IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


'ආයෙත් වරක්' කියන ගීතය නිසා තමයි මගේ ජීවිතය වෙනස් වෙන්නේ

2016-06-02-ent-143

ගීත රචකයෙකු ලෙස ක්ෂේත්‍රයට පිවිසුණත් අද ඔහුව බොහෝදෙනා හඳුනන්නේ ගායකයෙකු ලෙසයි. "ආයෙත් වරක්" ගීතය තමන්ගේ හැරවුම් ලක්ෂය වූ බව ඔහුගේ අදහසයි. සඳුන් පෙරේරා නම් ගායන ශිල්පියා ඒ පිළිබඳව "සාරවිට" සඳහා පවසා සිටියේ මෙසේයි

 

2016-06-02-ent-141කොහොමද මේ දවස් වල වැඩකටයුතු?

මේ දවස්වල මගේ ප්‍රමුඛතම කාර්ය තමයි ඊළඟට මොකක්ද එළිදක්වන්නේ කියලා තෝරමින් ඉන්න එක. සංගීතඥයන් කිහිපදෙනෙක් කරපු ගීත කිහිපයක් නම් තියෙනවා. ඒකෙන් හොඳ මොකක්ද කියලා තෝරනවා. මොකද දෙවැනි සින්දුවෙන් ෆේල් වෙන්න මම කැමති නැහැ. හිට් වුණාට පස්සේ ගොඩක් අය දෙවැනි සිංදුවෙන් ෆේල් වෙනවා. මටත් මොනව වෙයිද කියලා කියන්න බැහැ. ඒත්මම කැමති නැහැ සාමාන්‍යයෙන් දෙවැනි සිංදුවෙන් ෆේල්වෙන්න. මම දිගටම ක්ෂේත්‍රයේ රැඳෙන්න බලාගෙන ආපු කෙනෙකේ විදිහට හොඳම සිංදුවක් තෝරන්න තමයි බලාපොරොත්තුව. කොහොම නමුත් අගෝස්තු මාසයේ වෙද්දි හොඳ ගීතයක් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.

 

ක්ෂේත්‍රයේ ආ ගමන ගැන කිවුවොත්?

මම ඒලෙවල් කරන්නත් කලින් ශෙනුකගේ ස්ටූඩියෝ එකට යනවා පොඩි පොඩි සිංදු කරගන්න. එහෙම යන අතරේ මම සිංදු ලියන්න පටන්ගත්තා. මම ක්ෂේත්‍රයට මුලින්ම එන්නේ සිංදු ලියන කෙනෙක් විදිහටයි. නමුත් මට ඕනේ වුණේ ගායකයෙක් වෙන්න, මම පුංචි කාලයේ හීන දැක්කෙත් ගායකයෙක් වෙන්න. නමුත් මෙතනට එන්න ලේසි නැහැ කියලා හොඳාකාරවම මම දන්නවා. ඒකට බොහෝදෙනෙක් දැනහඳුනගන්න වෙනවා වගේම බොහෝ දෙනෙකුගේ උදවු ඕන වෙනවා. ලියන එක උපායක් විදිහට පාවිච්චි කරලා පද රචකයෙක් විදිහට මුලින්ම ක්ෂේත්‍රයට ආවා.

 

පද රචකයෙක් විදිහට ක්ෂේත්‍රයට පැමිණීමට අවස්ථාව ලැබුණු ගීතය ගැන කිවුවොත්?

"අත් අල්ලා දුරක් ගෙවලා"කියන ගීතයෙන් තමයි මම ක්ෂේත්‍රයට එන්නේ. ඊට පස්සේ මම සංගීතඥයන් කිහිපදෙනෙකුට කතා කරනවා. ශෙනුකගෙන් පස්සේ චමත් සංගීත්, අෂාන් ප්‍රනාන්දු වගේ අයට. ඒ අයත් එක්ක එකතු වෙලා වැඩකරනවා. ගොඩක් මම ලියන සිංදු වල "Guide" එක දාන්නේ මා විසිනුයි. මගේ "Guide" එකක දැකලා තමයි ලහිරු අයියා මාව එයාගේ ආයතනයට ගන්නේ. එනත තමයි මගේ ජීවිතය වෙනස් වෙන තැන.

