුදල් රටේ දුප්පත්කම සහමුලින්ම තුරන් කරන්නත් ප්‍රමාණවත්. (නි)
දේශය බේරා ගැනීමට එඩියෙන්, බලයෙන්, ජවයෙන් හා බුද්ධියෙන් සන්නද්ධව සිය පිවිතුරු තාරුණ්‍ය පුදකළ වීරයෝ අද තම ජීවිතය සරිකර ගන්නට දහසින් බැඳි පියල්ලක් නොව "සොච්ච්චමක්" ඉල්ලා පාරට වැටිලා. නැසූකන්ව සිටින අඳ, ගොළු, බිහිරි පාලකයිනි, මේ අහිංසකයන්ට එදා වේල සරිකර ගන්න "සොච්චමක්" වත් දෙන්න. මේ මුදා හරින්නේ අපේ අහිංසක සිත්වලට එන වේදනාවයි. (නි)
මෙතන ගිය ආණ්ඩුව ගැන කියවන අයට කියන්නේ. 2014 නොවැම්බර් වල මේ ප්‍රශ්නය විසඳන්න සියලු දේ සූදානම් කරලා තියෙනකොට තමයි යහපාලනේ අපි පත් කරගත්තේ. මේ ආණ්ඩුවේ රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප අහිමි කළ නිසා තමයි මේ සේරම පටන්ගත්තේ. ඒ අනුව මේ අයගෙත් විශ්‍රාම වැටුප අහිමි වුණා. (නි)
නැගෙනහිර සටනේදී ගල්කන්ද ප්‍රදේශය හමුදාව මඟින් මුදාගෙන එහි ආරක්ෂාව පොලිසියට භාරදී හමුදාව ඉදිරියට ගියා. මඳ වෙලාවකින් කොටි යළිත් එහි පැමිණි අතර යළිත් එම ප්‍රදේශය අල්ලාගන්න හමුදාව ලොකු සටනක් දුන් බවත් ඒ දිනවල බොහොම ප්‍රචලිත වූ කතාවක්. "උස් තැන් දැක හැකිළෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ, නිවටුන් ලෙස සිතමින්නේ" යන්නට ඉතාමත් හොඳ උදාහරණයක් ලංකාවේ පොලිසිය. රට රැකීමේදී අාබාධිත වූ සෙබළුන්ට එරෙහිවත් අත් ඔසවන්න මේ අයට හැකියාව ලැබුනද? (නි)
මේක පැහැදිලිවම දේශපාලන උප්පරවැට්ටියක් කියායි මම නම් කියන්නේ. රටේ නීතිය කාටත් පොදු වියයුතුයි. ආරක්ෂක අමාත්‍යංශයෙන් ලබන පෙබරවාරි ඉඳලා ඉල්ලීම ඉටුකරනවා කියලා ගිය සතියේ කියලා තියෙද්දිත් ඔහොම කරන්න අවශ්‍ය නැහැනෙ (නි)
මේවා දකිනකොට අපිට පුදුම කළකිරීමක් ඇතිවෙන්නේ (නි)
මෙතන ඉන්න බොහෝ ආබාධිත රණවිරුවන් යහපාලනය වෙනුවෙන් කැපවුණ අය. මගේ මල්ලි අසනීපව රෝහලේ ඉඳිමිනුත් එදා කතා කළේ යහපාලනය වෙනුවෙන් ගොඩනැඟුනු විශ්වාසයෙන්. රජය මොවුන් රස්තියාදු නොකර එදා පොරොන්දු වුණ අයුරින් ක්‍රියාකළා නම් මේ ගැටලුව පැන නඟින්නේ නැහැනේ. (නි)
සරත් ෆොන්සේකා මැතිතුමා කෝ මේ වෙලාවේ? (නි)
මෙහි අදහස් දක්වන බොහෝ දෙනෙක් දන්නේ නැහැ මොවුන්ගේ ඉල්ලීම මොකක්ද කියලාවත්. දැන් ඒ ඉල්ලීම ලබන පෙබරවාරියේ සිට දෙන බව ජනාධිපතිතුමා විසින් පොරොන්දු වුණ බව පවසනවා නොවේද? (නි)
මෙතන කතාව ආබාධිත රණවිරුවන් නොව, රටේ ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවෙන පිරිසක් පාලනය කිරීමයි. අනික යුද්ධය ඉවරවුණේ ගිය මාසේ නෙමෙයිනේ, මීට අවුරුදු 7කට කලින්. මෙච්චර කල් කට වහගෙනනේ හිටියේ. ඒ දවස්වල මෙහෙම ජනාධිපති කාර්යාලෙට බලහත්කාරයෙන් ඇතුළු වෙන්න ගියා නම් ඉතින් සොරි තමයි (නි)
යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ඒ9 මාර්ගය අවහිර කරලා උද්ඝෝෂණය කරනකොට පැත්ත පළාතේ නොසිටි පොලිසිය අද රණවිරුවන්ට දුවන්න නෙළනවානේ? (නි)
උතුරේ පෙළපාලි යද්දී නැති කඳුළු ගෑස් ආබාධිත සෙබළුන්ට! (නි)