IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ආර්.එම්.බී ප්‍රධාන පරීක්ෂකවරයා සීමාව පැනලා

(මනෝප්‍රිය ගුණසේකර)
රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ පරීක්ෂණයට පෙර යතුරුපැදියක්  පැද පුහුණුවීමේ චෝදනාව යටතේ පුද්ගලයකුගේ යතුරුපැදිය අත්අඩංගුවට ගැනීමෙන් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරීක්ෂකවරයා එම පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම්  කඩ කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය  අද (04) තීන්දු කළේය.

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරීක්ෂකවරයාට කිසිවකුගේ යතුරුපැදියක් අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා තබාගැනීමට කිසිදු ආකාරයක  බලයක් නොමැති බව තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එසේ තිබියදී අදාළ යතුරු පැදිය අත්අඩංගුවට ගැනීමෙන් ප්‍රධාන පරීක්ෂකවරයා ඔහුගේ මූලික අයිතිවාසිකම්  කඩ කර ඇතැයිද තීන්දු කළේය.
රියදුරු පාසල් හිමිකරුවන්ගේ සංගමයේ ලේකම්වරයා මෙන්ම රියදුරු පාසල් හිමිකරුවකු වන සුනිල් ජයන්ත මහතා ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ එලෙස  තීන්දු කළේය.  
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ සහ දිලිප් නවාස් යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
කඩුවෙල කොතලාවල පදංචි රියදුරු පාසල් හිමිකරුවන්ගේ සංගමයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරන සුනිල් ජයන්ත මහතා ගොනු කර තිබු පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් ෝටර් රථ දෙපාර්තමේන්තූවේ ප්‍රධාන පරීක්ෂක ඒ.වයි.ඒ. අබේවර්ධන, නියෝජ්‍ය මෝටර් රථ කොමසාරිස් සි.එච්.ආර්. ගුණවර්ධන යන මහත්වරු ඇතුළු සිව්දෙනකූ නම් කර තිබිණී.
 

 



අදහස් (1)

ආර්.එම්.බී ප්‍රධාන පරීක්ෂකවරයා සීමාව පැනලා

CHINTHANA Thursday, 05 September 2024 10:41 AM

තමන්ගේ රාජකාරිය මොකද්ද කියලා නොදන්නා පරීක්ෂකයා සේවයෙන් පහ කර ඔහුගේ බුද්ධි මට්ටමට ගැලපෙන වෙනත් රස්සාවක් දිය යුතුයි .කාර්යාල කාර්ය සහයක තනතුර සුදුසුයි

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිවු අතුරුදන් වූ සිසු සිරුරු දෙකක් සොයා ගැනෙති
2024 නොවැම්බර් මස 27 122 0

කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි


වෙනතක ගිය සැමියාට බිරිය දුන් දඬුවම
2024 නොවැම්බර් මස 27 1179 0

සිය සැමියාගේ අනියම් සම්බන්ධතාවය හෙළිවීමෙන් පසු අපූරු දඬුවමක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් පසුගියදා වාර්තා වූවේය.


දිස්ත්‍රික්ක තුනකට නායයෑම් රතු නිවේදන
2024 නොවැම්බර් මස 27 342 0

පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ම


ලොව වයස්ගතම පිරිමියා මියයයි
2024 නොවැම්බර් මස 27 1149 0

ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක


E8 ගැන පැමිණිලි ගලයි
2024 නොවැම්බර් මස 27 798 0

E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල ව


කැලණි ගං නිම්නයට අනතුරු හඟවයි
2024 නොවැම්බර් මස 27 778 0

කැලණි ගං නිම්නයේ පහත් බිම් වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 562 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 762 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2138 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site