 

එතනින් පස්සේ වෙනස් වූ ජීවිතය ගැන කිවුවොත්?

ලහිරු අයියා කිවුවා එයාව ඇවිත් හම්බවෙන්න කියලා. ඊට පස්සේ මම ගියා. එක ගීතයක් තිබුණා "මට ලැබුණු දුක" කියලා. මේ සිංදුවට මම Voice එක දැම්මා. මේ ගීතය ගායකයන් පස්දෙනෙක්ට වගේ ගායනා කරන්න දීලා තිබුණා. නමුත් ඒ අය ගායනා කරලා තිබුණෙ නැහැ. ඒ අයගේ Voice ගැලපුණේ නැහැ කිවුවා. ඊට පස්සේ තමයි ලහිරු අයියත් එක්ක වැඩ කරන්න පටන් ගත්තේ. නමුත් ඒ ගීතය එළිදක්වලා නැහැ තාම. ඊට පස්සේ අවුරුද්දෙ ගිවිසුමක් සඳහා යනවා. එහිදී දාපු පළමුවැනි ගීතය තමයි 'තනිවෙන්න එපා' කියන ගීතය. ඒ සිංදුවත් වෙන කෙනෙකුට කරපු එකක්. තනිවෙන්න එපා කියන ගීතය වැරදිලා මගේ උපන්දිනය දවසේ එළිදක්වලා තිබුණා. ලහිරු අයියා කිවුවා "ඔය විදිහට කරගෙන යමු. ඒ සිංදුව ඔයාට ගැලපෙනවා ඒක හොඳයි කියලා". ඒ සිංදුව සැලකිය යුතු ප්‍රමාණයක් අතරට ගියා. නමුත් ඒ ගීතය සියත ආයතන විතරයි ප්‍රචාරය කළේ. ඊට පස්සේ ටික කාලයක් ගිහිල්ලා "ඔබ සතුටින් නම්" කියන ගීතය කළා. ඒකත් ලොකුවටම ගියේ නැහැ. ඊට පස්සේ එහෙම කාලය ගෙවිලා ගියා. අවසානයේදී "ආයෙත් වරක්" කියන ගීතය කළා. ඒක නම් වෙනමම දෙයක් වුණා.

 

"ආයෙත් වරක්" කියන ගීතයෙන් ජීවිතය වෙනස් වෙන්නේ කොහොමද?

ඇත්තම කිවුවොත් "ආයෙත් වරක්" කියන ගීතය නිසා තමයි මගේ ජීවිතය වෙනස් වෙන්නේ.අලුත් ගීතයකින්, වෙනසකින් රුවන් හෙට්ටිආරච්චි ක්ෂේත්‍රයට ආවා. අලුත් ගීතයකින්, වෙනසකින් දීමන් වෙල්ලාලගේ ක්ෂේත්‍රයට ආවා. මේ අයගේ ගීතවලින් පස්සේ "පෙම් සිහිනේ" ගීතය හිට් වුණා. නමුත් එයා ක්ෂේත්‍රයේ හිටපු කෙනෙක්. ඊට පස්සේ මෙගා හිට්එකක් වුණා නම් හිට්වුණේ "ආයෙත් වරක්" කියන ගීතයයි.

තාමත් උදේ නැගිටිද්දී මේක මගේ සිංදුවක්ද කියලා හිතෙන මට්ටමක් තියෙනවා. මට තාම ඒක පුදුමයක්. උපරිම මාස තුනක් ඇතුළත මගේ ජීවිතය කණපිට ගහපු සිංදුවක් තමයි මේ ගීතය. තෙහාන් මඩප්පුලි කියන කෙනා තමයි මුලින්ම සරිගම කියන ආයතනයේ මැනේජර් විදිහට හිටියේ. ප්‍රිහාන් අයියා සහ ලහිරු අයියා හොඳ යාළුවෝ ඒ දෙන්නා හවුලේ වැඩකරනවා. ඉතිං ප්‍රිහාන් අයියා ලහිරු අයියාගේ ඔෆිස් එකට ආපු වෙලාවක මම ගිහින් හිටියා. ඊට පස්සේ තමයි ප්‍රිහාන් අයියා මාත් එක්ක කතා කළේ.එහිදී එයා කිවුවා මගේ වොයිස් එකෙන් ලොකු වැඩක් ගන්න පුළුවන් කියලා. වොයිස් එකට හරියන ගැලපෙන එක සිංදුවක් දාන්න ඕනා කියලා. මම කොහොමත් ඔයාට වැඩක් කරනවා කියලා ඔළුවෙ තියාගෙන හිටියේ කියලා කිවුවා. නමුත් ඒ මිනිස්සුන්ට තියෙන වැඩ අස්සේ ඔය දේ වෙයිද නැද්ද කියලා මට විශ්වාසයක් තිබුණේ නැහැ.

ඊට පස්සේ දවසේ සජිත්ට Guide එකක් එවලා තිබුණා. ඒක මට පෙන්නුවා. නමුත් මම විශ්වාස කළේ නැහැ. ඊට පහුවැනිදා ලියලා තිබුණා. ලිවුවා කිවුවාහමත් මම විශ්වාස කළේ නැහැ. දවස් තුනකට පස්සේ වැඩේ වුණා. මට කිවුවා මේකේ Guide එක දාන්න ඕනා කියලා. දවල් තමයි සිංදුවේ Guide එක සජිත්ට ආවේ. නමුත් මට ඒක අහන්න වෙලාවක් තිබුණේ නැහැ වැඩකට ගිහින් හිටපු නිසා. ඊට පස්සේ දෙහිවල ස්ටේෂන් එකේ ඉද්දි 5.30ට විතර වට්ස්ඇප් හරහා මට සිංදුව ආවා. ඒ වෙලාවෙ සිංදුව අහලා ස්ටේෂන් එකේ ඉඳන් මම කෑගහලා සිංදුව කිවුවා. මොකද ගිය ගමන් මම රෙකෝඩින් එක කරන්න ඕනේ නිසා. ප්‍රිහාන් අයියා බලන් ඉන්නවා සිංදුව එනකන් මොකද ඒක අද යවන්නම ඕනේ නිසා.

එදා මම පුළුවන් තරම් ඉක්මනට කෝච්චියේ ගියා. මිනිස්සු මගේ දිහා බල බල යනවා. ලැජ්ජාව පැත්තක තියලා මම කෑ ගහලා සිංදුව කියනවා. එහෙට ගිහිල්ලා විනාඩි විස්සක් වගේ කාලයක් තමයි සිංදුව කරන්න තිබුණේ. විනාඩි 20ත් 30ත් අතරදී සිංදුව වොයිස් කළා. සමහර තැන්වල මට මදි කියලත් දැනුණා. මේටික හොඳටම ඇති අද වැඩේ ඉවර කරමු කියලා ප්‍රිහාන් අයියත් අත උඩින්ම කැමැති වුණා. කොහොම හරි පෙබරවාරි 02වැනිදා වෙනකොට වැඩේ ඉවරයි. 4වැනිදා සිංදුව එළිදක්වනවා.

05 වැනිදා ඉඳන් Play කරන්න පටන් ගන්නවා. 16 වැනිදා වීඩියෝව එළිදක්වනවා. ඊට පස්සේ දවස් 73 කින් මිලියන එකක් දක්වා Views වලට යන්න පුළුවන් කම ලැබෙනෙවා. මම සිංදුව දැම්මා විතරයි කළේ. ඕඩියෝ එකේ ඉඳන් මිනිස්සු සිංදුව වැලඳ ගත්තා.

 

"ආයෙත් වරක්" ගීතයට පස්සේ ඉදිරියේදී එළිදක්වන්න ඉන්න ගීතය අද කාලේ තියෙන රැල්ලට යන ගීතයක්ද?

රැල්ල කියන එක සිංදු කරන අයගේ රැල්ලක් නෙමෙයි. මේ රැල්ල තියෙන්නේ මිනිස්සුන්ගේ. මම මිනිස්සුන්ගේ කියලා අදහස් කරන්නේ, මිනිස්සුන්ට ඕන කරන දේ කියන එකයි. මිනිසුන්ට ඕන කරන්නේ ඒදේ නම්, අපි ඒදේනේ දෙන්න ඕනේ. අපි ව්‍යාපාරයක් කරනවා නම්, එහිදී මිනිස්සුන්ට අවශ්‍ය වන නිෂ්පාදනයනේ අපි විකුණන්න ඕනේ. එතකොට මමත් සතුටුයි එයත් සතුටුයි.

මියුසික් කියන දේත් මිනිස්සු ඉල්ලන දෙයක් තියෙනවානම්, ඒක රැල්ල වුණත් මුහුද වුණත්, එයාලා ඉල්ලන එක අපි දෙන්න ඕනා. මේකට කැමති නිසානේ මමත් හිට් වෙලා, සිංදුවත් හිට් වුණේ. අන්න ඒවගේ එයාලා කැමති මේකටනම් මමනම් ඒ කැමති දේ තමයි තෝරගෙන දෙන්නේ. නමුත් මම කියන්නේ නැහැ හැමදාම මම මෙහෙම සිංදු කරනවා කියලා. මොකද මගේ වොයිස් එකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා මම දන්නවා. ඒ නිසා මම වෙනස් සිංදු ටිකකුත් කරලා තියෙනවා. නමුත් ඒ සිංදුව දෙවැනි සිංදුව ලෙස එළිදක්වන්න හිතලා නැහැ.

මිනිස්සු කැමති මාව මේ විදිහට දකින්න නම් තව එකක් හෝ දෙකක් දෙන්න තමයි අදහස් තියෙන්නේ. ඊට පස්සෙ ඒ කියන වෙනස සිද්ධ වෙයි.

 

ඔබගේනිර්මාණ තුළින් සමාජයට ධනාත්මක පණිවුඩයක් ලබාදෙන බවට ඔබ විශ්වාස කරනවාද?

විරහ ගීතයක් වුණත් එහි ඇත්තේ සෘණාත්මක පැතිකඩක්. එම නිසා ගීතයක් තුළින් සමාජයට ධනාත්මක ආකල්ප ලබාදීමට ගායකයෙකුට වගකීමක් නැද්ද?

අනිවාර්යෙන්ම වගකීමක් තියෙනවා. මීට අවුරුදු 50 - 60 ඇතුළත ආපු ගීත අහන කොට හොඳට බලන්න ඒ සිංදුවල තියෙන්නේ දුක නෙමේද කියලා. ඒ හැම සිංදුවකම දුක තියෙනවා. ඒ හැම සිංදුවකම අද අපි දකින, අහන වචනත් තියෙනවා. මියුසික් කියන දේත් වෙනස් වෙලත් නැහැ. වචන කියන දේත් ලොකු වෙනසක් සිදුවෙලත් නැහැ. ගායකයෝ විතරයි මාරුවෙලා තියෙන්නේ. ලොකු ප්‍රශ්නෙකට තියෙන්නේ, ඒකාලේ ගායකයෝ කියන කට්ටියට මැරෙන්න හදපු, ඒ අයට ආදරය කරපු කට්ටිය අද වයසයි. ඒ මිනිස්සු අද නැහැ. අද ඉන්න තරුණ පරම්පරාවක් නිසා ඒ අය අද බැනුම් අහනවා. ඒ මිනිස්සු අද ඉඳලා සිංදු කළා නම් මේ ප්‍රශ්න ඔක්කෝම ඉවරයි. නමුත් මියුසික් කියන පැත්ත වෙනසක් වුණේ නැහැ. ඒකම තමයි මේ කරගෙන යන්නේ ඉස්සරහට. ඒ විරහ ගීත තමයි අදත් මේ විරහගී බවට පත්වෙලා තියෙන්නේ.

පොඩි වෙනසකට තියෙන්නේ, මියුසික් කරපු කට්ටිය, සිංදු කියපු කට්ටිය, සිංදු ලියන කට්ටිය වෙනස් වෙච්ච එක පමණයි. මම ප්‍රවීණයන්ට ගරුකරන කෙනෙක් විදිහට මම පිළිගන්නවා ගායකයෙකුට වගකීම් තියෙනවා කියන එක. නමුත් මතක තියාගන්න ඉස්සරත් ඔය කියන ගීතවලින් ආදර්ශයක් දුන්නේ නැහැ. හැබැයි ආදර්ශක් දුන්න සිංදු කිහිපයකුත් තිබුණා. එසේ ආදර්ශයක් දුන්න සිංදු අදත් අතරින් පතර ඇහැනෙවානේ. ඒවගේ මම මැරෙන්න කලින් ඒ වගේ සිංදුවක් කරනවා.

 

අත හිත දුන් පිරිස ගැන මතක් කලොත්?

මුලින්ම චමත් සංගීත්. චමත් සංගීත් හරහා තමයි ළහිරු මුදලිගේ කියන කෙනාව හඳුනගන්නේ. එතකොට ළහිරු අයියා කියන කෙනා ලොකු දෙයක් මේක ඇතුළෙ කළා. ළහිරු අයියා එදා මාව ගත්තේ නැත්නම් අද මම මෙතැන නැහැ. ඒක විශේෂයෙන් කියන්න ඕනා. ළහිරු අයියා, ප්‍රිහාන් අයියා, සජිත්,  ඒවගේම චන්දන අයියා. චමත් හරහා මම ළහිරු අයියව හඳුන ගත්තට පස්සේ ටික කාලයක් මම වැඩටික කරගෙන යනවා. සජිත්ගෙ මාර්ගයෙන් ප්‍රිහාන් අයියව හඳුනගන්නවා. ඊට පස්සෙ ප්‍රිහාන් අයියා සහ ළහිරු අයියා එකතු වෙලා චන්දන අයියව මේකට එකතු කරගෙන ලස්සන මෙලඩියක් කරලා. සජිත්ට කියලා ලස්සනට සිංදුව ලියලා මට දෙනවා. සජිත් ගොඩක් ලොකු රුකුලක් වෙනවා. සජිත් තමයි ප්‍රිහාන් අයියව හඳුන්වා දීලා මේ වැඩටික මට කරලා දෙන්නේ. ඒ අයව උද්‍යෝග කෙරුවෙ සජිත්. චන්දන මට මුලින්ම මෙලඩිය දාලා එව්වායින් පස්සෙ මම අහපුවායින් පස්සෙ ඒකෙන් ලොකු දෙයක් මට දැනුණා. මට හිතුණ දෙයක් තමයි අනිවාර්යයෙන්ම ලොකු වෙනසක් කරන්න පුළුවන් කියලා. චන්දන අයියාගේ විශිෂ්ට සංගීත සහ සජිත්ගේ ලස්සන වචන ටික සහ ළහිරු අයියාගේ ලස්සන මියුසික් වීඩියෝව ඇතුළු මේ කාරණා තුනම උපරිමයෙන්ම තිබුණ නිසා සහ ඒ තුන්දෙනාගේ දායකත්වය උපරිමයෙන්ම ලැබුණු නිසා මේ මියුසික් වීඩියෝව මෙච්චර ඉක්මනට ජනප්‍රියත්වයක් හිමි කරගන්න හැකිවුණේ. 

ඒ නිසා, සජිත්, චමත්, ළහිරු අයියා, ප්‍රිහාන්, චන්දන අයියා ඇතුළු මේ හැමෝටම බෙහෙවින් ස්තූති කරනවා. 

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-06-02-ent-142

2016-06-02-ent-140



අදහස් (1)

'ආයෙත් වරක්' කියන ගීතය නිසා තමයි මගේ ජීවිතය වෙනස් වෙන්නේ

හර්ෂදිල්ෂාන් Sunday, 19 July 2020 11:14 AM

සුපිරි තමයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1428 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 597 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 422 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 683 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 439 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1233 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site